සිතුවිලි රූසටහන

විකිපීඩියා වෙතින්
අතින් අඳින ලද චිත්ත සිතියමක්

"සිතුවිලි රූසටහන හෙවත් චිත්ත සිතියම" (En=Mind map) යනුවෙන් හදුන්වන්නේ කේන්දීය වූත් ප්‍රමුඛ වූත් අදහසක් වටා පෙලගස්වන ලද වචන, අදහස්, ක්‍රියාධමයන් හෝ අයිතමයන් ඉදිරිපත් කිරීම සදහා භාවිතා කරනු ලබන රූප සටහනකි. චිත්ත සිතියම් යොදගනු ලබන්නේ අදහස් ජනනය කිරීම, සිතෙහි මවා ගනීම, සංවිධානය කිරිම සහ වර්ගකිරීම මෙන්ම තොරතුරු අධ්‍යයනය කිරීම, සංවිධානය, ගැටළු නිරාකරණය, නිර්මාණය සහ ලේඛනය සඳහා වූ අත්වැලක් ලෙසය.

දෙනලද චිත්ත සිතියමක මූලිකාංග පෙලගැසී පවතින්නේ සංකල්පයේ පවතින වැදගත්කම මත සහ අර්ථවිචාරය ඉදිරිපත් කරන්නාවූ පරමාර්තය සමග කැටිවූ වර්ගීකරනයන්, ශාඛාවන් හෝ ප්‍රමාණයන් මත හෝ වර්ගී කරනයට ලක්වූ තොරතුරු අතර පවතින අනෙකුත් සම්බන්ධතවයන් මතය. ඊට අමතරව ජීවමනව පවතින මතකයන් යළි සිහිපත් කිරිමටද චිත්ත සිතියම් උපකරී වේ.

චිත්ත සිතියම් මගින් කේන්ද්‍රගමී, ග්‍රාපිකාකාර, අරේඛීය ආකාරයකින් අදහස් ඉදිරිපත් කිරීම නිසා කටයුතු සංවිධානය කිරීම සහ සැලසුම් කිරීම සදහා සාමූහික ගැටලු විසදීමේ පිවිසුම සදහා එමගින් අනුබල දෙනු ලබයි. ශඛා අනුපිලිවෙලින් පවතින ශාඛීය ව්‍යුහයක් නියොජනය කරනු ලබුවද එහි කෙන්ද්‍රගාමී සැකසුම විසින් අනුපිලිවෙලින් පවතින දෘශ්ටි ඉගියන් හා සබැඳි සංකල්පයන් ප්‍රමුඛථා පිලිවෙලින් සැකසීම කරනු ලබයි. සාමූහිකව ගටලු විසදීමේ පෙලගස්ම වීසින් චිත්ත සිතියම භාවිතා කරන්නා තම සංකල්පයන් ගණනය කිරීම හා පෙලගස්වීම විශේෂිත වූ සංකල්පිත රටාවක් අනුව සකසනු නොලබීමට උනන්දු කරයි.

චිත්ත සිතියම් සංකල්ප අනුරූපණයන් හා සමාන අදහසක් සමඟ සංසන්දනය කළ හැක. චිත්ත සිතියම් පදනම් වී ඇත්තේ ශඛාමය ව්‍යුහයක් හා කේන්ද්‍රීයව පලනය කරන අදහසක් මතවන නමුත් සංකල්ප අනුරූපනයන් පදනම් වී ඇත්තේ විවිධ රටාවන්ට සම්බන්ධ වූ සංකල්පනයන් මතය.

ගති ලක්ෂණ[සංස්කරණය]

අර්තදැක්වීමක් ලෙස චිත්ත සිතියම් යනු සටහන් තබගැනීම සදහා යොදාගන්නා ග්‍රාපිකාකාර ක්‍රමයකි. බොහෝවිට වර්ණ සහ සංකේත යොදගනිමින් මෙම දෘෂ්‍ය අධාරකය වචන හෝ අදහස් හි වෙනස හදුනා ගැනීමට ඉඩ හරිනු ලබයි. ඒවා සාමාන්‍යයෙන් එහි අදහස් අනු කොටස් වලට බෙදා හරින්නේ අනුපිළිවෙලින් ගසක අතු බෙදීයන ආකාරයෙනි. අදහස් හා තොරතුරු සැටැහීමේදී චිත්ත සිතියම් විසින් නිර්මාණශීලීත්වයට වැඩිපුර ඉඩ ලබාදෙන අතරම, සටහන් තබන්නාට එහි අදහස් දෘශ්‍යමය නිරූපනයකින් දැක්වීමට ඉඩ ලබාදෙනු ලැබේ. චිත්ත සිතියම් යොමු වන්නේ එක් වචනයක් හෝ සංකල්පයක් දෙසට පමනක්ම වන අතර සංකල්ප අනුරූපිතයන් විවිධ වචන හා අදහස් සම්බන්ධ කරනු ලබීම හේතුවෙන් චිත්ත සිතියම් සංකල්ප අනුරූපිතයන් ගෙන් වෙනස්වේ.

චිත්ත සටහන් හා නිරූපිත ප්‍රස්තාර අතර මූලික වෙනස්කම වනුයේ ස්මරනය කිරීමේ ක්‍රමයන්හි දැඩිලෙස සලකා බලනු ලබන නීති රීති චිත්ත සටහන්හි නොපවතීමයි. සම්බන්ඳතාවයන් නිරූපනය කිරීම සදහා UML සටහන් හා අර්ථවිචාර්ය ජාලයන්හි යොදාගනු ලබන්නේ අදහස් අතර සබන්ඳතාව රේඛීයව දක්වන මූලිකාංග ව්‍යුහාත්මක ක්‍රමයකි. මෙය සාමන්‍යයෙන් කරනු ලබන්නේ සම්මත හඩතල භාවිතයෙන් සහ සුදු හා කලු වර්ණයන් යෝදාගනිමින්ය. චිත්ත සිතියම් විවිධාකාර අරමුණු සපුරා ගැනීම සදහා යොදාගනු ලබයි. මතකය ස්මරණය සහ සංවිධානයට ඒවා උදව් වේ. චිත්ත සිතියම් යනු නිර්මණකරුගේ චෛත්සිකයන්හි සම්බන්ධතාවන් ව්‍යුහාත්මකව එක්කරන වචන සමූහයකි. චිත්ත සිතියමක් නිසි ලෙස තැනීම සදහා දෘෂ්‍ය ස්මෘතිකාරක, වර්ණ, අයිකන සහ බන්ධනයන් අනියම් ලෙස යොදාගැනීම අත්‍යාවශ්‍ය වේ.


චිත්ත සිතියම් සඳහා මාර්ගසූචක[සංස්කරණය]

චිත්ත සිතියම් පිළිබඳ මාර්ග සූචිකය සඳහා අදින ලද චිත්ත සිතියමක්

චිත්ත සිතියම් පිලිබඳ ලියන ලද මෙම පොතෙහි චිත්ත සිතියම් සැකසීම සම්බඳව පහත සදහන් මාර්ගසූචක ටෝනි බුසෑන් විසින් යොජනා කොට ඇත.

  • මාතෘකවෙහි අනුරූපයක් මධ්‍යයෙහි දැක්විය යුතුය.
  • ඔබගේ චිත්ත සිතියම් මුළුල්ලේම අනුරූප, සංකේත සහ මාන භාවිතා කළ යුතුය
  • වචන සහ රූප යාකරන රේඛා සමාන මානයන්ගෙන් පැවතිය යුතුය.
  • ඔබටම අවේනික චිත්ත සිතියම් ගොඩනගීමේ රටාවක් අනුගමනය කළ හැක.


ඉතිහාසය[සංස්කරණය]

සියවස් ගනණක් මුළුල්ලේ අධ්‍යාපකයන්, ඉන්ජිනේරුවන්, මනෝවිද්‍යාඥයන් සහ අනෙකුත් පිරිස් විසින් අධ්‍යාපන කටයුතු, සාමූහික ගැටලු විසදීම, මතකය ආවර්ජනය, දෘෂ්‍යමය ලෙස සිතීම හා ගැටළු නිරාකරණ්ය සඳහා දනුම සැටැහීම හා නිරූපණ ක්‍රමයන් සඳහා චිත්ත්‍රාත්මක ක්‍රමවේදයන් යොදගනු ලබයි. මුල් කාලයේදීම ඇතිවූ එවනි ග්‍රාපිකාකාර වාර්ථා සටහන් වැඩි දියුණු කර ඇත්තේ "ටයිරෝස් හි පෝර්ෆිරි" නම් තුන්වන සියවසේ චින්තකයකු විසින් ඇරිස්ටෝටල්ගේ සංකල්පයන් ග්‍රාපිකාකාරීව දෘෂ්‍යමය ලෙස ප්‍රවර්ගීකරණයෙනි. "රේමන් ලූල්" නම් දර්ශන වාදියාද එවන් වූ තාක්ෂණයක් යොදාගෙන ඇත. 1950 වර්ශයේ අගබාගයේදී මානව අධ්‍යයනය පිළිබද සිද්ධාන්ත අවබෝධ කරගනීම සඳහා අර්ථවිචාර්ය ජාලයන් වඩිදියුණූ කර අති ආතර 1960 වර්ශ්යේ මුල් බාගයේදී ඇලන්. එම්. කොලින්ස් සහ එම්. රෝස් ක්වීලියන් විසින් වැඩිදුර වර්ධනය කර ඇත.

නූතන චිත්ත සිතියම් නිපයීමේ අයිතිය හිමිවන්නේ බ්‍රිත්‍යන්‍යයේ සුප්‍රසිද්ධ මනෝවිද්‍යඥයෙකුවූ "ටෝනි බූසැන්" හටය. "රොබෙර්ට්. ඒ. හෙයින්ලෙයින්" සහ "ඒ. ඊ වැන්වොගර්ට්" විසින් රචන කරන ලද වැනිම "ඇල්ෆ්‍රඩ් කොර්සිබ්ස්කි" විසින් රචිත "ජෙනරල් සෙමන්ටික්ස්" නැමැති විද්‍යා ප්‍රබන්ධ නවකථාව ඇසුරින් ඔහු මෙම අදහස ගෙනහැර දැක්වීය. බුසැන් ගේ තර්කය වූයේ පාඨකය වමේ සිට දකුණටත් ඉහල සිට පහලටත් පරිශීලනය කරනවා වෙනුවට සථ්‍යවශ්යෙන්මා සිදුවන්නේ අරේඛීය ආකාරයකින් සම්පූර්න පිටුවම පරිලෝකනය කරනවා යන්නයි. සටහන් තැබීමේ අනෙකුත් ක්‍රම අභිබවා චිත්ත සිතියම්හි විශිෂ්ටත්වය ප්‍රයෝජනයට ගනීමට අනුබල දීමක් ලෙස බූසැන් මස්තිෂ්කය පිළිබඳ වූ සුප්‍රසිද්ධ උපකල්පනයන්ද යොදාගන්නා ලදී.

ඉගෙනුම් ක්‍රියවලි ( බොහෝවිට ජාලයක් ලෙස උගන්වනු ලබන ), සංවිධානය සහ ග්‍රාපික නිර්මාණ ශිල්පය ඇතුලුව චිත්ත සිතියම් විවිධ හැඩ සහ විවිධ යෙදීම් ලෙස නොනවත්වා පවත්වාගෙන යයි.

සංකල්ප අනුරූපිත හ සැසැදීමේදී ( 1970 දී අධ්‍යාපන විශේෂඥයින් විසින් වැඩිදියුණු කරන ලද ) චිත්ත සිතියම්හි පවතින සැකැස්මද කේන්ද්‍රගාමී වුවත් මධ්‍යයේ

මූල පදයක් ඇති නිසා එය වඩා සරල වේ.

ප්‍රයෝජන[සංස්කරණය]

දේශන සැසියක් අතරතුර අඳින ලද දළ චිත්ත සිතියමක්

ප්‍රයෝජන චිත්ත සිතියමක් නිරන්තරයෙන්ම නිර්මාණය කරනු ලබන්නේ කේන්ද්‍රගත වූ වචනයක් හෝ පාඨයක් හා සම්බන්ධ වූ වචන හා අදහස් යොදාගනිමින්ය. පුද්ගලික, සාමූහික, අධ්‍යාපනික හා ව්‍යාපාරික තත්ත්වයන්හිදී චිත්ත සිතියම්හි යෙදීම් ලෙස සටහන් තැබීම, සාමූහික ගටළු විසදීම ( චිත්ත සිතියමකට දත්ත ඇතුලත් කිරීමේදී කේන්ද්‍රීය සංරචකය වටා ඒව ප්‍රමුඛතාවයකින් තොරව, අනුක්‍රමිකව හෝ ධූරානුක්‍රමකව පෙළගස්වා පසුව ඒවා සමූහනය හෝ සංවිධානය කරනු ලබයි. ) සාරාංශගත කිරීම, මෙනෙහි කිරීම සහ පොදු පැහැදිලි කිරීම් හැද්හින්විය හැක. උදාහරනයක් ලෙස යම් අයෙකුට දේශනයකට ඇහුම්කන්දෙන අතරවාරයේදීම එහි සදහන් වන වඩාත් වදගත් කරුණු හෝ මුඛ්‍ය වචන චිත්ත සිතියම්ගත කළ හැක. තවද යමෙකුට මතකය ස්මරණය කිරීමේ තාක්ෂණයක් ලෙස හෝ සංකීර්ණ අදහස් වර්ග කිරීමට චිත්ත සිතියම් භාවිතා කළ හැක. තවද වර්ණ පෑන් මඟින් නිර්මාණ කිරීම් සදහා අනුබල දීමක් ද මෙමගින් සිදු වේ.

චිත්ත සිතියම් යොදාගාත හැකි අවස්ථා

  • කෙටි සටහන්න් නිර්මාණය කිරීමේදි
  • නිර්ණාමිකව සහයෝගය දක්විවෙමේදී
  • වචන සහ රූප අතර සම්බන්ධතාවය පෙන්නුම් කිරීමෙදී
  • තනි පුද්ගලයෙකුගේ නිර්මණයක් ලෙස
  • කෙටි සහ මතකතබා ගැනීමේ ආකෘතියක් ලෙස
  • කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමේ හෝ සහක්‍රියාව වර්ධනය කිරීමේ ක්‍රියාකාරකමක් ලෙස.
  • කාර්යයක් කිරීමට අති කැමැත්ත වැඩි කිරිමට.

මෙම සෘජු ප්‍රයෝජන්න වලට අමතරව විශේෂඥ්ඥ සෙවුම් පද්දති, සෙවුම් යන්ත්‍ර සහ විමසුම් සහ ප්‍රශ්න සෙවීම සහ ලේබල කිරීම වනි යෙදුම් සඳහා චිත්ත සිතියම් මඟින් නිවැරදි කරගන්නා දත්ත යොදාගත හැක. එසේ කිරීමට නම් චිත්ත සිතියම තුළ එකිනෙකට සම්බන්ධ කරන ලද්දාවූ කතෲ හෝ ලේඛන වර්ග කිරීමට යොදාගන්නා සමුද්ධරණීය වර්ග කිරීමේ ක්‍රම වලින් චිත්ත සීතියම් විග්‍රහ කිරීමට හැකි විය යුතුය.

චිත්ත සිතියම් දේශනයක් හෝ හමුවක් අතරතුර උදාහරනායක් ලෙස අඳින දළ සටහනක් ලෙස මෙන්ම විච්හක්ෂණශීලී තත්ත්වයෙන් වඩා පොහොසත් ලෙස නිර්මාණය කළ හැක. දළ සටහනක් ලෙස අඳින ලද චිත්ත සිතියමක් මෙහි නිරූපණය කොට ඇත. තවද චිත්ත සිතියම් උත්පාදනය සදහා භාවිතා කරගනු ලබන පරිගණක මෘදුකාංගද බොහෝ සංඛ්‍යවක් පවතී.

ඉගෙනුම් ක්‍රියාවලියේ සඵලතාව[සංස්කරණය]

බුසෑන් පවසන පරිදි අනෙකුත් සටහන් තබාගනීමේ ක්‍රමවලින් ප්‍රේරිතව චිත්ත සිතියම් අඩ වශයෙන් වූ දහනකට මග නොපෙන්වන නිසා එය අතිශයින් උසස් සටහන් තබා ගනීමේ ක්‍රමයකි. තවදුරටත් ඔහු ගෙනහර දක්වන්නේ මිනිසාගෙ වම් හා දකුණු මොලයේ ක්‍රියාවන්හි උපරිම පරාසයම චිත්ත සිතියම් ආදීමේදී භාවිතා කරන බවත්, එමගින් මොලයේ සමතුලිතතාව රැකගන්නා බවත්, මනසේ මෙතෙක් භාවිතා කොට නොමති නමුත් තවදුරටත් දියුණු කළ හකියැයි සම්මත ප්‍රදේශයෙන් 99%ක්ම මෙන්ම සහජ ඥානයත් චිත්ත සිතියම් නිර්මණයට යොදවන බවත් ය. කෙසේ වුවත් විද්වතුන් විසින් පවත්වන ලද ගවේෂණයන් යෝජනා කරන්නේ එවනි හිමිකම් මොළය සහ මස්තිශ්ක අර්ධගෝලය පිළිබඳ ඇති දුර්මත අලෙවි කරන බවය. විවේචකයන්ගේ තර්කය වන්නේ චිත්ත සිතියම් හා සම්බන්ධ යෙදීම් වලදී මස්තිශ්ක අර්ධගෝලය පිලිබඳ විශේෂඥ සිද්ධාන්ත ව්‍යාජයක් වන බවය.

"ෆැරන් ඇට් ඔල්" ගේ යෝජනව වූයේ ආධුනිකයන් අනෙකුත් ක්‍රම යොදාගැනීමට වඩාත් පෙලබෙන්නේ චිත්ත සිතියම් යනු නුපුරුදු ශිල්ප ක්‍රමයක් බැවින් සහ ධාරණ ශක්තිය දියුණු කිරීමේ ශිල්ප ක්‍රමයක් ලෙස එය සදහන්ව තිබේම භාවිතයට අකමැත්තක් උපදවන බවයි. එසේ වුවත් එම අධ්‍යනයේ අවසාන තීරණය වූයේ ලිඛිත මධ්‍යයන්හි යෙදීම් සම්බන්ධව චිත්ත සිතියම් ඵලදායී ඉගෙනුම් ශිල්පයක් බවය.සම්බන්ධව චිත්ත සිතියම් ඵලදායී ඉගෙනුම් ශිල්පයක් බවය.සම්බන්ධව චිත්ත සිතියම් ඵලදායී ඉගෙනුම් ශිල්පයක් බවය.

උපකරණ[සංස්කරණය]

තොරතුරු විශාල ප්‍රමාණයක් සංවිධානයකරන ලද අවකාශ ඒකාබද්ධ කරමින්, සක්‍රීය අනුපිළිවෙලින් යුත් සැකිල්ල සෑදීම සහ සංරචක පෙළගැස්ම කාර්යක්ෂම ලෙස ඉටුකිරීමට චිත්ත සිතියම් සෑදීමේ මෘදුකාංග වලට හැක. යමෙකු සතුව පවතින අදහස් අභිබවමින් පරිගණකයේ හෝ අන්තර්ජාලයේ ඇතුලත් තොරතුරු ක්‍රමලේඛණ, වාර්ථා, වෙබ් අඩවි සහ රූපිත යොදා ගනිමින් චිත්ත සිතියම් පිළිබඳ සංකල්පය විස්තීරනය කිරීමට මෘඩුකාංග වලට හැක.


වෙළඳ ලකුණු[සංස්කරණය]

මනෝවිද්‍යාඥයකු වන එඩ්වර්ඩ් ටොල්මන් සම්මානනීය වන්නේ ඥානාත්මක අනුරූපණ නිර්මාණකරනය සම්බන්ධයෙනි. එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ බුසැන් ඔර්ගනිසෙශන් ලිමිටඩ් "චිත්ත සිතියම" යන පදය වෙළඳ ලකුණක් ලෙස යොදාගනීමට හිමිකම් කියයි. කනේඩියානු බුද්ධිමය දේපල පිලිබඳ කාර්යලයේ වාර්ථාවන්හි එය වෙළඳ ලකුණක් ලෙස සදහන් නොවේ. එක්සත් ජනපදයේ එය විශේෂිත ලෙස අධ්‍යපනික සේවාවන් සඳහ වූ වෙළඳ ලකුණක් ලෙස යොදාගන්නා අතර අනෙකුත් භාන්ඩ හා සේවා සඳහා ටොදා නොගහී.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

වැඩි දුරටත් කියවන්න[සංස්කරණය]

  • නොවැක්, ජේ. ඩී. (1993), "How do we learn our lesson?: Taking students through the process". The Science Teacher, 60(3), 50-55 (ISSN 0036-8555)
"https://si.wikipedia.org/w/index.php?title=සිතුවිලි_රූසටහන&oldid=433622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි