සිතුවම්කරණය-කටුසටහන් පොත

විකිපීඩියා වෙතින්


කටුසටහන් පොත යනු කටුසටහන් ඇඳීම සඳහා යොදාගනු ලබන රූල් නොමැති පිටු සහිත පොතකි. එය සිත්තරුන් විසින් සිය නිර්මාණාත්මක කි‍්‍රයාවලියේදී ඇඳීම හෝ සිතුවම් කිරීම සඳහා භාවිතා කරනු ලබයි. 2006 වසරේදී හාර්වර්ඞ් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරයේ පැවැති කටුසටහන් පොත් ප‍්‍රදර්ශනයේදී දක්වා තිබුණේ කටුසටහන් කාණ්ඩයන් දෙකකට වර්ග කෙරෙන බවයි.

  • නිරීක්‍ෂණ මෙය බාහිර ලෝකය වාර්තාගත කරගැනීමකි. සිත්තරා සංචාරය කිරීමේදී දකින දේ අධ්‍යනය කිරීම මෙහි අරමුණ වේ.
  • නව සොයාගැනීම් මෙයට සිත්තරාගේ අභ්‍යන්තරික සිතීමේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවන රූප සංයෝජනයන්ගේ වර්ධනයන් ඇතුලත් වේ.