සිතුවම්කරණය-අර්ථදැක්වීම්

විකිපීඩියා වෙතින්

ඇඳීම වූ කලි ද්‍රෘෂ්‍යමය ප‍්‍රකාශන ආකාරයක් වන අතර එය ද්‍රෘෂ්‍ය කලාවන් තුල එක් ප‍්‍රධාන ප‍්‍රවර්ගයකි. ඇඳීම තුල උප වර්ගීකරණයන් රැසක් පවතී. කාටූන් ඇඳීමද ඉන් එකකි. ‘කුරුටුගෑම’ සහ අනෙකුත් අවිධිමත් ඇඳීම් ක‍්‍රම වන නානකාමර කන්ණාඩියේ බැඳී ඇති ජල වාෂ්පවල ඇඳීම හෝ ‘අන්තෝනෛති‍්‍රක ලේඛනෝන්මාදය’ වැනි අධිතාත්විකවාදී ක‍්‍රමවේදයන් ‘ඇඳීමේ’‘ලලිත කලාවේ’ අංගයක් ලෙස සලකනු නොලැබිය හැක.

නානකාමර කන්ණාඩියක බැඳි ඇති ජල වාෂ්පවල ඇඳීම

ඇඳීම යන වචනය නාමපදයක් ලෙස මෙන්ම කි‍්‍රයාපදයක් ලෙසින්ද යොදාගනු ලබයි.

  • ඇඳීම (කි‍්‍රයාව) යනු කිසියම් අනුරූපයක් හැඩයක් හෝ හැඩතලයක් නිර්මාණය වන සේ යම් මතුපිටක් තුල සලකුණු තැබීමේ කි‍්‍රයාවයි.
  • නිර්මාණය කරන ලද රූපය ඇඳීම (නාම පදය) ලෙසින් හඳුන්වනු ලබයි. ක්‍ෂණික සම්පූර්ණ නොකරන ලද ඇඳීම කටුසටහන ලෙසින් හඳුන්වනු ලැබිය හැක.

අතිසරළ ආකාරයෙන් දැක්වුවොත් ඇඳීම සිතුවම් කිරීමෙන් වෙනස්වූවකි. බටහිර දෘෂ්ඨියෙන් මෙය වඩාත් නිවැරදි වෙයි. බුරුසු පමණක් භාවිතා කරන ආසියානු කලාව ඵෙතිහාසිකව මේ දෙක අතර එතරම් වෙනසක් හඳුනා නොගනී. හොඳින් ඇඳීමට හැකිවීම යනුවෙන් අදහස් කරන්නේ හැඩතල විශේෂයෙන්ම මිනිස් සිරුරේ හැඩතල මනා ලෙස සමෝධානිකව නිර්මාණය කළහැකිවීම වන අතර එවැනි ඇඳීම් චිත‍්‍රශිල්පියාගේ ඇඳීමේ හැකියාව ඇගයීමට ලක්වනු ඇති අතර එම ඇඳීම චිත‍්‍රරූපී ලෙස සලකනු ලැබෙනු ඇත .

සාමාන්‍යයෙන් ඇඳීම සඳහා යොදාගනු ලබන වියළි මාධ්‍යය වන්නේ රටහුණුය. සිතුවම් කිරීමේදී මේ සඳහා පැස්ටල් යොදාගනු ලැබිය හැක. පින්සල් හා පෑන් යොදාගෙන ද්‍රව මාධ්‍යයෙන්ද ඇඳීම කළහැක. සිතුවම් කිරීමේදී සාමාන්‍යයෙන් දියර තීන්ත සකස්කළ කැන්වසයක් හෝ තිරයක් මතට යොදනු ලබයි. නමුත් සමහර අවස්ථාවන්හිදී මුල් සිතුවම් සටහනක් එම මාධ්‍යයන්ද උපයෝගී කරගනිමින් ඇඳිය හැක. සාමාන්‍යයෙන් ඇඳීමේදී සිදුවන්නේ කඩදාසිය මත රේඛා සහ වර්ණ තැවරීමයි. නමුත් දියසායම් සිතුම්කරණයේදී කඩදාසියද ආධාරකයක් ලෙස යොදාගනී. සාම්ප‍්‍රදායික ඇඳීම් ඒකවර්ණ නොඑසේනම් වර්ණ අවම ලෙස යොදාගනු ලැබූ ඒවා විය. වර්තමානයේ ඇති පාට පැන්සල් ඇඳීම සහ සිතුවම් කිරීම අතර විභේදනය (එවැන්නක් ඇත්නම්) බොඳ කරවන්නකි. ඇඳීම යන යෙදුම සාම්ප‍්‍රදායික සිතුවම් කිරීම යන්නෙන් අදහස් කළ කි‍්‍රයාවට වඩා වෙනස් කි‍්‍රයාවලියක් සහ අභිමතාර්ථයක් හඟවයි. වැඩ නිමවූ කලාකෘතීන් ලෙස ඇඳීම් පැවතුනද බොහෝවිට ඇඳීම සලකනු ලබන්නේ සිතුවම් කිරීමට සූදානම්වීම සඳහා කරනු ලබන මුල් පියවරක් ලෙසිනි. මීට ප‍්‍රතිවිරුද්ධව සාම්ප‍්‍රදායික සිතුවම්කරණය හැමවිටම පාහේ කලාකෘතියක් අවසන් කිරීමේ ක‍්‍රමවේදයකි. වර්තමාන සිත්තරු බොහෝ දෙනෙක් සිය සිතුවම්කිරීමේ කි‍්‍රයාවලියේදී ඇඳීමේ ක‍්‍රමවේදයන්ද යොදාගන්නා බව සඳහන් කළ යුතුය.