Jump to content

සිතුවම්කරණයඅමුද්‍රව්‍යයන්

විකිපීඩියා වෙතින්

කඩදාසි විවිධ ප්‍රමාණයන්ගේ විවිධ වර්ගයන්ගෙන් සහ විවිධ ප්‍රමිතීන්ගෙන් ලබාගත හැකිවේ. මේවා දළ සටහන් නිර්මාණය සදහා වන පත්තර පිටු ආකාර ප්‍රමිතියෙන් යුත් කඩදාසි වල පටන් තනිතනිව අලෙවි කරණ සාපේක්ෂව මිලෙන් අධික ඉහළ ප්‍රමිතියෙන් යුත් කඩද‍ාසි දක්වා විශාල පරාසයකින් ලබාගත හැක. කඩදාසි වයනය, වර්ණය, ආම්ලික බව සහ තෙත් වු විට එහි ශක්තිමත් භාවය ආදි විවිධ ලක්ෂණ වලින් එකිනෙකට වෙනස් විය හැක. වඩාත් සිනිදු පෘෂ්ඨයකින් යුත් කඩදාසි විවිධ ද්‍රව්‍ය ඉතා සියුම් ලෙස නිරූපණය සදහා වඩාත් ගැලපෙන අතර වඩාත් රළු කඩදාසි ඒවාමත යොදන වර්ණක වඩාත් හොදින් රදවා ගනී. මේ හේතුවෙන් වඩාත් ගැඹුරු වෙනස් කම් නිරූපණය කිරීම සදහා වඩාත් රළු කඩදාසි වඩාත් යෝග්‍ය වේ.

පෑන් හෝ තීන්ත භාවිතයෙන් සිදු කරන නිර්මාණයන් සදහා දළ සටහන් නිර්මාණය කිරීමට බොහෝ විට යතුරු ලියන සදහා භාවිතා කරන කඩදාසි භාවිතා කෙරෙයි. නමුත් ඝනකමින් වැඩි කඩදාසි වල ඔරොත්තුදීමේ හැකියාව වඩාත් ඉහළ වේ. බ්‍රිස්ටල් බෝඩ් විශේෂයෙන්ම තීන්ත හෝ මිනිරන් ආශ්‍රිත මාධ්‍යයන් භාවිතයෙන් සිදු කරන සියුම් නිර්මාණ සදහා වඩාත් යෝග්‍ය වේ. කෙසේ නමුත් තීන්ත භාවිතයෙන් සිදු කරන නිර්මාණ සදහා Coldpress ක්‍රමයට නිර්මාණය කළ දියසායම් කඩදාසි වඩාත් ප්‍රචලිතව භාවිතා වන අතර ඊට හේතුව ඒවායේ වයනයයි. අනුරේඛනය සදහා භාවිතා කරන සත්ව හම් බොහෝ විට පැන්සලින් අදින ලද චිත්‍රයක් මත විවිධ කොටස් එක්කර පරීක්ෂා කිරීම සදහා භාවිතා කෙරෙයි. මෙය බොහෝ විට කිසියම් නිර්මාණයක් එහි අවසන් නිමාව වෙත ගෙන ඒමට පෙර සිදු කොට පරීක්ෂා කරනු ලබයි.

නිර්මාණයන් සිදු කිරීමේ ක්‍රියාවලිය සදහා විවිධ උපකරණ නිතර භාවිතා කෙරෙයි. මේ අතරට පැන්සල් උල් කිරීම සදහා වන උපකරණ, වැලි කඩදාසි, මිශ්‍රණ කූරු සහ Chamois ආදිය අයත් වෙයි. මේ හැරුණු විට අනුරේඛන කඩදාසි, කවකටු, අඩිරූල්, Frisket film, මැලියම් සහ සැළසුම් පටි ආදියද ඇතැම් විට ප්‍රයෝජනවත් වෙයි. කැන්වස් ආධාරකයක් හෝ ආනත මේසයක් භාවිත කළ විට චිත්‍රයක් දෙස බලන ආකාරය නිසා ඇතිවන අපහැදිලි තත්ව මඟහරවා ගත හැක. ලෝ තුඩු භාවිතයෙන් සිදු කරන නිර්මාණ කටයුතුවල දී තඹ, පිත්තල සහ ඇතැම් විට රත්‍රං පවා භාවිතා කෙරෙන අතර මෙම ඇතැම් ලෝහ වර්ග කාලයත් සමඟ වර්ණ විපර්යාසයන්ට ලක් වන හෙයින් ඒවා ‍භාවිතයේ දී ඇතැම් ආකර්ශනීය ප්‍රතිඵල ලැබෙනු දැක ගත හැක.

චිත්‍ර ඇඳීම සඳහා භාවිතා කළ හැකි එක් නව උපක්‍රමයක් ලෙස පරිගණකයක් සමඟ ලැබෙන ඇඳීමේ වැඩ සටහන හඳුන්වා දිය හැක. නූතන කලා නිර්මාණකරුවන් චිත්‍ර නිර්මාණය යන පදය හා බැඳුණු ක්ෂේත්‍ර සංඛ්‍යාව වඩාත් පුළුල් කරමින් සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍ර දක්වා චිත්‍ර නිර්මාණයක් ගෙන ඇත. මෙම අසාමාන්‍ය මාධ්‍යයන් අතරට බහු මාධ්‍ය ක්‍රියාකාරකම්, රඟ දැක්වීම් ආශ්‍රිත කටයුතු, නිර්මාණයන් සිදු කිරීම් සඳහා ශාක අතු භාවිතය සහ දුම් සමඟ තැන්පත් වන කාබන් අංශු මඟින් නිර්මාණයන් සිදු කිරීම යනාදිය අයත් වේ.


http://en.wikipedia.org/wiki/Drawing#Materials