සිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණය

විකිපීඩියා වෙතින්

මෙම ලිපියේ අඩංගු මූලාශ්‍ර සිංහල විකිපීඩියාවට වඩා සිංහල එහි සොයුරු ව්‍යාපෘතියක් වන විකිමූලාශ්‍ර වෙත එක්කිරීම යෝග්‍යවේ. .

විකිපීඩියා මුලාශ්‍ර සංචිතයක් නොවන අතර විකිමූලාශ්‍ර යනු මූලාශ්‍ර සංචිතයකි. While this article does not itself contain source data that should be moved to Wikisource, documents that could be used as sources for or relating to this article could be on Wikisource but currently are not. Please be sure the work and any English translation conforms to Wikisource's copyright and inclusion policies.

මෙම පාඩම උම්මග්ග ජාතකයෙන් උපුටා ගන්නා ලද්දකි. මෙම ජාතකය බුදුන්වහන්සේගේ පූර්ව උත්පත්ති කතා වලින් දීර්ඝත ම ජාතකයයි. මෙම පාඩම පිළිබ`ද දැනගත යුතු කාරණා කිහිපයකි.  ගුත්තිල වෙණ නද පාඩම පැරණි ගද්‍ය (බණකතා සාහිත්‍යය වර්ගයට අයත් වේ.  මෙම පාඩම උපුටා ගෙන ඇත්තේ උම්මග්ග ජාතකය හෙවත් උමංදාව ජාතකයෙනි.  ග‍්‍රන්ථයට එම නම යෙදීමට හේතු වී ඇත්තේ ඒ ජාතක කතාව තුළ විස්මිත මහා උමඟක් පිළිබ`ද ස`දහන් වීම බව පෙනේ.  උම්මග්ග ජාතකය (සිංහල රචනය* අයත් වන සාහිත්‍ය අවධිය ලෙස සැලකෙන්නේ කුරුණෑගල යුගය යි.  මෙම ජාතක කතාව සිංහල පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් උපුටා ගන්නා ලද්දකි.  සිංහල පන්සිය පනස් ජාතක පොතට මූලාශ‍්‍රය වී ඇත්තේ පාලි ජාතකට්ඨ කතාව කෘතිය යි.  චූලවංශයට අනුව කුරුණෑගල රජ හතරවැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමාගේ කාලයේ දී (ක‍්‍රි. ව. 1302 - 1326* පන්සිය පනස් ජාතක පොත රචනා වී ඇත.  සිංහල පන්සිය පනස් ජාතක ග‍්‍රන්ථයේ කර්තෘත්වය එක් කතුවරයෙකුට පැවරිය නොහැකිය. එහි භාෂා ශෛලීය විමසා බැලූ චිචාරකයෝ මෙය කතුවරයන් කිහිපදෙනෙකුගේ හෝ කර්තෘ මණ්ඩලයක මූලිකත්වයෙන් සිදු වූවක් බව දැක්විය හැකිය. මහාවංශයට අනුව රචනා කර ඇත්තේ සොළී රටින් ලංකාවට පැමිණි මහා තෙර නමක් (සොළී මහා සාමි* ප‍්‍රධාන කොට ගත් කර්තෘ මණ්ඩලයක් විසිනි. ” සොළී රටින් ආ නා නා භාෂාහි විශාරද වූ, තර්කාගගමධාරී මනා ව හික්මුණු, එක් මහා තෙර නමක් රාජගුරු තන්හි තබා ......” (මහාවංශය 90 පරිච්ඡේදය*  දෙවන පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමාගේ පුරෝගාමීත්වයෙන් වීරසිංහ ප‍්‍රතිරාජ නැමැති අමාත්‍යවරයාගේ උත්සාහයෙන් සිංහල ජාතක පොත සම්පාදනය වූ බැව් පිළිගත් මතයයි.  පන්සිය පනස් ජාතක පොතේ ඇතුළත් කතා ප‍්‍රමාණය 547 යි.  උම්මග්ග ජාතකයේ වෙනත් පරිවර්තනයන් කිහිපයක් දක්නට ලැබේ. x (සිංහල* උම්මග්ග ජාතකය (වීරසිංහ ප‍්‍රතිරාජ ඇමතිතුමා කළ බැව් පැවසෙතත්, කර්තෘත්වය පැහැදිලි නැත.* x එළු උමංදාව (දෙවන විද්‍යාචක‍්‍රවර්තීගේ බැව් ස`දහන් වේ.*  අනුරාධපුරයේ සිට ජාතක කතා පදනම් කොට බිහි වූ සාහිත්‍ය කෘති කිහිපයකි. x සක් දා කව (සංඛ ජාතකය* - අනුරාධපුර යුගය x අසක් දා කව (ආසංඛවතී ජාතකය* - අනුරාධපුර යුගය x සසදා කව (සස ජාතකය* - පොළොන්නරු යුගය x මුවදෙව් දා කව (මඛාදේව ජාතකය* - පොළොන්නරු යුගය x කව්සිළුමිණ (කුස ජාතකය* - දඹදෙණි යුගය x ස`දකිඳුරු දා කව (චන්ද කින්නර ජාතකය* - කුරුණෑගල යුගය x කාව්‍ය ශේඛරය (සත්තු භත්ත ජාතකය* - කෝට්ටේ යුගය x ගුත්තිල කාව්‍යය (ගුත්තිල ජාතකය* - කෝට්ටේ යුගය x කුස දා කව (කුස ජාතකය* - කෝට්ටේ යුගය x විධුර ජාතක කාව්‍යය - මහනුවර යුගය x මහා ජනක ජාතක කාව්‍යය - මහනුවර යුගය x සම්බුුලා දා කව (සම්බුල ජාතකය* - මහනුවර යුගය x ඇත්පල් දා කව (හස්තිපාල ජාතකය* - මහනුවර යුගය x පදමානවක ජාතක කාව්‍යය - මහනුවර යුගය x මඛාදේව ජාතක කාව්‍යය - මහනුවර යුගය x වෙස්සන්තර කාව්‍යය (වෙස්සන්තර ජාතකය* - මහනුවර යුගය x මුව ජාතක කාව්‍යය - මහනුවර යුගය x අසක් දා කව (ආසංඛවතී ජාතකය* - මහනුවර යුගය x මනමේ නාඩගම (චුල්ල ධනුද්ධර ජාතකය* - ජන නාට්‍යය x මනමේ නාටකය (චුල්ල ධනුද්ධර ජාතකය* - එදිරිවීර සරච්චන්ද්‍ර x ස`දකිඳුරු නාඩගම (චන්දකින්නර ජාතකය* - ජන නාට්‍ය x වෙස්සන්තර නාට්‍යය (වෙස්සන්තර ජාතකය* - ජෝන් ද සිල්වා x විධුර නාට්‍යය (විධුර ජාතකය* - ජෝන් ද සිල්වා x කුස නාට්‍යය (කුස ජාතකය* - ජෝන් ද සිල්වා x වෙස්සන්තර (වෙස්සන්තර ජාතකය* - එදිරිවීර සරච්චන්ද්‍ර x ස`දකිඳුරු (චන්දකින්නර ජාතකය* - ගුණසේන ගලප්පත්ති x දික්තල කාලගෝල (උම්මග්ග ජාතකය* - පුණ්‍යසේන ගුණසිංහ  සිංහල පන්සිය පනස් ජාතක පොත හැරුණු විට කුරුණෑගල යුගයේ දී රචිත වෙනත් කෘති කිහිපයකි. x දළදා සිරිත (පරාක‍්‍රමබාහු රජතුමාගේ ආරාධනාවෙන් දෙව්රද දම් පසඟිනා විසින් රචනා කරන ලදී.* x බෝධි වංශය (විල්ගම්මුල ශ‍්‍රී පරාක‍්‍රමබාහු හිමි* x අනාගත වංශය (විල්ගම්මුල ශ‍්‍රී පරාක‍්‍රමබාහු හිමි* x ස`ද කිඳුරුදා කව (විල්ගම්මුල මාහිමි* x ථූපවංශය (පරාක‍්‍රම පණ්ඩිත අයෙකු විසින් ලියා ඇත.* x ධාතු මංජුසාව (යක්ඛගිරි ලෙනෙහි විසූ සීලවංශ හිමි*  ජාතක කතාවක ආකෘතික ලක්ෂණ x වර්තමාන කතාව x අතීත කතාව x ගාථා (ගාථා මඟින් දක්වන කොටස* x වෙය්‍යාකරණ (ගාථාව විස්තර කිරීම* x සමෝධනය (වර්තමාන හා අතීත කතා දෙකේ චරිත ගැළපීම* මෙම අංගයන් අතර වර්තමාන කතාව, අතීත කතාව හා සමෝධනය ඉතා වැදගත් අංග කිහිපයකි.  උම්මග්ග ජාතකයේ විශේෂ ලක්ෂණ x වර්තමාන කතාවක් නැත. x ප‍්‍රශ්න (පැන* නමින් තේරවිලි කතා කොටස් දෙකක් උම්මග්ග ජාතකයේ මුලට ස`දහන් වෙයි. මුල් කොටසේ ප‍්‍රශ්න 9කි. දෙවන කොටසේ ප‍්‍රශ්න 10කි. x මෙහි එන කුඩා කතා 11ක් ම, ජාතකට්ඨ කතාවෙහි දී ජාතක ලෙසින් එයි. x මෙය ජාතක පොතේ එන විශාල ම ජාතක කතාවයි.  උම්මග්ග ජාතකය ඇසුරින් බිහි වූ වෙනත් ග‍්‍රන්ථ x උමංදා කව (සිරි සුමිත්ත හිමි* x උමංදා කව (කිරිමැටියේ අප්පුහාමි* x දික්තළ කාලගෝල (පුණ්‍යසේන ගුණසිංහ* x වේදේහ සිංදුව (වීරකොඩියානෙ මැතිඳු* x රතවතී කතාව (පත්තායමේ ලේකම්*  මෙම කතාවස්තුවෙන් ආ සුන්දර උපමා x සිංහ නාද ඇසූ මුව පොල්ලන් පරිද්දෙන් x ශක‍්‍ර පුරයට වන් අසුර භටයන් පරිද්දෙන් x න`දුන් උයන මෙන් x දණ්ඩයකින් පහරන ලද සර්ප රාජයකු සේ x වේරම්බ වාතයෙන් හැළලී ගිය මහා සාගරය සේ x ගින්නෙන් නැඟි දුම් ක`ද සේ x ආකාශ ගංගාවෙහි බි`දි-බි`දි දිවන්නා වූ රළ පතර සේ x සමුද්‍රයෙන් නැංගා වූ මහ තල්මස් කැල සේසිංහයෙකු මෙන් x මූ¥ පරගානා සේ x පිළියමක් දන්නා වෙදෙකු පිළිසරණ වන්නා සේ x සා දුකින් පෙළෙන එකෙකුට භෝජනය මුත්, අනෙකක් පිළිසරණ නොවන්නා සේ x පිපාසා ඇති එකෙකුට පැන් පුවහොත් මුත්, ඒ පිපාසය නොසන්සිෙ`දන්නා සේ x රග්ගල් තලා මස්තකයෙහි නාද කරන සිංහ රාජයකු මෙන් x කැටක් ගෙන කපුටු රැුසක් පලවන එකක්හු මෙන් x දුන්නක් අල්ලා වඳුරු මුළක් පලවන එකක් පරිද්දෙන් x නිගණ්ඨ සේනාවක් පරිද්දෙන් x කොමඩු බානා සේ x අභිමතාර්ථසාධක චිත්තාමාණික්‍යයක් බඳු x රජහු කටින් බස උදුරා ගත්තා සේ x ඉතා නිල් වලා සමූහයක් සේ x පුර දියවක යහපත් දවස් ස`ද බලන්නට එක් සිත් ව, එක දිසාව බලන්නවුන් පරිද්දෙන් x දිගන්තරයෙහි පතළා වූ තේජස් පරිද්දෙන් x ඔදවැඩියා වූ සාගරය පරිද්දෙන් x පොළොව මැ`ඩ පියන්නා සේ x කෙසරු සලා විදහා කිළිපොළන්නා වූ සිංහ රාජයකු සේ x අසුර යුද්ධයට නික්මුණු සක් දෙව් රජහු පරිද්දෙන් x රත් වද මලක් සේ  මෙම පාඩමේ දක්නට ලැබෙන රූපක x කෝප නමැති වාතයෙන් x කෝප නමැති ගින්නෙන් x සිත් නමැති ආකාශ ගංගායෙහි x සේනා නමැති සමුද්‍රයෙන් x ප‍්‍රඥා නමැති සුර්යයා සතර කන් මන්ත‍්‍රණය පිළිබ`ද විමසීමේ දී එම කතා වස්තුව මෙසේ සාරාංශ කළ හැකිය.  උතුරු පංචාල නුවර චූලනී බ‍්‍රහ්මදත්ත නම් රජුගේ කෙවට්ට බමුණා මුළු දඹදිවටම අග‍්‍ර පුරෝහිත බවට පත් වී තමා දැන් වි`දින සම්පත් වර්ධනය කර ගැනීමේ ආසාවෙන් චූලනී බ‍්‍රහ්මදත්ත රජු ව මුළු දඹදිව ම අග රජු කරවන බවට රජු සමග සැලසුම් කිරීම.  කේවට්ටයාගේ හා රජුගේ සතර කන් මන්ත‍්‍රණයට ගිරා පෝතකයා සවන් දීම.  ගිරා පෝතකයා ලත් පණිවිඩය මහෞෂධ ප`ඩිතුමාට දැන්වීම.  පණිවිඩය ලත් මහෝෂධ ප`ඩිතුමාගේ ප‍්‍රකාශය හා යුද්ධයක් ස`දහා මියුලූ නුවර සූදානම් කිරීම.  අන් රජවරු යටත් කර ගැනීමට කේවට්ටයා සූක්ෂම උපක‍්‍රම යෙදීම.  උපක‍්‍රම මගින් චූලනී බ‍්‍රහ්මදත්ත රජු මියුලූ නුවර හැර සියලූ රාජ්‍ය ජයගෙන මියුලූ නුවර අල්ලා ගැනීමට යෝජනා කරද්දී කේවට්ටයා එය ප‍්‍රතික්ෂේප කිරීම.  ජයපානෝත්සවයක් පැවැත්වීම සහ මහෞෂධ ප`ඩිතුමා උපක‍්‍රම යෙදීම. මියුලූ නුවර වටලෑම

 චූලනී බ‍්‍රහ්මදත්ත රජු මියුලූ නුවර වටලෑමට තරයේ අධිෂ්ඨාන කිරීම හා එක් සියයක් රජ දරුවෝ එකහෙලාම අනුමතිය දීම.  කේවට්ටයන් මියුලූ නුවර වටලෑමට යාම වැලැක්වීම.  එක් සියයක් රජදරුවන් සමග බ‍්‍රහ්මදත්ත රජු මියුලූ නුවර වැටලීම. (ඇත් හමුදා වළල්ල, අශ්ව හමුදා වළල්ල, රථ හමුදා වළල්ල, පාබල හමුදා වළල්ල*  මහත් වූ කෝලහල ශබ්ද අසා සේනක ප`ඩිවරු ඒ බැව් වේදේහ රජුට දැන්වීම.  වේදේහ රජු බියට පත් වීම හා සේනක ආදී ප`ඩිවරුන්ගේ අවිචාරවත් නිද්‍රාශීලි ව එහිදී හැසිරීම.  තලතා දේවියගේ නුවණ දක්වන අතුරු කතාව  මහෞෂධ ප`ඩිතුමා වේදේහ රජුගේ බියට පත් වීම අස්වැසීම.  මහෞෂධ ප`ඩිතුමා ඇතුල් නුවර වාසීන්ට ප‍්‍රීති උත්සව පැවැත්වීමට පැවසීම. යුද්ධෝපාය යෙදීම.  කේවට්ටයා උපක‍්‍රම යෙදීම හා මහෞෂධ ප`ඩිතුමා ඒවාට ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් කටයුතු කිරීම.  සියලූ උපායන් ව්‍යවර්ථවත් ම කේවට්ටයා තමා ලත් අවමානය අකා මකා ගැනීමට ධර්ම යුද්ධය නම් උපායක් යෙදීම. ධර්ම යුද්ධය  ධර්මය යුද්ධය කේවට්ටයාගේ උපක‍්‍රමයකි.  කේවට්ටයා මහෞෂධ පණ්ඩිතයන්ගේ ආචාරශීලි ගුණය තමාගේ වාසියට හරවා ගැනීමට සිතීම.  මහෞෂධ ප`ඩිතුමා ධර්ම යුද්ධය පිළිගැනීම.  මහෞෂධ ප`ඩිතුමා වේදේහ රජු හමුවට ගොස් අෂ්ටවංක මැණික ඉල්ලා ගැනීම.  මහෞෂධ ප`ඩිතුමා පමා වී කේවට්ට හමුවට යාම හා කේවට්ටයා පෙර මග බල බලා සිටීම.  මහෞෂධ ප`ඩිතුමා ප‍්‍රථම වරට දුටු එක් සියයක් රජ දරුවෝ විස්මිත වීම.  මහෞෂධ ප`ඩිතුමා මැණික ගෙන කේවට්ටයා අත, ඇඟිලි අග තැබීම.  මැණික බර බැවින් බිම වැටීම හා මහෞෂධ ප`ඩිතුමාගේ පාමුල වැටීම.  කේවට්ටයා එය ගැනීමට බිමට නැමෙන අතර මහෞෂධ ප`ඩිතුමා වහා ක‍්‍රියාත්මක වීම.  පරාජය දුටු එක් සියයක් රජදරුවන් ප‍්‍රමුඛ සේනාව මරණ බයෙන් ආපසු යෑම.

1ග ” උම්මග්ග ජාතක කතාවේ යොදා ඇති භාෂා ශෛලිය නිසා පොදු ජනතාවට මෙන් ම පැසුණු බුද්ධියෙන් හෙබි පාඨකයන්ටත් එකසේ රස වි`දිය හැකි ය. ” නියමිත කොටසින් ගත් උදාහරණ තුනක් ඇසුරෙන් සාකච්ඡුා කරන්න.  පොදුවේ කාටත් අවබෝධ කරගත හැකි උපමා භාවිතා කිරීම.  පොදුවේ කාටත් අවබෝධ කරගත හැකි රූපක භාවිතා කිරීම.  පොදුවේ අවබෝධ වන ලෙස උචිත පද භාවිතා කිරීම. x වර්චස් පි`ඩක් x ක‍්‍රීන් යන අනුකරණයෙන් x කොල, ගනුව x තූ තූ කොට x සාල් නැළියක් x වඳුරු මුළක් x ඉස් ලූ ලූ x එළු සන් x ජඩ වූ x අලජ්ජි 2ග කේවට්ටයාගේ චරිතය මගින් බමුණු සමාජය හාස්‍ය මුසු උපහාසයෙන් දක්වා ඇති ආකාරය උදාහරණ තුනක් දෙමින් පැහැදිලි කරන්න. x සාල්ලෙක ලාලා පාතට බාන කෙනකුන් මෙන් කේවට්ට බමුණා හිසැ වර්චස් පිඬක් හෙළා, ‘කිමෙක් දැ’ යි කට දල්වා ගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවැත වර්චස් පිඬක් හෙළා, x ”ආචාරීනි, උපාය නම් තමා කිම් ද? මේ සා මහත් වූ තොපගේ උපායෙකින් වැඩකුත් නිමාවකුත් දුටු දෑ නැති. මෙ නුවර වේදේහ රජු අල්ලා ගන්නට නොපිළිවන. එබැවින් අපගේ නුවරට යම්හ” x ඉතා අලජ්ජී වූ දුෂ්ට වූ කේවට්ටයා අසු නැඟීී, කටින් ලේ දම-දමා නළලේ ලේ පිස-පිස දිවන්නේ ය; සේනාවට ආසන්න ව අසු පිට ම හිඳ, ”පින්වත්නි, නො යව; මම ගොවියා පුතු නොවැන්දෙමි. සිටුව, සිටුව” 3ග මහෞෂධ පණ්ඩිතයන්ගේ ප‍්‍රඥා මහිමය සතර කන් මන්ත‍්‍රණය තුළ මනා ව දක්වා ඇති බව නිදසුන් තුනක් දෙමින් පැහැදිලි කරන්න. x ඇතුළු නුවර හුන් දිළිඳුන් පිටත් කරවා පිටි නුවර ලැවූ සේක. පිටි රටින් දනවුවලින් සතර වාසල නියම් ගම් සතරින් වස්ත‍්‍රාභරණ ධනධාන්‍යාදීන් සමෘද්ධ වූ ඉසුරුමතුන් ගෙන්වා ඇතුළු නුවර වැස්වූ සේක; බොහෝ ධනධාන්‍ය රැුස් කරවූ සේක. x ‘අපි මියුලූ නුවර මහෞෂධ පණ්ඩිතයන්ගේ යෝධයම්හ. පිළිවන් වී නම් අප අල්ලා ගනුව’ යි තොප ගිය බව හඟවා එව” යි කියා යෝධයන් දහස යැවූ සේක. x බෝසතාණන් වහන්සේ ද ”හෙ ද ගනුව” යි අත දික් කොට, අත ඇඟිලි අග මැණික එළාලූ සේක. 4ග ” උම්මග්ග ජාතක කතාවේ යොදා ඇති භාෂාව යොදා ගැනීමේ දක්ෂතාවය නිසා ම එය පරිපූර්ණ සාහිත්‍ය කෘතියක් වී ඇත. ” නියමිත කොටසින් ගත් උදාහරණ තුනක් ඇසුරෙන් සාකච්ඡුා කරන්න. x උපමා භාවිතා කර තිබීම. x රූපක භාවිතා කර තිබීම. x ශබ්ද රසය නංවන යෙදුම් භාවිතා කර තිබීම. - ඉස තල්පැන් පලක් මඬනා සේ කඩුවෙන් කපා පියා දෙ පයින් මැඬ ගෙන හිඳ - සිත් නමැති ආකාශ ගංගායෙහි බිඳි-බිඳී දිවෙන්නා වූ රළපතර සේ යුද්ධයට පිඹිනා ලද කාහල ශබ්දයෙන් සතුටු වැ පැන-පැන සිටිනා වූ - සේනා නමැති සමුද්‍රයෙන් නැංගා වූ මහ තල් මස් කැල සේ රිය සකින් රිය සක ගසා සිටුවන ලද රථ වළල්ලෙකින් ද - හස්ති ශබ්ද යැ, අශ්ව ශබ්ද යැ, රථ ශබ්ද යැ, වීණා ශබ්ද යැ මෘදංග ශබ්ද යැ, ගීත ශබ්ද යැ, තාල ශබ්ද යැ, ‘විදුව, ගනුව, අනුව’ යි මෙ සේ දශ විධ ශබ්දයෙන් යුක්ත වුව; - ”කොල පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ට අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥන බමුණු මහල්ල, 5ග මහෞෂධ පණ්ඩිතයාගේත් කේවට්ට බමුණාගේත් චරිත තුළ ඇති සම විෂමතා දක්වන්න.  සමානතා x මහෞෂධ ප`ඩිතුමා මියුලූ නුවර වේදේහ රජුගේ අනුශාසකයා වූ අතර කේවට්ටාචාරී පංචාල රට චූලනී බ‍්‍රහ්මදත්ත රජුගේ අනුශාසකයා වීම. x දෙදෙනාම උගත් වියතුන් ය. x දෙදෙනා ම උපායශීලි ය.  අසමානතා x මහෞෂධ ප`ඩිතුමා අභිෂ්ට රාජ්‍යතාන්ත‍්‍රිකයෙකි. දුර දක්නා නුවණින් යුත් අනුශාසකයෙකි. නමුත් කේවට්ටයා රාජ්‍ය තාන්ත‍්‍රික ලක්ෂණ වලට වඩා ඉසුරු මදය හා තනතුරු වලට කෑදරයෙකි. x මහෞෂධ ප`ඩිතුමා ගතානුගතික ඉක්ම වූ ව්‍යවහාර ඥානයෙන් හෙබි ප‍්‍රඥා වන්තයෙකි. නමුත් කේවට්ටයා සාම්ප‍්‍රදායික, ගතානුගතිකත්වය මත පිහිටා කටයුතු කළ බමුණු පුරෝහිතයෙකි. x මහෞෂධ ප`ඩිතුමා ස්ථානෝචිත නුවණින් යුත් අනුශාසකවරයෙකි. නමුත් කේවට්ටයා මියුලූ නුවර ගැන්මට දර, දිය, ආහාර නවත්වා උපායශීලි වුව ද ස්ථානෝචිත ප‍්‍රඥාව ධන කාමය නිසා යටපත් වී ගිය තැනැත්තෙකි. x මහෞෂධ ප`ඩිතුමා තම රජුත්, රටත්, ජනතාවත්, රකිමින් ලේ බිඳුකුදු නොසෙල්වා රට පාලනයට උපදෙස් දුන් පරාර්ථ සාධනය උතුම් කොට සැළකූ පුරුෂෝත්තමයෙකි. නමුත් කේවට්ටයා ධනය හා බලය උදෙසා තම රජු ද පොළඹවා ගනිමින්, මිනිසුන් ඝාතනයට පවා නොපසු බට වූ පුරුෂාධමයෙකි. x මහෞෂධ ප`ඩිතුමා වත්මන් පාලකයෙකුටත් පූර්වාදර්ශයට ගත යුතු චරිත ලක්ෂණ සහිත ය. නමුත් කේවට්ටයා එවැනි සුලකුණු වලින් තොර ය. රංජිත් රාජපක්ෂ විසින් සාදන ලදී.