සිංහල නීතිය හෙවත් උඩරට නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සිංහල නීතිය (උඩරට නීතිය) අතීතයේ සිට සිංහල රාජධානියේ පැවති නීති පද්ධතියයි. ලන්දේසී සමය දක්වා මුළු රටම මෙම නීතියට යටත් විය. 1815 ඉංග්‍රීසීන්ට යටත් වන තෙක් කන්ද උඩරටට සීමා වූ සිංහල රාජධානියේ පැවති එකම නීති හා සිරිත් පද්ධතියයි. උඩරට නීතිය අලිඛිත එකක් වූ අතර සිරිත් ලෙස පැවති රීති සමුදායක් ලෙස සැලකිය හැකිය. 1815 ට පෙර උඩරට නීතිය එම ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට ජාතිය, ආගම හෝ කුලය නොසලකා අදාල වූ ප්‍රාදේශීය නීතියක් ලෙස පැවතිනි.

සිංහල නීතියේ කොටස්[සංස්කරණය]

වංශ කථා සහ සෙල්ලිපි අනුව[සංස්කරණය]

  1. චාරිත‍්ත ධම‍්ම හෙවත් වෝහාර ධම‍්ම
  2. පුබ්බ චාරිත‍්ත
  3. වැවස්තා සිරිතැ

1976 රජසිරිත් හා ලෝ සිරිත් පිලිතුරු ලිපිය අනුව[සංස්කරණය]

  1. ලෝක චාරිත්‍ර
  2. රාජ නීතිය

1815ට පසු සැකසූ නීති නිඝණ්ඩුව අනුව[සංස්කරණය]

  1. ධර්ම නීතිය
  2. සිරිත් නීතිය
  3. රාජ නීතිය

උඩරට ගිවිසුම[සංස්කරණය]

යුද්ධය අවසානයේ දී 1815 මාර්තු මස 02 වන දින මහනුවර මගුල් මඩුවක රැස් වූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් සහ උඩ රට ප්‍රධානීන් අතර ඇති කොට ගත් ගිවිසුමෙන් උඩරට රාජ්‍යයේ පාලනය බ්‍රිතාන්‍යයන් වෙත පවරා දෙනු ලැබිය.බ්‍රිතාන්‍ය 3වන ජෝර්ජ් රජු නියෝජනය කරමින් බ්‍රවුන්ග් ආණ්ඩුකාර වරයාද උඩරට වැසියන් වෙනුවෙන් අදිකාරම්,දිසාවේවරු සහ වෙනත් නිලධාරීහු පිරිසක් ද 1815 මාර්තු 10 දින මෙම ගිවිසුම අත්සන් තැබුවේ ය.මෙය 1815 උඩරට ගිවිසුම ලෙස හැඳි වේ. Edite by shamal asith

උඩරට නිති අදාලත්වය සීමා වීම[සංස්කරණය]

ඉංග්‍රීසීන් උඩරට නීතිය අශිශ්ට නීතියක් ලෙස සලකන ලද අතර අත් පා කපා දැමීම, බහු පුරුෂ සේවනය අනුමත කිරීම යනාදී කරුණු ඔවුන් නොරිස්සූහ. එම නිසා උඩරට නීතියේ එවැනි කොටස් අවලංගු කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.

උඩරට නිතිය පුද්ගල නීතියක් බවට පත්වීම[සංස්කරණය]

ඉංග්‍රීසි නීතිය ප්‍රාදේශීය නීතියක් වශයෙන් උඩරට පලාතට ඇතුලත් වන සියලු දෙනාටම අදාල වන බව ඉංග්‍රීසීහු දැන සිටියහ. එනිසා ක්‍රමිකව එම තත්වය වෙනස් කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.

වර්තමානයේ උඩරට නීතියේ අදාලත්වය[සංස්කරණය]

වර්තමානයේදී උඩරට නීතිය විවාහය, සුජාතහාවය, දේපල හාරකාරත්වය, රැකවරණය, බාලවයස්කරුවන්, දෙමාපියන් හා දරුවන්, ත්‍යාග සහ අන්තිම කැමැති පත්‍රයක් නොමැති අනුප්‍රාප්තිය වැනි ක්ෂේත්‍ර වලදී පමණක් අදාල වේ.

ඉඩම් උරුමය පිළිබඳ සිංහල නීතිය[සංස්කරණය]

අවිවාහකයන්ගේ ඉඩම්[සංස්කරණය]

අයෙකුගේ මරණින් පසු ඉඩම් උරුමය පිළිබඳ සිංහල නීතිය

දෙමාපියන් ජීවත්වන අවිවාහකයන්ගේ ඉඩම්: දෙමාපියන්ට
අම්මා හෝ අප්පච්චී පමණකි ජීවත්වන අවිවාහකයන්ගේ ඉඩම්: 1/2 අම්මාට හෝ අප්පච්චීට, ඉතිරිය සමව බෙදා සහෝදර සහෝදරියන්ට
දෙමාපියන් ජීවතුන් අතර නැති අවිවාහකයන්ගේ ඉඩම්: සමව බෙදා සහෝදර සහෝදරියන්ට

විවාහකයන්ගේ ඉඩම්[සංස්කරණය]

තරමක් සංකීර්ණ නීතියකි.

= මූලාශ්‍ර =.[සංස්කරණය]

  • ශ්‍රී ලංකාවේ නීති පිලිබඳව හැඳින්වීමක් , ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය , පිටුව 1 , පිටු 23
  • පැරණි හා මධ්‍ය ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ ක්‍රමය, ගුණසේන ගමලත්, සරස්වතී ප්‍රකාශන; 2007. ISBN 978-955-1096-61-8