සිංහල අත් බෙහෙත්

විකිපීඩියා වෙතින්

1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.


2. සෙම්ප්‍රතිශ්‍යා උණට අමු ඉගුරු, කොත්තමල්ලි,පත්පාඩගම්, කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)


3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.


4. සෙම සහිත කැස්සට අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.


5. පපුවේ සෙමට සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.


6. සෙම් ගෙඬිවලට I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.

II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.

III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත. භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.


7. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.

Read more---> https://alllankablog.blogspot.com/2016/01/sinhala-ath-beheth.html

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_අත්_බෙහෙත්&oldid=471274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි