සිංගප්පූරු දේශපාලනයෙහි කාන්තාවෝ
සාම්ප්‍රදායික වශයෙන්, සිංගප්පූරුවෙහි කාන්තාවෝ රටෙහි දේශපාලන රංගභූමි මහජන ජීවිතයෙහි කුඩා භූමිකාවක් රඟ දැක්වූහ. කෙසේවෙතත් මෑත වසර කිහිපය තුලදී, නගර රාජ්‍යය තුල මහජන ජීවිතයෙහි ඉහළ ගිය කාන්තා නියෝජනයක් දක්නට ඇත්තේ, දේශපාලන තනතුරු සඳහා තරග වැදීමට කාක්තාවන් වඩ වඩාත් උත්සුක වී ඇති හෙයිනි.
සංගණ්‍ය කාන්තා දේශපාලනඥයන් අතර ප්‍රජා සංවර්ධනය පිළිබඳ හිටපු වැඩබලන අමාත්‍යවරිය සීට් අයි මී සහ අග්‍රාමාත්‍ය කාර්යාලයෙහි හිටපු අමාත්‍යවරිය ලිම් වී හුවා යන හිටපු අමාත්‍යවරියන් දෙදෙනද, රාජ්‍ය අමාත්‍ය යූ-ෆූ යී ෂූන් සහ දිස්ත්‍රික් නගරාධිපතිවරියක වන අමී කෝර් ලීන් සුවාන් යන්නන් වෙති. කාන්තාවන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවෙහි පත් කළ මන්ත්‍රීවරියන් වෙමින්, කාන්තාවන්ගේ කණ්ඩායම් සහ සංරක්ෂණ කණ්ඩායම් වැනි සමාජමය අයිතීන් මාලාවක් නියෝජනය කරති. 2015 ඔක්තොම්බර් 1 දිනදී, සංස්කෘතික, ප්‍රජා සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙසින් ග්‍රේස් ෆූ පත් කරන ලදි. ඇය වර්මානයෙහි මෙම තනතුර දරන්නීය.
මුල් වසර කිහිපය
[සංස්කරණය]එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි අනෙකුත් රටවල් මෙන්ම, සිංගප්පූරුවද සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කළේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ඇරඹුනු විගසින්මය. එබැවින්, ඡන්ද අයිතිය සඳහා සටන් කිරීමට සිංගප්පූරුවෙහි කාන්තාවන්ට සිදු නොවීය.
ව්‍යවස්ථාදායක සභාවෙහි පළමු කාන්තා නියෝජිතවරියන් පත්වූයේ ඉංග්‍රීසි භාෂා-අධ්‍යාපනය ලද සහ මධ්‍යම-පංතික අවශ්‍යතාවයන් වෙනුවෙනි. 1955 මැතිවරණයෙහිදී කාන්තා ඡන්දදායකයන් අනුපාතිකය 8% සිට 50% දක්වා ඉහළ යෑමත් සමගම, චීන භාෂා-අධ්‍යාපනය ලද කාන්තා නායිකාවෝ ප්‍රමුඛත්වයට පැමිණියහ. කෙසේවෙතත්, මෙම චීන භාෂා-අධ්‍යාපනය ලද නායිකාවන් අතරින් ලින්ඩා චෙං මොක් හොක් වැනි සමහරක්, කොමියුනිස්ට් වාදය හා බැඳී සිටි අතර අති උග්‍ර ලෙසින් කොමියුනිස්ට්-විරෝධී ලිම් යූ හොක් පරිපාලනය විසින් ඉක්බිතිව මැඩ පවත්වන ලදහ.
1959 වසරෙහිදී පීපල්ස් ඇක්ෂන් පක්ෂය බලයට පත් වත්ම, පීඒපී කාන්තා ඡන්ද අපේක්ෂිකාවන් සතරදෙනෙක් තරම් විශාල සංඛ්‍යාවක් ස්වයං-පාලන මන්ත්‍රණ සභාවට තේරී පත් විය. ඔවුනතර විමෙන්ස් ලීග් සමාරම්භකයන්වූ චැං චෝයි ෂොං සහ හෝ හයි චූ වූහ. පීඒපී-බරිසන් සොසියාලිස් භේදය හේතුවෙන් කාන්තා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු විසින් බරිසන් සොසියාලිස් පක්ෂ මාරුකිරීම සිදු විය. ඉතිරිවූ පීඒපී කාන්තා මන්ත්‍රීවරියන් දෙදෙන (1968 වසරෙන් පසුව, ඉතිරිවූ එක් මන්ත්‍රීවරිය) මධ්‍යස්ථමතවාදී ලෙසින් සැලකුණු අතර, රැඩිකල්වාදීන් හා සැසඳූ විට සාපේක්ෂ වශයෙන් අකර්මණ්‍ය වූ ඔවුන් දුර්වල කාන්තා නියෝජනයක්ද ඉක්බිතිව දශකයකට වැඩි කාලයක් තුල කාන්තාවන් සම්පූර්ණයෙන් දේශපාලනයෙන් වියුක්තව සිටි කාලයක්ද හිමි කර දුන්හ.
කාන්තා නියෝජනයෙහි ප්‍රවාසය
[සංස්කරණය]1970 වසරෙහිදී චැං චෝයි ෂොං විශ්‍රාම යෑමත් සමගම, 1970 සිට 1984 දක්වා වසර 14 ක් තුලදී පාර්ලිමේන්තුවෙහි කිසිදු කාන්තා නියෝජනයක් නොපැවතිණි. එනමුදු, විපක්ෂ කාන්තා අපේක්ෂිකාවෝ විටින් විට මැතිවරණ සඳහා ඉදිරිපත් වී පරාජයට පත්වූහ.