සිංගප්පූරුවෙහි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් යනු දේශපාලන ක්‍රමවේදයක ඉතාමත් වැදගත් ස්ථානය දරණ ව්‍යවස්ථාදායක සභාවකට නියෝජිතයන් නිදහස් ලෙසින් තෝරා පත් කර ගැනීමට යම් ජාතියක ජනතාවට ඉඩ සලසන ආණ්ඩුක්‍රමයකි. 19වන සියවසෙහිදී එක්සත් රාජධානිය විසින් සිංගප්පූරුවෙහි ජනපද පිහිටුවන විට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එහි නොපැවතුනද, 1940 ගණන් වල ඇරඹුනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස් කම් නිසා ව්‍යවස්ථාදායකයේ ආසන ගණන ක්‍රමයෙන් වැඩිවී සම්පූර්ණයෙන් තෝරා පත් කරගන්නා ලද ව්‍යවස්ථාදායක සභාවක් 1958 දී පිහිටුවා ගන්නා ලදි. වර්තමානයෙහිදී, සිංගප්පූරු ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1985 අනුවා. සංස්., 1999 නැවත මුද්‍රණය) විසින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාද භාෂිතය ක්‍රියාවෙහි යොදවන විවිධ යාන්ත්‍රණයන් සංස්ථාපනය කොට ඇත. සර්වජන ඡන්දය ඔස්සේ පාර්ලිමේන්තුව තෝරාපත් කර ගත හැකි වනු පරිදී මහා මැතිවරණ ක්‍රමානුකූලව පැවැතිවිය යුතුව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඡන්දය දීමේ අයිතිය විශේෂයෙන්ම සඳහන් කර නොමැතත්, රජය විසින් සහතික කර ඇත්තේ මෙම අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වගන්ති තුලට ගම්‍යමාන කල හැකි බවයි.

රාජ්‍යයේ ශාඛා ත්‍රිත්වය වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වෙත, ආණ්ඩු බලයෙහි විවිධ පාර්ශවයන් ප්‍රදානය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සිදු කෙරෙයි. විධායකය සමන්විත වී ඇත්තේ ජනාධිපතිවරයා වෙතින් සහ අග්‍රාමාත්‍යයවරයා විසින් නායකත්වය දරන කැබිනට් මණ්ඩලය වෙතිනි. ඔවුන් සමස්ත ඡන්දදායකත්වය වෙත වගකිවයුතු අතර ඔවුහූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙහි ප්‍රතිමූර්තියක් වෙති. ජනතාව විසින් ජනාධිපති තෝරා පත්කර ගනු ලබන්නේ ජාතිත සම්පත් සුරැකීමෙහි සහ රාජ්‍ය සේවයෙහි ආර්ජවය රැක ගැනීමෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාත්මක සුරැකිතාවයක් ලෙසිනි. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙසින් සුදුසුකම් ලැබීමට, දැඩි උපමානයන් තෘප්තියට පත් කල යුතු වෙයි.

ඒකල මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වෙතින් සහ සමූහ නියෝජන මැතිවරණ කොට්ඨාශ වෙතින් තේරී පත් වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් (පාම වරුන්) , මැතිවරණ කොට්ඨාශ-විරහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (කොවිපාම වරුන්) සහ පත් කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (පපාම වරුන්) වෙතින් සමන්විත පාර්ලිමේන්තුවක් සංස්ථාපනය සඳහාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තව දුරටත් ඉඩ සලසා දෙයි. පාම වරුන් මැතිවරණ කොට්ඨාශයෙහි නියෝජිතයන් වන අතර ජනතාව සතු විය හැකි ප්‍රශ්න හා ගැටළු පාර්ලිමේන්තුව තුල ඉස්මතු කිරීමේ භූමිකාවක් ඔවුන් වෙත ඇත. රජයේ දෘෂ්ටිය අනුව, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වේදයක මූලිකාංගය ලෙසින් ගැනෙන්නේ, දේශපාලන පක්ෂ මිස එක් එක් පාම වරුන් නොවෙති. අධිකරණය යනු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාද සංකල්පයෙහි සෘජු විද්‍යාමානයක් නොවුවද, එහි මෙහෙවර වන්නේ, IV වන කොටසෙහි මූලික නිදහස වැනි, ඔවුන් වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිරිනමා ඇති බල සීමාවන් ඇතුළත රජය හා ව්‍යවස්ථාදායකය හැසිරෙන්නේදැයි සෝදිසියෙන් සිටීමයි.