සැකිල්ල:මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)

විකිපීඩියා වෙතින්

මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)


මායා දේවිය දුටු සුදු ඇතාගේ සිහිනය - සහ බුදුන්ගේ පිළිසිඳ ගැනීම - ගාන්ධාර - 2 - 3 සියවස්.


ශාක්‍ය වංශික ‘මායා’ රැජින ගෞතම බුදුන් වහන්සේගේ නැතහොත් ගෞතම නම් ගෝත්‍රයේ සිද්ධාර්ථයන්ගේ මව වූවාය. එමෙන්ම ඇය පළමුවෙන්ම බුදුන් වහන්සේ විසින් භික්ෂුණි ශාසනයට ඇතුළත් කර ගන්නා ලද මහා ප්‍රජාපති ගෝතමියගේ සොහොයුරියයි. ‘මායා’ යන්නෙහි තේරුම මායාව යන්නයි. ඇය මහාමායා සහ මායාදේවි ලෙසින්ද හැඳින්වේ. ටිබෙට් භාෂාවෙන් ‘ග්යුත්රුල්මා’ (Gyutrulma) යනුවෙන් කියනු ලැබේ. පුරාණ නේපාල රාජ්‍යයේ දෙව්දහ හි ඇය උපන්නාය.

විවාහය සහ දරු උපත

මායා දේවිය කපිල වස්තු හි ශාක්‍ය වංශ පාලකයා වූ සුද්ධෝදන රජු හා විවාහ වූවාය. ඇය සුද්ධෝදන රජුගේ මාමාගේ දියණියයි. එහෙයින් රජුගේ නෑනාය. දෙව්දහ හි රජතුමා ඇයගේ පියා වූවේය.

බෝධි සත්වයන්ගේ උපත

මහාමායා දේවිය සිද්ධාර්ථ ගෞතමයන්ගේ උපත සඳහා ලුම්බිණි වෙත යාම - අටවැනි සියවස - බොරෝ බුදූර් - ඉන්දුනීසියාව.