සැකිල්ල:පූර්ණ සූර්ය ග්‍රහණය සාරාංශය

විකිපීඩියා වෙතින්

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන විට එමගින්, පෘථිවියට සූර්යයා දර්ශනය වීම පූර්ණ ලෙසින් හෝ අර්ධ ලෙසින් හෝ වැලැක්වීම නිසාවෙනි. පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, චන්ද්‍රයාගේ දෘශ්‍ය විෂ්කම්භය සූර්යයාට වඩා විශාල වූ විට, සියළු සෘජු සූර්යාලෝකය වලක්වමින්, දහවල් කාලය අඳුරු කිරීමෙනි. පෘථිවියෙහි පෘෂ්ඨය වටා පටු පෙතක පූර්ණත්වය ඇතිවන අතර, කිලෝමීටර දහස්ගණනක් පළල කලාපයක් තුල අර්ධ සූර්ය ග්‍රහණය දර්ශනය වෙයි.