සාවිත්‍රි ගුණසේකර

විකිපීඩියා වෙතින්

දර්ශන ආචාර්ය සාවිත්‍රි ගුණසේකර, ශ්‍රී ලාංකික නීති වේදිනියක් සහ ශාස්ත්‍රඥවරියකි. ඇය ළමා අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික විශේෂඥවරියකි. ඇය විසින් බොහෝ කෘති එලි දක්වා ඇති අතර, ශ්‍රී ලංකාවේ නූතන නීත්‍යානුකූල අධ්‍යාපනයෙහි වර්ධනය සම්බන්ධව ඇයට වැදගත් ස්ථානයක් හිමිවේ. ඇයගේ “පවුල් නීති” සහ “ළමා මෙහෙකාර සේවය” සම්බන්ධ ගැටලු ඇතුළත් කෘති අතර, “ශ්‍රී ලංකාවේ ළමා මෙහෙකාර සේවය : අතීතයෙන් ඉගෙන ගැනීම (ILO:1993) ; ළමයින්, නීතිය සහ සාධාරණය : දකුණු ආසියාතික දෘශ්ටිකෝණයක් (Sage: 1998) : සහ “දකුණු ආසියාවේ ප්‍රචණ්ඩත්වය, නීතිය සහ කාන්තා අයිතිවාසිකම් (Sage : 2004) ඇතුළත් වේ.

ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති වශයෙන් කටයුතු කරන අතර එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ලේකම්ගේ ළමා ප්‍රචණ්ඩත්ව අධ්‍යයනය පිළිබඳ කර්තෘ මණ්ඩලයෙහි සේවය කරයි

"https://si.wikipedia.org/w/index.php?title=සාවිත්‍රි_ගුණසේකර&oldid=472079" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි