සාලිය උපුල් අලදෙණිය

විකිපීඩියා වෙතින්
සාලිය උපුල් අලදෙනිය
පක්ෂපාතිත්වයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේවය කළ වසර1989-1990
පදවියකපිතාන්
රෙජිමේන්තුවශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
අණදීම්අණ දෙන නිලධාරි, කොකාවිල් යුද්ධ හමුදා කඳවුර
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ප්‍රදානපරම වීර විභූෂණය
වීර වික්‍රම විභූෂණය

කපිතාන් සාලිය උපුල් අලදෙණිය PWV, WWV, SLRS (මාර්තු 1 1963 - ජූනි 11, 1990) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ටතම සේවා පදක්කම වන "පරම වීර විභූෂන" පදක්කම ලබාගත් දෙවන නිලධාරීයායි. ඔහු 1990 දී කොටි ත්‍රස්ත්‍රවාදීන් විසින් , කොකාවිල් රූප්වාහිනී සම්ප්‍රෙශනාගාරයේ තිබූ කුඩා හමුදා අනුඛණ්ඩය ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ සිටි අනදෙන නිලධාරියායි. කදවුර අතහැර පසුබසින ලෙස මෙහෙයුම් මූලස්ථානයෙන් ලැබූ නියෝග ප්‍රතික්ශේප කරමින් අවසන් මොහොත දක්වා තම තුවාල ලැබූ සෙසු නිල වල සගයන් වෙනුවෙන් සටන් වැද අවසානයේ ජීවිතක්ෂයට පත්විය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලත් හෙතෙම 1989 දී ශ්‍රී ලංකා යුධ හමුදාවට සම්බන්ධ වූ අතර , මුලික පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් වරයකු ලෙස සේවයේ පිහිටුවන ලදී .

ලුතිනන් අලදෙණිය කොකාවිල් හි පිහිටි කුඩා හමුදා බන්දයක අණ දෙන නිලධාරියා වූ අතර , මෙම කාණ්ඩය කොකාවිල් හි පිහිට තිබුණු රුපවාහිනී සම්ප්‍රේෂණාගාරය ආරක්ෂා කිරීමේ නියුතුව සිටියහ. මෙම කදවුර කොටි ත්‍රස්තයන් විසින් වටකරන ලද අතර , කොටි කාඩරයන් පස් දෙනෙකුට , එක සෙබලෙකු විය . කදවුරේ අහාර , ජලය හා පතුරම් හිගයක් වූ අතර , ආධාරක භට සහයක් ද නොලැබුණි. අවසන් මොහොතේ කදවුරෙන් ඉවත් වීමේ නියෝග ලැබුනද , ඒ වනවිට ප්‍රමාද වී තිබු අතර , ලුතිනන් අලදෙණිය යටතේ තුවාල ලත් සෙබළුන් සමුහයක් ද වුහ. මොවුන් තනිකර පලා යාම ලුතිනන් අලදෙණිය ප්‍රතික්ෂේප කරන ලදී . පලායාමට වඩා තුවාල ලත් සගයන් වෙනුවෙන් මරණය තෙක් සටන් කිරීම අගය කර අලදෙණිය සිය අවසාන මොහොත තෙක් සටන් කරන ලදී. එහි වූ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් එහි සටන් කර හමුදා සෙබළුන් බහුතරයක් මිය ගිය අතර ලුතිනන් අලදෙනියද මරණයට පත් විය .

මරණයෙන් පසු ලුතිනන් අලදෙණිය කපිතාන් ධුරයට උසස් කරන ලදී. 1994 ජුනි 21 වන දින පරම වීර විභූෂණ සම්මානයෙන් ඔහු පිදුම් ලැබිය.

"https://si.wikipedia.org/w/index.php?title=සාලිය_උපුල්_අලදෙණිය&oldid=358705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි