සාම්ප‍්‍රදායික රූප සංයෝජනය-රීති හෝ මූලධර්ම

විකිපීඩියා වෙතින්


පහත මූලධර්මයන් අනුගමනය කිරීමෙන් සාම්ප‍්‍රදායික රූප සංයෝජනයක් ලබාගත හැක.

  • කෘතියේ අවධානයට ලක්වන කේණ්ද්‍රයක් පැවතිය යුතුය. එවිට එය හුදු රටාවක් බවට පත්වීම වැලකී යයි.
  • නරඹන්නාගේ ඇස ගමන්කරන දිශාව නරඹන්නාගේ බැල්ම රූපයෙන් ඇස් ඉවතට ගැනීමට පෙර රූපයේ සැම අංගයක් වෙතම මෙහෙයවිය යුතුය.
  • විෂය විස්තුව රූපයෙන් ඉවතට මුහුණලා නොතිබිය යුතුය.
  • චලනය වන වස්තූන් නිරූපනය කිරීමේදී ඒවාට ඉදිරියෙන්ම ඉඩ සැලසිය යුතුය.
  • පින්තූරය නිවැරදි සමච්ජේදනයන් නිරූපනය වන පරිදි නොදැක්විය යුතුය.
  • කුඩා ඉහල ආලෝක හා අඳුර අතර විභේදනයක් සහිත භාණ්ඩයන්ට විශාල අඳුරු භාණ්ඩයන් හා සමාන බලපෑමක් සිදුකළ හැක.
  • සමමිතික හෝ ආකෘතික රූප සංයෝජනයක් නිර්මාණය කිරීම අරමුණ නොවේනම් කේන්දී‍්‍රය වස්තුව මධ්‍යයේ නොතැබිය යුතුය.
  • ක්‍ෂිතිජ රේඛාව කලා කෘතිය සමාන කොටස් දෙකකට බෙදීම නොකල යුතුය. ඒ වෙනුවට එය අහස හෝ භූමිය අවධාරනය කිරීම සඳහා යොදාගත යුතුය.එනම් සිතුවම වළාකුලූ හිරු බැසයාම පිලිබඳව නම් අහස වැඩියෙන්ද භූ දර්ශනයක් නම් පොළව වැඩියෙන්ම ඇතුලත්විය යුතුය.

තුනෙන් එකේ රීතිය

මෙය සිත්තරුන් විසින් පොදුවේ අනුගමනය කරනු ලබන මාර්ගෝපදේශයකි. මෙහි අරමුණ සිතුවම තුල අවධානයට ලක්වන වස්තූන් හෝ කලාපයන් (ක්‍ෂිතිජය වැනි) විසින් රූපය සමච්ජේනයට ලක්වීම වැලැක්වීමයි. එහිදී එම වස්තූන් හෝ රේඛාවන් සිතුවම සමාන කොටස් තුනකට බෙදමින් අඳිනු ලබන සිරස් හා තිරස් රේඛාවන්ගෙන් එකක් අසල ස්ථානගත කිරීම මගින් එම වස්තූන් විසින් රූපය සමච්ජේනය කිරීම වලක්වාලයි.

මෙහි ක්‍ෂිතිජය පහල රේඛාව සමීපයෙන් පිහිටුවා ඇති හෙයින් වම් පස 2/3 තුල අඳුරු පැහැයන්ට ඉඩ ලැබී ඇති ආකාරයත් වම් පස 1/3 තුල අධික ආලෝකයකට නිරාවරණය වී ඇති ආකාරයත් බලන්න.

සරළ කිරීම

විසිරුනු රූපයන් චිත‍්‍රයේ මූලික වස්තුවෙන් අවධානය වෙනත් දේ වෙත යොමු කිරීම හේතුවෙන් විෂය වස්තුව හැඳුනාගැනීම අසීරු කරවයි. පරිබාහිර දේ අන්තර්ගත කිරීම අවම කිරීම මඟින් නරඹන්නාට මූලික වස්තූන් කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩකඩ සැලසේ. ආලෝකය යොදා ගැනීම මඟින්ද විසිරුනු ස්වභාවය සීමා කළහැක. එනම් දීප්තිමත් ප‍්‍රදේශයන් වෙත ඇස අවධානය යොමු කිරීම හේතුවෙනි. සිතුවමක නම් පින්තූරයේ දාරයන් ආසන්නවත්ම සිත්තරා එතරම් පැහැදිලිව නොදක්වන පින්සල් පහරවල් සිතුවම් කරනු ඇත.

නාභිගත කිරීම සීමා කිරීම

සරළ බව ලබාගැනීම සඳහා ඡයාරූප ගැනීමේදී ක්ෂේත‍්‍ර ගැඹුර සීමා කිරීම සඳහා පුලූල් කාච විවරයක් භාවිතා කරනු ලැබේ. නිවැරදි පසුතලයක් සඳහා මෙම ශිල්පක‍්‍රමය නිසි ලෙස යොදාගත් විට ඡයාරූපයේ විෂය වස්තුව නොවන අන් සියලූ දේ අපැහැදිලි ලෙස දර්ශනය වනු ඇත.


මල්වල රේණු වෙත නාභිගතකොට ඇති බැවින් පසුතලය බොඳවීගොස් ඇත.

නිසි උපකරණ පවතීනම් නාභිගතවන සමතලය වෙනස් කිරීම සඳහා ෂයිම්ෆ්ලූග් මූලධර්මයේ වාසිය ලබාගැනීම සඳහා මෙවැනිම ප‍්‍රවේශයක් අනුගමනය කළ හැක.