සාගරික දේශගුණය

විකිපීඩියා වෙතින්
සාගරික දේශගුණික කලාප පෙන්නුම් කරන ලද ලෝක සිතියමක්

සාගරික දේශගුණය යනු පෘථිවියේ මධ්‍ය දේශාංශික මහද්වීපවල හා නිරිතදිග ඔස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයේ දේශගුණයයි. සාගරික දේශගුණය සමපාත දේශාංශ වල උෂ්ණත්ව වලට වඩා පටු උෂ්ණත්ව පරාසයක් මඟින් වර්ගීකරණය කරයි. මෙම කලාපයේ මධ්‍යධරණීය දේශගුණය මෙන් ඉතා වියළි ගිම්හාන සෘතුවක් දක්නට නොලැබේ.

උෂ්ණත්වය අතින් මෙම තත්ත්වයට සමාන දේශගුණික තත්ත්ව වෙරළින් ඈත පිහිටි නිවර්තන උස් බිම්වල දැකිය හැක. සාමාන්‍යයෙන් මේවා Coppen දේශගුණික වර්ගීකරණයට අනුව CFb හෝ CWB ගණයට අයත් වේ. පටු උෂ්ණත්ව පරාසය සඳහා හේතුවන්නේ මෙම ප්‍රදේශ වෙරළින් ඈත්ව පිහිටීම නොවේ.

සාගරික දේශගුණයේ නියමිත ස්වභාවය වෙනුවට මෙම තෙත් නිවර්තන දේශගුණික තත්ත්ව වලට මෙක්සිකෝ සිටි මෙන් පැහැදිලි ශීත සෘතුවක් පවතී. නමුත් සාගරික දේශගුණික තත්ත්වය යටතේ ශීත සමය සාපේක්ෂව වඩා උණුසුම් වන අතර, ගිම්හානයට වඩා සිසිල් වේ. එමනිසා කෘෂිකාර්මික තත්ත්වය අතින් සලකන විට සාගරික දේශගුණය තෙත් නිවර්තන කඳුකරය දේශගුණයට සමාන වේ.


වර්ෂාපතනය

සාගරික දේශගුණය පවතින ප්‍රදේශවල වර්ෂාපතනය නිසිකලට ප්‍රමාණවත්ව ලැබේ. සැවානා හා ස්ටෙප් දේශගුණයන් පවතින නිවර්තන උස්බිම් වලදී පමණක් මෙම තත්ත්වය වෙනස් වන අතර ශීත සෘතුවේදී වියළි කාලගුණයක් ඇති මෙම ප්‍රදේශ සිසිල් වන්නේ මුහුදු මට්ටමේ සිට ඇති උස හේතුවෙනි. (Koppen Cwb) වයඹ පැසිෆික්, දකුණු මධ්‍ය චිලී සාගරික දේශගුණයක් ඇති ප්‍රදේශ ලෙස සැලකුවද, මේවායේ සමහර කොටස් වල ඇතිවන වියළි ගිම්හානය වඩා ගැලපෙන්නේ මධ්‍යධරණී දේශගුණයටයි (Koppen Cwb).


උෂ්ණත්වය

සමස්ථයක් වශයෙන් ගත් කළ උෂ්ණත්වය විවිධාකාරවේ. පහත් මුහුදු මට්ටම්වල උපනිවර්තන ලක්ෂණ පෙන්නුම් කරන නමුත් වඩා ව්‍යාප්තව පවතින්නේ මධ්‍යම උෂ්ණත්ව තත්වයකි. එය සිසිල් නමුත් අධික ශීතලක් නොමැති ශීත සෘතුවකින් හා අධික උණුසුමක් නැති ගිම්හාන සෘතුවකින් යුක්ත වේ. තෙත් උපනිවර්තන කලාප වලට වඩා මෙම කලාපයේ ගිම්හාන සෘතුව සිසිල් වේ. උණුසුම් මාස වල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 C පමණ වන අතර සිසිල් කාලයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -3 C පමණ වේ. (ඇමරිකානු විද්‍යාඥයෝ මෙම අගය සෙල්සියස් අංශක 0 C‍ලෙස අර්ථ දක්වති) ධ්‍රැවාසන්නයේ පවතින මෙවැනි ප්‍රදේශ උපධ්‍රැව සාගරික දේශගුණික කලාප (Koppen Cfc) ලෙස හඳුන්වන අතර මෙම ප්‍රදේශයේ සෞම්‍ය ශීත සෘතුවක් (අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -3 C ට වඩා වැඩි ) හා සිසිල් ගිම්හාන සෘතුවක් (සමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 C/50 0F ) පවතී. ගිම්හාන සෘතුව පවතින්නේ මාස 4 කට වඩා අඩු කාලයකි. උදාහරණ ලෙස මෙම දේශගුණික තත්ත්වය උතුරු හා දකුණු අර්ධගෝල දෙකේම පවතින බැවින් උප ආර්ටික් හෝ උත්තර වායු ලෙස හැඳින්වීම යෝග්‍ය නොවේ. මෙම නම යොදන්නේ කෙටි වසන්ත කාලයක් සහිත දේශගුණික ලක්ෂණ හැඳින්වීමටය. නමුත් එමඟින් උතුරු අර්ධගෝලයට පමණක් සීමා වු තත්ත්වයක් යන අදහස ඇති වීම මෙයට හේතුවයි.

බ්‍රිතාන්‍ය දුපත්වල සාගරික දේශගුණයට සමාන දේශගුණික තත්ත්වයක් ව්‍යාප්තව ඇති අතර එයට හේතුව අත්ලාන්තික් සාගරයෙන් නිරිත දිගින් හමන සුළං වේ. එක්සත් රාජධානියේ වාර්ෂික උෂ්ණත්ව පරාසය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 10 C පමණ වේ. ඇලස්කෝවේ බටහිර වෙරළ තීරයද, සාගරික දේශගුණික තත්ත්වයන් පෙන්නුම් කරයි. උණුසුම් පැසිෆික් දියවැල් ඉහළ මධ්‍ය දේශාංශවල නොමැතිවීම හේතුවෙන් ශීත සෘතුවේදී මෙම ප්‍රදේශ අධික ශීතලකින් යුක්ත වෙයි. මෙම ප්‍රදේශයට වර්ෂාපතනය වැඩිපුර ලැබෙන්නේ හිම ආකාරයෙනි. සියළුම මධ්‍ය දේශාංශ සාගරික දේශගුණ වර්ගයට අයත් වේ. අමරත වැහිටුවා දේශගුණික තත්ත්ව පවතින ප්‍රදේශ සාගරික දේශගුණයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන නමුත් ඒවා ස්ටේප් හෝ වර්ෂාපතනය අඩු කාත්තාර ලක්ෂණ පෙන්නුම් කරයි. මෙවැනි ප්‍රදේශ සඳහා උදාහරණ වන්නේ වොෂිංටන්හි පහළ තැනිතලා, කැප්කේඩි රේන්ජ් නැගෙනහිරින් පිහිටි ඔරිලන් සහ ආර්ජන්ටිනාවට දකුණින් පිහිටි පලැයෝනියාව උතුරු චිලී හි පිහිටි ඇටකාමා කාන්තාරයයි. බටහිර ඕස්ට්‍රේලියාවේ ගිනිකොණ වෙරළ තීරයද මෙයට තවත් උදාහරණයකි.

සටහන්[සංස්කරණය]

|Maritime_climate |-

"https://si.wikipedia.org/w/index.php?title=සාගරික_දේශගුණය&oldid=472068" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි