සාක්කු පරිගණක

විකිපීඩියා වෙතින්

සාක්කු පරිගණකයක් (කෙටියෙන් P/PC හෝ PPC හදුන්වන) යනු අතේ රැගෙන යා හැකි ප්‍රමාණයේ පරිගණක උපාංගයකි. මෙම උපාංගය ප්‍රධාන වශයෙන්ම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ජංගම මෙහෙයුම් සංස්කරණය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. එසේම එයට NetBSD හෝ ලිනක්ස් මෙහෙයුම් පද්ධති මඟින් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී. නවීන පෞද්ගලික පරිගණකයක් මඟින් කරගත හැකි බොහෝ කාර්යයන් සාක්කු පරිගනයක් භාවි‍තයෙන් ද ඉතා පහසුවෙන් කරගත හැක.

වර්තමානයේ දී මයික්‍රොසොෆ්ට් සාක්කු සදහා මෘදුකාංග දහස් ගණනක් ඇති අතර ඒවායින් බහුතරයක් නම් freeware හෙවත් නොමිලේ ලබාගත හැකි මෘදුකාංග වේ. මෙවැනි සමහර උපාංග ජංගම දුරකතනවල අඩංගු පහසුකම් වලින් පවා සමන්විත වේ. මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් සාක්කු පරිගණකවලට GPS Barcode, RFID කියවන හා කැමරා වැනි ඒවා සමග ද භාවිතා කිරීමේ හැකියාව පවතී.

2007 දී වින්ඩෝස් මොබයිල් 6 පැමිණීමත් සමග මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අත් පරිගණක සඳහා නව ප්‍රසාදාත්මක නාමයන් හඳුන්වාදෙන ලදී. ජංගම දුරකතන පහසුකම් නොමැති උපකරණ සාක්කු පරිගණක (pocket PC) වින්ඩෝස් මොබයිල් ක්ලැසික් (Windows Mobile Classic) නමින් හඳුන්වනු ලැබේ. ජංගම දුරකතන පහසුකම් හා ස්පර්ශ තිරයක් ඇති උපකරණ දැන් හඳුන්වනු ලබන්නේ Windows Mobile Professional නමිනි.

"https://si.wikipedia.org/w/index.php?title=සාක්කු_පරිගණක&oldid=623712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි