සාකච්ඡාව:සිසිර සේනාරත්න

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිසිර සේනාරත්නයන් ගැන මා දන්නා කරූණු ඩබ්ලිව්. ජේ. සී. පූනාන්දු (judechithral@yahoo.com) කිසියම් පුද්ගලයෙකූගේ කටහ‍ඞ මිහිරි බවත්, ගායන හැකියාවත්, ස්වර නිර්මාණ හැකියාවත්, රුප සම්පත්තියත්, පෞර්ෂ්යඞයත් කිසියම් ආකාරයකට තක්සේරු කොට එහි එකතුව ගණනය කළහොත්, වෙනත් ඕනෑම මනුෂ්යහයෙකුට වඩා වැඩි ලකුණු සංඛයාවක් සිසිර සේනාරත්න නම් පුද්ගලයාට හිමි විය යුතු යැයි මම විශ්වාස කරමි. ඔහු සතු මිහිරි කටහඞ, ගායන කුසලතාව, තනු නිර්මාණ හැකියාව හෝ රූප සම්පත්තිය (වෙන වෙනම ගත්තද) ඇති වෙනත් කිසිම පුරුෂයෙකු මා මෙතෙක් දැක නැත. අමතර වශයෙන් සිසිර සේනාරත්න තුළ කිසියම් මට්ටමක ගී පද රචන කුසලතාව ද තිබේ. මා දන්නා පරිදි හින්දි ගී තනු සඳහා ඔහු ගායනා කළ ගීත සියල්ලේම පද රචකයා ඔහු ය. 1950 දශකයේ දී කලා ලොවට පිවිසියද සිසිර ජනපිය වූයේ 1961 තිරගත වූ හර්බට් ඇම් සෙනවිරත්නයන්ගේ හඳපාන නම් චිතපටය තුළිනි. එහි වූ ගීත 6 හි ස්වර නිර්මාණය කළේ සිසිර ය. ඉන් 4 ක් ඉතාමත් ජනපිය වූ අතර එම ගීත හතර අදටත් රසිකයන් ඉතාමත් අගය කරනු පෙනේ. සිසිර සේනාරත්න ගැන පවසන විට හඳපාන ගැන නොකියා බැරි ය. හඳපානේ එන ආලෝකේ පතුරා නම් ගීතය හර්බට් ඇම් සෙනවිරත්නයන්ගේ පදමාලාවකැයි සඳහන් වුවද එය සිසිරගේම පදමාලාවක් බව මෑතක දී ඔහු රූපවාහිනි සාකච්ඡාවකට කළ පූකාශයකින් හෙලි විය. " මගේ දෝණි සුවසේ නිදි " යනුවෙන් ඔහු කුඩා කල ලියූ නැලවිලි ගීයක් තම සිනමාවට ගැලපෙන අයුරින් " මගේ මැණික සුවසේ නිදි " ලෙස හර්බට් ඇම් සෙනවිරත්නයන් වෙනස් කළා පමණක් බව සිසිර ගෙන් හෙළි විය. හඳපාන සිනමා පටයේ සිසිර නිර්මාණය කළ ගීත 1. ආලෝකේ පතුරා (ගායනය සිසිර /පද හර්බට් ඇම් සෙනවිරත්න) 2. පිදුරු සෙවි කළ පැල්පතේ (ගායනය සිසිර /පද හර්බට් ඇම් සෙනවිරත්න) 3. ඈත අහසේ නැ‍ කගේ (ගායනය සිසිර හා ඉන්ද්රානි) 4. ඔබ නැති මේ බිම (ගායනය ඉන්ද්රානි) 5. මේ කොයි යන්නේ (ගායනය මිල්ටන් පෙරේරා) 6. මල් මල් වනමල් (ගායනය ඉන්ද්රානි)

සිසිර සේනාරත්නයන් මගේ ජීවිතයට ඉතාමත් සමීපතම ගායකයා වීම මෙම පිටුව ආරම්භ කිරීමට මා පෙළඹ වූ ‍එකම හේතුවයි. හදපාන සිනමාව තිරගත වූ වර්ෂයේ දී උපත ලද මා සොයුරියන් විසින් නලවන ලද්දේ ආලෝකේ පතුරා සහ ඉන්ද්රානි විජේබණ්ඩාරගේ බා ලොලි ලොලි යන ගීත දෙක යොදා ගනිමිනි. එහෙයින් සිසිරගේ කටහඩ සහ ඔහුගේ ස්වර නිර්මාණයන්ගේ අනන්යයතාවය මගේ හදවතේ ගැස්ම හා සම්බන්ධව පවතී.