සාකච්ඡාව:දෙමළ ජනතාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ලිපි වල මුලාශ්‍ර නැත .විකිපීඩියානු පිළිගැනීම් වලට විරුද්ධය . මත පළකර ඇත.--222.165.138.61 16:33, 22 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

ලිපියේ දෙමළජන කොටසකට ජාතිය ලෙස යෙදීම වැරදිය.තවද ද්‍රවිඩ ජනතාව යනු දෙමළ ද නොවේ[සංස්කරණය]

මෙම ලිපියේ දෙමළජන කොටසකට ජාතිය ලෙස යෙදීම වැරදිය.(ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ හෝ වෙනත් රටක )තවද ද්‍රවිඩ ජනතාව යනු දෙමළ ද නොවේ ඒ කෙසේද යත් ශ්‍රීලංකාව තුල උදාහරණයකින් පහතින් පහදමි.

එක්සත් ජාතීන්ගේ බලපත්‍රයේ 2 වැනි ව්‍යවස්ථාවවේ 1 උප ව්‍යවස්ථාවට අනුව එක්සත් ජාතීන් සියලු ජාතීන් සමාන ලෙස පිළිගනී.සියලු ජාතීහු ස්වයිරීය . ඒ අතර ශ්‍රී ලංකාවත් වේ.ලංකාවේ ඇසින් හෝ ලෝක ඇසින් බැලු කල ගත යුත්තේ සමස්ත ශ්‍රී ලංකාවමය. එබැවින් ශ්‍රී ලංකාවවේ ජන කොටසක් වෙනකොට ඔවුන්ට ජාතිය ලෙස යෙදීම වැරදිය.දෙමල නමැති ජන කොටස ගැන කීමේදී දෙමල ජනයා හෝ දෙමල ජනතාව හෝ දෙමල කතාකරන්නන් හෝ වෙන යම් යෙදුමක් භාවිතා කරනු මිස දෙමල ජාතිය යැයි නොදිය යුතුය. එසේ වුවහොත් වන්නේ සමස්ත ශ්‍රී ලංකා ජනතාව සතු ස්වයිරී භාවය හා සමානාත්මතාවයක් සුළු ජන කොටස් වෙත ආරෝපණය කිරීමය.ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවේ 1 වැනි ව්‍යවස්ථාවවේ අනුව ශ්‍රී ලංකාව ස්ව්යිරී නිදහස් රජයකි ,3 වැනි ව්‍යවස්ථාවට අනුව පරමදිපත්ය ජනතාව සතුවේ.එබැවින් ලංකාවේ ජන කොටසකට ජාතිය යැයි ප්‍රකාශ කිරීම පරමාදිපති සමස්ත ජනතාවට ද්‍රෝහී වූ ප්‍රකාශයකි.

අනිත් කාරණය දෙමළ අයට ද්‍රවිඩයා ලෙස කීම කීම සිනහ උපදවන සුළුය. එයද කෙසේද යත්.... ඉන්දියාවේ ආර්යන් සහ අනාර්යන් අතර ගැටුමක් ඇත.අනාර්ය කොටසේ ප්‍රධාන කොටස ද්‍රවිඩ වේ.ද්‍රවිඩයෝද කාණ්ඩ ගණනාවකට බෙදී ඇත.ඔවුන්ගේ ප්‍රධාන කොටස වනුයේ තමිල්නාඩුවේ දෙමළ නැමැති ජන සමුහය ය.දෙමළ නොවන එහෙත් ද්‍රවිඩ වන කණ්ඩායම් ගණනාවක් ඉන්දියාවේ සිටිති. ආන්දරා,තෙලිගු,ගුජරාටි,මරාටි යනු දෙමල නොවන ද්‍රවිඩයින් සදහා නිදසුන්ය.මෙම කණ්ඩායම් වල අය තමන්ට දෙමළ(එනම් මදුරාසි කාරයින් ) යැයි කියනවාට කිසිසේත්ම කැමති නැත. මක්නිසාද යත් ඔවුන් ද්‍රවිඩයින් බැවිනි. එහෙත් ලංකාවට පැමිණි මුල් මදුරාසි ජනයා දෙමළ වශයෙන් තමන් හදුන්වාගෙන ඇත.( නොදන්න අය පැරණි පොත් පත් බලන්න ).ටැමිල් කොන්ග්‍රස් ,දෙමල එක්සත් විමුක්ති පෙරමුණ , දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිදානය ආදී වශයෙන් ඇති ව්‍යවහාර වලින්ද මෙය ඉතා පැහැදිලිය. දෙමළ සදහා ද්‍රවිඩ යෙදීම සම්පුර්ණයෙන්ම වැරදිය.--RsEkanayake 19:27, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:දෙමළ_ජනතාව&oldid=378737" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි