සාකච්ඡාව:කැරට් (වක්‍රෝත්තිහරණය)

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

[1]කැරට් කැරට් වගාව

ඩෝකස් කැරෝටා Daucus carota කුලය - අම්බලිෆරි

දේශගුණික අවශ්‍යතා මුහුදු මට්ටමේ සිට මීටර් 1300ට වඩා ඉහල එසේම උෂ්ණත්වය සෙ.ග්‍රේ. 15-18 පවතින ප්‍රදේශවල කැරට් බෝගය ඉතා හොදින් වගා කල හැකිය. එසේ වුවද මීටර් 1300 වඩා පහල හා මධ්‍යම ප්‍රදේශ වලද සාර්ථකව වගා කළ හැකි සමහර කැරට් වර්ග තිබේ.

පස කැරට් වගාව සදහා කාබනික ද්‍රව්‍ය බහුලව අඩංගු වැලි ලෝම පසක් වඩාත් යෝග්‍ය වේග සැමවිටම ගල් බෝරළු වලින් තොර පසක් වීම වඩාත් සුදුසුය. ලංකාවේ දක්නට ලැබෙන රතු කහ ‍පොඩිසොලික් පස් වල කැරට් හොදින් වගා කල හැකිය.

බිම සැකසීම කැරට් වගාව සදහා හොදින් බිම සකසා ගත යුතුය. සෙ.මී. 20-30 ගැඹුරට සී සෑමෙන් හෝ කෙටීමෙන් පසු සියුම්ව පස සකස් කර ගන්න. මීටර් 1 පමණ පළල පාත්ති සකසා ගැනීම මගින් වගා නඩත්තුව පහසු වේ.

නිර්දේශිත ප්‍රභේද ටොප් වේට් (මාස 4) කෝනාකාර හැඩයක් සහිත අලය, තැඹිලි පැහැයක් ගනී.

කේප් මාර්කට් (මාස 3-3 ½) සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අලය, ලා කහ පැහැයක් ගනී.

නිව් කුරෝඩා(මාස 3-3 ½) සිලින්ඩරාකාර හැඩයක් ඇති අල, තද තැඹිලි පැහැයක් ගනී.

දැනට ගොවීන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ නිව් කුරෝඩා වර්ගයයි. මෙම වර්ගය උඩරට මෙන්ම පහතරට ප්‍රදේශ වලද වගා කිරීමට හැකියාව තිබේ.

බීජ අවශ්‍යතාවය බීජ කි.ග්‍රෑ. 4ක් පමණ හෙක්ටයාර් එකක් වගා කිරීමට අවශ්‍ය වේ.

සිටුවීමේ කාලය කැරට් බීජ එකවරම පාත්ති වල වැපිරිය යුතුය. මෙම වගාව යල හා මහ කන්න දෙකෙහිම සිදු කල හැකිය. එසේ වුවද ජල සැපයුම සහ අනෙකුත් පහසුකම් අනුව මහ කන්නයේදී වැඩි වශයෙන් වගාවේ.

පරතරය කැරට් බීජ කෙෂ්ත්‍රයේ වැපිරීම ක්‍රම 2කට සිදුවේග § පාත්ති වල විසුරුවා හැරීම. § පේලි ක්‍රමයට ඉසීම (සෙ.මී.25 x සෙ.මී.5)‍

බීජ පැලවී සති 3-4 කින් පැල තුනී කිරීම අවශ්‍ය වන අතර, සති 8දී නියමිත පරතරයට සිටින සේ පැල තුනී කල යුතුය. පේලි ක්‍රමයට බීජ වැපිරීම මගින් පැල තුනී කිරීම හා වගාව නඩත්තු කිරීම පහසු වේ. පෙහොර යෙදීම හෙක්ටයාරයකට යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණය පහත දක්වා තිබේ.

යූරියා හෙ/කි.ග්‍රෑ ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙ/කි.ග්‍රෑ මියුරියෙට් ඔෆ් පොටෑෂ් හෙ/කි.ග්‍රෑ මූලික පොහොර - 275 - සති 3 දී 110 - 85 සති 6 දී 110 - 85 සති 9 දී 110 - 85

මීට අමතරව පාත්ති සකසා ගන්නා අවස්ථාවේදී කාබනික පොහොර (ගොම පොහොර හෝ කොම්පෝස්ට්) ටොන් 5-10 ක් පමණ හෙක්ටයාරයක් සදහා යොදන්න.

ජල සම්පාදනය කැරට් පැලවල මුල් පද්ධතිය අවට මැනවින් තෙතමනය පවත්වා ගැනීමට ප්‍රමාණවත් වන ජල සැපයුමක් කල යුතුය. නියමිත පුමාණයට වඩා ජලය අඩු වුවහොත් අස්වැන්න අඩු වේ.

වල් පැලෑටි පාලනය අතින් වල් නෙලීම හෝ වල් නාශක භාවිතය කිරීමෙන් හෝ වල් පැල පාලනය කල හැකිය. මතුපිට පොහොර යෙදීමට කලින් වල් නෙලීම කිරීම කල යුතුය.

වල් නාශක ලෙස මෙට්‍රිබියුසීන්(සෙන්කර්) හෙක්.කි.ග්‍රෑ. 035 බීජ පැලවීමට ප්‍රථමයෙන් පමණක් යෙදීම කළ හැකිය. මිශ්‍ර වගාවකදී වල්නාශක භාවිතා කිරීම නොකල යුතුය.

රෝග හා පළිබෝධ පාලනය කැරට් පත්‍ර අංගමාරය සහ බැක්ටීරියා මෘදු කුණුවීම සාමන්‍යයෙන් වැළදෙන රෝග වේ. තඹ මිශ්‍ර දිලීර නාශකයන් යෙදීමෙන් අංගමාරය වලකා ගත හැකිය. වැඩිපුර ජලය සැපයීමෙන් වැලකි සිටීමෙන් බැක්ටීරියා කුණුවීම වලක්වා ගත හැක. නොයෙක් දළඹු වර්ග, මයිටාවන්, කූඩිත්තන්, ‍වේයන් වැනි කෘමි හානි නිර්දේශිත කෘමිනාශක යෙදීමෙන් පාලනය කල හැකිය.

අස්වනු නෙලීම කැරට් අලවල ඉහල කොටස සෙ.මී. 25 -53 පමණ විශාල වූ පසු නෙල‍ා ගත හැකිය. කැරට් අලයට හානි නොවන ආකාරයෙන් ගලවා ගත යුතුය.

අස්වැන්න ඉතා හොදින් නඩත්තු කල වගාවකින් හෙක්.මෙ.ටො. 30-35 වඩා වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.

පසු අස්වනු කටයුතු කැරට් අල ගැලවීමෙන් පසුව හොදින් පිරිසිදු කල යුතුය. පිරිසිදු ජලයෙන් සෝදා වෙළදපල වෙත යැවිය යුතුය. බැක්ටීරියා විශේෂ අලවල රැදී සිටීමෙන් කුණුවීම සිදුවිය හැකි නිසා සැලකිලිමත් විය යුතුය. උපුටා ගැනීම : http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=12979%3A%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80&catid=59%3Avegie-cultivation&Itemid=113&lang=si

  1. http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=12979%3A%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80&catid=59%3Avegie-cultivation&Itemid=113&lang=si