සාකච්ඡාව:ක්ෂීරපථය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මිල්කිවේ යනු ක්ෂීරපථයයි. මුළු විශ්වයටම ක්ෂීරපථ ඇත්තේ එකකි. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ මිල්කිවේ කියාය. කිරිමුහුද කියාද සමහරු සිංහලෙන් කියති. කිරිමුහුද යන්නට වෙනත් අර්ථද ඇත. මෙම ලිපියෙහි මාතෘකාව ක්ෂීරපථය විය යුතුය. --- ශ්වෙත (talk) 15:15, 16 නොවැම්බර් 2013 (යූටීසී)[reply]

  • මිල්කිවේ චක්‍රාවාටය කියා නිවැරදි කලා. ක්ෂීරපථය කියා වෙනම ලිපියක් සකස් කලා.
  • siinhala wiki:මිල්කිවේ චක්‍රාවාටය english wiki:Milky Way
  • siinhala wiki:ක්ෂීරපථය english wiki: Galaxy දැන් නිවැරදියයි සිතමි. තාමත් නිවැරදි නැත්නම් කරුණාකර ඹබට හැකිනම් නිවැරදි ලෙස සකස් කරන ලෙස ඉල්ලා සිටිමි .ස්තුතියි. Buddhikadissanayake (talk) 15:59, 16 නොවැම්බර් 2013 (යූටීසී)[reply]
මුළු විශ්වය තැනී ඇත්තේ තාරකා සහ වෙනත් තාරකා විද්‍යාත්මක වස්තූන්ගෙනි. විශ්වය ඇරඹුනේ කෙලෙසදැයි කවුරුත් නොදනිති. එනමුදු විශ්වයේ පරිණාමය තුලදී තාරකා විශාල ප්‍රමාණයන් විවිධ ස්ථාන වල හා විවිධ කාල වකවානු වලදී සැදී/සැදෙමින් /ඉදිරියේදී සැදෙමින් පවතිති/පැවතෙනු ඇත. මෙම තාරකා සමූහයන් තුල තාරකා එකිනෙක සමීපයෙන් (තාරකා විද්‍යාත්මක පරිමාණයට අනුව) පවතින අතර එවැනි තාරකා සමූහ විශාල සංණ්‍යාවකින් විශ්වය සැදී ඇත. මෙම තාරකා මණ්ඩල වලට ඉංග්‍රීසියෙන් ගැලැක්සි යයි කියති. සිංහලෙන් තාරකා මණ්ඩල, චක්‍රාවාට, මන්දාකිණි ආදී නම් යොදති. අප සූර්යයා ඇත්කේ මෙවැනි එක් තාරකා මණ්ඩලයක් තුලය. අප සිටින්නේ මෙම තාරකා මණ්ඩලය තුල නිසා අප පෘථිවියෙහි සිට විශ්වය දෙස (අහස දෙස) බැලූ විට අනෙකුත් තාරකා සහ තාරකා මණ්ඩල වලට වඩා ප්‍රමුඛව මෙම අපගේ තාරකා මණ්ඩලය පෙනිය යුතුය. එය එලෙසම වන අතර මෙම තාරකා මණ්ඩලය අපට දිස්වන්නේ එකිනෙක ලඟ පිහිටි තාරකා විශාල සංඛ්‍යාවක් ලෙසින් වන අතර තාරකා වෙන් වෙන් වශයෙන් දිස් නොවෙයි. එය දිස්වන්නේ අහසේ එක් කොනක සිට අනෙක් කොනට පැතිරෙන කිරි පැහැති (තාරකා එක ලඟ වීම නිසා) පටියක් ලෙසිනි. එම නිසා එයට ඉංග්‍රීසියෙන් මිල්කි වේ කියාද සිංහලෙන් ක්ෂීරපථය කියාද කියති. ගැලැක්සි යනු ක්ෂීරපථය නොවන බව ඔබට දැන් පැහැදිලිද? -- ශ්වෙත (talk) 16:37, 16 නොවැම්බර් 2013 (යූටීසී)[reply]
  • ඹව්, ස්තුතියි. ප්‍රශ්නය වුයේ මම කලින් සිතුවේ චක්‍රාවාටය, මන්දාකිණිය, ක්ෂීරපථය යන්න එකක් කියාය. මිල්කිවේ චක්‍රාවාටය යනු අප සූර්යග්‍රහ මණ්ඩලය අඩංගු මන්දාකිණිය හෙවත් චක්‍රාවාටයයි. ක්ෂීරපථය යනු මුළු විශ්වයයි.Buddhikadissanayake (talk) 17:00, 16 නොවැම්බර් 2013 (යූටීසී)[reply]
ඔබ නැවතත් වැරදියි. චක්‍රාවාටය, මන්දාකිණිය. තාරකා මණ්ඩලය යනු ගැලැක්සිය යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නයි. විශ්වය යනු මෙවැනි තාරකා මණ්ඩල විශාල සංඛ්‍යාවකි. අප සූර්යයා සිටින තාරකා මණ්ඩලය හැඳින්වෙන්නේ ක්ෂීරපථය හෙවත් මිල්කි වේ කියාය. එය එසේ හැඳින්වෙන්නේ අහසේ කිරි පැහැති පටියක් ලෙසින් එය දිස්වන නිසාය. දැන් පැහැදිලි ඇති. --- ශ්වෙත (talk) 17:07, 16 නොවැම්බර් 2013 (යූටීසී)[reply]

හරි තේරුනා. ක්ෂීරපථය යන ලිපිය මන්දාකිණිය ලෙස වෙනස් කලා. දැන් නිවැරදිද බලන්න ස්තුතියි. Buddhikadissanayake (talk) 17:41, 16 නොවැම්බර් 2013 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ක්ෂීරපථය&oldid=304350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි