සාකච්ඡාව:අනුරාධපුර පෞරාණික නගරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

අනුරාධපුර යුගයේ සිංහල සාහිත්ය[සංස්කරණය]

ලංකා ඉතිහාසයේ සමාජය විශාල පරිවර්තනයකට ලක් වූ සිදුවීම විජයාවතරණයයි. විජයගේ ආගමනය පිළිබද කොතෙක් මත ගැටුම් තිබුනත් තත් සිදුවීම ඓතිහාසික පෙරළියකට මුල් වූ බව අප පිළිගතයුතුමය.

උක්ත පෙරළියෙන් පසු ඇරබි සංසකෘතිකාරම්භය වඩා ක්‍රමවත් වූයේ පණ්ඩුකාභය යුගය හා මහින්දාගමනයයි. ඒ පිළිබදව පසුව දක්වමි මේ ලිපියේ ඉලක්කය මුල් සාහිත්‍ය බිහිවීම පිළිබදවයි.

අරහත් මහින්ද හිමියන්ගේ ආගමනයෙන් සාහිත්‍ය බිහිවීම ඇරබිණි. සාහිත්‍ය බිහිකිරීමේ ගෞරවය භික්ෂූන් වහන්සේලාට හිමි විය යුතු බව කිව යුතු නැත.ඒ මෙරට දෙමව්පියන්ට දාව උපන්නන් වූ පැවිදිව විනය ඉගෙන දෙශනා කළ අරිට්ඨ හිමි ඇතුලු පිරිස එහි පෙරමුණ ගත්හ. මෙරට සංස්කෘතිය සේම සාහිත්‍ය ගොඩ නැගුනේ බුදු දහමේ අභාසයෙනි. ඒ අනුව හෙළාටුවා බිහිවීම දැක්විය හැක. බුද්ධඝෝෂ හිමියන්ට අනුව මහා පච්චරිය. කුරුන්දිවෙල්ලි, , මහාට්ඨ කථා නම් වෙත්, අටුවා නම් අර්ථකථනයන්ය. මෙම සිංහල අටුවා බිහිවූයේ ක්‍රිස්තු පූර්ව යුගයේදී වන අතර ලක්දිව එසේ ඇරබි මුල්ම පැරණිම හා විශාලම අටුවාව ලෙස සැළකෙන්නේ මාහාට්ඨකතාවයි. එමෙන්ම දෙවෙනි අටුවාව වන මහා පච්චරිය අටුවාව මහපහුරක සිට ලියවෙන්නට ඇති බවත් ඒ නිසාම මහා පච්චරිය නම් ලද බවත් වියත්හූ පවසති. වළගම්බා රාජ්‍ය කාලයේ ඇතිවූ බැමිණිතියා නම් නියගයේදී වෙනත් දේශයකට යාම සදහා දඹකොලපටුනට එක්ව එහිදී තැනූ මහා පහුරක සිට භික්ෂූන් වහන්සේලා අනාගත යහපත උදෙසා මෙය කරන ලදැයි සදහන් වේ. මේ සියල්ල අද අභාවිතයි. නමුත් ත්‍රිපිටකය පුස්තකාරූඪ කරන කාලය වන වළගම්බා රාජ්‍ය ( ක්‍රි.පූ 103 ) එනම් ක්‍රිස්තු උපතටත් ශතවර්ෂයකටත් පෙර ලාංකිකයෝ තම ඥාණය ඉතා දියුණු මට්ටමකට දියුණු කරගත් බව පැහැදිලිය. එසේම 4 වන 5 වන ශතවර්ෂ අතර කාලයේදී බුදුගොස් හිමියෝ හෙලටුවා උපයෝගී කරගනිමින් පාලි අටුවා සම්පාදනය කරන යුගය වනවිට මහා විහාරය සතුව මහා පුස්තකාලයක් තිබී ඇති අතර එය හෙල සාහිත්‍යයේ දියුණුව පිළිඹිබු කරයි. පාලි සකු ආභාසය අනුව ගොඩ නැගුණු පොත පතට වැඩි නැබුරුතාවය මෙම මුල් කාලයේදි දැකිය හැකිවන්නේ කුමාරදාස රජුගේ ජානකීහරණ මහා කාව්‍යයෙනි. එමගින් සංස්කෘත ආභාසය ප්‍රකට වන නමුත් සිංහල භාෂාවෙ ලිඛිත සාධක දැකිය හැකි වන්නේ ක්‍රි ව 7 වන සියවසෙන් පසුවයි. එහි විශිෂ්ඨතම නිර්මාන දැකිය හැකි වනුයේ සීගිරි පද්‍යය මත සටහන්ව ඇති සිංහල සාහිත්‍ය ලක්ෂණයි. වර්තමාන ශ්‍රී ලාංකිකයන් තම උරුමය වන සීගිරි ගී දැන සිටින්නේ හුදෙක් කටු සටහනක් ලෙස බැවින් මෙම ලිපිය ඔවුන්ට ඉතා වැදගත් බව නොකිවමනාය. කාව්‍ය නීතී හා සම්ප්‍රධායන් බිහිව නොතිබූ මෙම යුගයේ මෙම කැටපත් ගීවල ඇති අගය මෙතෙකැයි සීමා කළ නොහැක.

        කොමුඩ් අමඩ් ලෙඩ් ලින සී
       එ බොන්ද මියුර් යහබැ.  සී
       එ කපල් දළ වන් දිගැ.      සී
       මන ජල්වයි සිත් නොමු.   සී 
  ඇය ලූ කොමළ සිනාව කොමඩු ගෙඩියක බිජු පෙළ මෙනි. ඇයගේ ප්‍රිය තෙපල ඒ කොමඩු ගෙඩියෙහි මියුරු මදය බදුය. ඇයගේ දිගු නෙත් එම කොමඩු ගෙඩියෙහි පිට පොත්ත මෙනි. මා හද දල්වයි. සිත නොමුදයි.  චිත්ත රූප එළිවැට උපමාලංකාරය සරල වාක්‍ය තුළින් දක්වන ව්‍යංගය හා එක සමාන අකුරු හෝ වාක්‍ය මගින් ඇති කරන අනුප්‍රාස රසය යන මේවා මෙම පද්‍යයේ අන්තර්ගත වන අතර හුදෙක් හෙළු සියබස් ලකර හෝ එළුසදැස් ලකුණ වැනි කාව්‍ය අලංකාර  බිහිව නොතිබූ එම යුගයේ  සිංහල කාව්‍ය ඡන්දස් හා අලංකාර අතින් සිංහල් කවිය පොහොසත් වූ බව ප්‍රකට කරන්නේ   සම්ප්‍රදායන්ගේ මුල බීජ හෙළයන්ගේ නිර්මාණ තුළ ගැබ් කරවමින්ය.  හුදෙක් කටු සටහන් නොව ලාංකික ගිහි පැවිදි උගතුන් සීගිරිය නැරඹීමෙන් තම චිත්ත සංතානයෙහි ඇති වූ භාවමය හැගීම් හා අදහස් මෙතුල ගැබ් කොට තිබේ
         
                  පීනපයෝධරභාරා
                 ලලිතසාරසරචිතතනුමධ්‍යා
                 නීලේන්දීවරනයනා
                 කේයං මනෝරමා රාමා
    
 පුන් පියවුරු බර දරන රසනා දාමයෙන් හොබනා වූ ඉඟටිය ඇති නිලුපුල් වන් නුවනින් යුතු මේ සොදුරිය කවුද? 

අනුරාධපුර ධාතුසේන රජුගේ පුත් කාශ්‍යප රජුගේ බලකොටුව වූ සීගිරිය ඔහුගේ මරණින් පසු දෙශීය ජනයාගේ සංචරනයට බදුන් වූ අතර උගත්හූ එහි පැමිණ තම හැගීම් කැටපත් පවුරේ ලිවූහ.වැඩි ප්‍රමාණයක් එහි ඇති චිත්‍ර පිළිබදවයි. සීගිරියෙහි ඇති මෙම පද්‍ය පිළිබදව ද සීගිරි කවි කලාව පිළිබදවද අපට ආඩම්බර විය හැක, එනම් වර්තමාන නිසදැස් කලාවේ ආරම්භකයා යැයි සැලකෙන්නේ ඇමෙරිකානු කවියෙකු වන (walt whitman) වෝල්ට් වයිට්මන් නම් කවියාය. මෙරට නම් මා දන්නා පරිදි මහගමසේකරයන්ය. නමුදු සීගිරි පද්‍ය තුළ අතීත නිසදැස් එනම් ඡන්දසින් තොර කාව්‍ය නිර්මාණ දැකිය හැක.

1     නොවන්නෝද පුලුදු ගුණ බජ්නො වරග්නන්
     නොසිටිය වෙ දී හැද සමුන්ද කළ පුන් සන්දැ උදායෙ 

2. යෙමින් සිටැ ගමනක් සිහිගි රි කැටි බිතට නැහි

      ලියා ලියි ම ගීයත් මිලැසියකට. බිතට සොබ්නා


පුන් සද උදා වූ කල ජලය හැදගෙන සමුදුර නොසිටිනා සේ ගුණ භජනය කරන්නෝ සොදුරු ළදුන් නිසා නොබැදී පවත්නාහුද?

ගමනක් යමින් සිට සීගිරියට නැග මියුලැසියටත් සෝබන බිත්තියටත් ගීයක් ලීමි

මෙම කලාවේ ආරම්භය එදා අනුරාධපුර යුගය දක්වා දිව යන බවට මේ සාධක සිත් ඇදගන්න සුලුය.මෙමගින්  හෙළයෝ නිසදස් කලාව බිහි කිරීමේ පුරෝගාමීහූ වූ  බවද ප්‍රකට කරවයි.  

ඒ අනුව සීගිරි ගී වල ඇති වැදගත් කම හෙළ ඉතිහාසය තුළ අමරනීය වන්නා සේම මෙරට පැවති සාහිත්‍යයේ දියුණුවද පිළිබිඹු කරන කැටපත් පුවරු ගී අපගේ ඓතිහාසික සංස්කෘතියේ මුල් අවදිය වන විට ක්‍රමානුකූලව වර්ධනය වී ඇති ආකාරය පෙන්වා දිය හැක එමෙන්ම සියබස්ලකරෙහි පුරාණයෙහි පටන් සිංහල සදැස් ලකුණක් ගැන කියැවෙන බැවින් සීගිරි කවීන් එයින් ආභාසය ලබන්නට ඇතැයි සිතිය හැක.

සීගිරි ගී හැරුණු විට ඊලග පැරණි ගී හමුවන්නේ සියබස්ලකර යි( ක්‍රි ව 807-823). අනුරාධපුර යුගයේ සිංහල කාව්‍ය කලාවේ නියමයන් හදුන්වා දෙන උක්ත ග්‍රන්ථය. සංස්කෘත අලංකාර කෘතියක් වන කාව්‍යාදර්ශය ආදර්ශ කරමින් බව පෙනී යයි ඉන්දියාවේ පල්ලව රාජ්‍යයේ නරසිංහවර්මන් සමයේ (ක්‍රි ව 630 -666) දී වන අතර එකල ඒ මේ රාජ්‍යන් වල සබදතාවද ශක්තිමත් එකක් වූ බැවින් කාව්‍යාදර්ශය මෙරට භාවිත විය. මෙය අපේ සලමෙවන් නැමැති රජ කෙනෙකුන් විසින් කළ බව එහිම සදහන් වේ. මේ රජු පළමුවන සේන රජු යැයි සැලකේ ඒ බව සලමෙවන් (ශීලාමේඝ) රජු ට ඒ නම තිබූ බව මහාවංශයේද සදහන් වී ඇති බැවිණි. සිංහල කවි ආර සහ සකු අලංකාර පිළිබද මනා දැනුමකින් මිස සියබස්ලකර කරනු බැරිය. එවැනි උගත්කමක් පෙර කී රජුට තිබුණු බවට වෙනත් කිසිම සාධකයක් නොමැති අතර මොහු බමුණන්ට සංග්‍රහ කළ බව සදහන් වේ. ඔවුහූ සකු අචාර්‍ය්‍යන් බව නොරහසකි.


පෙදෙන් බුදු සිරිතැ

බසින් වත් සිරිත් ඈ පද යුතු බසින් නළු ඈ අනතුරු ලකුණු දක්වම්

සියබස්ලකරෙහි අරමුණ සිංහල භාෂාවේ කව්‍ය ලක්ෂන පැහැදිළි කිරීමයි. ඒ අනුව පද්‍යයෙන් බුදු සිරිතත් ව්‍රත චාරිත්‍ර ආදිය ත් ගද්‍යයෙන් නාටකාදිය  ගද්‍ය පද්‍ය මිශ්‍ර චම්පුවෙන් යුක්ත විය යුතු බවත් කතුවරයා දක්වයි. නමුත් චම්පූ කාව්‍ය නම් සිංහල සාහිත්‍යයේ දැකිය නොහැක සමහරවිට රචනා වූ යමක් විනාශ වන්නට ඇතැයි සිතේ.  කෙසේ නමුත් සකු අලංකාරය තම භාෂාවට ගැළපෙන පරිදි යොදා ගැනීමට කතුවරයා යත්න දරා ඇති බවත් තම ආගමික දර්ශනය එහිලා ප්‍රමුඛ විය යුතු බවත් කතුවරයා මෙමගින් අදහස් කර තිබේ. විටෙක කාව්‍යාදර්ශයේ පරිවර්තනයක ඡායාවද දැකිය හැකි නමුත් නව වන ශතවර්ෂයේ මුල් අවදිය වන විට සිංහල භාෂාව කවියෙන් තම අදහස් පැවසීමට තරම් දියුණූ වී පැවති බව ද පෙන්වා දිය හැක මෙම පොත පසු කාලීන කතුවරුන් වියතුන් තම නිර්මාණ කිරීමේදී උපයෝගී කර ගැනීමත් එහි රීතීන් උල්ලංඝනය නොකිරීමත් මෙහි සාර්ථකත්වය හා උපයෝගීතාව ප්‍රකට කරවයි.


බොදු දර්ශනයේ තෙවළා අතර කුදුගොත් සගිය තුළ ඇති වටිනා ග්‍රන්ථයක් වන ධම්මපදයට බුදුගොස් හිමියන් කළ පාලි අර්ථ කථාවක් වන ධම්මපදට්ඨ කථාවේ ගැබුරු වචන පැහැදිලි කිරීමට රචනා කළ සම්භාව්‍ය කෘතියක් වන දම්පියා අටුවා ගැටපදය ද අනුරාධපුර යුගයේ අවසාන යුගයේ බිහි වූ සාහිත්‍යමය මාණික්‍යක් ලෙස හැදින්විය හැක. සිංහල බසින් ධම්මපදට්ඨ කතාවේ ගැඹුරු නොපැහැදිලි වචන පැහැදිලි කිරීම අරමුණු කරගනිමින් අභාසලමෙවන් කසුබ් මහ රජ විසින් කරන ලද බැව් මෙහි අවසානයෙහි දැක්වේ( දෙබිසෙවැජා අභාසලමෙවන් කසුබ් මහරජ්හූ). ඔහු ( ක්‍රි ව 908_ 918) සිටි පස්වන කසුප් රජතුමා බව පෙනේ. ඔහුගේ සෙල්ලිපියක එනමින් හදුන්වා ඇත. මහා වංශයේ මොහු උගත් බුද්ධිමත් රජෙකු ලෙස හදුන්වා ඇති බැව් පෙනේ. මෙය දම්පියා අටුවා ගැටපදය ලෙස හදුන්වතත් මෙහි කිසි තැනක එලෙස සදහනක් ද නොමැති අතර ඇත්තේ දම්පියට කළ අටුවා සන්‍ය ලෙසය. මෙහි සුවිශේෂ ලක්ෂණ කිහිපයකි. අර්ථ දැක්වීමේදී සිංහල පාලි සකුව යන භාෂා ත්‍රිත්වයම වෙන් වෙන් වශයෙන් භාවිත කොට ඇති අතර විටෙක එක් වචනයකට එක් අර්ථයක් ද තවත් විටෙක අර්ථ කිහිපයක්ද දක්වා ඇත තවත් විටෙක වාක්‍ය වශයෙන්ද විස්තර කිරීමට පෙළඹී ඇති බව පෙනේ එමෙන්ම ව්‍යාකරණ. විභාගයද දැකිය හැකිය. ඒ අනුව අනුරාධපුර යුගය වන විට භාශා ත්‍රිත්වයේ දියුණුවද ආභාසයද මෙරට සාහිත්‍යට බලපෑ බව පෙනී යයි.

එමෙන්ම සිංහල සාහිත්‍යයේ පුරාතන යුගයේ ගද්‍ය පොත් අතරට සන්‍ය කෘති හැර වෙනත් පොත් දෙකක්ද දැකිය හැකිය. එනම් සිඛවළද හා සිඛවළද විනිස හා හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිසයි මේ ග්‍රන්ථ දෙකෙහිම කාලය එකක් ලෙස දැක්වේ ( ක්‍රි ව 957-970 ).  බොහෝ සෙයින් දම්පියා අටුවාවට භාෂාත්මකව සමානතා දැකිය හැක.දම්පියාවේම රචනා රීතිය හා සබදතාවක්ද මෙහි දැකිය හැක. සිඛ වලද උපසපන් භික්ෂූන්. සදහා කළ ශාසනික විනය සංග්‍රහයකි. ගිහි පැවිදි බොහෝ දෙනාට හෙළු බසින් ඒ පිළිබද අවබෝධයක් ලබාදීම අරමුණ වන්නට ඇත. මෙය සිව් වෙනි මිහිදු රජුගේ කාලයේ රචනා කරන ලදැයි ද ඔහු උගත් විනය ධර භික්ෂූන් ලවා. හැදෑරවූ බවත් මොහුගේ සහෝදරයා වූ සිව්වෙනි සේන රජු මේ රජු ලවා විනය හදාරවා අභිධර්මයට වර්ණනාවක් කරවූ බවත් මහා වංශයෙහි සදහන් වේ.   
                                                                         කෙසේ වෙතත් මේ පොතේ කතුවරයා පිළිබදව සාධක නොමැති අතර විනය පිළිබද කළ මෙහි ඇතුලත් සිව්පරිජි, සත් සග වෙසෙස්, තුදුස් නිසැහි, එක්සාළිස් පචිති, පකිණ්ණක, පොහෝ පවුරුණුවිදි හා ශික්ෂාපද සචිත්තක අචිත්තක විභාග යන බොහෝ විනය කාරණා දහම් අර්ථර්ගත වී ඇති බැවින් විනයධර භික්ෂුවක් වෙතැයි සිතිය හැකිය. මෙහි අවසානයෙහි එන සටහනක් අනුව මුල්සිඛ, සිඛවළද, හා සිඛ වළද විනිස යනු පොත් තුනක් බව කියවෙතත් මෙය එක් පොතක් වශයෙන් එයි.   මේ මූල ශික්ෂාව හරිහැටි පැහැදිලි නොවෙතත් සිඛවලද විනිසේත් පොළොන්නරු කතිකාවතේත් මේ පිළිබදව සටහන් වී තිබේ ඒ අනුව පාලි මුල්සිඛ වනපොත් කිරීමට යෝග්‍ය සේ පිළියෙල වී ඇත හුදෙක් කරුණු සමාන වන අතර වචන අඩු වැඩි බවක්ද දැකිය හැක.

මිනිස් අමිනිස් තිරිසනුන්ගෙ මහතියායෙහි සෙවියැටි සිතින් තමා මඟ මෙහෙයුව පරිජි වේ. මේ හැම මෙවුන් දම් පරිජි නම්, (සිඛ වළද 1 පාරාජිකාව)

සන්නිමිත්තං පවේසන්තො-භික්ඛුමග්ගත්තයෙවුතො පචෙසනට්ඨිතුද්ධාර-පවිට්ඨෙචෙපි සාදියං

                                               (   මූල සික්ඛා 2 )


මෙහි මිනිස් අමිනිස් යන්න මූල සික්ඛාවෙහි නැත , ගාථාවෙහි ආ පෙචේසන, ඨිති, උද්ධාර, පවිට්ඨ , යන වචන සිඛ වළදෙහි සෙවියැටි සිතින් යන්න වේ,   
 මෙවැනි සබඳතා බොහොමයක් මේ අතර දැකිය හැකි බැවින් මේ දෙකම එකම කතුවරයාගේ යැයි වියතුන්ගේ අදහසයි. කෙසේ වෙතත් මෙය කිරීමේදී බොහෝ ග්‍රන්ථ ආශ්‍රය කරන්නට ඇත.  කතුවරයාම මෙහි කරුනු අටුවා ආශ්‍රයෙන් ගළපා ගන්නා ලෙස පවසයි. විනය අටුවා වන සමන්තපාසාදිකාව, වැනි අට්ඨ කථා  විනයේදී උපයෝගී වෙයි , එසේම කුරුන්දි අටුවාව ගැනද මෙහි සදහන්‍ ය. 
උපසපන් නවක භික්ෂූන්ට ඉතා ප්‍රයෝජනවත් කරුණු ඇතුලත් මෙහි සිංහල සාහිත්‍යට අපමණ දායකත්වයක්ද ලැබී තිබේ දසවැනි ශතවර්ෂයේ භාෂා රීතීන් ව්‍යාකරණයද මෙමගින් අධ්‍යනය කළ හැකි වීම තවත් සුවිශේෂතාවයකි. සිඛවළද පිටපොත නම් වූ ගැට පදයක්ද මේ සඳහා ලියවී තිබේ. 


හෙරණ සිඛ හා හෙරණසිඛ විනිස ද පෙරකී ග්‍රන්ථ හා සමකාලීන කෘතියකි. සාමණේර භික්ෂූන් වහන්සේලා උදෙසා ලියවී ඇති මෙය ද අරමුණ හා ප්‍රයෝජනය අතින් සිඛවලද විනිසට බොහෝ සෙයින් සමාන අතර මෙහි දසසිල්, දස සිඛ, දසපරිජි, දසනාසනා හා දස දඩුවම්වත් අන්තර්ගතය. එමෙන්ම පැවිද්දට සුදුසු නොසුදුසු පුද්ගලයන් ද වත් හා නිස දීමට ප්‍රථම කළ යුතු දේ ද පෙන්වා දී පැවිදි කළයුතු ආකාරය ඊට පෙර කළ යුතු දෑ. ඇතුළත් කර ඇත. මේ පොතද පසුකාලීන භික්ෂූන් වන්සේලා මහත් අබිරුචියකින් පිළිගෙන තිබේ. පොලොන්නරු කතිකාවතෙහිද සිඛවළද මෙන්ම සාමණේර භික්ෂූන් සඳහා නිර්දේශ කොට තිබීමෙන් මෙහි ආවශ්‍යකභාවය මැනවින් ප්‍රකට වේ. මහාවග්ග පාලිය හා චුල්ලවග්ග පාලිය ආශ්‍රයෙන් රචිත මෙය හෙළ බසින් විනය ඉගෙනීමට මනා පිටුවහලක් වී ඇති බැව් වත්මන් සාමනණේර බණ දහම් පොත් සකස් කිරීමේදී කරුණු ගෙන තිබීමෙන් පෙනේ.

                                                                   ඒ අනුව තත් කාලීන පුද්ගල  භාෂාවේ වර්ධනය.  මෙරට වියත් පැරණි පුද්ගල තොරතුරු හා රට ජාතිය වර්ධනය පෙන්නුම් කෙරෙන මෙම යුගය සාහිත්‍යමය අතින් අප කෙතරම් සංවර්ධිත වී දැයි ප්‍රකට වන අතර පුරාතන යුගයේ බිහි වූ සමාජීය පසුබිම නිරාවරණය වේ. මෙහි ලා අප දැක්වූයේ වත්මනෙහි දක්නට ලැබෙන කෘති කිහිපයක් පමණි. විදේශ ආක්‍රමණ සමාජීය ගැටුම් හා පුද්ගල මත ගැටුම් අතර හා කාලය අතර දෝලනය වෙමින් විශේෂයෙන් කාලයේ වැලිතලාවෙන්ද ලෝවාමහාපාය නැමති මහා පොත් ගුල ගිනි ගැනීමෙන්ද අපට ලෝකයාට අහිමි වූ දැනුම් සම්භාරය වියැකී ගියාට සැක නැත.මෙතෙක් ප්‍රකටව සිය ගණනින් පවත්නා අනුරාධපුර කාලීන සෙල් ලිපි හා මෙවැනි පොත් පත් දෙස බලන විට පුරාතන යුගයේදී සිංහල සාහිත්‍ය කෙතරම් දීප්තිමත් වන්නට ඇද්ද? ඒ පිළිබද මන්දාලෝකයක ඡායාවක් මෙවැනි කරුණු තේරුම් ගැනීමෙන් අප හමුවේ පිළිබිඹු වේ. මේ වන විට ‍අපගේ මෙවැනි උරුමයන් වත්මන් පරපුර නොදන්නා නොසොයනා අවදියක අප ජීවත් වන බව මේ වන විට තහවුරු වෙමින් පවතින බවත් කිව යුතුමය.  


තෙරුවණ් සරණයි!!!!!!



මදුසංක සදරුවන්උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; නාමයක් නොමැති ආශ්‍රේය සඳහා පෙළක් තිබිය යුතුය

— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය මදුසංක සදරුවන් (සාකච්ඡාවදායකත්ව) විසින් 06:00, 11 මැයි 2016‎ හිදී එක් කර ඇත