Jump to content

ස්ඵටීකකරණය (ඉංජිනේරුමය දෘෂ්ටි කෝණයෙන්)

විකිපීඩියා වෙතින්

රසායනික ඉංජිනේරු විද්‍යාවේ දී ස්ඵටීකකරණය සිදු වන්නේ ස්ඵටීකකාරකයක් තුළ දීය. ස්පටීකරණය ඒකක ක්‍රියාවලියක් වන අතර එමඟින් දී ඇති ද්‍රාවකයක් තුළ රසායනික සංයෝගයක් දියවී අදාළ තත්ත්ව යටතේ දී අවක්ෂේප වී කලාප 2 අතර සාර්ථක වෙන් කිරීමක් සිදු කරයි.

එම නිසා ස්පටීකරණය අවක්ෂේපනයේ දර්ශනයක් වන අතර එය සිදු කර ගනු ලබන්නේ ද්‍රාවණයක ඇති ද්‍රාවකයක ද්‍රාවණ තත්ත්ව වෙනස් කිරීමෙනි.


ස්ඵටීකකරණයේ ඉතිහාසය

[සංස්කරණය]

ස්පටිකීකරණය පුරාතන ඒකක ක්‍රියාවලිවලින් එකකි. අපගේ ආදි මුතුන් මිත්තන් විසින් මුල්වරට සූර්ය විකිරණ නිසා වියළීමට ලක් වී ගල් මතුපිටවල තැන්පත් වූ සෝඩියම් ක්ලෝරඩ්(ලුණු) භාවිතා කළ බවට උපකල්පනය කළ හැකිය. මෙම ක්‍රියාවලිය අදටත් නූතන සූර්ය පොකුණුවල දී භාවිතා කරනු ලැබේ.

තීන්ත නිෂ්පාදනයේ දී ද ස්පටීකරණ ක්‍රියාවලි භාවිතා කරන ලදී. මෙම ද්‍රව්‍ය සමහරක් විට නිෂ්පාදනය කරනු ලැබූවේ අඩු හෝ වැඩි ස්වභාවික බ්‍රයින් ද්‍රාවක ස්පටීකරණය මඟිනි.

වඩා නූතන කාලයේ දී වේගයෙන් ව්‍යාප්ත වන රසායනික කර්මාන්තවලට ස්ඵටීකරණයේ ගතිකය පිළිබඳ දැඩි ඉගෙනීමක් අවශ්‍ය වේ. එමෙන්ම මෙම ඒකක ක්‍රියාවලිය වර්තමානයේ දී බොහොමයක් කර්මාන්ත නිෂ්පාදනවල දී භාවිතා කරයි. ද්‍රාවණවලින් ස්ඵටීකරණයෙන් නිපදවන ද්‍රව්‍යවලට උදාහරණ කීපයක් වන්නේ මේස ලුණු, සීනි, සෝඩියම් සල්ෆේට් හා යූරියාය.

ස්ඵටීකකරණ තාක්ෂණය නව ක්‍රියාවලි සමඟ ක්‍රමයෙන් වැඩි දියුණු වී ඇත. සරල ටැංකියක් තුළ දී සිසිලනය, වාෂ්පීකරණය හෝ Ph අගය වෙනස් කිරීම තුළින් ස්ඵටික ලබා ගනු ලැබේ. වර්තමානයේ දී අඛණ්ඩ යන්ත්‍ර නිෂ්පාදනයේ ගති ලක්ෂණවල සැලකිය යුතු ස්ථිර බවක් ඇති කරයි. නූතන ස්පටීකාරකවල මුල් ආකෘති අතර වූයේ කැලන්ඩ්‍රියා ආකාරයයි. වර්තමානයේ දී එය සුක්‍රෝස් හා ඔස්ලෝ නිපදවීමට සම්මත ස්පටීකාරකය බවට පත්ව ඇත. ඔස්ලෝ යන නම ලැබී ඇත්තේ නෝර්වේහි අගනුවර නිසා වන අතර මෙය නිපදවා ඇත්තේ සූර්ය පොකුණුවලට නොගැලපෙන දේශගුණවල දී ලුණු නිපදවීමට නිසා එම නිෂ්පාදන බහුල වශයෙන් නෝර්වේ හි දී භාවිතා වන නිසාය. ඔස්ලෝ වර්ගය ස්ඵටීකකරණ නිෂ්පාදනය පාලනය කිරීම සඳහා විශේෂයෙන් නිපදවන ලද පළමු ස්ඵටීකකාරකය වේ.