ස්නායු මනෝවේදය

විකිපීඩියා වෙතින්

ස්නායු මනෝවිද්‍යාව යනු මනෝවිද්‍යාවේ සහ ස්නායු විද්‍යාවේ සම්බන්ධ කරන අන්තර් ක්ෂේත්‍රයකි. එමගින් මානසික ක්‍රියාවන් සහ ඊට අදාළ හැසිරීම්, මොළයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය මගින් හඳුනාගැනීමට උත්සාහ දරයි. ස්නායු මනෝවිද්‍යාව මිනිසා සහ සත්වයින්ගේ රෝග අධ්‍යයනයට සහ උසස් ප්‍රයිමාටාවන්ගේ සෛල හෝ සෛල කාණ්ඩවල විද්‍යුත් ක්‍රියාකාරිත්වය සටහන් කිරීමේ ප්‍රයත්නය යන දෙකටම ව්‍යවහාර කළ හැකිය. මෙය විද්‍යාත්මක ප්‍රවේශනයක් වන අතර සිතේ තොරතුරු සැකසීම ඥානාත්මක මනෝවිද්‍යාව සහ ඥානාත්මක විද්‍යාව යන දෙඅංශයකටම බෙදා ගනී. මෙය මනෝවිද්‍යාත්මක ක්ෂේත්‍ර අතරින් වඩා සාරවත් ක්ෂේත්‍රයකි. එනම් ඇතැම් කාලයන්හි ස්නායුක මනෝ විද්‍යාව, දර්ශනවාදය (විශේෂයෙන්ම චිත්ත දර්ශනය) ස්නායු අධ්‍යයනය, මනෝවිද්‍යාව, පරිගණක විද්‍යාව (කෘත්‍රීම ස්නායුක පද්ධති බිහි කිරීම) වැනි ක්ෂේත්‍ර සමග අති පිහිත වේ. පුහුණුවේ දී ස්නායුක මනෝවිද්‍යාඥයින් අධ්‍යයන කටයුතුවල (පර්යේෂණ කටයුතු) , සායනික ස්ථානවල (ස්නායුක මනෝවිද්‍යාත්මක රෝග සඳහා ප්‍රතිකාර කරමින්) , අධිකරණයන්හි (විශේෂඥ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වීම/ විත්තිකරුවන්ගේ විශ්වසනීයත්වය ඇගයීම) කර්මාන්තශාලාවල (ස්නායුක් මනෝවිද්‍යාඥයින්ගේ දැනුම මධ්‍ය ස්නායුක පද්ධතියට බලපෑ හැකි ඹෟෂධ පිළිබඳව පර්යේෂණවලදී වැදගත් වේ) වැනි අවස්ථාවල කර්යයන් සඳහා යොදවා ගනී.

සටහන්[සංස්කරණය]

Neuropsychology
"https://si.wikipedia.org/w/index.php?title=ස්නායු_මනෝවේදය&oldid=624675" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි