ස්කාරා බ්‍රේ

විකිපීඩියා වෙතින්

ස්කාරා බ්‍රේ


ස්කොට්ලන්තයේ ඕක්නි මහා භූමි ප්‍රදේශයේ බටහිර වෙරළ තීරයේ ස්කේල් මුහුදු බොක්ක මත පිහිටා ඇති ස්කාරා බ්‍රේ, නව ශිලා යුගයට අයත් විශාල ශෛලමය ගොඩනැංවී‍ම් සහිත ගම්මානයකි. එහි නිවාස 10ක් පවතින අතර ක්‍රි.පූ. 3100-2500 කාලයේ දී ජනාවාස වී ඇත. යුරෝපයේ වඩාත්ම සම්පූර්ණ නව ශිලා ගම්මානය මෙය වන අතර යුනෙස්කෝ ලෝක උරුමවලට අයත් වීමට ආරක්ෂා සහිතව මෙය පැවතුණි.

ස්කාර් බ්‍රේහි සොයා ගැනීම හා එහි ලක්ෂණ ස්කාර් බ්‍රේ නම් වූ විශාල පස් ගොඩැලිවලින් තෘණ උදුරා දැමීමට තරම් විශාල කුණාටුවක් නිසා 1850 වන තෙක් ස්කාර් බ්‍රේ පැවතියේ පසට යට විය.

ස්කේල් හි ස්කොට්ලන්ත වාසියකු වන විලියම් වොට් විසින් ශෛලමය ගොඩනැඟිලි කීපයක් කටු සටහන් සොයා ගන්නා ලද අතර මූලික කැනීම් ද සිදු කරන ලදී. 1926 ඇති වූ තවත් කුණාටුවකට පසු 1928 ත් 1930 ත් අතර දී එය වීර් ගෝඩන් ඩයිල්ඩ් විසින් සම්පූර්ණයෙන් කැනීමට භාජනය කරන ලදී.

ස්කාරා බ්‍රේ පදිංචිකරුවන් පැහැදිලි ලෙසම ග්රූව්ච්වෙයා සාදන්නෝ සහ භාවිතා කරන්නෝ වූහ. නිවෙස් මැටියෙන් ඉදි කළ ඒවා විය. ඒවා පොළවට කිඳා බැස්සේය. ඒවා විශාල කුණු ගොඩවල් බවට පත් වූයේය. ඒවා සුළු වශයෙන් ස්ථිර නිවාස වූ අතර ඔක්නෙයි හි රළු ශීත දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයේ නිර්මාණයක් විය. නිවසක් වර්ග මීටර 40 ක වපසරියකින් යුක්ත වූ අතර එහි විශාල හතරැස් කාමරයක් ද උෂ්ණත්වය ලබා දීමට හා කෑම පිසීමට විශාල ලිපක් ද විය. දූපතේ එතරම් ගස් නොතිබූ නිසා එම නිවෙස්වල වහළ සෙවිලි කිරීම සිදු වූයේ ලී දඬු හා තල්මස් ඇටකටු තණ පිඩැලි සමඟ ඇල්ලීමෙනි. නිවෙස්වල ගලින් කරන ලද ගෘහ භාණ්ඩ විශාල සංඛ්‍යාවක් විය. ඊට කබඩ්, මේස, පුටු හා ඇසුරුම් පෙට්ටි අන්තර්ගත විය. කාණු පද්ධතියක් පවා ග්‍රාම නිර්මාණයේ සම්පාදනය කොට තිබිණි. සෑම නිවසකම ප්‍රාථමික මට්ටමේ වැසිකිලියක් තිබිණි.

සොයා ගත් නිවාස දහයෙන් හතකම ඇඳවල් හා මේස සහිත එක හා සමාන ගෘහ භාණ්ඩ විය. ඒවා වූයේ ද සමාන ස්ථානවලය. මේසය තිබුණේ නිවසට ඇතුළු වන විටම පෙනෙන ලෙස දොරට මුහුණ දා බිත්තියට හේත්තු කරය. අටවනනිවසේ මේස හෝ ඇසුරුම් පෙට්ටි නොතිබිණි. නමුත් එය එක හා සමාන කුඩා කුටිවලට බෙදා තිබුණි. මෙම නිවසේ කැනීම්වලදී ගල් කැබලි, අස්ථීන් සහ සත්ව අං හමු විය. මෙම ගොඩනැඟිල්‍ල ඇටකටු ඉදිකටු හෝ ගිනිගල් කෙටේරි වැනි සරල ආයුධ නිෂ්පාදනය කළ වැඩපළක් විය හැකිය.

යුරෝපයේ මිනිස් මැක්කා පියුලෙක්ස් ඉරිටන්ස් පිළිබඳ ප්‍රථම වාර්තාව මෙම බිමෙන් සොයා ගන්නා ලදී.

විකිරණ කාබන් පරීක්ෂාවෙන් පෙන්නුම් කරන්නේ ස්කාරා බ්‍රේ හි ජනාවාස ඇතිවීම ක්‍රි.පූ. 3100 සිට වසර 600ක් පුරා පමණ පැවති බවයි. ක්‍රි.පූ. 2500 දී පමණ කාළගුණ විපර්යාසය සිදු වීමෙන් පසු එනම් බොහෝ ශීතල තෙත් කාළගුණයක් පැවතීමට පටන් ගත් පසු පදිංචිකරුවන් විසින් මෙය අත්හැර දමන්නට ඇත. ස්කාරා බ්‍රේහි මිනිසුන් එහි පදිංචිය හදිසියේ අත්හැරීමට හේතු පිළිබඳ නොයෙකුත් සිද්ධාන්ත ඇතත් මෙය සිදු වූ ආකාරයට අදාල ශක්තිමත් සාක්ෂි තවම හමු වී නැත.

මෙම දෘශ්‍යමාන ගොඩනැඟිලි මෙහි ජීවී සම්භවයක් තිබූ බවට හැඟීමක් ඇති කරනවන නමුත් මෙම භූමිය නැවත සොයා ගැනීමට පෙර සමුද්‍ර ඛාදනය නිසා මීට අදාල සාක්ෂි බොහෝ ලෙස විනාශ වී ඇත. අනාවරණය වූ ශේෂයන් පුරාණ ස්මාරකවලට යාබදව තිබෙන්නට ඇත. කොටු කරන ලද ප්‍රදේශයේ දකුණට වන්නට වූ පර්වතයේ සෝදා යාමක් දක්නට ලැබී ඇත. විශාල ශෛලමය පවුර විසින් වූ ශේෂ සෝදා යාමෙන් ආරක්ෂා කෙරෙයි.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Skara_Brae

"https://si.wikipedia.org/w/index.php?title=ස්කාරා_බ්‍රේ&oldid=470279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි