ස්කන්ධ මාරුවීම

විකිපීඩියා වෙතින්

ස්කන්ධ මාරු වීම යනු භෞතික පද්ධති තුළ පරමාණු හා අණු අණුකව හා සංවහනයෙන් ගමන් කිරීමේ භෞතික ක්‍රියාවලිය සඳහා ඉංජිනේරු විද්‍යාවේ දී බහුලව භාවිතා වන වදනයි. ස්කන්ධ මාරුවීම්වලට තරල ගලා යාම හා වෙන් කිරීම් ඒකක ක්‍රියාවලි ඇතුලත් වේ. ස්කන්ධ මාරු වීම් ක්‍රියාවලිවලට බහුල උදාහරණ කිහිපයක් නම් ජලාශයකින් වායුගෝලයට ජලය වාෂ්ප වීම හා වැවක, ගංඟාවක හා මුහුදක ස්වාභාවික හෝ කෘත්‍රීම ලක්ෂ්‍ය ප්‍රභව මඟින් රසායනික අශුද්ධතා විසරණය වීමයි. භාගික ආසවන කුළුණු වැනි උපකරණවල සංරචක වෙන්වීම සඳහා හේතු වන්නේ ද මෙම ස්කන්ධ මාරුවීමයි. තාප ස්කන්ධ හුවමාරුවලට වන HVAC උදාහරණ වනුයේ සිසිලන අටළු හා වාෂ්පීකරණ සිසිලකයයි. ඒවායේ දී ජලය වාෂ්ප වීම ද්‍රවය ලෙස ඉතිරිව ඇති කොටස සිසිල් කරන අතර ඒ හරහා යන වාතය සිසිල් කිරීම හා තෙතමනය කිරීම සිදු කරයි.

ස්කන්ධ මාරුවීම් සඳහා එලවුම් බලය වන්නේ සාන්ද්‍රණයේ වෙනස් වීමයි. අණුවල අක්වක් චලිතය අධි සාන්ද්‍ර ප්‍රදේශයක සිට අඩු සාන්ද්‍ර ප්‍රදේශයක් දක්වා ස්කන්ධ ගෙන යාමට හේතු පාදක වේ. මාරු වූ ස්කන්ධ ප්‍රමාණය ස්කන්ධ මාරු සංරචකවල ගණනය කිරීම් හා යෙදීම තුළින් ප්‍රමාණනය කළ හැකිය. ස්කන්ධ මාරු වීම නිසා යම් සංරචකයක පදාර්ථ තුලනය වීමක් සිදු කරන රසායනික ඉංජිනේරුමය ගැටලුවලදී එය විශාල යෙදීම් ප්‍රමාණයක් අයත් කර ගනී.

තාරකා විද්‍යාවේ දී ස්කන්ධ මාරු වීම යනු පදාර්ථය යම් වස්තුවකට, සාමාන්‍යයෙන් තාරකාවකට, ගුරුත්වාකර්ෂණ බලයකින් බැඳීමෙන් ඇති වන ක්‍රියාවලියකි. තාරකාවක් එහි රොචේ පිණ්ඩය පුරවා ගෙන දෙවන වස්තුවකට, සාමාන්‍යයෙන් සංයුක්ත වස්තුවකට (සුදු කුරු ග්‍රහලෝක, නියුට්‍රෝන තාරකා හෝ කළු කුහර), ගුරුත්වාකර්ෂණ බලයකින් බැඳේ. ඉන්පසු ක්‍රමයෙන් එයට එකතු වේ. මෙය ද්වී තාරකා පද්ධතිවල බහුල සංසිද්ධියක් වන අතර සමහරක් වර්ගවල සුපර්නෝවා හා අඳුරු තාරකාවල වැදගත් භුමිකාවක් රඟ දක්වයි.

වෙන්වීමේ ක්‍රියාවලි සඳහා තාප ගතිකය වෙන්වීම් ප්‍රමාණය තීරණය කරන අතර ස්කන්ධ මාරු වීම වෙන්වීම සිදුවන ශීඝ්‍රතාව තීරණය කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ස්කන්ධ_මාරුවීම&oldid=472733" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි