සවිපව්පටිය

විකිපීඩියා වෙතින්

සවිපව්පටියක් (ග්‍රීක: κράτος ක්‍රේටොස් "ශක්තිය") යනු මහාද්වීපික ශිලාගෝලයෙහි පැරණි සහ ස්ථායි කොටසකි. මහාද්වීපයන් ලක්වන්නාවූ ඒකාබද්ධයන් හා පැළුම් වක්‍රයන්ට පාත්‍රවී එනමුදු නොනැසී පවතින්නාවූ සවිපව්පටි සාමාන්‍යයෙන් පවතින්නේ භූකාරක තැටියන්ගේ අභ්‍යන්තරයෙහිය. ඒවා ලාක්ෂණික වශයෙන් සමන්විත වී ඇත්තේ පුරාතන ස්ඵටිකරූපී මූල පාෂෘණ වලින් වන අතර, වඩාත් කණිෂඨ අවසාදිත පාෂාණ විසින් ආවරණය කොට තිබිය හැක. ඒවාට ඝන කබොල්ලක් ඇති අතර පෘථිවියෙහි ප්‍රවරණය දක්වා කිලෝමීටර සිය ගණනක් පමණ දිවෙන ශිලාගෝලමය මූලයන් ඒවා සතු වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සවිපව්පටිය&oldid=206813" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි