සවිඳු කෝලිය රාජකරුණා

විකිපීඩියා වෙතින්

1994 වර්ෂයේදී රත්නපුර ,බලන්ගොඩ ප්‍රදේශයේ උපත ලද සවිඳු කෝලිය රාජකරුණා  පවුලේ වැඩිමලා විය. ඔහුගේ සම්පූර්ණ නම රාජකරුණා මුදියන්සේලාගේ සවිඳු කෝලිය රාජකරුණා ය . පියා ආර්.එම්.නිමල් රාජකරුණා  සහ මව සුමනාවතී විය.ප්‍රථමික අධ්‍යාපනය බලන්ගොඩ කුමාර විද්‍යාලයෙන් ලැබූ අතර පසුව ර/ශ්‍රී බුද්ධ ජයන්ති මාධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත.[සංස්කරණය]

ඔහු 2013 වසරේ උසස් අධ්‍යාපනයෙන් පසුව පුර්ණ කාලීනව චිත්‍ර කලාවට යොමු වෙයි. සුන්දර දර්ශන ප්‍රසිද්ධ පුද්ගලයින් ත්‍රිමාණ චිත්‍ර ඇඳීමෙන් Facebook හරහා දෙස් විදෙස් රසිකයන්ගේ සිත් ඇද ගන්නට සමත් වූ ඔහු 2014 වසරේ සිට වෘර්තියමය චිත්‍ර ශිල්පියෙක් විදියට වැඩ අරඹයි.[සංස්කරණය]

2014 වසරේ අවසානයේ ජැක්සන් ඇන්තනිගේ සී රජ ටෙලිනාට්‍යයේ සහය කලා අධ්‍යක්ෂක වරයෙකු ලෙස  සිනේමාවට පිවිසෙයි.  ගැමුණු මහරජ , නිදහසේ පියා DS ,ශ්‍රී වික්‍රම වැනි ටෙලි සිනිමා නිර්මාණ වලට සහය කලා අධ්‍යක්ෂණයෙන්  දායක වී ඇත.[සංස්කරණය]

පැන්සලෙන් පින්සලෙන් පාට පැන්සලෙන් තමන්ගේම ආරයකින් සජීවී රූප මැවූ සවිඳු කෝලිය ගැන ලක්බිම, ජනයුගය, තරුණයා, දිනමිණ  යන පුවත් පත් වලින්ද රූපවහිනි මාධ්‍ය තුලින්ද පැසසුමට ලක් විය. . මේ වන විට ඔහුගේ සිතුවම් 1000 කට වඩා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රට වලට අලෙවි කර ඇත.[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සවිඳු_කෝලිය_රාජකරුණා&oldid=469889" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි