සර් ජෝන් එක්ස්ටර්

විකිපීඩියා වෙතින්
සර් ජෝන් එක්ස්ටර්
එක්ස්ටර් පිරමීඩයේ කාලීන අනුවර්තනයක්

ජෝන් එක්ස්ටර් (17 සැප්තැම්බර් 1910 – 28 පෙබරවාරි 2006) ඇමරිකානු ජාතික ආර්ථික විද්‍යඥයෙකි, ෆෙඩරල් සංචිත පද්ධතියයෙහි පාලක මණ්ඩලයෙහි සාමාජිකයෙක්,ශ්‍රී ලංකා මහ බැංකුව හී පළමු අධිපතියාණන්ද වේ. එමෙන්ම එක්ස්ටර් පිරමීඩයේ නිර්මාතෘවරයාණෝද වේ.

දිවිගමනේ තතු[සංස්කරණය]

වර්ෂ 1990 දී උපත ලද මෙතුමා වුසටර් විශ්වවිද්‍යලයෙන් තම ප්‍රථම උපාධිය ලබාගන්නා ලදී (1928–1932). වර්ෂ දී 1939 නීතිය හා සාමය පිළිබඳ ෆ්ලිචර් අධ්‍යයන ආයතනයට ඇතුලත් වුනු හෙතෙම, හර්වඩ් විශ්ව විද්‍යාලයට ඇතුල්ව ආර්ථික විද්‍යාව පිළිබඳව අධ්‍යයනයක නිරත වූ එතුමා ආර්ථික අවපාතය පිළිබඳ හා ඒ පිළිබඳවූ හේතුසාධක පිළිබඳව තම විශේෂ අවධානය යොමුකරන ලදී.

දෙවන ලෝක යුධ සමයෙන් පසු, මෙතුමා ෆෙඩරල් සංචිත පද්ධතියට ආර්ථිකඥයකු වශයෙන් එක්විය. වර්ෂ 1948 දී පළමුව පිලීපීනයේත් ඉන්පසු ශ්‍රි ලංකාවේත් මූල්‍ය කටයුතු පිළිබඳ ලේඛම් හට උපදේශකවරයෙකු ලෙසත් සේවය කරන ලදී.

වර්ෂ 1950 සිට 1953, සර් ජෝන් එක්ස්ටර් ලංකා මහ බැංකුව හී (දැන් ශ්‍රී ලංකා මහ බැංකුව) නියාමක අධිපතීන් ලෙස පත් කරන ලදී. . වර්ෂ 1953 දී, එතුමා අන්තර්ජාතික ප්‍රතිසංස්කරණ හා සංවර්ධන බැංකුවෙහි මැදපෙරදිග කාර්යාංශයෙහි අධිපතතීන් ලෙස තෝරා පත්කරගන්නා ලදී.වර්ෂ 1954 දී, නිව්යෝර්ක්හී ෆෙඩරල් සංචිත පද්ධතිය අන්තර්ජාතික බැංකු මහඟු ලෝහ සංකාර්යයන්හී උපසභාපති ලෙස පත්කරන ලදී .

ජෝන් එක්ස්ටර් වර්ෂ 1959 දී නිව්යෝර්ක්හී ෆෙඩරල් සංචිත පද්ධතියෙන් ඉවත්ව ප්‍රථම ජාතික පුරවර බැංකුව සමඟ එහි උපඅධිපතතීන් ලෙස එක්විය,එවකට මෙය ලොව දෙවන විශාලතම බැංකුව විය. ඉන් ඉක්බිතිව එතුමාව ජ්‍යෙෂ්ඨ උපඅධිපතතීන් ලෙස උසස් කරන ලදී. මෙහිදී අන්තර්ජාතික මූල්‍ය උපදේශකයකු ලෙස එතුමන්ගේ වගකීම වූයේ, බැංකුවෙහි අන්තර්ජාතික බැංකු මණ්ඩලය හා විදේශීය රටවල මධ්‍යම බැංකු හා රාජ්‍ය අංශය සමඟ සබඳකම් පවත්වාගෙන යෑමයි. වර්ෂ 1972 දී එතුමා විශ්‍රාම ලැබූ අතර අනතුරුව පෞද්ගලික උපදේශකයකු ලෙස කටයුතු ආරම්භ කරන ලදී.

ජෝන් එක්ස්ටර් විදේශීය සඳබතා පිළිබඳව සභාවෙහි මූල්‍ය පර්යේෂණ හා අධ්‍යයන කමිටුවෙහි සාමාජිකත්වය දරනු ලැබීය.

එක්ස්ටර් පිරමීඩය[සංස්කරණය]

සර් ජෝන් එක්ස්ටර් එක්ස්ටර් පිරමීඩයේ නිර්මාතෘවරයාණෝද වේ (මෙය එක්ස්ටර්ගේ' රත්රන් පිරමීඞය හා එක්ස්ටර්ගේ' අපවර්තිත පිරමීඞය යන නම් වලින්ද හඳුන්වනු ලැබේ.) මෙය සංවිධානයක වත්කම් හා අවදාම පිළිබඳ දෘෂ්ටි කල්පනය සඳහා යොදා ගනුලබයි. එක්ස්ටර්ගේ යෙදුම අනුව රත්තරන් ආයෝජකයක් ලෙස ඉතා විශ්වාසී වටිනාකමක් ලබාදෙන අතර එයට වඞා ඉහළ වටිනාකමින් යුතු වත්කම් වලින් ඉහල අවදානමක් උද්ගතකරයි.

විමර්ශන මූලාශ්‍රය[සංස්කරණය]

  • Les Jones. "John Exter's Inverted Pyramid of Assets".
  • Franklin Sanders. "A Moneychanger Interview: Mr. John Exter". The Money Changer.
  • W. A. Wijewardena. "John Exter: Central Banker for all times". Daily News (Sri Lanka).
  • "Deaths: Exter, John". The New York Times. 2006-02-28.
"https://si.wikipedia.org/w/index.php?title=සර්_ජෝන්_එක්ස්ටර්&oldid=125944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි