සයිබර් අවකාශයේ මානව විද්‍යාව
සයිබර් අවකාශයේ මානව විද්‍යාව වූකලි සත්‍යාන්ති‍්‍රක පාලන පද්ධතීන් මිනිසා සහ තාක්‍ෂණය අතර වන සංස්කෘතිකව දන්නා අන්තර් සම්බන්ධයක් වන සමාජසංස්කෘතික මානව විද්‍යාවේ කුඩා උප අනුශාකාවකි. මෙම අන්තර් සමබන්ධතාවයන්ට මිනිසා සහ අනෙකුත් ජීව විද්‍යාත්මක ඵෙන්ද්‍රයිකයින් සහ අනෙකුත් තාක්‍ෂණික භාණ්ඩ, මිනිස් සමාජය සහ සංස්කෘතිකව හැඩගැසුනු පරිසරයන් සංයෝජනය කිරීම සඳහා දරන්නාවූ උත්සාහයන් ඇතුලත් වෙයි.
ගෝලීයකරණය සහ තොරතුරු යුගය/ තොරතුරු සමාජය විශේෂයෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයන් වැනි රූපකයන් වටා නිර්මාණය වන්නාවූ සංවාදයන් සමඟ මානව විද්‍යාවද ඒ කෙරෙහි අවධානය යොමුකොට ඇත. සංකීර්ණ ‘මිනිස් වර්ගයා සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයින්’ ප‍්‍රධාන අංශ 3 ක් තුල සමාජසංස්කෘතික මානව විද්‍යාවේ වැදගත්කම හෙළිදරවුකොට ඇත.
1. සමාජ සංස්කෘතික මානව විද්‍යාඥයින්ගේ ඉගැන්වීම් සහ පර්යේෂණයන්හි උපකරණයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය. - පරිඝණකය යතුරු ලියනයක් ලෙස භාවිතා කිරීම, මාර්ගගත දත්ත ගබඩාවන් හා නාමාවලීන් භාවිතා කිරීම සහ/ හෝ නිර්මාණය කිරීම, හවුල්කරුවන් සමඟ සන්නිවේදනය සහ අන්තර්ජාලය හරහා තොරතුරු සෙයායාම, දැනුම්දීම් කළයුතු තැනැත්තන් වෙත මාර්ගගතව හිඳිමින් දැනුම්දීම් සිදුකිරීම, න්‍යාය පදනම් කරගත් නව ආකාරයේ මානව විද්‍යාත්මක දැනුම උත්පාදනය ආදී විවිධාකාර සම්බන්ධතාවන් රාශියක් මේ තුල නිර්මාණය වී ඇත. 2. ක්ෂේත‍්‍රය තුල තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය විශේෂිත සමාජයන් සහ/ හෝ කණ්ඩායම් වෙත තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය හඳුන්වාදීමේ ප‍්‍රතිඵල පිලිබඳ සමාජ සංස්කෘතික මානව විද්‍යාත්මක නිරීක්‍ෂණ විශ්ලේෂණය සහ අර්ථනිරූපනය මෙහි වැදගත් කොටසකි (මෙහිදීද විශේෂයෙන් කිව යුත්තේ මීට දැනුම් පද්ධතියේ සාම්ප‍්‍රදායික ක්ෂේත‍්‍රයන් පමණක් නොව සම්පූර්ණ ලෝකයම අයිති බවත්ය) ‘තාක්‍ෂණයේ සංස්කෘතික අනුයෝජනය’ සහ ‘කෘතීන්හි මානව වංශ ලේඛයන්’ වැනි සංකල්පයන් මෙම කාර්යයේදී අත්හැරිය නොහැක. 3. ‘සයිබර් අවකාශය’ - ක්ෂේත‍්‍රයක් ලෙස පරිගණක මාධ්‍යකොටගත් සන්නිවේදනය, අන්තර්ජාල යටිතල පහසුකම් සහ සමස්ථයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය හේතුකොටගෙන සයිබර් අවකාශය තුල නිර්මාණය වන්නාවූ සමාජසංස්කෘතික සංසිද්ධීන් සමාජසංස්කෘතික මානව විද්‍යාත්මක නිරීක්‍ෂණ විශ්ලේෂණ සහ අර්ථනිරූපනයනට භාජනය කිරීම මෙහිදී අදහස් කෙරේ මීට ජාතික හා පාරජාතික මාර්ගගත කණ්ඩායම් මෙන්ම 'Open Source' වැනි ව්‍යාපාරයන්ද ඒ අනුව පැනනගින සමාජීය ආර්ථික සහ අධිකරණ ප‍්‍රයුක්තීන් හා ගැටළුද අයත්වෙයි.
මෙම අංශයන් තුන කෙතෙක් දුරකට බලපෑම් සහගත වන්නේද හෝ වෙන්කළ නොහැකි වන්නේද යන්න තීරණය වන්නේ විශේෂිත පර්යේෂණ ව්‍යාපෘතීනහි යොදාගනු ලැබූ ක‍්‍රමවේදයන් සහ අවශ්‍ය වන්නාවූ අවබෝධය යන කාරණාවන් මතය.
ඉහතින් සඳහන්කළ තේරුම්ගැනීම් සඳහා සමාජසංස්කෘතික මානව විද්‍යාව සතු සුවිශේෂී විභවතාවය ක‍්‍රමක‍්‍රමයෙන් හෙළිවෙමින් පවතී. මෙම විභවතාවය ඊට ආසන්නයෙන් පවත්නා අනෙකුත් දැනුම් පද්ධතීන් විසින්ද හඳුනාගනු ලබමින් පවතී. මෙහි එක් ප‍්‍රතිඵලයක් වන්නේ සමාජසංස්කෘතික මානව විද්‍යාවේ ගණීය ක‍්‍රමවේදයක් වන ‘මානව වංශ ලේඛ’ සමාජවිද්‍යාව, මධ්‍ය අධ්‍යනයන් සහ වෙනත් ශාස්ත‍්‍රාලීය දැනුම් පද්ධතීන් විසින් යොදාගනු ලැබීමයි. පසුගිය දශකය තුල සමාජසංස්කෘතික මානව විද්‍යාවේ මැදිහත්වීම් තරමක් දුරකට දුර්වලව ඇති නමුත් එය විසින් ඇතිකළ ප‍්‍රවණතාවය ක‍්‍රමයෙන් ඉදිරියට යමින් පවතී.