සයිඩෝනියා මෙන්සා (Cydonia Mensae)

විකිපීඩියා වෙතින්

සයිඩෝනියා මෙන්සා යනු අඟහරු මත පවතින ඇල්බෙඩෝ ලක්ෂණයකි. (ප්‍රදේශයකි). එය ග්‍රහලෝකයේ උතුරු අර්ධ ගෝලයේ, ආන්තරික ප්‍රදේශයට දකුණින් අධික ලෙස ආවාට සහිත ප්‍රදේශයකට හා උතුරේත් තැනි බිමකට මැදිව පිහිටයි. සමහරක් භූ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ උතුරු තැනිතලාව පෙර සයුරකව පැවති බවත් සයිඩෝනියා එහි වෙරළ තීරය බවත්ය. (මෙය තවමත් ස්ථිරව සොයා ගෙන නොමැත). සයිඩෝනියාහි මේසා (Mesas) විශාල ප්‍රමාණයක් අඩංගුවන අතර ඉන් සමහරක් විද්‍යාත්මක හා ජනප්‍රියව අවධානය දිනා ගෙන ඇත.