සමූහ උත්තේජනය

විකිපීඩියා වෙතින්

සමූහ උත්තේජනය යනු චිත්‍රපට සඳහා වර්තමානයේ බොහෝ ලෙසින් ත්‍රිමාන පරිගණක චිත්‍රකයන්හී දක්නට ලැබෙන ස්ථිතීන් හෝ චරිත විශාල සංඛ්‍යාවක් චලනය කිරීමට උත්තේජනය සැපයීමේ ක්‍රියාවලියයි. මෙම සමූහ උත්තේජනය කරන අතරතුර, නිරික්ෂිත මානව චර්යාත්මක අන්තර්ක්‍රියා සැලකිල්ලට ගැනෙන්නේ සාමුහික චර්යාව ප්‍රතිවලිත කිරීම සඳහාය.

මෙම සමූහ උත්තේජන අවශ්‍යතාවය ඇතිවන්නේ, සාම්ප්‍රදායික ක්‍රමවේදයන් භාවිතා කිරීමෙන් ප්‍රායෝගික ලෙසින් සජීවීකරණය කල හැකි ගණනට වඩා ඇටසැකිලි/ඇටකටු වැනි පාත්‍ර වර්ගයා වැඩි සංඛ්‍යාවක අවශ්‍යතාවයක් කිසියම් දර්ශනයක් අපේක්ෂා කරන විටදීය. සමූහ උත්තේජන ක්‍රමවේදය මගින් පිරිවැය සඵලතාව හැකියාව සලසන අතර එලෙසින්ම උත්තේජිත එක් එක් පාත්‍රවර්ගයා හෝ කාරකය හෝ වෙන වෙනම පාලනය කිරීමේ හැකියාවද ලබා දෙයි.

සජීවිකාරකයෝ දර්ශීය වශයෙන් සිදුකරනුයේ සම්පූර්ණ පාත්‍රවර්ගයා සඳහා හෝ ප්‍රත්‍යෙක කායික කොටස් සඳහා හෝ චලන පුස්තකාලයක් නිර්මාණය කිරීමයි. සැකසුම සරලීකෘත කරනු වස්, මෙම සජීවිකරණයන් සමහරවිට රූපකාරකයන් ලෙසින් පැලහීම කරනු ලැබේ. විකල්ප වශයෙන්, මෙම චලනයන් පටිපාටිමය ලෙසින් ජනිත කල හැක - එනම් මෘදුකාංග තුලින් ස්වයංක්‍රීයව රංග රචනයකල හැක.

සමූහයේ සත්‍ය චලනය සහ අන්තර්ක්‍රියා දර්ශීය වශයෙන් සිදු කෙරෙන්නේ පහත ආකාර දෙකකින් එක් අයුරකිනි:

අංශු චලනය[සංස්කරණය]

පාත්‍රවර්ගයා ලක්ෂ්‍යාකාර අංශූන්ට අමුණා තැබෙන අතර, ඉන්පසු සුළඟ, ගුරුත්වය, ආකර්ෂණ, සහ ගැටුම් සමායිත කිරීමෙන් ඒවා සජීවීකරණය කෙරෙයි. අංශු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සාමාන්‍යයෙන් අධික වැයක් සිදු නොවන අතර, බොහෝ ත්‍රිමාන මෘදුකාංග පැකේජ තුල එය සිදු කල හැක. කෙසේ වුවත් මෙම ක්‍රමයේ ප්‍රායෝගික ‍දෝෂයක් වන්නේ අවශ්‍ය ලෙස චරිත යොමු කිරීමට ඇති අපහසුවත් චලන පැතලි තලයකට සිමාවීමත් ය. කෙසේවෙතත්, මෙම ක්‍රමවේදය එතරම් යතාර්ථනිරූපිත නොවන්නේ අවශ්‍ය වූ විටෙක එක් එක් ස්ථිතීන් මෙහෙයවීම අපහසු වන අතර චලිතය සාමාන්‍යයෙන් පැතැලි පෘෂ්ඨයකට සීමා වන නිසාවෙනුත්ය.


සමූහ කෘත්‍රිම බුද්ධිය (ඒ. අයි.)[සංස්කරණය]

වස්තුවක් එසේත් නැත්නම් කාරකයට (Artificial intelligence) ලබා දේ. මෙම ක්‍රමය කාරකයක් හට පෙනීමෙන් දැක්ම, මූලික හැගිම්, ශක්ති මට්ටම වැනි දෑ මූලික කර ගනිමින් මෙහෙයවීමක් සිදු කරයි.‍මෙම කාර්යයන් හට පසුව අරමුණු ලබා දීමේදී ලෝකයේ විශාල පිරිසකගේ එකතුවක් මෙන් අනෝන්‍යව ක්‍රියාකිරීමට අවස්ථාව ලබා දේ. බොහෝ විට එම චරිත වටපිටාවේ අවයවයන්ට අනුව ක්‍රියා කරයි. එනම් කදු නැගීම ඉනිමං වලින් බැසීම වැනි ක්‍රියාකාරකම් සඳහා සැකසුම් කරයි. මෙම ක්‍රමය (partice Mation) ක්‍රමයට වඩා තාත්වික නමුත් වඩා මිල අධික වේ


(AI) ක්‍රමයේ වඩාත් ප්‍රසිද්ධ උදාහරණයක් වන්නේ (New Line cinema's) ද ලෝඩ් ඔෆ් ද රින්ග් (The lord of the ring) චිත්‍රපටයේ සටන් වදින හමුදාවන්ය. මෙහි දී පිරිස් අනුකරණය කර ඇත්තේ (Wera Digital's) (Massive software) මදුකාංගය යොදා ගනිමිනි.

"https://si.wikipedia.org/w/index.php?title=සමූහ_උත්තේජනය&oldid=251147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි