සමාජ සේවා

විකිපීඩියා වෙතින්

‍‍


සමාජ සේවය යනු සමාජ සෛද්ධාන්තයන් පර්යේෂණ ක්‍රමයන් මඟින් පුද්ගලයින් කණ්ඩායම් සහ සමාජයන් අධ්‍යයනය කිරීම සහ ඔවුනගේ තත්ත්වය වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමයි. එමඟින් අනෙකුත් සමාජ විද්‍යාවන්ද මිනිස් තත්ත්වය දියුණු කිරීමට සහ සමාජයේ දිගු කාලීන ප්‍රශ්න සඳහා ප්‍රතිචාරයන් වෙනස් කිරීමට අනුබද්ධ කර ගනී. සමාජ සේවය යනු සමාජ යුක්තිය රඳවා ගැනීම , ජීවිතයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සහ වැඩදායී පුද්ගලයින් , කණ්ඩායම් සහ සමාජයන් වර්ධනය සඳහා බැඳුණු වෘත්තියකි. එමඟින් සමාජයේ විවිධ ස්ථරවල සමාජ ප්‍රශ්න නිරාකරණය කිරීමට කටයුතු කරයි. විශේෂයෙන්ම දුගීන් සහ රෝගීන්ගේ සමාජ ගැටළු සඳහා වැඩි අවදානයක් යොමු කෙරේ. සමාජ සේවකයෝ සමාජ ප්‍රශ්න, ඒවාට හේතු , ඒවාට විසඳුම් සහ මිනිසාට එමඟින් ඇති බලපෑම ගැන සිත යොමු කරති. එසේම ඔවුහු පුද්ගලයින් , පවුල් කණ්ඩායම් , සංවිධාන සහ මිනිස් කොට්ඨාශ සමඟ එක්ව වැඩ කරති.

සමාජ සේවය 19 වැනි සියවසේ ඇරඹුණු පරිශීලණාත්මක වෘත්තියක් ලෙස අර්ථ දක්වා ඇත. මෙය කාර්මික විප්ලවය නිසා සමාජයේ ඇති සමාජ ප්‍රශ්නයන්ට ප්‍රතිචාර ලෙස ද, තව ද විද්‍යාත්මක සිද්ධාන්ත අධ්‍යයන කටයුතු සඳහා වැඩිපුර යොදා ගැනීම නිසා ද සමාජ සේවය පැන නැඟිණි. පසුව අධ්‍යයන ආයතන වැඩි ගණනක් සමාජ සේවා වැඩමුළු හඳුන්වා දීමට පටන් ගැනිණි.

20 වන සියවසේ අතරතුර වෘත්තීය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා අලුත් පර්යේෂණ සහ සාක්ෂි මත පදනම් පුහුණුව වැඩිපුර භාවිතා කෙරිණි. වර්තමානයේ සමාජ සේවකයෝ නිමක් නොමැති සාමජ අවස්ථාවල හා පරිශීලනයේ යෙදෙති. වෘත්තීමය සමාජ සේවකයෝ ලෙස සැලකෙන්නේ සමාන්‍යයෙන් සමාජ සේවා පිළිබඳ උපාධියක් දරන එමෙන්ම බොහෝ විට ඒ සඳහා බලපත්‍රයක් හෝ වෘත්තීමය ලෙස ලියාපදංචි වී ඇති පුද්ගලයින්ය. සමාජ සේවකයෝ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වී සිටිති.





සටහන්[සංස්කරණය]

මූලාශ‍්‍ර[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Social_worker

Social_worker
"https://si.wikipedia.org/w/index.php?title=සමාජ_සේවා&oldid=472219" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි