සමාජ ම‍නෝවිද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මිනිසාගේ සිතුවිලි , හැඟීම් සහ හැසිරීම්වලට අන්‍යන්ගේ පැවතීම, සිතෙහි මවා ගැනීම හෝ හැඟීයාම බලපාන ආකාරය ගැන අධ්‍යයනය කිරීම සමාජ මනෝවිද්‍යාව වෙයි. මෙම අර්ථ දැක්වීමට අනුව පර්යේෂණ සඳහා අනුභවික ක්‍රමයක් යොදාගෙන ඇත. සිතුවිලි, හැඟීම් සහ චර්යාවන් යන කොටස් තුළින් මිනිසා මැනිය හැකි සියලුම මනෝවිද්‍යාත්මක විචල්‍යයන් අඩංගු වෙයි. ඉහත සඳහන් අන් අය මවා ගත හැකිය හෝ හැඟී යා හැකිය යන අර්ථයට අනුව අප අන් පුද්ගලයින් සිටිය ද නොසිටිය ද සමාජයීය බලපෑම්වලට ලක්විය හැකි බව කිව හැකිය. එනම් උදාහරණයක් ලෙස රූපවාහිනිය නැරඹීම, අභ්‍යන්තරයේ පවතින සංස්කෘතික ප්‍රතිමාණයන් මත ද, සමාජයීය බලපෑම් මතද ඇති විය හැකි බවය.

මානසික තත්ත්වය හා සමාජයීය අවස්ථා අතර සම්බන්ධතාවය නිසා මිනිස් චර්යාවන් ඇති වන ආකාරය පිළිබඳව සමාජයීය මනෝවිද්‍යාඥයෝ පහදා දෙති.වර්ෂ 1951 කර්ට් ලුවින්ස්ගේ විවරණයට අනුව චර්යාව යනු මිනිසා සහ පරිසරය අතර ක්‍රියාකාරිත්වය ලෙස හැඳින්විය හැකිය. සමාජ විද්‍යාඥයෝ පර්යේෂණාගාර ප්‍රමුඛ වූ සොයා ගැනීම් සඳහා වැඩි කැමැත්තක් දක්වති. එසේම ඔවුන්ගේ සිද්ධාන්ත වඩා විශේෂිත සහ ඉලක්ක සහගත ඒවාය.

සමාජ මනෝවිද්‍යාව , සමාජ විද්‍යාව හා මනෝවිද්‍යාව අතර හිඩැස යා කරන අන්තර් විෂයකි. දෙවන ලෝක යුද්ධයට පසු මනෝවිද්‍යාඥයින් සහ සමාජ විද්‍යාඥයින් අතර නිරන්තරයෙන් එක්වීමක් සිදු විණි. එහෙත් පසුව මෙම විෂය ක්ෂේත්‍ර එකිනෙකින් වෙන් වී තනි තනි විෂයයන් ලෙස වර්ධනය විය. සමාජ විද්‍යාඥයෝ මහා විචල්‍යයන් (සමාජ ස්ථරය) දෙස වැඩිවශයෙන් අවධානය යොමු කළහ. එනමුත් සමාජ මනෝවිද්‍යාවට, සමාජ විද්‍යාත්මකව ප්‍රවේශන වීම මනෝවිද්‍යාවේ වැදගත් ප්‍රතිරූපයකි.

එලෙස මනෝවිද්‍යාව සහ සමාජ විද්‍යාව වෙන් වීමට අමතරව ඇමරිකානු සහ යුරෝපීය ජාතික සමාජ මනෝවිද්‍යාඥයින් ආකාර දෙකකින් මේ සඳහා අවධානය යොමු කොට ඇත. එනම් පොදුවේ ගත් කළ ඇමරිකානුවන් වඩාත්ම පුද්ගලයින් ඉලක්ක කර ඇති අතර යුරෝපියානුවන් වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ කණ්ඩායම් කෙරෙහිය.

ඉතිහාසය[සංස්කරණය]

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජීය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය 20 වැනි සියවසේ මුල් භාගයේදී ඇරඹිණි. Norman Trip Let හෝ සමාජ සුසාධ්‍යකරණයේ ප්‍රපංචය මෙම ක්ෂේත්‍රයේ ප්‍රථම ප්‍රකාශිත පර්යේෂණය ලෙස හැඳින්විය හැකිය.වර්ෂ 1930 දී ජර්මනියේ ගෙස්ටල්ට් මනෝවිද්‍යාඥයෝ බොහෝ දෙනෙක් ඇමරිකාවට සංක්‍රමණය වූහ. (විශේෂයෙන්ම Kert Lewin ) ඔවුන් චර්යාත්මක සහ මනෝ විශ්ලේෂණාත්මක පථයන්ගෙන් පරිබාහිර වූ මෙවැනි ක්ෂේත්‍රයක් බිහිකිරීම සඳහා පුරෝගාමී වූහ. සමාජ මනෝ විද්‍යාව නිරතුරුවම අවබෝධය සහ සිහිබුද්ධිය ඇති ඇලීම පිළිබඳව පෙන්වා දෙයි. විවිධාකාර කුඩා කණ්ඩායම්වල ප්‍රපංචයන් සහ ආකල්පයන් මෙම විෂය ක්ෂේත්‍රය තුළදී බොහෝදුරට අධ්‍යයනයට ලක් කළ මාතෘකා වෙයි.

දෙවන ලෝක යුද්ධය අතරතුරදී සමාජ මනෝවිද්‍යාඥයෝ ඇමරිකානු සෙබළුන්ගේ අවනත වීම් සහ ප්‍රචාරණය පිළිබඳව අධ්‍යයනය කළහ. යුද්ධය අවසන් වූ පසු පර්යේෂකයෝ ලිංගභේද සම්බන්ධ ගැටලු සහ ජාතීන් වෙනස් කොට සැලකීම යන මාතෘකාද අධ්‍යයනය කිරීමට පෙළඹූණහ. 60 වන දශකයේදී සංජානන විභේදනය , ප්‍රේක්ෂකයා මැදිහත් කරගැනීම , කළහකාරිත්වය යන මාතෘකා කෙරේ වැඩි අවධානයක් යොමු විය. එහෙත් 1970 වර්ෂයේදී ඇමරිකාවේ සමාජ මනෝවිද්‍යාව තුළ අර්බුධකාරී තත්වයක් පැන නැගිණි. විද්‍යාත්මක පර්යේෂණයන්වල පවතින ආචාර ධර්ම , ආකල්ප මගින් හැසිරීම් පිළිබිඹු කරනවාද? නැද්ද? සහ සංස්කෘතීන් තුළ විද්‍යාව කොතරම් දුරට යොදාගන්නවාද යන්න පිළිබඳ දිගින් දිගටම විවාද පැන නැගිණි. එක් අවස්ථාවකදී අන්තගාමී න්‍යායවාදීන් විසින් මනෝවිද්‍යාවේ එන මම සහ පෞරුෂත්වය යන්නෙහි අවශ්‍යතාව පිළිබඳව අභියෝග කරන ලදී.

1950 – 1980 දශකය තුළදී සමාජ මනෝවිද්‍යාඥයින් සෛද්ධාන්තිකව යොදා ගන්නා ක්‍රමෝපායන් මගින් පරිණත තත්ත්වයට පත්විණි. අද පර්යේෂණයන් පරීක්ෂාකාරී ආචාරධර්ම මගින් පාලනය කරන අතර බහුත්ව වාදය සහ බහු සංස්කෘතීන්වල සාපේක්ෂව වැදගත්කම පැන නැගී ඇත. නවීන පර්යේෂණ වඩා උනන්දුවක් දක්වන්නේ උපලක්ෂණය. සමාජීය ප්‍රධානය සහ ස්වයං ආකල්ප වැනි මාතෘකා අධ්‍යයනය සඳහාය. තවද සමාජ මනෝ විද්‍යාඥයෝ තම අධ්‍යයනයන් සෞඛ්‍යය සහ පාරිසරික මනෝවිද්‍යාව මෙන්ම නීති පද්ධති තුළත් මනෝවිද්‍යාව වැනි ක්ෂේත්‍ර තුළත් යොදා ගනි.



සටහන්[සංස්කරණය]

Social_psychology_psychology
"https://si.wikipedia.org/w/index.php?title=සමාජ_ම‍නෝවිද්‍යාව&oldid=377151" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි