සම්මත භෞතික තත්වය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රසායන විද්‍යාවේ මෙසේ යම් මූලද්‍රව්‍යයක හෝ සං‍යෝගයක සම්මත භෞතික තත්වයන් සැලකීම නාවුක ගමනා ගමනයේදී ප්ලිම්සෝල් රේඛාවේ භාවිතයට සමාන වේ.

රසායන විද්‍යාවේදී කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්වයන් සලකනු ලබන්නේ එම ද්‍රව්‍යය 1bar / 100 kpa පීඩනයක් යටතේ පවතින විටයි. (මෙය 1990 දී 1atm / 101.325kpa වල සිට සංශෝධනය කරන ලදී) මෙම සම්මත පීඩනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ශුද්ධ සහ ව්‍යවහාරික රසායනය සදහා වූ අන්තර්ජාතික එකමුතුව හෙවත් IUPAC මගිනි. කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්වය ඕනෑම උෂ්ණත්වයක් සදහා ප්‍රකාශ කළ හැකි නමුත් වඩාත් බහුලව භාවිතා වන්නේ සෙල්සියස් අංශක 25 (298.15 K ) ක උෂ්ණත්වයයි. එහෙත් භෞතික විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව වැනි විෂයයන්ට අදාලව මතුවූ ගැටළුවලදී සම්මත උෂ්ණත්වය හා පීඩන තත්ත්ව (STP) සැලකීමේදී බහුලව සෙල්සියස් අංශක 0 (273.15 K) උෂ්ණත්වය ද යො‍දාගෙන තිබෙනු දැකිය හැක.

කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්ව අභිමත පරිදි තෝරාගත් ශූන්‍ය නොවන අගයක් වන අතර එය ස්වාභාවිකව පවතින රාශියක් නොවේ.

කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්ව යනු එම ද්‍රව්‍යයේ භෞතික තත්වය හා බැදී පවතින ගුණයක් වන තාප ගතික ලක්ෂණ එන්තැල්පි, එන්ට්‍රෝපිය හා නිදහස් ගිබ්ස් ශක්තිය වැනි පරාමිතීන් තීරණය කිරීම සදහා යොදා ගන්නා භෞතික තත්වයයි. උදා - සම්මත තත්වයන් යටතේ මූලද්‍රව්‍යයක උත්පාදන එන්තැල්පිය ශූන්‍ය වේ.

ද්‍රාවණයක් තුළ පද්ධති ද්‍රව්‍යයක් සදහා හෝ රසායනික ප්‍රතික්‍රියාවකට අදාලව සම්මත තත්වය සැළකීමේදී සියලු ද්‍රව්‍යයන්හි සාන්ද්‍රණය සලකනු ලබන ඒකක ක්‍රමය යටතේ ඒකීය අගයන් (හෝ වෙනත් නිශ්චිතව ප්‍රකාශ කළ අගයන්) දැරිය යුතු වේ. ද්‍රාවණයක් අපරිමිත තනුකකරණය නියමයට අනුව හැසිරෙන බව උපකල්පිත අවස්ථාවකදී නම් ඉහත ප්‍රකාශ අනුව පැහැදිලි වේ. මවුලික සාන්ද්‍රණයක් යටතේ 1 mol dm−3 අගය හෝ මවුලීය සාන්ද්‍රණයේ ඒකක අනුව 1 mol kg−1 අගය දැරිය යුතු වේ. මවුල භාගය ඇසුරින් සැලකීමේදී සම්මත තත්වය වන්නේ සලකන ලද ද්‍රව්‍යයේ ද්‍රව හෝ ඝාත තත්වයේ පවතින සංශුද්ධ සාම්පලයකි. එහි මවුල භාගය /X නමුත් ප්‍රතික්‍රියාවක් සැලකීමේ දී එක් එක් ප්‍රතික්‍රියක ප්‍රභේද මිනුම් කිරීමට භාවිතා කළ සම්මත තත්වයන් යටතේ පරීක්ෂණ කිරීම අතාත්වික වුවද එවැනි තත්වයන් පදනම් කරගනිමින් පොදු එකග තාවයක් යටතේ පරීක්ෂණ කිරීමෙන් ඒකාකාර නිරීක්ෂණ ලබාගත හැකි වේ.(1molL-1A හා සංශුද්ධ B අතර ප්‍රතික්‍රියාව වැනි තත්ව පරිපූර්ණයට ලබාගැනීම කළ නොහැකි බව සිහි කළ යුතුය) නමුත් මෙසේ එක්තරා නිරීක්ෂණ ලැබෙනුයේ යොදා ගන්නා සම්මත තත්වයන් එකම ඒවා වීම පමණි.

ද්‍රාවණ සම්බන්ධ රසායනයේ දී ඉහළ උෂ්ණත්ව හා පීඩන තත්ව යටතේදී සම්මත අගයයන් බොහෝ විට අදහස් වන්නේ ද්‍රවණයේ සාන්ද්‍රණය උපකල්පිත සම්මත අගයන් වන බවයි. මෙම සම්මත අගයන් බොහෝ විට 1 mol kg−1 හෝ ඒකීය මවුල භාගයක් වේ. තවද ද්‍රාවණයේ සංඝටක පරිපුර්ණව හැසිරෙන බවත් ද්‍රවණයක් ද පරිපුර්ණ හැසිරීමක් (අපරිමිත තනුකකරණයට අදාල වීම වැනි) දක්වන බවත් උපකල්පනය කෙරේ. නමුත් මෙසේ සම්මත තත්වයන් ප්‍රකාශ කිරීමේදී IUPAC මගින් ප්‍රකාශ කළ ආකාරයට සම්මත උෂ්ණත්වයක් හෝ පීඩනයක් ප්‍රකාශ නොකෙරේ. ඊට හේතුව ද්‍රාවණයක් විශාල පරාසයක් පැතිරුණු උෂ්ණත්ව හා පීඩන වෙනස්කම්වලට ලක්වන තත්ව යටතේ එසේ නොකිරීම වඩාත් පහසු බැවැනි.

ද්‍රව්‍යයක සම්මත භෞතික තත්වයක් වැනි අභිමත ශූන්‍ය නොවන ඒකක සලකුණු කිරීමට ෆ්ලිම්සෝල් සලකුණ (A) යොදා ගැනේ. මෙය 19 වැනි ශතවර්ෂයේ සිට පැවත එන ක්‍රමයක් වේ. නමුත් පසු කාලීන ග්‍රන්ථයන්හිදී මුද්‍රණකරුවන්ගේ අපහසුතාවයන් හේතුවෙන් ෆ්ලිම්ෆෝල් සලකුණ වෙනුවට ශූන්‍ය (0) යොදා තිබෙනු දැකිය හැකිය.


ආශ්‍රිත[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Standard_state

"https://si.wikipedia.org/w/index.php?title=සම්මත_භෞතික_තත්වය&oldid=427515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි