සම්භාවනීය සංස්කෘතික සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ප්‍රසිද්ධ කවියෙකු හා නාට්‍ය රචකයෙකු වූ කාලිදාසයන් විසින් "රඝුවංශ" (රජුගේ රජපෙළපතා හා "කුමරසම්භව" ( කුමාර් කාතික්‍යගේ උපත ) යන මහා කාව්‍ය රචනා කරන ලදී. ඒවා රචනා කිරීමේදී සම්භාව්‍ය සංස්කෘතිය භාවිතා කර ඇති අතර මහාකාව්‍ය සංස්කෘතිය භාවිතා කර නැත. "පානිනීගේ අශ්ඨධ්‍යාය", සම්භාව්‍ය සංස්කෘතියෙන් ලියන ලද තවත් කෘතියක් වන අතර එහි අඩංගු ධ්වනි විද්‍යාව හා ව්‍යාකරණ විධිය සම්භාව්‍ය සංස්කෘතියට ප්‍රමිතියක් ගෙනදේ. "මානු නීති" යනු හින්දි දර්ශනයේ එන වැදගත් පාඨයකි. සම්භාව්‍ය සංස්කෘතියේ උසස්ම නාට්‍ය රචකයා ලෙස කාලිදාසයන් සලකනු ලබන අතර ඔහු ප්‍රසිද්ධම සංස්කෘතික නාටක වන "ශකුන්තලාගේ ප්‍රත්‍යභිඥානය" සහ "මේඝධූත" රචනා කලේය. ඉංග්‍රීසි සාහිත්‍යයේ ශේක්ස්පියර් සඳහා හිමිවන ස්ථානය, සංස්කෘතික සාහිත්‍යයේදී ඔහුට ලැබේ. ශුද්‍රක රචනා කල "ම්‍රිචකඨික", භාෂා රචනා කල "ස්වප්න වසවඩත්තම" හා ශ්‍රී හර්ෂ රචනා කල "රත්නමාලී" යනු තවත් ප්‍රසිද්ධ නාටක කිහිපයකි. ජයදේවා විසින් රචිත "ගීතා ගෝවින්දා" පසුකාලීන සාහිත්‍යාත්මක කෘතියකි. චන්ක්‍ය ගේ "අර්ථශාස්ත්‍ර" සහ වත්ස්‍යායන ගේ "කාමසූත්‍ර" යනු තවත් ප්‍රසිද්ධ කෘතීන් අතරින් කිහිපයකි.