සම්ඵප්ප්‍රලාපය

විකිපීඩියා වෙතින්

සම්ප්‍රප්පලාපය යනු මෙලොව, පරලොව යහපත සඳහා හේතු නොවන, කෙලෙස් වැඩි වීමට හා කාලය නාස්ති කිරීමට හේතු වන වචන ය. 

සම්ප්‍රප්පලාප අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • කියන්නාට හා අසන්නන්ට ප්‍රයෝජයක් නොවන කථාවක් වීම
  • එබඳු කථාවක් කීම

සම්ඵප්‍ර‍ලාප කියන තැනැත්තේ අනුන්ගේ කාලය නසන්නෙකි. අන්‍යයන් කෙරෙහි කෙලෙස් වැඩි කරන්නෙකි. එබැවින් සම්ඵප්‍ර‍ලාප කීම පාපයකි. ඇතැමුන් කාලය ගත කරනු පිණිස තැන් තැන්වලට එක් වී කරන්නා වූ නිෂ්ඵල කතාවෝ ද, අසන කියන කාහටවත් අවැඩක් මුත් වැඩක් නොවන, බොරු සැබෑ දෙවර්ගය ම මිශ්‍ර‍ කර ගොතා තිබෙන “රාම-රාවණා” කථාව වැනි කථාවෝ ද, අල්පමාත්‍ර‍ සත්‍යකුදු නැති සාවාගේ හා නරියාගේ කථාව වැනි කථාවෝ ද සම්ඵප්‍ර‍ලාපයේ ය. යම් කිසි උපදේශයක් උගැන්වීම සඳහා ගොතා තිබෙන කථා අසත්‍ය වුව ද, ප්‍ර‍යෝජනයක් ඇති බැවින් සම්ඵප්‍ර‍ලාප සංඛ්‍යාවට නො ගැනේ. කියන ලද සම්ඵප්‍ර‍ලාපය අන්‍යයන් පිළිගත හොත් කර්මපථයක් වේ. කිසිවකු නො පිළිගත හොත් කර්මපථ නො වේ. සාමාන්‍යයෙන් සම්ඵප්‍ර‍ලාප කීම අල්පසාවද්‍ය වේ. නැවත නැවත වර්ණනා කර රසවත් කර කීම මහා සාවද්‍ය වේ. අසන්නවුන්ට වන්නා වූ අර්ථ හානියේ කුඩා මහත් බවේ සැටියට ද එහි අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතු ය.

"https://si.wikipedia.org/w/index.php?title=සම්ඵප්ප්‍රලාපය&oldid=472937" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි