Jump to content

සඳෙහි පෘථිවියට නොපෙනෙන පැත්ත

විකිපීඩියා වෙතින්

ස‍ඳෙහි අපට නොපෙනෙන පැත්ත පෘථිවියෙහි වූ රේඩියෝ සම්ප්‍රේෂණවලින් ආරක්ෂා වී ඇති නිසා එය ගඟනගාමීන්ගේ භාවිතය සඳහා රේඩියෝ දුරේක්ෂයක් ස්ථානගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස සැලකේ. කුඩා පාත්ර හැඩැති ආවාට Puerto Rico හි Arecibo ට සමාන ස්ථාවර දුරේක්ෂයක් සඳහා ස්වාභාවික නිපැයුම සපයයි. වඩා විශාල පරිමාණ දුරේක්ෂ සඳහා කිලෝමීටර් 100ක විෂ්කම්භයකින් යුත් ස‍ඳෙහි නොපෙනෙන පැත්තේ කේන්ද්රිය ආසන්නයේ පිහිටා ඇති ඩයිඩලස් ආවාටය හා ‍එහි කිලෝමීටර් 3ක් උස පිටත දාරය කක්ෂගත වී ඇති චන්ද්රිඇකාවලින් වන නොවැදගත් සන්නිවේදන නැවැත්වීමට උදව් වනු ඇත. රේඩියෝ දුරේක්ෂයක් සඳහා තවත් සුදුසු අපේක්ෂකයකු වන්නේ සහා (Saha) අවාටයයි.

සඳෙහි නොපෙනෙන පැත්තේ රේඩියෝ දුරේක්ෂයක් ස්ථානගත කිරීමට පෙර විසඳීමට ප්ර ශ්න ගණනාවක් තිබේ. සඳෙහි වූ ඉතා කුඩා දූවිලි උපකරණවලට, වාහනවලට හා අභ්යා වකාශ ඇඳුම්වලට අපවිත්රේ විය හැක. රේඩියෝ තැටි සඳහා යොදා ගන්නා පරිවාරක ද්රකව්යර සූර්ය ගිනි දැල්වල ආචරණවලින් ද ඉතා සුපරික්ෂාකාරීව ආරක්ෂා කළ යුතුය. අවසාන වශයෙන් දුරේක්ෂය අවට ප්රආදේශය අනෙකුත් රේඩියෝ ප්රකභවවල සන්නිවේදනවලින් ආරක්ෂා කළ යුතුය.

පෘථිවි චන්ද්රි පද්ධතියේ L2 ලැග්රාවන්ජ් ලක්ෂ්යආය නොපෙනෙන පැත්තෙහි 62800 km පමණ උසින් පිහිටා ඇත. මෙය ද අනාගත රේඩියෝ දුරේක්ෂයක් සඳහා සුදුසු ස්ථානයක් ලෙස යෝජනා කර ඇත.

නාසාහි අධ්යායනය කරමින් පවති එක් චන්ද්රද මෙහෙයුමක් වන්නේ ස‍ඳෙහි දක්ෂිණ ධ්රැ6වයේ එයිට්කන් බේසමට සාම්පල නැවත පැමිණීමේ ලෑන්ඩරයක් යැවීමයි. මෙම ස්ථානය ප්ර ධාන ගැටුමක් සිදු වූ ස්ථානයක් වන අතර 2400km පමණ වූ නිපැයුමක් නිර්මාණය කරන ලදී. මෙම ගැටුමේ ප්රදමාණය සඳ මතුපිට තුළට ගැඹුරු විනිවිදයාමක් නිර්මාණය කර ඇති අතර මෙම ප්රුදේශයෙන් නැවත ගෙන්වා ගන්නා සාම්පල ස‍ඳෙහි අභ්යනන්තරය සැලකීමට අදාල දත්ත සඳහා විශ්ලේෂණය කළ හැක.

අපට පෙනෙන පැත්ත පෘථිවියෙහි වූ සූර්ය සුළංවලින් ආංශිකව ආවරණය වී ඇති නිසා සඳ මතුපිටෙහි අධිකම හීලියම් 3 සාන්ද්රනණය ස‍ඳෙහි නොපෙනෙන පැත්තේ ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සමස්ථානිකය සාපේක්ෂව පෘථිවියෙහි දුලබ වන නමුත් විලයන ප්රොතිකාරක තුළ දී ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමේ හොඳ විභවයක් ඇත. චන්ද්ර නිපැයුම්වලට පක්ෂපාතී පුද්ගලයන් මෙම ද්රතව්යො සඳ මධ්ය ස්ථානයක නිර්මාණය කිරීමට හේතුවක් ලෙස දක්වා ඇත.