Jump to content

සන්නිවේදනය පිළිබඳ හැදින්වීම

විකිපීඩියා වෙතින්

"Communis" යන ලතින් වචනයෙන් ඔවුන් අදහස් කරන ලද්දේ "පොදු වශයෙන් බෙදා ගැනිම" නො එසේ නම් "දැනුම් දීම" යන අර්ථය වේ. ඒ අනුව එහි පරිස්මාප්ත අර්ථයෙන්ම යම් කරුණක් අනන්‍යයන්ගේ දැන ගැනිම පිණිස බෙදා හැරීම යන්න ඉන් ගම්‍ය වේ නම් "සන්නිවෙදනය යනු, සන්නිවේදක පාර්ශවයක් අතර හා ග්‍රාහක පාර්ශවයක් අතර තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ හා ප්‍රතිග්‍රහනය කිරීමේ ක්‍රියාවලිය" ලෙස හැදින්විය හැක.

අප සන්නිවේදනය කරන්නේ ඇයි?

අප ජීවත් වන පරිසරය අනුව සන්නිවේදනය කරුණු ගණනාවක් නිසවෙන් වැදගත් වේ. පහත දැක්වෙන්නේ පොදු වශයෙන් සියලු දෙනාටම ආදේශ කළ කරුණු කිහිපයකි.

    * යම් විෂයනුබද්ධ කරුණක් සකච්ඡා කිරිම සඳහා.
    * තම හැකියවන් අන් අයට දැනුම් දීම සඳහා.
    * ‍යම් සම්මුතියක් (appointment)  ඇති කර ගැනිම සඳහා.
    * යහළුවන් සමඟ සතුටු සාමීචියේ යෙදිම සඳහා.
    * යම් ගොණුවක් (File) හුවමාරු කරගැනීම සඳහා.
    * ඉලෙක්ට්‍රොනික තැපෑල මඟින් පණිවුඩ යැවීම සඳහා.
    * කෙටි පණිවුඩ (SMS) යැවීම සඳහා.