Jump to content

සතුන්ගේ සන්නිවේදනය

විකිපීඩියා වෙතින්

සත්ත්ව පාරාදීසය[සංස්කරණය]

ඕනෑම ජීවියෙකු බාහිර පරිසරයේ පාරිසරික වෙනස්වීම් කෙරෙහි විවිධ ප්‍රතික්‍රියා දැක්වීම නිරතුරුවම සිදු කරයි‍. මිනිසුන් භාෂාව උපයෝගි කරගෙන අදහස් හුවමාරු කරගන්නවා මෙන්ම සතුන්ද ඉව කිරිමෙන්, ශබ්ද තරංග නිකුත් කිරිමෙන්, ඉරියව් මගින් ආදි විවිධ ක්‍රම වලින් අදහස් හුවමාරු කරගනිති. මෙය සත්ත්ව සන්නිවේදනය ලෙස හැඳින්වේ.

මිනිස් සන්නිවේදනයට වඩා සපුරාම වෙනස් වු සන්නිවේදන ක්‍රමයක් සතුන්ට හිමිය. සතුන් තම සන්නිවේදනය සිදු කරන්නේ පරම්පරා ලක්ෂණ වලට අනුවය. වැඩිහිටි සතුන් සතුව ඇති මේ ලක්ෂණ ඵ් ආකාරයෙන්ම අනෙකුත් සතුන්ටද පිහිටයි. සතුන්ගේ ජිවන චක්‍රය හැඩ ගැසී ඇත්තේ ආහාර පාන හා ලිංගිකත්වය යන කරුණු දෙක පදනම් කරගෙනය. සත්ත්ව විද්‍යාඥයින්ගේ නව සොයා ගැනිම් අනුව යෙදෙන අංශ කිහිපයක් සොයාගෙන ඇත.

1.ස්ථායිතාවය

2.නොනැසී ජීවත් වීම

3.ප්‍රමුඛතාවය

4.ලිංගික ආකර්ෂණය

5.ජෛවීය අවශ්‍යතාවය


ස්ථායිතාවය[සංස්කරණය]

තමා පරිසරය තුළ ජීවත් වීම සඳහා ගනු ලබන්නා වු ක්‍රියා මාර්ගයක් මෙයට අයත් වේ. සතුන්ගේ ජීවත්වීමේ අවශ්‍යතාවය පදනම් කරගත් ක්‍රියාවලියකි. ස‍තෙකු ජීවත් වීම සඳහා විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරයි. බොහෝ විට උන් අනෙකාගෙන් තමාට එල්ල විය හැකි තර්ජන පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසු වේ.

මේ හේතුව නිසාම රංචු වශයෙන් ජීවත් වීමට සමහර සතුන් වගබලා ගනිති. ආහාර සොයා ගැනීමත් ආරක්ෂාවත් යන කරුනු දෙකම මෙමගින් විසඳෙනු ඇත. මේ ලක්ෂණ වැඩිපුර ඇත්තේ පක්ෂීන් හට බවද හෙළි වී ඇත. ලංකාවේ පක්ෂීන් අතර දෙමලිච්චා, පරෙවියා, ගිරවා ආදි සතුන් රංචු වශයෙන් සිටින ආකාරය දැක ගත හැකිය. වනාන්තර වලද ශාක භක්ෂකයන්ද මෙන්ම මාංශ භක්ෂකයන්ද බොහෝ විට ජීවත් වන්නේ රංචු වශයෙනි.

නොනැසී ජීවත්වීම[සංස්කරණය]

පරිසරය තුළ තමාගේ ප්‍රබලතාව පෙන්නුම් කිරීම යම් සතෙකු‍ නොනැසී ජීවත් වීම සඳහා අනෙක් සතුන් සමඟ සන්නිවේදනය කිරිම අත්‍යවශ්‍ය කරුණකි. එය ඉටුකරගන්නේ ආදරය දැක්වීම මඟින් හෝ තමාගේ බලය පෙන්වීම මඟිනි. මෙම ක්‍රියාවලිය තුළින් නොනැසී ජීවත් වීමට අවශ්‍ය පසුබිම සකසා ගනී. ඒ ඒ සතාගේ ශරීර ප්‍රමාණය අනුව හෝ උගේ ජව සම්පන්න බව අනුව අනෙකා අවනත වීම හෝ මග හැරයාම මෙම ක්‍රියාවලියේදී සිදු කරයි. සමහර සතුන් සටන් කිරිම මගින් තම ශක්තිය පෙන්වයි. සමහරු වසඟය මගින් තම ශක්තිය පෙන්වති. සිංහයා ප්‍රබලතාව පෙන්වන අතර මොනරා තම ආකර්ෂණය පෙන්වමින් තමාගේ ශක්තිය විදහාපායි.

ප්‍රමුඛතාවය[සංස්කරණය]

කණ්ඩායම තුළ නායකත්වය ගැනීම සඳහා උත්සාහ ගැනීම ප්‍රමුඛතාවයයි. සත්තු තම කණ්ඩායම තුළ සහ සමස්ත ගහනය තුළ ජීවත්වීමේදි නායකත්වය ලැබීම මගින් ප්‍රමුඛතාවයට පත්වීමට උත්සාහ දරති. බොහොමයක් සත්ත්ව කොට්ඨාශවල කාය ශක්තිය මත ප්‍රමුඛතාවය පදනම් වේ. එහිදී කණ්ඩාය‍මේ බොහෝ පිරිමි සතුන් අතර සටන ඇතිවන අතර අවසානයේදි වැඩි කාය ශක්තියකින් යුතු වු සතා ප්‍රමුඛයා නැතිනම් නායකයා වන අතර, පසුව ඔහු විසින් රැලේ අනෙක් සතුන්ට පීඩා කිරීම සිදු කරයි. එසේම එම රැලේ ගැහැනු සතුන්ගේ පුමුඛයා වන්නේ මොහුය. වඳුරු විශේෂයන් අතර දක්නට ලැබෙන ලක්ෂනයකි.


ලිංගික ආකර්ෂණය[සංස්කරණය]

දියුණු මානවයා ලිංගිකත්වයත් ප්‍රජනනයත් යන මේ දෙඅංශයේම කාර්යයන් වෙන වෙනම සැලකුවද, සතුන්ගේ මූලික අවශ්‍යතාවයක් ලෙස ලිංගික කාර්යයන් සහ ප්‍රජනනය සැලකිය හැකිය. මෙය ජීව අවශ්‍යතාවයක් ලෙස සලකනු ලබන්නේ වර්ගයා නැතිනම් පරම්පරාව බිහිකිරිමේ මූලික අවශ්‍යතාවයන් නිසාය. ලිංගික ක්‍රියාවලිය සඳහා තම සහකරුවා හෝ සහකාරිය තමා ළඟට කැඳවීම සඳහා විවිධ සතුන් විවිධ සන්නිවේදන ක්‍රියාමාර්ග උපයෝගි කරනු ලබති. මොනරා තමාගේ සහකාරිය කැඳවා ගැනිමට රංඟනයක යෙදෙයි.

ජෛවීය අවශ්‍යතාවය[සංස්කරණය]

සතුන්ට බඩගින්න, පිපාසය, නින්ද වැනි අවශ්‍යතා ඇති වන්නේ ජෛවීය අවශ්‍යතා ලෙසිනි. සතුන්ට මෙම අවශ්‍යතා පැන නගින විටදී ඔවුන් විවිධ සන්නිවේදන ක්‍රම වලට යොමු වෙති. බොහෝ විට තමාගේ වර්ගයා තමා වෙත ගෙන ඒමට බොහෝමයක් සතුන් උත්සාහ දරති. කපුටා ආහාර තිබෙන තැනක් දුටු විට වර්ගයා ඒ වෙතට ගෙන ඒමට කෑ ගසයි.

සතුන් විවිධ අවශ්‍යතා සඳහා සන්නිවේදනයේ යෙදෙන විට එසේ සන්නිවේදනයේ යෙදීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන බව විද්‍යාඥයින්ගේ මතයයි. ඒ අනුව සතුන් වර්ග කිහිපයකි.


6.ශබ්ද උපයෝගි කර ගැනිම

7.රසායනික ද්‍රව්‍ය උපයෝගි කර ගැනිම

8.අවයව උපයෝගි කර ගැනිම

9.ආලෝකය උපයෝගි කර ගැනිම

10.වර්ණ උපයෝගි කර ගැනිම

11.චර්යායව උපයෝගි කර ගැනිම

සත්ව සන්නිවේදනය මානව සන්නිවේදනය මෙන් විධිමත් සංකීර්ණ භාෂාවක් නොවේ. එයට හේතුව සත්ව භාෂාවට හිමි සංකේත නිරවුල් සංකේත නොවන හෙයිනි.


අවයව උපයෝගි කර ගැනිම[සංස්කරණය]

කෘමි සතුන්ගේ මුඛය දෙපස ඇන්ටෙනා මෙන් විකිරණය වු සන්නිවේදාත්මක අවයව වලින් ඔවුහූ සන්නිවේදනයේ යෙදෙති. බල්ලෝ වලිගය භාවිතා කරමින් සන්නිවේදනයේ යෙදෙති. දෙපත් නයා තමාගේ වලිගය මඟින් අනෙකාට පහර දේ. වඳුරන් රිලවුන් වැනි සත්තු අංග චලනය මඟින් අදහස් හුවමාරු කර ගනිති.

ආලෝකය උපයෝගි කර ගැනීම[සංස්කරණය]

තම සිරුරෙන් ආලෝකය නිකුත් කර සන්නිවේදනයේ යෙදේ. කණා මැදිරියා, රෑ බදුල්ලා, ගැඹුරු මුහුදේ මාළුන් මෙහිදි දැක්විය හැකිය.

ශබ්ද උපයෝගි කර ගැනීම[සංස්කරණය]

මිනිස් කනට ඇසිය හැකි ප්‍රමානයට වඩා දිගු ශබ්ද තරංග සමඟ අලි, ඇතුන්, මෝරුන්, වවුලන් වැනි සත්තු සම්බන්ධතා පවත්වති.

ගොනුව:අලියා.jpg

වර්ණ උපයෝගි කර ගැනීම[සංස්කරණය]

පරිසරයේ පවතින වර්ණ වලට සමාන වන අයුරින් කටුස්සා තම සිරුරේ වර්ණය වෙනස් කිරිම සිදු කරයි. තවද එමූ, කැස්වරි, මොනරා, තාරා විශේෂ තටු වල වර්ණ වෙනස් කිරීමෙන් විවිධ අදහස් ප්‍රකාශ කරයි.


චර්යා උපයෝගි කර ගැනීම[සංස්කරණය]

සතුන් හැසිරෙන ආකාරය කුළු හරකුන් පොළොව හාරා දූවිලි අවුස්සා පොරයට පැමිනීම මගින් බලය ප්‍රදර්ශනය කරයි. බල්ලන් තමාගේ ස්වාමියා දුටු විට ශබ්ද පිට කරමින් ඇඟේ දැවටෙමින් බිම පෙරළි කීකරු චර්යා පෙන්නුම් කරයි. පරෙවියන් ඇ‍ඟේ ඇති තටු පුම්බා රවුමට කැරකෙමින් රංගනයේ යෙදෙමින් අනෙකාට තම චර්යා මගින් සන්නිවේදනය කරයි.


රසායනික ද්‍රව්‍ය මගින් සන්නිවේදනයේ යෙදීම[සංස්කරණය]

උරුලෑවා ගමන් කිරිමේදි උගේ ශරීරයෙන් රසායනික ද්‍රව්‍යක් පිට වේ. බල්ලාද මුත්‍රා කිරිම මගින් තමාගේ සීමාවන් ලකුණු කරයි. කුහුඹුවන් කෙළ හැළිමෙන් අනෙකාට මාර්ගය පිළිබඳ වැටහීමක් ලබා දේ.

දරුවා මෙලොව බිහි වු දා පටන් වාචිකව සන්නිවේදනයේ යෙදෙයි. සතුන්ද ඒ ආකාරයෙන්ම සන්නිවේදනයේ යෙදෙති. ඒ ඔවුනටම ආවේනික වු සන්නිවේදන රටාවක් මතය. එය පරම්පරාවෙන්ම පැවත එන්නකි. නිර්මාණශිලි සන්නිවේදනයේ යෙදිමට සතුන්ට අපහසු වුවත් ඔවුනොවුනට දැනෙන ආකාරයට අදහස් හුවමාරු කර ගැනීමටත් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමටත් විවිධ සන්නිවේදන උපක්‍රම භාවිතා වේ.

ආශ්‍රිත[සංස්කරණය]

කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ආචාර්ය දේවක වීරකෝන්

2005 ජුනි 14 වැනි අඟහරුවාදා
විජය පුවත්පත ඇසුරිනි

"https://si.wikipedia.org/w/index.php?title=සතුන්ගේ_සන්නිවේදනය&oldid=568492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි