සත්‍යයේ ජේසු සමිදාණන්ගේ සභාව

විකිපීඩියා වෙතින්

සත්‍යයේ ජේසු සමිඳාණන්ගේ සභාව යනු 1917 වර්ෂ‌යේ චීන‌යේ ‌බෙයිජින් නුවර ආරම්භ වූ ‌සෛවරී සභාවකි. වර්තමාන‌යේ ‌ලොව රටවල් 45ක් පුරා විසිර ඇති එහි සමාජිකත්වය මිලියන 1.5ක් ‌වෙයි. ‌මෙම සභාව ‌‌විසිවන ශතවර්ෂ‌යේ දී කිතුනු ශාසන‌යෙහි මතු වූ ප්‍රො‌තෙසතන්ත නිකායන්ට අයත් වූ පෙන්ත‌කොස්ත සභා ‌හෙවත් ශුදාත්මදානී සභාවන් ඝන‌යේ ලා සැලකේ. ඉන්දියාවෙහි 1932 වර්ෂයේ දී මේ සභාව ආරම්භ විණ. නත්තල සහ පාස්කුව මෙකී සභාවන්හි පවත්වනු නොලැබේ.

සභාව විසින් පිළිගන්නා වූ මුලීක ධර්මනියාමක දසය[සංස්කරණය]

1.ශුද්ධාත්මයාණන් වහන්සේ: "වෙනත් භාෂා කථා කිරීමෙන් ඔප්පු වන සේ ශුද්ධාන්මය ලබා ගනීම, දෙවියන් වහන්සේගේ රාජධනියට තිබෙන අපේ උරුමය සහතික කරයි."

2.බෞතීස්ම කිරීම: "ජලයේ බෞතීස්ම කිරීම යනු පවු සමා කිරීමේ හා නවජීවය ලබා දීමට කරන චාරිත්‍රයකි. බෞතීස්මය සිදුකරන්නේ ස්වභාවික ගලායන ජලයේය. ගංඟා ඇල, දොළ හා මුහුද මීට උදාහරණ වේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතීස්මය සිදුකරනු ලබන්නේ කලින් බෞතීස්මය ලබා ඇති අයෙකු විසිනි. බෞතීස්මය ලබන තැනැත්තා හිස නමා සම්පූර්ණයෙන් ජලයේ ගිලිය යුතුය."

3.පාද දෝවනය: "පා සේදීමේ චාරිත්‍රය පුද්ගලයෙකුට ජේසුස් වහන්සේ සමග එක් වීමට අවස්ථාව ලබාදේ. තවද එය පුද්ගලයෙකුට ආදරය ශුද්ධවූබව හා මානුශිකත්වය තිබිය යුතු බව නිතර මතක් කරයි. ජල බෞතීස්මය ලැබූ සියලුදෙනාම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පා සේදීමද ලැබිය යුතුය. අනෙ‍්‍යාන්‍ය පා සේදීමද සුදුසු අවස්ථා වල සිදුකරනු ලබයි."

4.ශුද්ධ වූ සහභාගීත්වය: "යේසුස්තුමාගේ මරණය ශුද්ධවු සහාව ව්සින් සමරනු ලබයි. එමගින් අපට ශක්තිය ලබාෙදනවා අපෙග් උතුමාණණ්ෙග් රැධිරය හා මාංශ අනුෙමා්දෙයන් කරන්නාවු ඔහු සමග ගණුෙදනුෙව් ෙයදිම මගින් අමරණිය ජිවයක් කරා ලගා ව්මට හැකිය. අපෙග ශුද්ධවු ආගමික එකමුතුව ඉක්මනින් පැවැත්ව්ය යුතුය. ෙමම ශුද්ධව සහාව සදහා ෙයාදා ගනු ලබන්ෙන් මුහුන් ෙනාෙයදු පාන් සහ ම්දි යුෂය.් "

5.සබත් දිනය: "සබත් දිනය වන සතියේ සත් වන දිනය (සෙනසුරාදා) දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශුද්ධ වූ දිනයකි. දෙවියන් වහන්සේගේ නිර්මාණයේ ආරම්භයේ විශිෂ්ඨත්වයේ හා ගැලවීමේ හා නැවත උපදින ජීවිතයේ සදාකාලික සැපත පතා මෙම දිනය සමරනු ලබයි."

6.ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ: "මාංශගතවූ වාක්‍යයාණෝ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, පව්කාරයන් මුදවා ගැනීම සඳහා කුරුසිය මත දිවි පුදා, තුන්වන දිනයේදී උත්ථානය වී, ස්වර්ගාරෝහණය වූ සේක. එතුමාණෝ මනුෂ්‍ය වර්ගයාගේ එකම ගැලවුම්කාරයාද, පොළොවෙහිත් ස්වර්ගයෙහිත් මැවුම්කරුද, සහ එකම සත්‍යවූ දෙවියන්වහන්සේද වෙයි."

7.ශුද්ධ වූ බයිබලය: "දෙවියන්වහන්සේගේ මුවින් නිකුත් වූ දේව වාක්‍යය අඩංගු ශුද්ධ බයිබලය, පැරණි හා නව තෙස්තමේන්තු (සුභාරංවි) වලින් සමන්විත, එකම සත්‍ය ලියවිල්ල වන අතර, ක්‍රිස්තියානි දිවි පැවැත්මෙහි පදනමද වෙයි."

8.ගැළවීම/මිදීම: "දෙවියන්වහන්සේගේ කරුණාව මගින් ගැලවීම ලබා දෙන්නේ ඇදැහීම තුලිනි. අදහන්නන් ශුද්ධත්වය ලබා ගනීමටත්, දෙවියන්වහන්සේට උපහාර කිරීමටත්, මනුෂ්යත්වයට ආදරය කිරීමටත්, ශුද්ධාත්මය මත විශ්වාස තබිය යුතුය."

9.පල්ලිය: "ෙද්වස්ථානය ස්ථාපනය සිදු වුෙය් අතිඋතුමි ෙය්ෂුස්(ෙජ්සුස්) තුමාෙග් ශුඳ්ධවු අධ්යාත්මය් තුලින්් ලඛාගත් "උත්තානය සහ ජිවනය" තුලිනි. එය ෙගාඞනැගුෙන් අෙපා්න්තුලු තුමාෙග් කාලෙය්ය."

10.අවසන් විනිශ්චය: "යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම සිදුවන්නේ ඔහු අවසාන දින ස්වර්ගයෙන් පහත් වී ලොව නිශ්චය කරන අවස්ථාවේදීය: ධාර්මිෂ්ඪ පුද්ගලයන්ට සදාකාලීන ආයුෂ ලැබෙන අතර දුශ්ඪයන් සදාකාලීනව නිරයට පත් වේ."