සත්ව යාත්‍රණය

විකිපීඩියා වෙතින්
මැන්ක්ස් ශියර්වෝටර් ඔවුන් විසින්ම ස්ථාන ගතවී තම නිවසකරා වේගයෙන් පියාසර කරයි

සත්ව යාත්‍රණය යනු සිතියමක් හෝ වෙනත් මෙවලමක් භාවිතයෙන් තොරව සතුන්ට ගමන් මඟ නිරවද්‍යව සොයා ගැනීමට ඇති හැකියාවයි. උත්තරධ්‍රැව මුහුදු ලිහිණියා වැනි පක්ෂීන් ද ,මොන'ච් සමනළයා වැනි කෘමීන් ද, සැමන් වැනි මසුන් වර්ග ද, ඔවුන්ගේ අභිජනන භූමීන්ගෙන්[1] සැතපුම් දහස් ගණන් ඉවතට සහ ඒ වෙතට නිරන්තර සංක්‍රමණයෙහි යෙදෙන අතර නොයෙකුත් සෙසු විශේෂයන් ඵලදායි ලෙස කෙටි දුර යාත්‍රණයෙහි යෙදෙන්නේය.

නිශ්චිත ගණන් බැලීම (Dead reckoning) නොහොත් දන්නා ස්ථානයක සිට තම වේගය සහ දිශාව පිළිබඳ වූ තොරතුරු ආශ්‍රිතව පමණක් යාත්‍රණය සිදුකල හැකි ක්‍රියාවක් බව 1873 වර්ශයේදී චාර්ල්ස් ඩාවින් විසින් යෝජනා කරන ලද්දේය. විසි වන ශත වර්ශයේදී කාර්ල් වොන් ෆ්‍රිස්ච් විසින් මීමැස්සන් හට සූර්යයා, පැහැදිලි අහසේ ධ්‍රැවීකරණය සහ භූමියේ චුම්භක ක්ෂේත්‍රය මගින් යාත්‍රණය සිදු කළ හැකි බවත්, මෙම ආකාරයන්ගෙන් ඔවුන් භව්‍ය අවස්තාවන්ගේදී සූර්යයාගෙන් යාත්‍රණය සිදු කරණ බවත් පෙන්ව දුන්නේය. විලියම් ටින්ස්ලි කීන්ටන් පෙන්වා දෙනු ලැබුවේ නිවසාගමනයෙහි යෙදෙන පරවියන්ද මීට සම වූ යාත්‍රණ සලකුණු යොදගන්නා බවය, එහිදී ද හිරු, භූමෙයෙහි චුම්භක ක්ෂේත්‍රය, ආඝ්‍රණය සහ දෘෂ්ටිය යොදාගනු ලැබේ. රොනල්ඩ් ලොක්ලෙයි විසින් පහැදිලි කෙරෙන පරිදි කුඩා මුහුදු පක්ෂි විශේෂයක් වන මැන්ක්ස් ශියර්වෝටර් නිවසින් බොහෝ දුරකින් සිට අත හැරියද හිරු හෝ දර්ශනය වන තරු පද්දති පවතින්නෙහි නම් ඔවුන් විසින්ම ස්ථාන ගතවී තම නිවසකරා වේගයෙන් පියාසර කල හැකි වන්නේය.

නොයෙකුත් වර්ගයන්ගේ සත්වයන් හට විවිධ වූ සලකුණු ක්‍රම එක්කර භාවිතා කිරීම මගින් තම ස්ථානගත වීම සහ නිරවද්‍ය ගමන්පෙත ඵලදායි ලෙස සොයා ගැනීම සිදු කර ගත හැකි වන්නේය.කෘමීන් සහ පක්ෂීන්හට පෙරදත් මංසලකුණු සමග යායුතු බව හැඟෙන දිශානතිය (භූමෙයෙහි චුම්භක ක්ෂේස්ත්‍රය සහ සූර්යයා මගින්) එක්කිරීම මගින් තමන් සිටිනා ස්ථානය දැනගැනීමටත් ඒ අනුව යාත්‍රණයෙහි යෙදීමටත් හැක්කේය. අභ්‍යන්තර 'සිතියම්' බොහෝ විට දෘෂ්ටිය උපයෝගී කරගනිමින් සෑදෙන නමුත්, ආඝ්‍රාණය, පරාවර්තනය වන ශබ්ද තරංඟ වැනි වෙනත් සංවේදන මගින්ද සිදු කළ හැකි වන්නෙහිය.

වන සතුන්ගේ යාත්‍රණ හැකියාවට මිනිස් ක්‍රියාකාරකම් මගින් අහිතකර බලපෑම් එල්ල විය හැක. උදාහරණයක් ලෙස පළිබෝධක නාශක මගින් මීමැස්සන්ගේ ගමන්මඟ සොයා ගැනීමට ඇති හැකියාව නිරෝධනය විය හැකි සාධක පවතින බවට ප්‍රකාශ වේ.


පෙර පර්යේෂණ[සංස්කරණය]

කාර්ල් වොන් ෆ්‍රිස්ච් (1953) මීමැසි සේවකයන්හට යාත්‍රණයත්, ආහාර පවතින ප්‍රදේශ සහ දිශාව අනෙකුත් මීමැසි සේවකයන්හට දැක්වීමත්,ඔවුන්ගේ රන්ගනය මගින් සිදුකළ හැකි බව සොයාගනු ලැබීය.

1873 වර්ශයේදී චාර්ල්ස් ඩාවින් විසින් "Nature magazine" වෙත ලිපියක් පල කරමින් දැක්වූයේ චුම්භක 'මාලිමා' වැනි යන්ත්‍රයකටද, තරු රටා භාවිතයෙන්ද මාර්ග දැනගැනීමේ හැකියාව පවතින බැවින්, මිනිසාද ඇතුලු සත්වයන් සතුව නිශ්චිත ගණන් බැලීම (Dead reckoning) මගින් යාත්‍රණය නොහොත් ගමන් මග සොයා ගැනීමේ හැකියාව පවතින බවයි.

ඈත ස්ථානයක සිට තම නිවහන වෙත ගමන් මග සොයා ගැනීමට මිනිසාට සාපේක්ෂව සත්වයන් තුල පවතින හැකියාව පිළිබඳ පැන නගින ගැටලුවට පිළිතුරු 'Expedition to North Siberia' නම් වොන් ව්‍රැන්ගෙල් විසින් රචිත ඉංග්‍රීසි පරිවර්ථන කෘතියෙහි දැක්වේ. ඔහු එම කෘතියේදී, ස්වදේශිකයන් එක් නිශ්චිත ස්ථානයක් දෙසට ඉතා දිගු දුර, අයිස් කඳු ඔස්සේ, නිරන්තර දිශා වෙනස් වීම් හමුවේ සහ අහසින් ද, මිදුනු මුහුදින් ද කිසිදු මග පෙන්වා දීමකින් තොරව නිවැරදි ගමන් මාර්ගයක් පවත්වා ගත් ආකාරය විස්තර කෙරේ. ඔහු ප්‍රකාශ කරන අන්දමට, පළපුරුදු මිනින්දෝරුවකු ලෙස කටයුතු කොට ඇති ඔහු මාලිමාවක් භාවිතයෙන් ද ගෝත්‍රිකයන් ඵලදායී ලෙස සිදු කල එම ක්‍රියාව කිරීමට අපොහොසත් වී ඇත්තේය. එසේ වුවද කිසිවකු ඔවුන් පමණක් සතුවූ සුවිශේෂී සංවේදන හැකියාවක් පවතින බව නිගමනය නොකරයි. අප විසින් මතක තබා ගතයුතු කරුණ වන්නේ අපැහැදිලි දුෂ්කර ගමන් මගක් සහිත රටක, අයිස් කඳු ඔස්සේ මාලිමාවක්, උත්තරධ්‍රව තාරකාවක් හෝ වෙනත් එවැනි කිසියම් සලකුණක් මග පෙන්වීමට ප්‍රමාණවත් නොවන බව හා එවන් පරිසරයකදී ගමන් පෙතෙහි අපගමන නොවැලැක් විය හැකි බවත්, ගමන් මගෙහි යෙදිය හැක්කේ නිශ්චිත ගණන් බැලීමේ ක්‍රියා මාර්ගයක් පවතින්නේ නම් පමණක් බවත්ය. සෑම පුද්ගලයකු සතුවම නොදැනුවත්ව වුවද මෙම හැකියාව අඩු වැඩි වශයෙන් පවතින පවතින අතර සයිබීරියානු ගෝත්‍රික ජන කොට්ඨාශයට එම හැකියාව කැපී පෙනෙන මට්ටමකින් පවතින බවත්ය. මේ සඳහා විශාල බලපෑමක් දෘෂ්ටිය මගින් ද, යම් ප්‍රමාණයකට පේෂි චලන සංවේදන ද යොදා ගැනෙන්නේය. අන්ධ දෑස් සහිත මිනිසෙකුට වුවද (ඇතැම් විට සෙසු පුද්ගලයන්ට වඩා හොඳින්) කෙටි දුරක් ආසන්න වශයෙන් සරල රේඛාවක ගමන් කිරීමේ, නිවැරදි කෝණ මගින් හැරීමේ හෝ ආපසු ඒමේ හැකියාව පවතින්නේය. ඇතැම් විට ඉතා වයස් ගත සහ දුබල මිනිසුන්ගේ දිශාව පිළිබඳ සංවේදන හැකියාව එක් වරම වියවුල් තත්වයට පත්වන ආකාරයටත්, කෙනෙකු ඔහු හදිසියේම සම්පූර්ණයෙන් අනපේක්ෂිත වැරදි මගක් ඔස්සේ ගමන් කළ බව හැඟුන විට දැනෙන පීඩනයත් මගින් මොළයෙහි යම් ප්‍රදේශයක් දිශාව පිළිබඳවූ ක්‍රියාවන් සඳහා විශේෂීකරණය වී ඇත්ද යන සැකය මතු කරයි.

පසුව 1873 වර්ෂයේදී ජෝසෆ් ජෝන් මර්ප්ෆි ඩාවින් හට පිළිතුරු සපයමින් නැවත Nature සඟරාව වෙත ලියා දැක්වූයේ ඔහු විශ්වාස කරන අන්දමට සත්වයන් නිශ්චිත ගණනි බැලීම සිදු කරන ආකාරයයි, එය මේ වන විට අවස්ථිතික යාත්‍රණය ( inertial navigation) නාමයෙන් හැඳින්වේ.

යම් ආකාරයකින් බෝලයක් දුම්රිය මැදිරියක වහලයෙහි නිදහස් ලෙස අවලම්බණය කර පවතී නම්, දුම්රිය මැදිරිය චලනය වීමට සැලැස්වූ විට බෝලය චලනය කිරීමට සමත් කම්පනයක් ලැබේ. කම්පනයේ විශාලත්වය සහ දිශාව, මැදිරිය චලනය වීමත් සමඟ ඇතිවන බලයෙහි විශාලත්වය සහ දිශාව මත රඳා පවතී...[මෙලෙස]...සෑම චලිත වෙනස් වීමකටම අදාලව මැදිරියෙහි...ඊට අනුරූපවූ විශාලත්වයක් සහ දිශාවකින් යුත් කම්පනයක් බෝලය වෙත ලබාදේ. ඒ අනුව එවන් යාන්ත්‍රණයක් පරිකල්පිත අනුව විශාලත්වය සහ දිශාවන් සටහන් කරගැනීම සඳහා යන්ත්‍රයක් තිබිය හැක. මෙම දත්ත මගින් මැදිරියෙහි පිහිටීම ඕනෑම විටෙක ගණන් බැලිය හැකි වන්නේය.

කාර්ල් වොන් ෆ්‍රිස්ච් (1886-1982) නිවසාගමනයෙහි යෙදෙන පරවියන් පිළිබඳ අධ්‍යනය කළේය. එහිදී මීමැස්සන් අපේක්ෂිත සීමාන්තික දිශාවන් තුන් ආකාරයකින් හඳුනා ගන්නා බව ගෙනහැර දැක්වීය. ඒ සූර්යයා මගින්, අහසේ ධ්‍රැවීකරණ රටාවන් මගින් සහ භූමියේ චුම්භක ක්ෂේත්‍රය යන ආකාරය මගින්ය. ඔහු පෙන්වා දෙනුයේ සූර්යයා මගින් ගමන් මග සොයා ගැනීම ප්‍රධාන ආකාරය බවත්, අනෙකුත් ආකාරයන් වලාකුල් සහිත අහසක් පවතින විට හෝ අඳුරු මීවදයක් තුලදී භාවිත වන බවයි.

විලියම් ටින්ස්ලි කීන්ටන් (1933 –1980) නිවසාගමනයෙහි යෙදෙන පරවියන් පිළිබඳ අධ්‍යනය කළේය. එහිදී ද හිරු, භූමෙයෙහි චුම්භක ක්ෂේත්‍රය, ආඝ්‍රණය සහ දෘෂ්ටිය යොදාගනු ලැබේ.

ඩොනල්ඩ් ග්‍රිෆින් (1915-2003) වවුලන් පරාවර්තිථ ශබ්ද තරංඟ මගින් සංවේදන ලබා ගැනීම පිළිබඳව අධ්‍යනය කළේය. ඔහු එගිදී පෙන්වා සිටියේ වවුලන් එම ක්‍රියාව මගින් ගොදුරු සොයා ගැනීමත්, "දැකීමත්" සිදු කරන අතර එමගින් අවට පරිසරයෙහිදී යාත්‍රණය සිදු කරන බවත්ය.

රොනල්ඩ් ලොක්ලෙයි (1903-2000), පනහකට අධිකවූ පොත් සංඛ්‍යාවක් ලියැවුනු පක්ෂීන් පිළිබඳවූ නොයෙකුත් අධ්‍යනයන් අතරින්, පක්ෂී සංක්‍රමණ විද්‍යාවෙහි පුරෝගාමීව කටයුතු කළේය. ඔහු මුහුදු ආශ්‍රිත, ඈත ස්කොක්හොල්ම් දූපතෙහි වසන ශියර්වෝටර් පක්ෂීන් වන මැන්ක්ස් ශියර්වෝටර් වැනි පක්ෂීන් පිළිබඳ දොළොස් වසරක අධ්‍යනයක් සිදු කර ඇත්තේය. මෙම කුඩා මුහුදු පක්ෂීන් කුරුළු විශේෂයන්ට අයත් දීර්ඝතම සංක්‍රමණයන්ගෙන් එකක නිරතවේ-කිලෝමීටර 10,000ක්- එසේ වුවද ඔවුන් සෑම වසරකදීම ස්කොක්හොල්ම්හි ඔවුන්ගේම් බෙනය වෙත නැවත පැමිණේ. මෙම හැසිරීම ඔවුන්ගේ යාත්‍රණය සිදුකරන ආකාරය පිළිබඳ පැනයක් මතු කළේය.


ක්‍රමෝපායන්[සංස්කරණය]

ලොක්ලෙයි ඔහුගේ සත්ව යාත්‍රණය (Animal Navigation) කෘතිය මෙලෙස සටහන් කරමින් ඇරඹීය.

කෙසේද සත්වයන් ඔහුගේ ගමන්මග සොයාගනුයේ පැහැදිලි සලකුණු නොමැති රටවල, ගමන් මාර්ග නොමැති වනාන්තරවල, කාන්තාර තුල, විශේෂ ලාක්ෂණික නොමැති මුහුදු තුල හෝ ඒ මත?...සැබැවින්ම ඔවුන් එය සිදු කරනව දෘශ්‍යමය මාලිමාවක්, සෙක්ස්තන්තුවක්, කාලමානයක් හෝ සටහන් පත්‍ර වලින් තොරව...

සත්ව යාත්‍රණය සඳහා නොයෙකුත් ක්‍රමෝපායන් යෝජනා වන්නේය. ඒ අතරින් බොහොමයකට සාධකද පවතී. විමර්ශකයන් බොහෝ විට ඉතා සරලවූද උපකල්පනයන් බැහැර කිරීමට නැඹුරුකොට ඇත්තේය. උදාහරණයක් ලෙස, ඇතැම් සතුන්හට අඳුරු වලාකුල් සහිත භූමි සලකුණු, හිරු හෝ තාරුකා වැනි අභ්‍යවකාශ සලකුණු නොමැති රාත්‍රීන්වලද යාත්‍රණයේ යේදීමට ඇති හැකියාව දැක්විය හැක.

ප්‍රධාන යාත්‍රණ ක්‍රමෝපායන් සහ උපකල්පන පහතින් දැක්වේ.


ධාරණය කරගන්නා ලබන භූසලකුණු[සංස්කරණය]

ක්ෂීරපායීන්, පක්ෂීන්, මිමැස්සන්, බඹරුන් වැනි කෘමීන්ද ඇතුලු සත්වයන්හට අවට පරිසරයෙහි පවතින භූසලකුණු ග්‍රහණය කර ගැනීමේ හැකියාවත් ඒ අනුව යාත්‍රණයෙහි යෙදීමට හැකියාව ඇත්තේය.

රාත්‍රී ආකාසයට අනුගත වීම[සංස්කරණය]

එක් පුරෝගාමී පර්යේෂණයකදී ලොක්ලෙයි පෙන්වා දෙනු ලැබූයේ, රාත්‍රී අහසක් පෙන්වූ ග්‍රහලෝකාගාරයක් තුල අත්හරින ලද ගී ගයන පක්ෂියෙක් (warbler) ඔහුගේ දිශානතිය සැමවිට දකුණු දෙසට පවත්වා ගත් බවත් ග්‍රහලෝකාගාරය තුල දක්වන ලද අහස ඉතා සෙමෙන් භ්‍රමණය කරවූ විට පක්ෂියා දිශානතියේ අනුගත වීම සැමවිට තරු රටාවලට අනුව පවත්වා ගත් බවත්ය. ලොක්ලෙයි නිරීක්ෂණය කෙරෙනු ලැබූයේ තරු රටා හදාරමින්ද, දවසේ වේලාව දැනගමින්ද යාත්‍රණය සිදු කිරීමට පක්ෂීන් තුලම සෙක්ස්තන්තුවක් සහ කාලමානයක් පැවතිය යුතු බවයි.

රැලේ ආකාස නිරූපණය (Rayleigh sky model) මගින් අලෝක ධ්‍රැවීකරණය මීමැස්සන් හට දිශාව දක්වන අයුර පෙන්වා දෙයි.

ධ්‍රැවණය වූ ආලෝකයෙන් අනුගත වීම[සංස්කරණය]

සමහර සත්වයන්, විශේෂයෙන්ම මීමැස්සන් වැනි කෘමීහු ආලෝකයේ ධ්‍රැවීකරණයට සංවේදිතාවයක් දක්වති. කාර්ල් වොන් ෆ්‍රිස්ච්ගේ සොයා ගැනීම් දැක්වූයේ මීමැස්සන්හට මීවදයේ සිට ආහාර මූලාශයට (මල් පැනි සහිත මල් ඇති භූමි ප්‍රදේශ ) දිශාව සහ පැතිරීම ඉතා නිවැරදිව සොයා ගත හැකි බවයි. එක් සේවක මීමැස්සෙක් නැවත මීවදය වෙත පැමින ආහාර මූලාශයන්ගේ දිශාව සහ පැතිරීම සූර්යයාට සාපේක්ෂව මීමැස්සාගේ චලිත රංඟනය (waggle dance ) මගින් ප්‍රකාශ කරයි. මෙය නිරීක්ෂණය කරන සෙසු මීමැස්සන් පෙන්වනලද දුර සහ දිශාව ඔස්සේ යමින් ආහාර ඇති ස්ථානය හඳුනා ගැනීමට සමත්වේ. එසේ වුවද අනෙකුත් ජීව විද්‍යාඥයන් ප්‍රශ්න කරනුයේ මීමැස්සන් මෙම ක්‍රියාව අනුගමනය කරයිද නොඑසේනම් සරලවම ඔවුන් ආහාර සොයා යෑම සඳහා උත්තේජිතද යන බවයි. කෙසේ වුවද කාලගුණය පැහැදිළි ( එවිට යාත්‍රණය හිරු මගින් හෝ පෙර ධාරණය කරගන්නා භූසලකුණු මගින් විය හැක ) හෝ අඳුරු වූවිටද (එවිට ධ්‍රැවණය වූ ආලෝකය භාවිතයෙන් විය හැක ), මිමැස්සන් ආහාර සහිත ස්ථානය මතකයේ රඳවා ගැනීමටත් නිවැරදිව නැවත පැමිනීමටත් සමත්වේ.


සතුන්ගේ නිශ්චිත ගණන් බැලීම නොහොත් මාර්ග සංකලනය කිරීම කිරිම ලෙස හදුන්වන්නේ වෙනත් දෘෂ්ටි හෝ භාහිර මංසලකුණු සම්බන්ද කිරීමකින් තොරව ශරීරයේ සංවේදි ඉන්ද්‍රිය ප්‍රභව මගින් විවිධ උත්තේජන එකිනෙක සමග ක්‍රියා කිරීමෙන් ඍජු නොවු මගක් ඔස්සේ නොනවත්වා ගමන් කිරිමේදි යම් ස්ථානයක්, දන්නා ආරම්භක ස්ථානයකට සාපේක්ෂව නිගමනය කිරීමයි. ජ්‍යාමිතිය භාවිතයෙන් සිදුකලයුතු වන්නේ, යම් ආරම්භක ස්ථානයක සිට පවතින මර්ගයක් ඔස්සේ වැටි ඇති සියලු දෛශික එකතු කිරීම මගින් ආරම්භක ස්ථානයට අදාල දෛශිකය ගණනය කිරිම වේ.

ඩාර්වින් විසින් 1873 දි පලකරන ලද "Origins of Certain Instincts" කාලයේ සිටම මග එකතු කිරීම කුහුබූන්,සෙමෙන් වැඩෙන හා පක්ෂින් වැනි සතුන්ගේ යාත්‍රණය සඳහා බෙහෙවින් වැදගත් වු බව පෙනීයයි. පෙර සඳහන් කල පරිදි දෘෂ්ටි හෝ වෙනත් බාහිර මංසලකුනු නොමැති විටක, තවද වළාකුලින් බර රාත්‍රි කාලයක, විවෘත සාගර කලාපයක් හෝ සාපේක්ෂව අපැහැදිලි කාන්තාර වැනි ප්‍රදේෂ හරහා සතුන් යාත්‍රණයේ යෙදෙන විට මග එකතු කිරිම මේ මොහොතේ සිටින ස්ථානය හඳුනා ගැනිම සඳහා ශරිර උත්තේජන භාවිතා කිරිම මත රඳා පැවතිය යුතුය

Wehner ව්සින් "Sahara desert ant " හි කරන ලද අධ්‍යයනයන්ට අනුව ඵලදයි මග එකතු කිරීම මගින් දිශා ශිර්ෂය ( ධ්‍රැවිත ආලෝකය හෝ සුර්යයාගේ පිහිටිම ) හා දුර ප්‍රමණය ගණනය කිරීම නිවැරදිව සිදු කල හැකි බව පෙන්නුම් කරයි ( පාද චලනය හෝ ප්‍රකශ ගලා ප්‍රවහය අධික්ෂනය කිරිමේන් )

නිවසාගමනය වන පරවියන් හට චුම්භක ක්ෂේත්‍ර වැනි සංඤා ලබාගනිමින් ඉතා ඉක්මනින් නිවස වෙත පැමිනිය හැක.

චුම්භක ක්ෂේත්‍ර අනුගතවීම (Magnetoception)[සංස්කරණය]

ඇතැම් සත්වයන් අන්ධ වැලි මීයන් වැනි ක්ෂීරපායින්ද, පරවියන් වැනි පක්ෂීන්ද භූමියෙහි චුම්භක ක්ෂේත්‍රයට සංවේදීවේ. නිවසාගමනයෙහි යෙදෙන පරවියන් අනෙකුත් සංවේදනයන්ද සමඟ චුම්භක ක්ෂේත්‍රයෙහි තොරතුරු යාත්‍රණය සඳහා යොදාගන්නේය. පුරෝගාමී පර්යේෂකයකු වන විලියම් කීටම් පෙන්වා දෙනු ලැබූයේ ආලෝකමත් දිනක වේලාව වෙනස් කර යවන ලද නිවස වෙත යන පරවියන්හට නිවැරදි තම ගමන් මගෙහි යෙදිය නොහැකිවූ බවයි. එමගින් පක්ෂීහු හිරුගේ දිශාව මත විශ්වාසය තබන බව පැහැදිලි විය. එසේ වුවද අඳුරු දිනකදී පරවියන්හට යාත්‍රණයෙහි යෙදීමට හැකි විය. මෙම ක්‍රියාව මගින් පක්ෂීන් සූර්යයා ඇති විට හිරුගේ දිශාව මතත්, සූර්යයා නොමැති විට චුම්භක ක්ෂේත්‍රයන්ගෙන් තොරතුරු ලබාගන්නා බවටත් ගෙනහැර දැක්වීමට හැක. මෙය චුම්භක යොදාගනිමින් කල පර්යේෂන මගින් වඩාත් තහවුරු කර ඇත. එහිදී අඳුරු දිනෙක චුම්භක ක්ෂෙත්‍රයෙහි බධා ඇති කල විට පරවියන් මග සොයා ගැනීමට අපොහොසත් වී ඇත.

මාර්ග සංකලනය[සංස්කරණය]

මාර්ග සංකලනය

සතුන්ගේ නිශ්චිත ගණන් බැලීම නොහොත් මාර්ග සංකලනය කිරීම කිරිම ලෙස හදුන්වන්නේ වෙනත් දෘෂ්ටි හෝ භාහිර මංසලකුණු සම්බන්ද කිරීමකින් තොරව ශරීරයේ සංවේදි ඉන්ද්‍රිය ප්‍රභව මගින් විවිධ උත්තේජන එකිනෙක සමග ක්‍රියා කිරීමෙන් ඍජු නොවු මගක් ඔස්සේ නොනවත්වා ගමන් කිරිමේදි යම් ස්ථානයක්, දන්නා ආරම්භක ස්ථානයකට සාපේක්ෂව නිගමනය කිරීමයි. ජ්‍යාමිතිය භාවිතයෙන් සිදුකලයුතු වන්නේ, යම් ආරම්භක ස්ථානයක සිට පවතින මර්ගයක් ඔස්සේ වැටි ඇති සියලු දෛශික එකතු කිරීම මගින් ආරම්භක ස්ථානයට අදාල දෛශිකය ගණනය කිරිම වේ.

ඩාර්වින් විසින් 1873 දි පලකරන ලද "Origins of Certain Instincts" කාලයේ සිටම මග එකතු කිරීම කුහුබූන්,සෙමෙන් වැඩෙන හා පක්ෂින් වැනි සතුන්ගේ යාත්‍රණය සඳහා බෙහෙවින් වැදගත් වු බව පෙනීයයි. පෙර සඳහන් කල පරිදි දෘෂ්ටි හෝ වෙනත් බාහිර මංසලකුනු නොමැති විටක, තවද වළාකුලින් බර රාත්‍රි කාලයක, විවෘත සාගර කලාපයක් හෝ සාපේක්ෂව අපැහැදිලි කාන්තාර වැනි ප්‍රදේෂ හරහා සතුන් යාත්‍රණයේ යෙදෙන විට මග එකතු කිරිම මේ මොහොතේ සිටින ස්ථානය හඳුනා ගැනිම සඳහා ශරිර උත්තේජන භාවිතා කිරිම මත රඳා පැවතිය යුතුය

Wehner ව්සින් "Sahara desert ant " හි කරන ලද අධ්‍යයනයන්ට අනුව ඵලදයි මග එකතු කිරීම මගින් දිශා ශිර්ෂය ( ධ්‍රැවිත ආලෝකය හෝ සුර්යයාගේ පිහිටිම ) හා දුර ප්‍රමණය ගණනය කිරීම නිවැරදිව සිදු කල හැකි බව පෙන්නුම් කරයි ( පාද චලනය හෝ ප්‍රකශ ගලා ප්‍රවහය අධික්ෂනය කිරිමේන් )

ක්ෂීරපායීන සතුන් මාර්ග එකතු කිරීම සඳහා vestibular ඉන්ද්‍රියන් භාවිතා කරනු ලබන අතර එමගින් අක්ෂ තුනටම අදාල ත්වරණය අනාවරණය කරගනු ලබයි, එමෙන්ම උත්තේජන, ඉන්ද්‍රියන්ගේන් බැහැරට චලනය කිරීම මගින් චාලක පද්ධතියේ, කුමන කොටසක සංචලනය සිදුවුයේද යන්න පිළිබඳ මොලයේ අනෙකුත් කොටස් දැනුවත් කිරිම සිදුකරනු ලබයි. සමහර අවස්ථාවන්හිදී පරාවර්තිත තරංඟ හා magnetoception වැනි සංවේදක මගින් ද තොරතුරු එකතු කරගන්නා සත්ව කොටස් දැකිය හැක. මොලයේ මතකයන් හා ඉච්ඡාගත ක්‍රියා ආදිය මෙහෙයවන කොටස මගින් අවකාශය තුල ක්ෂීරපායීන් සත්වයෙකුගේ සපේක්ෂ පිහිටිම කේතංකනය සඳහා රේඛිය හා කොණික චලනයන් එක් කිරිම සිදුකරනු ලබයි.


වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

<references> http://www.bioone.org/doi/abs/10.1641/B570206

  1. 1 Dingle, Hugh; Drake, V. Alistair (2007). "What is migration?". BioScience 57: 113–121. doi:10.1641/B570206.

[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සත්ව_යාත්‍රණය&oldid=391691" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි