සත්ත්‍වපාලන කම්හල්

විකිපීඩියා වෙතින්


මස් පිණිස බ්‍රෝයිලර් කුකුලන් මහ පරිමාණයෙන් ඇති කරන ගොවිපොලක්.

කම්හල් වගා කිරීම යනු ගොවි පල සතුන් රැදවුමක් තුළ අධිගබඩා කිරීමේ ඝණත්වයකින් යුතුව ඇති කිරීමයි. සමහරක් විට මෙම වදන කම්හල් කොටස් ලෙස ගොවිපල සතුන් භාවිතය හැදින්වීමට යොදා ගනී. (විහේෂයෙන් කෘෂි වෙළදාමෙදී කර්මාන්තමය වගා කිරීම් වලදී)

අධි ගබඩා කිරීමේ ඝණත්වයකින් යුත් රැදවුම් යනු ආර්ථිකය, නූතන යන්ත්‍රෝප කරණ ජෛව තාක්ෂණය හා ලෝක වෙළදාම මත රදා පවතින අඩු වියදමක් යටතේ වැඩි ප්‍රතිදානයක් ලබා ගැනීමට උත්සාහ කරන ක්‍රමානුකූල උත්සාහයට එක් කොටසකි. අධි ගබඩා කිරීමේ ඝණත්වයකින් යුත් රැදවුම් වලට මෙම අධික තද බදයකින් යුත් ජීවන තත්ත්ව වල රෝග පැතිරීම වැළැක්වීම සදහා පලිබෝධ නාශක හා ප්‍රතිජීවක භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. ලොව පුරා කම්හල් වගා කිරීම් තාක්ෂණික ක්‍රම විවිධ‍කාර වලින් සිදු වෙයි.

කම්හල් වගා කිරීමේ වාසි හා අන්තරායන් පිළිබද අදටත් යම් විවාදයක් පවතියි. මෙම ගැටලුවට ආහාර නිෂ්පාදනයේ කාර්යක්ෂ්‍යමතාවය, සත්ත්ව සුභසාධන, දිනෙන් දින වැඩිවන ගෝලීය මනුෂ්‍ය ජනගහණයට ආහාර ලබාදීම අත්‍යවශ්‍ය ද යන්න, පාරිසරික බලපෑම හා සෞඛ්‍ය මය අවදානම ඇතුළත් වෙයි. එවකට ජර්මානු ජනාධිපති වෙයි. ජර්හාඩ් ශෘඩර් යුරෝපයේ BSE අර්බුදයට (මෙය අධි ගබඩා කිරීමේ ඝණත්වයකින් යුත් ඇසුරුම් නිසා ඇති වුවක් නොව අඩු වියදම් සදහා ගොවිපල සතුන්ට කෘතිම ආහාර සැපයීම නිසා ඇති වු තත්ත්වයකි) ප්‍රතිචාරයක් ලෙස වසර 2000 දී කම්හල් වගාකිරීම් ක්‍රම ගැන නැවත සිතා බලන ලෙස ප්‍රකාශ කර සිටියේය. මනුෂ්‍ය සෞඛ්‍යයට වන අවධානම විද්‍යාඥයන්ගේ සැලකිල්ලට බදුන් වු කාරණාවක් බවට පත්විය.

UN හා OIE තක්සේරු කළේ එළඹෙන දශකයේදී,  දියුණු වන රටවල වගාකර ඇති දියුණු වන රටවල මස් කම්හල් වල අතිරේඛ පාරිභෝජකයන් බිලියනයක් පමණ වනු ඇති බව හා එනමුත් සත්ත්ව රෝග වලින් පැන නැඟෙන සෞඛ්‍ය අර්බුද වලට ප්‍රතිචාර දැක්වීම සදහා ප්‍රමාණවත් තරම් ධාරිතාවයක් ඇත්තේ ලෝකයේ රටවල් 200 න් 40 කට පමණක් බවයි. ගෝලීය කරණය මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්කළ අතර ප්‍රතිජීවක පුළුල්ව භාවිතා කිරීම මගින් දන්නා මිනුම් සදහා වසංගත ප්‍රතිරෝදයක අවස්ථාව වැඩි කරයි. අඩුවන ලද ජාන විවිධත්වය ආහාර අර්බුදයේ අවස්ථා වැඩි කරලයි. ලෝක බැංකුව, UN හා සත්ත්ව සෞඛ්‍ය සදහා වු ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ OIE යන සියල්ල ආහාර ආරක්ෂණය, සතුන් සම්බන්ධ සේවා, ඇසුරුම් කිරීම් හා ප්‍රවාහණය සම්බන්ධයෙන් විවිධ මට්ටම් වලින් එක්ව ක්‍රියා කරනු ලබයි.

ඉතිහාසය[සංස්කරණය]

18 වන සියවස අතරතුරදි කෘෂිකර්මාන්තය විසින් වඩාත් ත්‍රීව්‍ර ක්‍රම උකහා ගන්නා ලදී. මෙම නිෂ්පාදනයේ වැඩිවීම හොදින්ම ලාක්ෂණය කරණය වුයේ කෘෂිකාර්මික විප්ලවය මගිනි. එහිදි ගොවිතැන් කිරීම් තාක්ෂණික ක්‍රම වල වැඩිදියුණු කිරීම් සැලකිය යුතු ලෙස වැඩි වු ඵලදාවක් කරා මග එලි පෙහෙලි කරළ අතර කාර්මික විප්ලවය අතරතුරදී ජනගහනය නාගරී කරණය වීමට සහය ලබාදුනි.

19 වන සියවසේ පසුභාගයේදී ආරම්භ වු කෘෂිකර්මාන්තමය නව හදුන්වාදීම් මගින් අනෙකුත් කර්මාන්තයන්හි විශාල නිපදවීම් වල දියුණු වීම් සමග කෘෂිකර්මය සමාන කරන කරවන ලදී. ශාක නිෂ්පාදනයේ අත්‍යවශ්‍ය සාධක ලෙස නයිට්‍රජන් හා පොස්පර්ස් හදුනා ගැනීම මගින් කෘතිම පොහොර නිෂ්පාදනයට බමග පෑදු අතර එමගින් කෘෂිකර්මාන්තයේ තවත් ත්‍රීව්‍ර ආකාර නිර්මාණය කරන ලදී. 20 වන සියවසේ පළමු දශක දෙක තුනදී විටමින් හා සත්ත්ව පෝෂණයේ එහි කාර්යය භාර්යය හදුනා ගැනීම විටමින් සපායාදීම් වලට මග පාදා දුන් අතර එමගින් 1920 දශකයේදී සමහරක් පශු සම්පත් ගෘහස්ථව සෑදීමට ඉඩ ලබාදුනි. ප්‍රතිජීවක හා එන්නත් හදුන්වාදීම මගින් රෝග අවම කිරීමේ පහසුකම සැලසුන නිසා පශු සම්පත් විශාල ප්‍රමාණ වලින් සෑදීමේ පහසුකම ඇතිවෙයි. දෙවන ලෝක යුද්ධයේ භාවිතය සදහා වැඩි දියුණු කරන ලද රසායනික ද්‍රව්‍ය කෘතිම පලිබෝධ නාශක වලට මග විවරකර දුනි. නාවුක ජාල හා ත්ක්ෂණික ක්‍රම වල දියුණු වීම් මගින් කෘෂිකාර්මික නිෂ්පාදන විශාල දුරවල් හරහා බෙදාහැරීමට ඉඩ පහසුකම් සලසා ඇත.

BBC සේවයට අනුව, ආනයනික මස් පිලිබද බ්‍රිතාන්‍යයේ විශ්වාසය අඩුකිරීම සදහා නව තාක්ෂණික ක්‍රම හදුන්වාදීම මගින් ගොවීන් උනන්දු කිරීම සදහා 1947 දී නව කෘෂිකාර්මික පනතක් මගින් සහනාධාර ලබාදීමත් සමග බ්‍රිතාන්‍යයේ කර්මාන්තශාලා ගොවිතැන් කිරීම් ආරම්භ විය. එක්සත් ජාතීන් කියා සිටින්නේ සත්ත්ව නිෂ්පාදන ත්‍රීව්‍ර කරණය ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත්තේ ආහාර ආරක්ෂණ සපයන මාර්ගයක් ලෙස බවයි. 1964 දී The Guardian හි කෘෂිකාර්මික ලියුම්කරුවා පහත පරිදි ලියන ලදී.

කර්මාන්තශාලා වගාකිරීම්, අප එයට කැමති වුවත් නැති වුවත් අප අතර රැදී සිටිම සදහා පැමිණ ඇත. මෙම රළ ප්‍රවාහය, සත්ත්ව වේදීන්ගේ මාංශික හඩාවැටීම් වලින්, සාම්ප්‍රදායික ගොවිතැන් කිරීමේ ක්‍රම සදහා වන බලපෑම මගින් හෝ ජීවිතයේ ප්‍රාදේශීය ආකාරය සදහා වු භාවාත්මක ප්‍රවේශය මගින් නැවත හැරි නොයනු ඇත. ආහාර ප්‍රතිසම්පාදනයේ අනාගතය ස්පර්ශ කරමින් ආර්ථික හා දේශපාලනික දියුණූවීම් වල විශේෂිත කොටසක් වු පශු පාලන අංශය මත එතරම් සාර්ථකත්වයක් නොලැබු වර්ෂයක් තුලදී වඩාත් දුරදක්නා අයෙකු විසින් ත්‍රීව්‍ර ගොවිතැන් කරණයේ ගොඩනැංවීම ප්‍රධාන දියුණු වීම ලෙස නම් කරනු ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Factory_farming

"https://si.wikipedia.org/w/index.php?title=සත්ත්‍වපාලන_කම්හල්&oldid=472436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි