සතර සම්මප්මදාන වීර්යය
"සතර සම්‍යක් ප්‍රදාන"
නූපන් අකුසල නූපදවීමට කරනු ලබන වීර්යය
අප සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 ක් මුළුල්ලේ දේශනා කොට වදාළ සම්පූර්ණ ධර්මය ඇතුළත් වන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ටයි. මේ අතරින් අපි ඔබට මින් පෙර සතර සතිපට්ඨානය විස්තර වශයෙන් කියා දුන්නා. මෙහි දෙවැනි කොටස වන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයට අයත් කොටස් සතර මෙතැන් සිට ඉදිරියට විස්තර කරනවා. එයට අයිති වන්නේ නූපන් අකුසල් ධර්මයන් නූපදවීම පිණිස කරනු ලබන වීර්යය, උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කරන වීර්යය, නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කරන වීර්යය, උපන් කුසල ධර්මයන් වැඩි දියුණු කර ගැනීම පිණිස කරන වීර්යය කියන කරුණුයි.
ඒ කරුණු හතර තුළින් මුලින් ම ඇති, නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිණිස කරනු ලබන වීර්යය පිළිබඳවයි ඔබට කියා දෙන්නේ. ඔබ තුළ මේ සඳහා වැඩි කැමැත්තක් තිබිය යුතුයි. එය වීර්යයෙන් ආරම්භ කළ යුතුයි. නොපසුබට උත්සාහයත්, උනන්දුවත් ඒ සඳහා තිබිය යුතුයි.
මේ තුළින් කතා කිරීමට බොහෝ කරුණු තිඛෙනවා. ඒ අතුරින් තෝරාගත් කරුණු කීපයක් ඔබට කියා දෙනවා. නූපන් අකුසල ධර්මයන් නූපදවා ගැනීම සඳහා ඔබ තුළ ඇති කර ගත යුතුයි සීලය. සීලය තුළ ඔබ පිහිටා නැත්නම් මේ ධර්ම මාර්ගය තුළ ඔබට ගමන් කළ නොහැකියි. කුඩා වරදට පවා බිය දකිමින් සමාදන් වන සිල් පදවල මනාව හික්මියි යුතුයි. සීලය යනු කුසලයකි. එය ඉලක්ක වී තිඛෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයටයි. ඔබ සීලසම්පන්න විය යුත්තේ අකුසලයන් ප්‍රහාණය කිරීමටයි. තමා සමාදන් වූ සිල් පදයන් කැඩෙන විට සිහිය පිහිටුවා ගත යුතුයි. මම සිල් සමාදන් වූයේ සිල් රැකීමටයි කියන අධිෂ්ඨානයට පැමිණිය යුතුයි.
සතෙක් මරන්න යෙදෙන අවස්ථාවක එය නොකර සිටිය යුතුයි. බොරුවක් කියන්න යෙදෙන විටත්, එය නොකර සිටිය යුතුයි. උත්සහයෙන්, වීර්යය තුළින් සීලය ආරක්ෂා කළ යුතුයි. තමාට මරණය හිමි වූවත් තව කෙනෙකුගේ ප්‍රාණය නැති කිරීමට චේතනාවක් ඇති කරගැනීම අකුසලයක්. සිල් පද ආරක්ෂා කිරීම තමා ගේ ජීවිතයට රැකවරණයක්. එවිට ඔහුගේ ජීවිතය තුළ හට නොගත් අකුසල් ධර්ම කිසියම් ආකාරයකින්වත් හටගන්නේ නැහැ. ඒ තමයි සීලය.
දෙවැනි කාරණය ඉන්ද්‍රිය සංවරය. නූපන් අකුසල ධර්මයන් නූපදවා ගැනීමට ඉන්ද්‍රිය සංවරයක් ඉතා අවශ්‍යයි. භාග්‍යවතුන් වහන්සේ වදාළා ශ්‍රාවකයා ඇසට පෙනෙන රූප තුළින් නිමිති ගන්නේ නැහැ. අනු නිමිති ගන්නේ නැහැ. ඇස අසංවර වන විට හිතේ යම් දෝමනස්සයක්, පසුතැවීමක් ඇති වීමට ඉඩ තිඛෙනවා. එය වළක්වා ගැනීම සඳහායි ඉන්ද්‍රිය සංවරය අපට අවශ්‍ය වන්නේ. කණින් අසන ශබ්දයටත් ඔහු නිමිති, අනු නිමිති ගන්නේ නැහැ. නාසයට දැනෙන ගඳ සුවඳටත්, දිවට දැනෙන රසයටත්, කයට දැනෙන පහසටත්, ඔහු නිමිති අනු නිමිති ගන්නේ නැහැ. තමා දුටු ඒ රූපයේ යථා ස්වභාවය ඔහු දකිනවා. එය අනිත්‍ය වූ දෙයක් කියලා නුවණින් විමසනවා. ඇසේ ඇතිවන විඤ්ඤාණයත්, ඇසයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවෙලා හැදෙන ඇසේ ස්පර්ශයත්, ස්පර්ශය තුළින් හටගන්නා වේදනාවත් අනිත්‍ය ස්වභාවයට අයත් දෙයක් ලෙස ආර්ය ශ්‍රාවකයා අවබෝධ කර ගන්නවා.
නමුත් සාමාන්‍ය කෙනෙක් ඊට වෙනස්. ඔහු ඊට වෙනස්. ඔහු ඇසට ප්‍රිය රූපයක් දුටු විට ඒ රූපයේ නිමිති අරගෙන ඇසෙන් දුටු රූපය ඔස්සේ සිතලා නූපන් රාගය ඇති කර ගන්නවා. ඒ වගේම නූපන් ද්වේෂයක් සිතේ ඇති කරගනු ලබනවා. හට නොගත් මුළාවටත් මොහුගේ සිත පත්වෙනවා. පෘතග්ජනයාගේත්, ආර්ය ශ්‍රාවකයාගේත් වෙනස එයයි. ඇසට දකින රූපයට බැෙඳන්න ගියොත්, කණට ඇසෙන හැම ශබ්දයම තමා තුළට ගත්තොත්, නාසයට දැනෙන හැම සුවඳකට ම ප්‍රිය කළහොත්, දිවට දැනෙන හැම රසයකට ම ආශා කළොත්, කයට දැනෙන හැම පහසට ඇලූණොත් ඔබ ගේ ඉන්ද්‍රියන් අසංවරයි. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ඉන්ද්‍රියන් අසංවර කර ගනු ලබන පුද්ගලයන්ගේ අවසානය නිරය හෝ ප්‍රේත ලෝකය කියලා. ඉන්ද්‍රියන් සංවරය කියන්නේ දෑස් පියාගෙන සිටීම නොවේ. දකින රූපය කෙරෙහි නිමිති හෝ අනු නිමිති නොගෙන සිටීමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇති පරිදි ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන මේ ඉන්ද්‍රියන් සංවර කර ගනු ලබනවා නම් ඔහු තුළ නූපන් අකුසල ඉපදීමට අවස්ථාවක් නැහැ. එනිසා ඒ සඳහා කරන වීර්යය තමයි ඉන්ද්‍රිය සංවරය.
නූපන් අකුසල ධර්මයන් නූපදවා ගැනීමට අවශ්‍ය ඊළඟ කරුණු තමයි 'නිදි වැරීම'. නින්දට නිතර නිතර පුරුදු වන පුද්ගලයාටත් මේ ධර්ම මාර්ගයේ ගමන් කළ නොහැකියි. නින්ද කියන්නේ නීවරණයකි. මේ නීවරණය අපි තුළ තිඛෙනවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාදය, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා නීවරණ අපි නොදැනීම අප තුළ වැඩෙනවා. නිදි වර්ජිතව සිටිය යුතුයි කියන දෙයින් අදහස් කරන්නේ නොනිදා සිටීම නොවේ. නින්දේ යම් පාලනයක් කළ යුතුයි. නීවරණ තමාගේ සිතට නොඑන ආකාරයට පාලනය කළ යුතුයි.
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයාට නින්ද පාලනය කිරීමේ ක්‍රම කීපයක් පෙන්වා දී තිඛෙනවා. ඒ තමයි දිවා කාලේ ආර්ය ශ්‍රාවකයා සක්මනෙන් හෝ හිඳගෙන තමාගේ සිතට නීවරණ ඇතුළත් වීමට ඉඩනොදී භාවනා කරනවා, නීවරණ ඇතුළත් වීමට නොදී භාවනා කිරීම, අකුසල් තමා තුළට ඇතුල් නොවීමට කරන වීර්යයක්. ඒ වගේ ම රාත්‍රියේ පළමු යාමයේදී සක්මනෙහි යෙදෙනවා. රාත්‍රී මධ්‍යම යාමයේදී ශ්‍රාවකයා අවදිවන වේලාව සිතේ ධාරණය කරගෙන සැතපෙනවා. මේ සෑම වේලාවකදී ම නීවරණ තමා තුළට ඇතුල් වීමට ඉඩ නොදිය යුතුයි. ඒ වගේ ම රාත්‍රියේ අවසාන යාමයේ පාන්දර අවදි වී නීවරණවලට ඉඩනොදී නැවතත් සක්මන් භාවනා ආදිය කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ නින්ද නිසා අපේ සිත් තුළ නූපන් රාග, ද්වේශ, මෝහ ඇතිවන්න පුළුවනි. එනිසා නිතරම සිහිය පිහිටුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයෙන් නිදිවැරීමේ යෙදී සිටින්න. එවිට සිතේ හට නොගත් යම් අකුසලයන් වේද එය හටගන්නේ නැහැ.
සතරවන කරුණ තමයි ශ්‍රද්ධාව. මෙය අපේ ජීවිතයට බොහෝ ම ප්‍රයෝජනවත් කාරණයක්. යම් කෙනෙක් තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි, ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවක් නොමැති නම් ඔහුගේ සිත නිරන්තරයෙන් අකුසලයන්ට යොමු වෙන්න පුළුවන්. නූපන් අකුසල ධර්මයන් නූපදවා ගැනීමට වීර්යය කරන කෙනෙක් ඒකාන්තයෙන් ම තෙරුවන් සරණ ගිය පුද්ගලයෙක් විය යුතුයි.
නූපන් අකුසල් නූපදනා ගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාවකයා නිතරම ප්‍රත්‍යවේක්ෂාව (නුවණින් සැලකීම) කළ යුතුයි කියා උන්වහන්සේ 'ඨාන සූත්‍රයේ' දී එය විස්තර වශයෙන් අපට කියා දෙනවා.
නිතරම ශ්‍රාවකයා කරුණු සතරක් ඔස්සේ ප්‍රත්‍යවේක්ෂාව කළ යුතුයි. ඒ තමයි මම ජරාවට පත් වෙන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක් කියා සිහිකළ යුතුයි. එවිට ඔහු තරුණ මදය හෙවත් තාරුණ්‍ය නිසා ඇතිව මාන්නය ඔහු කෙරෙහි ගිලිහී යනවා.
දෙවනි කරුණ තමයි මම ලෙඩ වන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක් කියා නිතර නිතර මෙනෙහි කරනවා. එවිට මොහු තුළ යම් ආරෝග්‍ය මදයක් තිබුණා නම් එය නැති වී යනවා. තමා නීරෝගීයි කියලා යම් කෙනෙක් සිතුවොත් එයාගේ සිතේ නොයෙක් අකුසල් ඇතිවන්න පුළුවන්. එයත් නූපන් අකුසල් නූපදවීම පිණිස කරන වීර්යයකි. තුන්වැනි කාරණය තමයි මම මරණය ඉක්මවා ගිය කෙනෙක් නොවේ කියලා නිතර නිතර සිහි කළ යුතුයි. එවිටත් ඔහු තුළ අකුසල් හට ගන්නේ නැහැ.
සතරවැනි කරුණු තමයි ඔහු නිතර නිතර සිතනවා මම කර්මය ඤාතියා කරගෙන ඉන්නේ, කර්මය දැවැද්ද කරගෙන ඉන්නේ, ඒකාන්තයෙන් ම කුසල්, අකුසල් මා කරා එනවා කියලා විශ්වාසයක් ඇති කරගන්නවා. නිතර නිතර මේ කරුණු පුරුදු කරන ශ්‍රාවකයා තුළ නූපන් අකුසල් උපදීමට අවස්ථාවක් නැහැ.
අපි මේ සංසාරෙන් මිදීමට නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත යුතුයි. එවිට මේ සියලූ මුල් අපි තුළින් ගැලවිලා යනවා. ඒ සඳහා අප හට නොගත් අකුසල් වෑයම් කළ යුතුයි. සිත දැඩි කොට ගත යුතුයි. වීර්ය කළ යුතුයි. එවිට ඔබටත්, මටත් ඒකාන්ත වශයෙන් ම මේ සංසාරයෙන් එතෙර විය හැකියි.
- පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සදහම් ලිපි ඇසුරෙනි.