සජීවීකරණ විචල්‍ය (Avar)

විකිපීඩියා වෙතින්


කිසියම් චරිතයක් වැනි සජීවීකරණය කළ වස්තුවක කිසියම් කොටසක පිහිටුම පාලනය කරන විචල්‍යයක් සජීවීකරණ විචල්‍යයක් නම් වේ. උදාහරණයක් ලෙස Pixar සමාගම මගින් නිර්මාණය කළ Toy Story චිත්‍රපටයෙහි අඩංගු Woody නම් චරිතය සදහා මෙවැනි විචල්‍ය 700ක් (මුහුණ සඳහා විචල්‍යයන් 100ක්) අඩංගු විය. රූප රාමුවෙන් රූප රාමුවට අනුයාත සජීවීකරණ විචල්‍ය සමූහයක් චරි‍තයක සියලු චලන පාලනය කරයි. නිෂ්පාදන අවධියේ දී ඒවා සැකිලි ආකෘතියක සන්ධි නිරූපණය සඳහා භාවිතා කෙරේ. පසුව ඒවා සම්පූර්ණ දැලිස් ආකෘතිය හෝ ‍බහුඅස්‍ර මඟින් නිර්මිත ආකෘති‍ය තුළට අන්තර්ගත කෙරේ. අවසානයේ දී පෘෂ්ටයන් එක් කෙරෙන අතර ඒත් සමඟම නිමි දර්ශනය නිෂ්පාදනය සඳහා දීර්ඝ විදැහුම්කරණ ක්‍රියාවලියක් සිදු කළ යුතු වේ.




References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Avar_%28animation_variable%29

"https://si.wikipedia.org/w/index.php?title=සජීවීකරණ_විචල්‍ය_(Avar)&oldid=472419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි