සජීවීකරණය (සිනමා ඉතිහාසය)

විකිපීඩියා වෙතින්

සජීවීකරණය (සිනමා ඉතිහාසය) 1905 වසර වනතුරු සජීවීකරණ තාක්ෂණය සිනමා ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් විය. එඩ්වින් පෝටර් විසින් නිර්මාණය කරන ලද How Jones Lost his Roll සහ The whole Dam family and the Dam Dog සජීවීකරණ අත්දැකීම් සහිත පළමු චිත්‍රපට ලෙස හැඳින්විය හැක. මෙම චිත්‍රපටවල නාමාවලි ඉදිරිපත් කිරීමේදී විසුරුණු අකුරු එක්වී නාමාවලියේ අඩංගු වචන ක්‍රමානුකූලව සෑදීමක් පෙන්නුම් කරයි. මෙය සිදුකරන ලද්දේ එක් රෑපරාමුවක් එක් අවස්ථාවකදී දර්ශණය වෙමින් දර්ශණ දෙකක් අතර වාරයේ අකුරු සුළු ප්‍රමාණයකින් වෙනස් වීමක් දර්ශණය කිරීමෙනි. මෙය ‘තනි රෑපරාමු සජීවීකරණය’ ලෙස හඳුන්වයි. මේ සදහා එක් අවස්ථාවකදී එක් රෑපරාමුවක් පමණක් රෑපගත කළ හැකි විශේෂිත කැමරා භාවිත කළ යුතුවේ. සාමාන්‍ය කැමරාවකින් එක් අවස්ථාවකදී රෑපරාමු අටක් රූගත කරනු ලබයි.

1906 දී ඇල්බට් එඩ්වර්ඩ් ස්මිත් සහ ජේමිස් ස්ටුවර්ට් බ්ලැක්ටන් පසුව මෙම සජීවීකරණ අත්දැකීම තම නිර්මාණයන්ට දායක කර ගත්තේය. ඒ H Phasen of Furmy Face චිත්‍රපටය සඳහාය. මෙහි මිනිසුන්ගේ කාටුන් රූප එක් තැනක සිට තවත් අතකට වෙනස් වීමත් පෙන්වයි. මෙයත් පෝටර් විසින් අකුරු හැසිරවූ ආකාරයටම සිදු කරන ලදී. මෙම චිත්‍රපටයේම ඉතා කුඩා කොටසකදී කාටුන් රූප රාමුවෙන් රාමුවට වෙනස් වෙමින් චලනය වන ආකාරයක් පෙන්වයි. මෙය අද අප දකින සම්මත සජීවීකරණ ක‍ාටුන් වල මුලාරම්භය ලෙස සැලකේ.