සජීවීකරණය
සජීවීකරණය
සජීවීකරණය යනු චිත්‍රපටයක එක් එක් රූපරාමුව වෙන වෙනම නිෂ්පාදනය කිරීමේ ක්රවමවේදයයි. මෙවැනි ක්රරම වේද අතරට පරිගණක මගින් නිර්මිත රූප යොදා ගැනීම, අඳින ලද චිත්ර යක ඡායාරූප ලබාගැනීම හෝ විශේෂයෙන් නිර්මාණය කළ ආදර්ශ ඒකකයක කුඩා වෙනස්කම් සිදුකර විශේෂ සජීවිකරණ කැමරාවකින් එය ඡායාරූප ගත කිරීම යානාදිය අයත්වෙයි. (Claymation සහ stop motion බලන්න) මෙසේ නිර්මාණය කරන ලද රූපරාමු එකට අමුණා තත්පරයටක රූපරාමු 16 ක් හෝ ඊට වැඩි සීඝ්රබතාවයකින් නිරීක්ෂණය කරන විට සන්තතික චලනයක් සිදුවේයැයි හැඟීමක් ඇති වෙයි. (දෘෂ්යල කල්පැවැත්ම හේතුවෙනි) එවන් චිත්රිපටයන් නිර්මාණය කිරීම විශාල වශයෙන් ශ්රoමය වැය වන ඉතා අපහසු ක්රිහයාවලියක් වන නමුත් පරිගණක සජීවීකරණ තාක්ෂණයේ දියුණුව හේතුවෙන් මෙම ක්රියයාවලියේ සීඝ්රහතාවය විශාල ලෙස ඉහළ ගොස් ඇත.
GIF, QuickTime, Shockwave සහ Flash වැනි ගොනු ආකෘති ආධාරය අන්තර් ජාලය හරහා හෝ පරිගණකයක් භාවිතයෙන් සජීවීකරණ නැරඹීම කළ හැක.
සජීවීකරණය වියදම් අධික විශාල කාලයක් ගත වන ක්රිහයාවලියක් වීම හේතුවෙන් රූපවාහිනිය සහ සිනමා මාධ්ය සඳහා නිපදවෙන සජීවීකරණ නිර්මාණ අතුරෙන් බහුතරයක් වෘත්තීය මට්ටමේ සජීවීකරණ චිතරාධිකගාර තුළ නිපදවේ. කෙසේ නමුත් 1950 දශකයේ පටන් ස්වාධීන සජීවීකරණ ක්ෂේත්රරය ක්රිනයාත්මකව පවතී. මෙහිදි ස්වාධීන සජීවීකරණ චිත්රාකගාර තුළ (ඇතැම්විට තනි පුද්ගලයෙකු විසින්) සජිවීකරණ නිර්මාණයන් සිදු කරයි. ස්වාධීන සජිවීකරණ නිර්මාපකයින් කිහිප දෙනෙකුම වෘත්තීය සජීවීකරණ ක්ෂේත්රියට සාර්ථකව ඇතුළත් වී ඇත.
සීමිත සජීවීකරණය යනු කෙටිමන් භාවිතයෙන් සජීවීකරණ ක්රිකයාවලිය නිෂ්පාදන හැකියාව ඉහළ නංවන සහ ඊට සමගාමීව වියදම අවම කරණ සජීවීකරණ ක්රේමවේදයකි. මෙම ක්රතමවේදය මුල්වරට UPA මගින් භාවිතා කළ අතර Hanna Barbera ආයතනය මගින් ප්රාචලිත කරන ලදී. කාටුන් නිර්මාණ සිනමා ශාලාවල සිට රූපවාහිනිය දක්වා පැමීණීමත් සමග අනෙකුත් චිත්රාමගාර විසින් මෙම ක්රAමවේදය භාවිතය අරඹන ලදී.
බොහෝ සජීවීකරණ චිත්රාරගාර වර්තමානය වන විට සිය නිෂ්පාදනයන් සඳහා ඩිජිටල් තාක්ෂණයෙන් භාවිතා කරන නමුත් චිත්රිපටය මත තීරණය වන නිශ්චිත සජීවීකරණ විලාසිතාවන් භාවිත වේ. කැමරා රහිත සජීවීකරණය නම් ක්රතමවේදය නෝමන් මැක්ලරන්, ලෙන් ලයි සහ ස්ටෑන් බ්රැවකේඡ් වැනි චිත්රීපටි නිර්මාපකයන් විසින් ප්ර්චලිත කරන ලද්දකි. එහිදී ඡායාරූප පටල මත සෘජුව චිත්රව ඇඳීම සිදුකරන අතර අනතුරුව එය ප්රාක්ෂේපකයක් හරහා යැවීම සිදු කෙරේ.