Jump to content

සක්ක පඤ්හ සූත්‍රය

විකිපීඩියා වෙතින්

දීඝ නිකාය

[සංස්කරණය]

මහා වග්ගෝ

[සංස්කරණය]

8. සක්‌කපඤ්‌හ සුත්‌තං

[සංස්කරණය]

8. සක් දෙවිඳුගේ පැනයට වදාළ දෙසුම

[සංස්කරණය]

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා මගධේසු විහරති, පාචීනතෝ රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමෝ, තස්සුත්තරතෝ වේදියකේ පබ්බතේ ඉන්දසාලගුහායං. තේන ඛෝ පන සමයේන සක්කස්ස දේවානමින්දස්ස උස්සුක්කං උදපාදි භගවන්තං දස්සනාය. අථ ඛෝ සක්කස්ස දේවානමින්දස්ස ඒතදහෝසි: කහං නු ඛෝ භගවා ඒතරහි විහරති අරහං සම්මාසම්බුද්ධෝති. අද්දසා ඛෝ සක්කෝ දේවානමින්දෝ භගවන්තං මගධේසු විහරන්තං, පාචීනතෝ රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමෝ, තස්සුත්තරතෝ වේදියකේ පබ්බතේ ඉන්දසාලගුහායං. දිස්වාන දේවේ තාවතිංසේ ආමන්තේසි: අයං මාරිසා භගවා මගධේසු විහරති පාචීනතෝ රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමෝ තස්සුත්තරතෝ වේදියකේ පබ්බතේ ඉන්දසාලගුහායං. යදි පන මාරිසා මයං තං භගවන්තං දස්සනාය උපසංකමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධන්ති. ඒවං භද්දන්තවාති ඛෝ දේවා තාවතිංසා සක්කස්ස දේවානමින්දස්ස පච්චස්සෝසුං.

මා විසින් මෙසේ අසන ලදී.එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙහි රජගහ නුවරට නැගෙනහිරින් අම්බසණ්ඩ නම් බ්‍රාහ්මණ ගමක් තිබුණේ ද, එයට උතුරින් වේදියක නම් පර්වතයෙහි ඉන්දසාල ගුහාවෙහි වැඩවසන සේක. එසමයෙහි සක් දෙවිඳුන් හට භාග්‍යවතුන් වහන්සේ ව බැහැදකින්නට උනන්දුවක් ඇතිවූයේ ය. ඉක්බිති සක්දෙවිඳුන්ට මේ අදහස ඇතිවූයේ ය.‘මෙකල අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩ වෙසෙන සේක් ද?’ යි. එවිට සක් දෙව් රජු මගධයෙහි රජගහ නුවරට නැගෙහිරින් පිහිටි අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගමට උතුරු දෙසින් වේදියක පර්වතයෙහි ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිනු දුටුවේ ය. දැක තව්තිසා දෙවියන් ඇමතූහ.“නිදුක්වරුනි, මේ භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි රජගහනුවරට නැගෙනහිරින් වූ අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගමට උතුරු දෙසින් වේදියක පර්වතයෙහි ඉන්දසාල ගුහාවෙහි වැඩවසන සේක. ඉදින් නිදුක්වරුනි, අපි ඒ අරහත් වූ, සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට එළඹෙන්නෙමු නම් ඉතා යහපති.”“එසේ ය, පින්වතුන් වහන්සැ” යි ඒ තව්තිසාවැසි දෙවියෝ සක්දෙව් රජුට පිළිතුරු දුන්නාහු ය.

2. අථ ඛෝ සක්කෝ දේවානමින්දෝ පඤ්චසිඛං ගන්ධබ්බදේවපුත්තං ආමන්තේසි: “අයං තාත පඤ්චසිඛ භගවා මගධේසු විහරති, පාචීනතෝ රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමෝ, තස්සුත්තරතෝ වේදියකේ පබ්බතේ ඉන්දසාලගුහායං. යදි පන තාත පඤ්චසිඛ මයං තං භගවන්තං දස්සනාය උපසංකමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධන්ති.” “ඒවං භද්දන්තවා”ති ඛෝ පඤ්චසිඛෝ ගන්ධබ්බදේවපුත්තෝ සක්කස්ස දේවානමින්දස්ස පටිස්සුත්වා බේලු‍වපණ්ඩුං වීණං ආදාය සක්කස්ස දේවානමින්දස්ස අනුචරියං උපාගමි. අථ ඛෝ සක්කෝ දේවානමින්දෝ දේවේහි තාවතිංසේහි පරිවුතෝ පඤ්චසිඛේන ගන්ධබ්බදේවපුත්තේන පුරක්ඛතෝ. සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, ඒවමේව දේවේසු තාවතිංසේසු අන්තරහිතෝ මගධේසු පාචීනතෝ රාජගහස්ස, අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමෝ, තස්සුත්තරතෝ වේදියකේ පබ්බතේ පච්චුට්ඨාසි.

ඉක්බිති සක්දෙව් රජු පඤ්චසිඛ නම් ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා ඇමතුවේ ය. “දරුව, පඤ්චසිඛයෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි රජගහනුවරට නැගෙනහිරින් වූ අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගමට උතුරු දෙසින් වේදියක පර්වතයෙහි ඉන්දසාල ගුහාවෙහි වැඩවසන සේක. ඉදින් දරුව පඤ්චසිඛයෙනි, අපි ඒ අරහත් වූ, සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට එළඹෙන්නෙමු නම් ඉතා යහපති.”“එසේ ය, පින්වතුන් වහන්සැ” යි ඒ පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා සක්දෙව් රජුට පිළිතුරු දී බේලුවපණ්ඩු වීණාව ගෙන සක් දෙවිඳුන් අනුව යමින් පිටත් වූයේ ය.එකල්හී ශක්‍ර දේවේන්ද්‍රයෝ තව්තිසා දෙවියන් පිරිවරා පඤ්චසිඛ දිව්‍යපුත්‍රයා විසින් පෙරටු කොට ගන්නා ලද්දාහු බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දික් කරන්නේ යම් සේ ද, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම තව්තිසා දෙව්ලොවින් නොපෙනී ගොස්, මගධයෙහි රජගහ නුවරට නැගෙනහිරින් වූ අම්බසණ්ඩ බ්‍රාහ්මණ ග්‍රාමයට උතුරු දෙසින් වූ වේදියක පර්වතයෙහි පහළ වූහ.

3. තේන ඛෝ පන සමයේන වේදියකෝ පබ්බතෝ අතිරිව ඕභාසජාතෝ හෝති අම්බසණ්ඩා ච බ්‍රාහ්මණගාමෝ, යථා තං දේවානං දේවානුභාවේන. අපිස්සුදං පරිතෝ ගාමේසු මනුස්සා ඒවමාහංසු: ආදිත්තස්සු නාමජ්ජ වේදියකෝ පබ්බතෝ ඣායතිස්සු නාමජ්ජ වේදියකෝ පබ්බතෝ, ජලතිස්සු නාමජ්ජ වේදියකෝ පබ්බතෝ, කිංසු නාමජ්ජ වේදියකෝ පබ්බතෝ අතිරිව ඕභාසජාතෝ අම්බසණ්ඩා ච බ්‍රාහ්මණගාමෝ”ති සංවිග්ගා ලෝමහට්ඨජාතා අහේසුං. අථ ඛෝ සක්කෝ දේවානමින්දෝ පඤ්චසිඛං ගන්ධබ්බදේවපුත්තං ආමන්තේසි: දුරුපසංකමා ඛෝ තාත පඤ්චසිඛ තථාගතා මාදිසේන, ඣායී ඣානරතා, තදන්තරපටිසල්ලීනා. යදි පන ත්වං තාත පඤ්චසිඛ භගවන්තං පඨමං පසාදෙය්‍යාසි, තයා තාත පඨමං පසාදිතං පච්ඡා මයං තං භගවන්තං දස්සනාය උපසංකමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධන්ති.” “ඒවං භද්දන්තවා”ති ඛෝ පඤ්චසිඛෝ ගන්ධබ්බදේවපුත්තෝ සක්කස්ස දේවානමින්දස්ස පටිස්සුත්වා බේලු‍වපණ්ඩුවීණං ආදාය යේන ඉන්දසාලගුහා තේනුපසංකමි. උපසංකමිත්වා එත්තාවතා මේ භගවා නේව අතිදූරේ භවිස්සති න අච්චාසන්නේ සද්දඤ්ච මේ සොස්සතී’ති ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ පඤ්චසිඛෝ ගන්ධබ්බදේවපුත්තෝ බේලු‍වපණ්ඩුවීණං අස්සාවේසි. ඉමා ච ගාථා අභාසි බුද්ධූපසංහිතා ධම්මූපසංහිතා සංඝූපසංහිතා අරහන්තූපසංහිතා කාමූපසංහිතා.

එසමයෙහි වේදියක පර්වතය ත්, අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගම ත් අතිශයින් ම බැබලී ගියේ ය. එසේ වූයේ ඒ දෙවියන්ගේ දේවානුභාවයෙනි. එවිට අවට ගම්වැසි මිනිස්සු මෙසේ කීවාහු ය.“අද නම් වේදියක පර්වතය ගිනි ඇවිලී ගිය කලක් වැනි නොවැ! අද නම් වේදියක පර්වතය ගින්නෙන් දැවෙනවා වැනි නොවැ! අද නම් වේදියක පර්වතය ගින්නෙන් දිලිහී ගිය කලක් වැනි නොවැ! අද කුමක් නම් නිසා වේදියක පර්වතය ත්, අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගම ත් මෙතරම් අතිශයින් බබලන්නේ ද?” යි විස්මයෙන් ඇලලී ගොස් සිරුරු ලෝමයෝ කෙලින් වී ගියහ.ඉක්බිති සක් දෙවිඳු පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා ඇමතුවේ ය.“දරුව, පඤ්චසිඛයෙනි, ධ්‍යාන වඩන, ධ්‍යානයෙහි ඇලුණු, මේ දැන් භාවනාවෙන් වැඩවසන තථාගතයන් වහන්සේලා වනාහී මා වැනි උදවිය විසින් දුක සේ එළැඹිය යුත්තාහු ය. ඉදින් දරුව, පඤ්චසිඛයෙනි, ඔබ පළමු කොට භාග්‍යවතුන් වහන්සේ ව පහදවන්නෙහි නම්, දරුව, ඔබ විසින් පළමුව පහදන ලදුව පසුව අපි අරහත් වූ සම්මා සම්බුදු වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ව බැහැදකින්නට එළැඹෙන්නෙමු.”“එසේ ය, පින්වතුන් වහන්සැ” යි පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍ර තෙමේ සක් දෙවිඳුන්ට පිළිවදන් දී බේලුවපණ්ඩු වීණාව ගෙන ඉන්දසාල ගුහාවට එළැඹියේ ය. එළැඹ මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුර ත් නොවන සේක. ඉතා ළඟ ත් නොවන සේක. මාගේ කටහඬ ද අසන සේකැ යි දැන එකත්පස් ව සිට ගත්තේ ය. එකත්පස් ව සිටි පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා බේලුවපණ්ඩු වීණාව වාදනය කළේ ය. බුදුගුණ සහිත වූ, දහම් ගුණ සහිත වූ, සඟ ගුණ සහිත වූ, රහතුන්ගේ ගුණ සහිත වූ, කාමය සහිත වූ මේ ගාථාවන් ද පැවසුවේ ය.

4. වන්දේ තේ පිතරං භද්දේ තිම්බරුං සූරියවච්චසේ,
යේන ජාතා’සි කල්‍යාණී ආනන්දජනනී මම

“සුරියවච්චසාවෙනි, කල්‍යාණියෙනි, මට සිතෙහි ආනන්දය දනවන්නි ය. සොඳුරියේ, යමෙකුන් නිසා ඔබ උපන්නී ද, ඔබගේ පියාණන් වූ ඒ තිම්බරු නැමැති ගාන්ධර්ව රාජයාට වඳිමි.

වාතෝ’ව සේදතං කන්තෝ පානීයං’ව පිපාසතෝ,
අංගීරසී පියාමේ’සි ධම්මෝ අරහතාමිව

ඩහදිය වැගිරෙන කෙනෙකුට සුළඟ ප්‍රිය වන්නේ යම් සේ ද, පිපාසිත කෙනෙකුට සිහිල් පැන් ප්‍රිය වන්නේ යම් සේ ද, රහතන් වහන්සේලාට ධර්මය ප්‍රිය වන්නේ යම් සේ ද, එසෙයින් ම මා හට තී ප්‍රිය වන්නෙහි ය.

ආතුරස්සේව භේසජ්ජං භෝජනං’ව ජිඝච්ඡතෝ,
පරිනිබ්බාපය මං භද්දේ ජලන්තමිව වාරිනා

රෝගියෙකුට බෙහෙත් ප්‍රිය වන්නේ යම් සේ ද, කුසගිනි කෙනෙකුට බොජුන් ප්‍රිය වන්නේ යම් සේ ද, එලෙසින් මා හට තී ප්‍රිය වන්නෙහි ය. ‘සොඳුරියේ, ඇවිලෙන ගින්නක් ජලයෙන් නිවන සෙයින් මා මැනැවින් නිවාලනු මැනැවැ’

සීතෝදකං පොක්ඛරණිං යුත්තං කිඤ්ජක්ඛරේණුනා,
නාගෝ ඝම්මාභිතත්තෝ’ව ඕගාහේ තේ ථනූදරං

ග්‍රීස්මයෙන් පීඩිත ඇත් රජෙකු නෙළුම් රේණුවෙන් ගැවසී ගත් සිහිල් ජලය ඇති පොකුණකට බැසගන්නා ලෙසින් මම ඔබ වෙතට බැසගන්නෙම් දෝ.

අච්චංකුසෝව නාගෝ’ව ජිතම්මේ තුත්තතෝමරං,
කාරණං නප්පජානාමි සම්මත්තෝ ලක්ඛණූරුයා

අංකුසයෙන් මිදී ගිය මද කිපුණු ඇත් රජෙක් ‘කන් පෙති විදින කටුව ත්, පා විදින කටුවත් මා විසින් දිනන ලද්දේ ය’ යි මුලා වී සිතන සෙයින් ඔබගේ සොඳුරු කලවා දැක මත් වූ මම එය දුරු කරනු හැකි කරුණක් නොදකිමි.

තයි ගේධිතචිත්තො’ස්මි චිත්තං විපරිණාමිතං,
පටිගන්තුං න සක්කෝමි වංකඝස්තෝ’ව අම්බුජෝ

ඔබ කෙරෙහි ගිජු වූ සිතින් යුතු වෙමි. මගේ සිත රාගයෙන් පෙරළී ගියේ ය. බිලිය ගිලගත් මත්ස්‍යයෙකු සෙයින් ඔබ කෙරෙහි වූ රාගය අත්හැර ගන්නට නොහැකි ව සිටිමි.

වාමූරු සජ මං භද්දේ සජ මං මන්දලෝචනේ,
පලිස්සජ මං කල්‍යාණි ඒතම්මේ අභිපත්ථිතං

මනා කලවා ඇති සොඳුරියේ, මා වැළඳගත මැනැව. මඳලැස් බැලුම් ඇති තැනැත්තියෙනි, මා වැළඳගත මැනැව. කල්‍යාණියෙනි, මා හාත්පසින් වැළඳගත මැනැව. මා ගැඹුරින් ම පැතුවේ මෙය ම ය.

අප්පකෝ වත මේ සන්තෝ කාමෝ වෙල්ලිතකේසියා,
අනේකභාවෝ සමපාදි අරහන්තේ’ව දක්ඛිණා

ස්වල්ප වූ දානයක් රහතන් වහන්සේ නමකට පූජා කළ විට එහි විපාක අතිමහත් වන සේ බොකුටු කෙස් ඇති ඔබ කෙරෙහි මා සිතෙහි පැවැති ස්වල්ප වූ අදහස දැන් නොයෙක් අයුරින් අතිමහත් ව ගියේ ය.

යම්මේ අත්ථි කතං පුඤ්ඤං අරහන්තේසු තාදිසු,
තම්මේ සබ්බංගකල්‍යාණි තයා සද්ධිං විපච්චතං

අට ලෝ දහමින් කම්පා නොවන රහතන් වහන්සේලා උදෙසා මා විසින් කරන ලද යම් පිනක් ඇද්ද, සකලාංගයෙන් කල්‍යාණියක වූ තැනැත්තිය, මා හට ඒ පින ඔබ හා සමඟ ම ඵලදේවා!

යම්මේ අත්ථි කතං පුඤ්ඤං අස්මිං පඨවිමණ්ඩලේ,
තම්මේ සබ්බංගකල්‍යාණි තයා සද්ධිං විපච්චතං

මේ පොළෝ තලයෙහි මා විසින් කරන ලද යම් පිනක් ඇද්ද, සකලාංගයෙන් කල්‍යාණියක වූ තැනැත්තිය, මා හට ඒ පින ඔබ හා සමඟ ම ඵලදේවා!

සක්‍යපුත්තෝ’ව ඣානේන ඒකෝදි නිපකෝ සතෝ,
අමතං මුනි ජිගිංසානෝ තමහං සූරියවච්චසේ

සුරියවච්චසාවෙනි, මනා සිහියෙන් හා තැනට සුදුසු නුවණින් යුතුව එකඟ සිත් ඇති ව, ධ්‍යාන වඩන, අමෘතය සොයා ගිය මහා මුනිඳුන් වූ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ සෙයින් මම තී සොයා එමි.

යථාපි මුනි නන්දෙය්‍ය පත්වා සම්බෝධිමුත්තමං,
ඒවං නන්දෙය්‍යං කල්‍යාණි මිස්සීභාවංගතෝ තයා

ඒ මුනිඳාණෝ උතුම් අභිසම්බෝධියට පත් ව යම් සේ සතුටු වූ සේක් ද, අනේ...! එසෙයින් ම කල්‍යාණියේ, තී හා එක්වීමට ගොස් මම ත් සතුටු වෙම් නම්,

සක්කෝ චේ මේ වරං දජ්ජා තාවතිංසානමිස්සරෝ,
තාහං භද්දේ වරෙය්‍යාහේ ඒවං කාමෝ දළ්හෝ මම

තව්තිසා දෙවියන්ට අධිපති වූ සක් දෙව්රජාණෝ ඉදින් මට වරයක් දෙන්නාහු නම්, සොඳුරියේ, මම ඒ වරයට තී පතන්නෙමි. මෙසේ ඔබ කෙරෙහි මා තුළ දැඩි වූ ආශාවකි ඇත්තේ.

සාලං’ව න චිරං ඵුල්ලං පිතරං තේ සුමේධසේ,
වන්දමානෝ නමස්සාමි යස්සාසේතාදිසී පජාති

සොඳුරු නුවණැත්තී, බොහෝ කලකට පසු මලින් පිපී ගිය සාල වෘක්ෂයක් බඳු ඔබ වැනි ප්‍රජාව ලද ඒ තිම්බරු ගාන්ධර්ව පිය රජුන් නමදිමි.”

5. ඒවං වුත්තේ භගවා පඤ්චසිඛං ගන්ධබ්බදේවපුත්තං ඒතදවෝච: ‘සංසන්දති ඛෝ තේ පඤ්චසිඛ තන්තිස්සරෝ ගීතස්සරේන ගීතස්සරෝ ච තන්තිස්සරේන. න ච පන තේ පඤ්චසිඛ තන්තිස්සරෝ ගීතස්සරං අතිවත්තති. ගීතස්සරෝ ච තන්තිස්සරං. කදා සංයූළ්හා පන තේ පඤ්චසිඛ ඉමා ගාථා බුද්ධූපසංහිතා ධම්මූපසංහිතා සංඝූපසංහිතා අරහන්තූපසංහිතා කාමූපසංහිතා’ති.

මෙසේ පැවසූ කල්හී භාග්‍යවතුන් වහන්සේ පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයාට මෙය වදාළ සේක.“පඤ්චසිඛයෙනි, ඔබගේ වීණාවෙහි තත්සර ගී හඬට ගැලපී යනවා නොවැ. ගී හඬ ත් තත්සරට ගැලපී යනවා නොවැ. පඤ්චසිඛයෙනි, ඔබගේ වීණාවේ තත්සර ගී හඬ ඉක්ම නොයයි. ගී හඬ තත්සර ඉක්ම නොයයි. පඤ්චසිඛයෙනි, බුදුගුණ සහිත, දහම් ගුණ සහිත, සඟ ගුණ සහිත, රහත් ගුණ සහිත, කාමය සහිත මේ ගාථාවෝ ඔබ විසින් කවරදාක සකසන ලද්දාහු ද?”

ඒකමිදාහං භන්තේ සමයං භගවා උරුවේලායං විහරති නජ්ජා නේරඤ්ජරාය තීරේ අජපාලනිග්‍රෝධ මූලේ පඨමාභිසම්බුද්ධෝ. තේන ඛෝ පනාහං භන්තේ සමයේන භද්දානාම සූරියවච්චසා තිම්බරුනෝ ගන්ධබ්බරඤ්ඤෝ ධීතා තමභිකංඛාමි, සා ඛෝ පන භන්තේ භගිනී පරකාමිනී හෝති. සිඛණ්ඩී නාම මාතලිස්ස සංගාහකස්ස පුත්තෝ තමභිකංඛති. යතෝ ඛෝ අහං භන්තේ තං භගිනිං නාලත්ථං කේනචි පරියායේන, අථාහං බේලු‍වපණ්ඩුවීණං ආදාය යේන තිම්බරුනෝ ගන්ධබ්බරඤ්ඤෝ නිවේසනං තේනුපසංකමිං. උපසංකමිත්වා බේලු‍වපණ්ඩුවීණං අස්සාවේසිං, ඉමා ච ගාථායෝ අභාසිං බුද්ධූපසංහිතා ධම්මූපසංහිතා සංඝූපසංහිතා අරහන්තූපසංහිතා කාමූපසංහිතා.

“ස්වාමීනී, එක් සමයක භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධිය ලද මුල් කාලයෙහි උරුවෙල් ජනපදයෙහි නේරංජරා නදී තෙර අජපාල නුගරුක් සෙවණෙහි වැඩහුන් සේක. ස්වාමීනී, එසමයෙහි මම තිම්බරු ගාන්ධර්ව රජුගේ දියණියක වන භද්‍රා යන නම ලද, සුරියවච්චසාව ලබන්නට පතමින් සිටියෙමි. නමුත් ස්වාමීනී, ඒ නැගණිය වෙනත් කෙනෙකුන් පැතුවා ය. මාතලී රථාචාර්යයන්ගේ සිඛණ්ඩී නම් ගාන්ධර්ව පුත්‍රයෙක් සිටියේ ය. ඕ ඔහු පැතුවා ය. ස්වාමීනී, මම කිසිදු ක්‍රමයකින් ඇය ලබන්නට නොහැකි ව සිටියෙමි. ඉක්බිති මම බේලුවපණ්ඩු වීණාව රැගෙන තිම්බරු ගාන්ධර්ව රජුගේ භවන කරා ගියෙමි. ගොස් බේලුවපණ්ඩු වීණාව වාදනය කළෙමි. බුදුගුණ සහිත, දහම් ගුණ සහිත, සඟ ගුණ සහිත, රහත් ගුණ සහිත, කාමය සහිත මේ ගාථාවන් පැවසුවෙමි.

වන්දේ තේ පිතරං භද්දේ තිම්බරුං සූරියවච්චසේ, යේන ජාතාසි කල්‍යාණි ආනන්ද ජනනී මම. ....(පෙ)....

“සුරියවච්චසාවෙනි, කල්‍යාණියෙනි, මට සිතෙහි ආනන්දය දනවන්නි ය. සොඳුරියේ, යමෙකුන් නිසා ඔබ උපන්නී ද, ඔබගේ පියාණන් වූ ඒ තිම්බරු නැමැති ගාන්ධර්ව රාජයාට වඳිමි.....(පෙ)....

සාලං’ව න චිරං ඵුල්ලං පිතරං තේ සුමේධසේ,
වන්දමානෝ නමස්සාමි යස්සා සේතාදිසී පජාති

සොඳුරු නුවණැත්තී, බොහෝ කලකට පසු මලින් පිපී ගිය සාල වෘක්ෂයක් බඳු ඔබ වැනි ප්‍රජාව ලද ඒ තිම්බරු ගාන්ධර්ව පිය රජුන් නමදිමි.”

6. ඒවං වුත්තේ භන්තේ භද්දා සූරියවච්චසා මං ඒතදවෝච: න ඛෝ මේ මාරිස සෝ භගවා සම්මුඛා දිට්ඨෝ. අපි ච සුතෝ යේව මේ සෝ භගවා දේවානං තාවතිංසානං සුධම්මායං සභායං උපනච්චන්තියා, යතෝ ඛෝ ත්වං මාරිස තං භගවන්තං කිත්තේසි හෝතු නෝ අජ්ජ සමාගමෝති. ‘සෝ යේව නෝ භන්තේ තස්සා භගිනියා සද්ධිං සමාගමෝ අහෝසි, න ච දානි තතෝ පච්ඡා’ති.

ස්වාමීනී, මා මෙසේ පැවසූ කල්හී භද්‍රා නැමැති සුරියවච්චසාවෝ මට මෙය පැවසුවා ය.“නිදුකාණෙනි, මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ව මුණගැසී නැත්තේ ය. එසේ නමුත් තව්තිසා දෙවියන්ගේ සුධර්මා දිව්‍යසභාවෙහි නටන්නා වූ මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ව අසන ලද්දාහු ය. නිදුකාණෙනි, යම් හෙයකින් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කීර්තනය කළෙහි ද, එහෙයින් අද ඔබ මා සමඟ එක්වේවා!”ස්වාමීනී, එදා පමණක් ම ඒ නැගෙණිය සමඟ මාගේ එක්වීම සිදුවූයේ ය. එයින් පසු දැන් එබන්දක් නැත්තේ ය.”

අථ ඛෝ සක්කස්ස දේවානමින්දස්ස ඒතදහෝසි: පටිසම්මෝදති ඛෝ පඤ්චසිඛෝ ගන්ධබ්බදේවපුත්තෝ භගවතා, භගවා ච පඤ්චසිඛේනා”ති.

එකල්හී සක්දෙවිඳුන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර දොඩයි. භාග්‍යවතුන් වහන්සේ ද පඤ්චසිඛ සමඟ පිළිසඳර කථාවෙහි යෙදෙන සේක.

7. අථ ඛෝ සක්කෝ දේවානමින්දෝ පඤ්චසිඛං ගන්ධබ්බදේවපුත්තං ආමන්තේසි: අභිවාදේහි මෙත්ථං තාත පඤ්චසිඛ භගවන්තං: සක්කෝ භන්තේ දේවානමින්දෝ සාමච්චෝ සපරිජනෝ භගවතෝ පාදේ සිරසා වන්දතී’ති.

ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍රයෝ පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා ඇමතූහ.“දරුව පඤ්චසිඛයෙනි, ‘ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ දිව්‍ය අමාත්‍යවරුන් හා පරිවාර දෙව් පිරිස සමඟ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වඳියි’ යනුවෙන් මාගේ වචනය භාග්‍යවතුන් වහන්සේ ව සකසා වඳුව.”

‘ඒවං භද්දන්තවා’ති ඛෝ පඤ්චසිඛෝ ගන්ධබ්බදේවපුත්තෝ සක්කස්ස දේවානමින්දස්ස පටිස්සුත්වා භගවන්තං අභිවාදේසි: ‘සක්කෝ භන්තේ දේවානමින්දෝ සාමච්චෝ සපරිජනෝ භගවතෝ පාදේ සිරසා වන්දතී’ති.

“එසේ ය, පින්වතුන් වහන්සැ” යි පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා සක් දෙවිඳුන්ට පිළිවදන් දී “ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ දිව්‍ය අමාත්‍යවරුන් හා පරිවාර දෙව් පිරිස සමඟ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වඳියි” යි භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කළේ ය.

‘ඒවං සුඛී හෝතු පඤ්චසිඛ සක්කෝ දේවානමින්දෝ සාමච්චෝ සපරිජනෝ, සුඛකාමා හි දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා, යේ චඤ්ඤේ සන්ති පුථුකායා’ති.

“පඤ්චසිඛයෙනි, මෙසේ දිව්‍ය අමාත්‍යවරුන් සහිත, පරිවාර දෙව් පිරිස සහිත, ශක්‍ර දේවේන්ද්‍රයෝ සුවපත් වෙත්වා! දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ මෙන් ම යම් මේ අන්‍ය වූ බොහෝ සත්වයෝ වෙත් ද, ඒ කවුරුත් සැප කැමැත්තෝ ය.

ඒවඤ්ච පන තථාගතා ඒවරූපේ මහේසක්ඛේ යක්ඛේ අභිවදන්ති.

තථාගතයන් වහන්සේලා මෙබඳු මහේශාක්‍ය වූ දෙවියන් ද මේ අයුරින් සතුටින් පිළිගනිති.”

8. අභිවදිතෝ සක්කෝ දේවානමින්දෝ භගවතා ඉන්දසාලගුහං පවිසිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. දේවා පි තාවතිංසා ඉන්දසාලගුහං පවිසිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු. පඤ්චසිඛෝපි ගන්ධබ්බදේවපුත්තෝ ඉන්දසාලගුහං පවිසිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි.

භාග්‍යවතුන් වහන්සේ විසින් සෙත් පතා පිළිගන්නා ලද සක් දෙව් රජු ඉන්දසාල ගුහාවට පිවිස භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තේ ය. තව්තිසාවැසි දෙවියෝ ද, ඉන්දසාල ගුහාවට පිවිස භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්හ. පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා ත් ඉන්දසාල ගුහාවට පිවිස භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තේ ය.

තේන ඛෝ පන සමයේන ඉන්දසාලගුහා විසමා සන්තී සමා සමපාදි, සම්බාධා සන්තී උරුන්දා සමපාදි. අන්ධකාරෝ ගුහායං අන්තරධායි, ආලෝකෝ උදපාදි යථා තං දේවානං දේවානුභාවේන.

එවේලෙහි දෙවියන්ගේ දේවානුභාවයෙන් සම බිම රහිත ඉන්දසාල ගුහාව සමතලා වූයේ ය. වැඩිය ඉඩකඩ නොවූ ඒ ගුහාව බොහෝ සේ ඉඩකඩ ඇති බවට පත්වූයේ ය. ගුහාවෙහි අන්ධකාරය නොපෙනී ගියේ ය. ආලෝකය පහළ වූයේ ය.

අථ ඛෝ භගවා සක්කං දේවානමින්දං ඒතදවෝච: ‘අච්ඡරියමිදං ආයස්මතෝ කෝසියස්ස අබ්භුතමිද ආයස්මතෝ කෝසියස්ස තාව බහුකිච්චස්ස බහුකරණීයස්ස යදිදං ඉධාං ගමනන්ති.’

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුන් ඇමතූ සේක.“මෙය ආයුෂ්මත් කෝසියයන්ගේ ආශ්චර්යයකි! මෙය ආයුෂ්මත් කෝසියයන්ගේ අද්භූතයෙකි! මෙතරම් බොහෝ වැඩ ඇති, මෙතරම් බොහෝ කටයුතු ඇති ව සිට මෙහි පැමිණියේ ය.”

චිරප්පතිකාහං භන්තේ භගවන්තං දස්සනාය උපසංකමිතුකාමෝ. අපි ච දේවානං තාවතිංසානං කේහිචි කේහිචි කිච්චකරණීයේහි බ්‍යාවටෝ ඒවාහං නාසක්ඛිං භගවන්තං දස්සනාය උපසංකමිතුං. ඒකමිදං භන්තේ සමයං භගවා සාවත්ථියං විහරති සළලාගාරකේ. අථ ඛ්වාහං භන්තේ සාවත්ථිං අගමාසිං භගවන්තං දස්සනාය. තේන ඛෝ පන භන්තේ සමයේන භගවා අඤ්ඤතරේන සමාධිනා නිසින්නෝ හෝති.

“ස්වාමීනී, මම බොහෝ කලක පටන් භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට එනු කැමැත්තෙන් සිටියෙමි. එහෙත් තව්තිසා දෙවියන්ගේ නොයෙක් නොයෙක් වැඩකටයුතු හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේ ව බැහැදකිනු සඳහා එන්නට නොහැකි වීමි. ස්වාමීනී, එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සළලාගාර ගඳකිලියෙහි වැඩසිටි සේක. ස්වාමීනී, එකල්හී මම භාග්‍යවතුන් වහන්සේ බැහැදකිනු පිණිස සැවැත් නුවරට ගියෙමි. ස්වාමීනී, එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ එක්තරා සමාධියකින් වැඩහුන් සේක.

භුඤ්ජතී නාම වෙස්සවණස්ස මහාරාජස්ස පරිචාරිකා භගවන්තං පච්චුපට්ඨිතා හෝති පඤ්ජලිකා නමස්සමානා අථ ඛ්වාහං භන්තේ භුඤ්ජතිං ඒතදවෝචං: “අභිවාදේහි මේ ත්වං භගිනි භගවන්තං, සක්කෝ භන්තේ දේවානමින්දෝ සාමච්චෝ සපරිජනෝ භගවතෝ පාදේ සිරසා වන්දතී”ති. ඒවං වුත්තේ භන්තේ සා භුඤ්ජතී මං ඒතදවෝච: ‘අකාලෝ ඛෝ මාරිස භගවන්තං දස්සනාය, පටිසල්ලීනෝ භගවා’ති. “තේන හි භගිනි යදා භගවා තම්හා සමාධිම්හා වුට්ඨිතෝ හෝති අථ මම වචනේන භගවන්තං අභිවාදේහි. සක්කෝ භන්තේ දේවානමින්දෝ සාමච්චෝ සපරිජනෝ භගවතෝ පාදේ සිරසා වන්දතී”ති.

වෛශ්‍රවණ දෙව්මහරජුගේ භූඤ්ජතී නම් පාදපරිචාරිකාව දොහොත් මුදුන් දී වැඳගෙන භාග්‍යවතුන් වහන්සේට ඉදිරියෙන් සිටියා ය. එකල්හී ස්වාමීනී, මම භුඤ්ජතියට මෙසේ කීවෙමි.“නැගණියෙනි, ‘ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ අමාත්‍ය දෙවිවරුන් සහිත ව, පිරිවර දෙව් පිරිස සහිත ව, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වඳින්නේ ය’ කියා ඔබ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ව සකසා වන්දනා කරව” යි.ස්වාමීනී, මා එසේ කී කල්හී ඒ භුඤ්ජතිය මට මෙසේ කීවා ය.“නිදුකාණෙනි, භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට කාලය නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ භාවනාවෙන් වැඩවෙසෙන සේක.”

“කච්චි මේ සා භන්තේ භගිනී භගවන්තං අභිවාදේසි, සරති භගවා තස්සා භගිනියා වචනන්තී?” “අභිවාදේසි මං සා දේවානමින්ද භගිනී, සරාමහං තස්සා භගිනියා වචනං. අපි චාහං ආයස්මතෝ ච නේමිසද්දේන තම්හා සමාධිම්හා වුට්ඨිතෝ”ති.

“එසේ වී නම් නැගණිය, භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක ඒ සමාධියෙන් නැගිටින සේක් ද, එකල්හී මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ව සකසා වන්දනා කරව. ‘ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ අමාත්‍ය දෙවිවරුන් සහිත ව, පිරිවර දෙව් පිරිස සහිත ව, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වඳින්නේ ය’ යි.ස්වාමීනී, කිම? ඒ නැගණිය මා වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කළා ද? භාග්‍යවතුන් වහන්සේ ඇගේ වචනය සිහි කරන සේක් ද?”“දේවේන්ද්‍රයෙනි, ඒ නැගණිය මා හට සකසා වන්දනා කළා ය. මම ඒ නැගණියගේ වචනය සිහි කරමි. එනමුදු ආයුෂ්මතුන්ගේ රථයෙහි නිම්වළලු හඬ ත් සමඟ ම මම ද ඒ සමාධියෙන් නැගී සිටියෙමි.”

“යේ තේ භන්තේ දේවා අම්හේහි පඨමතරං තාවතිංසකායං උපපන්නා, තේසං මේ සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං: “යදා තථාගතා ලෝකේ උප්පජ්ජන්ති අරහන්තෝ සම්මාසම්බුද්ධා, දිබ්බා කායා පරිපූරන්ති හායන්ති අසුරකායා’ති, තං මේ ඉදං භන්තේ සක්ඛිදිට්ඨං යතෝ තථාගතෝ ලෝකේ උප්පන්නෝ අරහං සම්මාසම්බුද්ධෝ, දිබ්බා කායා පරිපූරන්ති, හායන්ති අසුරකායාති. ඉධේව භන්තේ කපිලවත්ථුස්මිං ගෝපිකා නාම සක්‍යධීතා අහෝසි බුද්ධේ පසන්නා ධම්මේ පසන්නා සංඝේ පසන්නා සීලේසු පරිපූරකාරිනී. සා ඉත්ථිත්තං විරාජෙත්වා පුරිසත්තං භාවෙත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නා දේවානං තාවතිංසානං සහබ්‍යතං අම්හාකං පුත්තත්තං අජ්ඣුපගතා. තත්‍රපි නං ඒවං ජානන්ති ‘ගෝපකෝ දේවපුත්තෝ ගෝපකෝ දේවපුත්තෝ’ති.

“ස්වාමීනී, අපට කලින් තව්තිසාවෙහි උපන් යම් ඒ දෙවිවරු වෙත් ද, මා විසින් මෙකරුණ ඔවුන් වෙතින් අසන ලද්දේ ය. ඔවුන් වෙතින් පිළිගන්නා ලද්දේ ය. එනම් ‘යම් කලෙක තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයෙහි පහල වෙත් ද, එකලට දෙව්ලොව පිරී යන්නාහ. අසුර ලොව පිරිහී යන්නාහ’ කියා ය. ස්වාමීනී, මෙකරුණ මා විසින් දැන් සියැසින් දකින ලද්දකි. එනම් යම් කලෙක තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයෙහි පහල වෙත් ද, එකලට දෙව්ලොව පිරී යති. අසුර ලොව පිරිහී යති යන කරුණ යි.ස්වාමීනී, මෙහි ම කපිලවස්තුවෙහි ගෝපිකා නමින් ශාක්‍ය දියණියක් සිටියා ය. ඕ බුදුරජුන් කෙරෙහි පැහැදී සිටියා ය. ධර්මය කෙරෙහි පැහැදී සිටියා ය. සංඝයා කෙරෙහි පැහැදී සිටියා ය. සිල් පිරුවා ය. ඕ ස්ත්‍රී බවෙහි ඇල්ම දුරු කොට පුරුෂබව වඩා, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි ඉපදුණා ය. තව්තිසා දෙවියන් අතර ඉපිද අපගේ දිව්‍ය පුත්‍රයෙක් බවට පත්වූවා ය. එහිදී ඔහු ගැන අන්‍ය දෙවිවරු මෙසේ දනිති. ‘ගෝපක දිව්‍ය පුත්‍රයා ය. ගෝපක දිව්‍ය පුත්‍රයා ය’ වශයෙනි.

9. අඤ්ඤේ පි භන්තේ තයෝ භික්ඛූ භගවති බ්‍රහ්මචරියං චරිත්වා හීනං ගන්ධබ්බකායං උපපන්නා. තේ පඤ්චහි කාමගුණේහි සමප්පිතා සමංගීභූතා පරිචාරයමානා අම්හාකං උපට්ඨානමාගච්ඡන්ති අම්හාකං පාරිචරියං. තේ අම්හාකං උපට්ඨානමාගතේ අම්හාකං පාරිචරියං ගෝපකෝ නාම දේවපුත්තෝ පටිචෝදේසි: “කුතෝමුඛා නාම තුම්හේ මාරිසා තස්ස භගවතෝ ධම්මං අස්සුත්ථා අහං හි නාම ඉත්ථිකා සමානා බුද්ධේ පසන්නා ධම්මේ පසන්නා සංඝේ පසන්නා සීලේසු පරිපූරකාරිනී ඉත්ථිත්තං විරාජෙත්වා පුරිසත්තං භාවෙත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නා දේවානං තාවතිංසානං සහබ්‍යතං. සක්කස්ස දේවානමින්දස්ස පුත්තත්තං අජ්ඣුපගතා. ඉධාපි මං ඒවං ජානන්ති ගෝපකෝ දේවපුත්තෝ ගෝපකෝ දේවපුත්තෝති. තුම්හේ පන මාරිසා භගවති බ්‍රහ්මචරියං චරිත්වා හීනං ගන්ධබ්බකායං උපපන්නා දුද්දිට්ඨරූපං වත භෝ අද්දසාම යේ මයං අද්දසාම සහධම්මිකේ හීනං ගන්ධබ්බකායං උපපන්නේ’ති.” තේසං භන්තේ ගෝපකේන දේවපුත්තේන පටිචෝදිතානං ද්වේ දේවා දිට්ඨේව ධම්මේ සතිං පටිලභිංසු කායං බ්‍රහ්මපුරෝහිතං, ඒකෝ පන දේවෝ කාමේ අජ්ඣාවසි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පිළිවෙත් පිරූ අන්‍ය වූ භික්ෂූන් තිදෙනෙක් ද හීන වූ ගාන්ධර්වයන් අතර උපන්හ. ඔවුහු පඤ්චකාම ගුණයන් හා එක්වෙමින්, ඒවායින් සතුටු වෙමින්, ඒවා පිරිවරා වාසය කරමින්, අපට වත් කිරීමට, අපට උපස්ථානයට පැමිණෙති. අපට වත් කිරීමට, අපට උවටැන් කිරීමට ආ ඔවුන්ට ගෝපක නම් දිව්‍යපුත්‍රයා මෙසේ චෝදනා කළේ ය.“නිදුකාණෙනි, ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුවේ කොයි පැත්තට මුහුණ හරවාගෙන ද? මම ස්ත්‍රියක් ව සිටියදී බුදුරජුන් කෙරෙහි පැහැදී, ධර්මය කෙරෙහි පැහැදී, සංඝයා කෙරෙහි පැහැදී, සිල් පිරිපුන් කොට, ස්ත්‍රී බවට ඇති ඇල්ම අත්හැර, පුරුෂබව වඩා, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවට පැමිණියෙමි. තව්තිසා දෙවියන් අතර ඉපිද සක් දෙවිඳුන්ගේ පුත්‍ර ස්ථානය ලැබුවෙමි. මෙහි පවා මාව දන්නේ මෙසේ ය. ‘ගෝපක දිව්‍යපුත්‍රයා ය, ගෝපක දිව්‍යපුත්‍රයා ය’ කියා ය.නිදුකාණෙනි, ඔබ වනාහී භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි පැවිදි ව, පිළිවෙත් පුරා, හීන වූ ගාන්ධර්වයන් අතර උපන්නාහු නොවැ. භවත්නි, අපි එකට සිටි යම් කෙනෙක් හීන වූ ගාන්ධර්වයන් අතර උපන්හයි දකිමු ද, ඒකාන්තයෙන් ම නොදැක්ක යුතු දෙයක් දකිම්හ.”ස්වාමීනී, ඒ ගෝපක දෙව්පුතු විසින් මෙසේ චෝදනා කරනු ලබන ඔවුන් තිදෙනා අතුරින් දෙවිවරු දෙදෙනෙක් එහිදී ම සිහිය උපදවාගෙන, නිවන් මග වඩා එයින් චුත ව බ්‍රහ්ම පුරෝහිතයෙහි උපන්හ. එක් දෙවියෙක් කාමයෙහි රැඳී ගියේ ය.

10. “උපාසිකා චක්ඛුමතෝ අහෝසිං නාමම්පි මය්හං අහු ගෝපිකා ති,
බුද්ධේ ච ධම්මේ ච අභිප්පසන්නා සංඝඤ්චුපට්ඨාසිං පසන්නචිත්තා

‘මගේ නම ගෝපිකා ය. සදහම් ඇස් ඇති බුදුරජුන්ගේ උපාසිකාවක් වුණෙමි. බුදුරජුන් කෙරෙහි ත්, ධර්මය කෙරෙහි ත්, බලවත් පැහැදීමෙන් යුතුව සංඝයාට ද පැහැදුණු සිතින් යුතුව උපස්ථාන කළෙමි.

තස්සේව බුද්ධස්ස සුධම්මතාය සක්කස්ස පුත්තොම්හි මහානුභාවෝ,
මහාජුතීකෝ තිදිවූපපන්නෝ ජානන්ති මං ඉධාපි ගෝපකෝ ති

ඒ බුදුරජුන්ගේ ධර්මයෙහි ඇති සොඳුරු බව නිසා ම, සක් දෙවිඳුන්ගේ මහානුභාව දිව්‍යපුත්‍රයෙක් වුණෙමි. මහා තේජසින් යුතුව තව්තිසාවෙහි ඉපිද සිටින මා මෙහිදී ත් ගෝපක නමින් දනිති.

අථද්දසං භික්ඛවෝ දිට්ඨපුබ්බේ ගන්ධබ්බකායූපගතේ’වහීනේ,
ඉමේහි තේ ගෝතමසාවකා සේ යේ ච මයං පුබ්බේ මනුස්සභූතා

පෙර දැක තිබූ භික්ෂූන් වහන්සේලා හීන වූ ගාන්ධර්වයන් අතර ඉපිද සිටිනු දුටුවෙමි. ඔවුහු ගෞතම ශ්‍රාවකයෝ ව සිටියාහු ය. යම් ඒ අපි කලින් මිනිස් ලොව සිටිය දී,

අන්නේන පානේන උපට්ඨහිම්හා පාදූපසංගය්හ සකේ නිවේසනේ,
කුතෝමුඛා නාම ඉමේ භවන්තෝ බුද්ධස්ස ධම්මානි පටිග්ගහේසුං

අපගේ නිවසෙහි දී පා දෝවනය කිරීම් ආදී සංග්‍රහ කොට, ආහාර පානාදියෙන් උපස්ථාන කළෙමි. මේ භවත්හු කොයි අත බලාගෙන බුදුරජුන්ගේ ධර්මය පිළිගත්තාහු ද?

පච්චත්තං වේදිතබ්බෝ හි ධම්මෝ සුදේසිතෝ චක්ඛුමතානුබුද්ධෝ,
අහං හි තුම්හේව උපාසමානෝ සුත්වා අරියානං සුභාසිතානි

සදහම් ඇස් ඇති බුදුරජුන් විසින් අවබෝධ කොට මැනැවින් වදාරණ ලද ධර්මය තම තමන් විසින් වෙන් වෙන් වශයෙන් දත යුත්තේ ය. මම ත් ඔබ මෙන් ම මනුලොව සිට, ඔබ ම ඇසුරු කොට ආර්යයන් වහන්සේලාගේ සුභාෂිත ධර්මය අසා,

සක්කස්ස පුත්තෝ’ම්හි මහානුභාවෝ මහාජුතීකෝ තිදිවූපපන්නෝ,
තුම්හේ පන සෙට්ඨමුපාසමානා අනුත්තරං බ්‍රහ්මචරියං චරිත්වා

තව්තිසාවෙහි උපන්නෙමි. මහත් තේජස් ඇති ව, මහානුභාව ඇති ව, සක් දෙවිඳුන්ගේ පුත්‍රස්ථානයෙහි සිටිමි. ඔබ වනාහී ශ්‍රේෂ්ඨ උතුමන් ඇසුරු කරමින් සිට අනුත්තර වූ ශාසන බ්‍රහ්මචරියාවෙහි හැසිර හීන වූ ගාන්ධර්ව කායයෙහි උපන්නාහු නොවැ.

හීනං කායං උපපන්නා භවන්තෝ අනානුලෝමා භවතෝපපත්ති,
දුද්දිට්ඨරූපං වත අද්දසාම සහධම්මිකේ හීනකායූපපන්නේ

භවතුන්ගේ හීන වූ භවයෙහි උත්පත්තිය ඒ උතුම් බඹසරට නොගැලපෙන දෙයකි. එකට සිටි අය හීන වූ ගාන්ධර්ව කායයෙහි ඉපිද සිටිනු දැකීම ඒකාන්තයෙන් නොදැකිය යුත්තක් දකිමු.

ගන්ධබ්බකායූපගතා භවන්තෝ දේවානමාගච්ඡථ පාරිචරියං,
අගාරේ වසතෝ මය්හං ඉමං පස්ස විසේසතං

භවත්හු ගාන්ධර්ව කායයෙහි ඉපිද දෙවියන්ට වත් කරන්නට පැමිණෙව් ද? ගිහි ගෙයි වාසය කළ මාගේ ත්, පැවිදි ව උතුම් බඹසර හැසිරුණු ඔබගේ ත් මේ විශේෂත්වය කුමක්දැයි දකිනු මැනැව.

ඉත්ථී හුත්වා ස්වජ්ජ පුමා’ම්හි දේවෝ දිබ්බේහි කාමේහි සමංගිභූතෝ,
තේ චෝදිතා ගෝතමසාවකේන සංවේගමාපාදුං සමෙච්ච ගෝපකං

ස්ත්‍රියක ව සිටි මම අද පුරුෂයෙකු ව, දෙවි ව, දිව්‍ය වූ කාමයන්ගෙන් යුතු ව සිටිමි. ගෞතම ශ්‍රාවකයෙකු වූ ගෝපක විසින් චෝදනා කරනු ලදුව ඔවුහු සංවේගයට පත්වූහ.

“හන්ද බ්‍යායමාම වියායමාම මා නෝ මයං පරපෙස්සා අහුම්හ,”
තේසං දුවේ විරියං ආරභිංසු අනුස්සරං ගෝතමසාසනානි

ඒ දෙවියන්ගෙන් දෙදෙනෙක් ‘දැන්වත් අපි උත්සාහ කරමු. වෑයම් කරමු. අපි අනුන්ගේ මෙහෙකරුවෝ නොවමෝවා’ යි ගෞතම සාසනය සිහි කොට වීර්යය පටන්ගත්තාහු ය.

ඉධේව චිත්තානි විරාජයිත්වා කාමේසු ආදීනවමද්දසංසු,
තේ කාමසංයෝජනබන්ධනානි පාපිමයෝගානි දුරච්චයානි

ඔවුහු මේ දෙව්ලොවෙහිදී ම කාමයන්ගේ ඇල්ම දුරුකොට, කාමයන්ගේ දුර්විපාක දැක්කාහු ය. දුරැලීමට දුෂ්කර වූ මාර බන්ධනය වන කාමයන් කෙරෙහි ඇති බැඳීම් දුරු කළාහු ය.

නාගෝව සන්දානගුණානි ඡෙත්වා දේවේ තාවතිංසේ අතික්කමිංසු,
සඉන්දා දේවා සපජාපතිකා සබ්බේ සුධම්මාය සභායුපවිට්ඨා

යදම් බිඳගෙන යන හස්තිරාජයෙකු සෙයින් තව්තිසා දෙවියන් ඉක්මවා ගියහ. ඉන්ද්‍ර දෙවියන් සහිත, ප්‍රජාපතී සහිත සුධර්මා දිව්‍ය සභාවේ රැස් වූ සියළු දෙවියෝ,

තේ සංනිසින්නානං අතික්කමිංසු වීරා විරාගා විරජං කරොන්තා,
තේ දිස්වා සංවේගමකාසි වාසවෝ දේවාභිභූ දේවගණස්ස මජ්ඣේ

ඔවුන් රැස් වී සිටිය දී වීර වූ ඒ දෙවිවරු දෙදෙනා රාගය දුරු කොට, කාමයෙන් තොර බවට පත්කරමින් අනෙක් දෙවිවරු ඉක්මවා ගියහ. දෙව් පිරිස මැද දෙවියන් අභිබවා ගිය ඔවුන් දැක සක් දෙව් රජු සංවේග වූයේ ය.

ඉමේ හි තේ හීනකායූපපන්නා දේවේ තාවතිංසේ අතික්කමන්ති,
සංවේගජාතස්ස වචෝ නිසම්ම සෝ ගෝපකෝ වාසවමජ්ඣභාසි

මොවුහු වනාහී හීන වූ ගාන්ධර්ව ලෝකයෙහි ඉපිද තව්තිසා දෙවියන් ඉක්මවා ගියාහු යැයි හටගත් සංවේගයෙන් යුතුව සක්දෙවිඳුන් පවසන වචනය නුවණින් සළකා ඒ ගෝපක දිව්‍යපුත්‍රයා සක්දෙවිඳුන්ට මෙය පැවසුවේ ය.

බුද්ධෝ ජනින්දත්ථි මනුස්සලෝකේ කාමාභිභූ සක්‍යමුනීති ඤායති,
තස්සේතේ පුත්තා සතියා විහීනා චෝදිතා මයා තේ සතිමජ්ඣලත්ථුං

ජනේන්ද්‍රයාණෙනි, මිනිස් ලොව අප බුදුරජාණෝ වැඩවෙසෙති. කාමයන් අභිබවා ගිය උන්වහන්සේ ‘ශාක්‍ය මුනීන්ද්‍රයාණන්’ යැයි ප්‍රසිද්ධ වී සිටිති.උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ මොවුහු සිහියෙන් තොර ව සිටි කල්හී මා විසින් චෝදනා කරන ලදුව සිහි ලැබගත්තාහු ය.

තිණ්ණං තේසං වසීනෙත්ථ ඒකෝ ගන්ධබ්බකායූපගතෝ වහීනෝ
ද්වේ චේව සම්බෝධිපථානුසාරිනෝ දේවේපි හීළෙන්ති සමාහිතත්තා

ඒ ශ්‍රාවක පුතුන් තිදෙනාගෙන් එක් අයෙක් හීන වූ ගාන්ධර්ව කයට පැමිණ මෙහි ම රැඳී ගියේ ය. උතුම් නිවන් මගෙහි හැසිර ගිය දෙදෙනෙක් සමාධිමත් සිත් ඇති ව, අනිත් දෙවියන් යටකොට දැමූහ.

ඒතාදිසී ධම්මප්පකාසනෙත්ථ න තත්ථ කිං කංඛති කෝචි සාවකෝ,
නිත්ථිණ්ණඕඝං විචිකිච්ඡාඡින්නං බුද්ධං නමස්සාම ජිනං ජනින්දං

මේ බුදු සසුනෙහි දහම් පැවසීම මෙබඳු ය. එහිලා කිසි ශ්‍රාවකයෙක් ‘මෙය කෙසේ වෙයි දැ’ යි සැක නොකරයි. සසර සැඩ පහර තරණය කළ, සැක සංකා සිඳින ලද, ජනේන්ද්‍ර වූ, සියල්ල දිනාගත් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරම්හ.”

යන්තේ ධම්මං ඉධඤ්ඤාය විසේසං අජ්ඣගංසු තේ,
කායං බ්‍රහ්මපුරෝහිතං දුවේ තේසං විසේසගූ

“යම් ධර්මයක් මෙහිදී ම දැන ඔවුහු විශේෂාධිගමයකට පත්වූවාහු ද, ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙක් බ්‍රහ්ම පුරෝහිත ලොවට ගියාහු ය.

තස්ස ධම්මස්ස පත්තියා ආගතම්හාසි මාරිස,
කතාවකාසා භගවතා පඤ්හං පුච්ඡේමු මාරිසාති

නිදුකාණෙනි, අපි ත් ඔවුන් ලත් ඒ දහම ලබනු පිණිස මෙහි ආවෙමු. නිදුකාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට දෙන ලද ඉඩ ප්‍රස්ථාවෙන් ප්‍රශ්න අසන්නෙමු.”

11. අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: දීඝරත්තං විසුද්ධෝ ඛෝ අයං සක්කෝ යං කිඤ්චි මං පඤ්හං පුච්ඡිස්සති, සබ්බං තං අත්ථසංහිතං යේව පුච්ඡිස්සති, නෝ අනත්ථසංහිතං. යං චස්සාහං පුට්ඨෝ බ්‍යාකරිස්සාමි. තං ඛිප්පමේව ආජානිස්සතී”ති. අථ ඛෝ භගවා සක්කං දේවානමින්දං ගාථාය අජ්ඣභාසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය. ‘මේ සක් දෙවිඳු දීර්ඝ කාලයක් පිරිසිදු ව ආ කෙනෙකි. මාගෙන් යම්කිසි ප්‍රශ්නයක් අසන්නේ නම්, ඒ හැම ප්‍රශ්නයක් ම අර්ථ සහිත කොට ම අසන්නේ ය. අනර්ථ සහිත කොට නොවෙයි. මොහු විසින් අසන ලද යමක් මම විසඳන්නෙම් නම්, එය වහා තේරුම් ගන්නේ ය.’එකල්හී භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳුන්ට ගාථාවක් වදාළ සේක.

“පුච්ඡ වාසව මං පඤ්හං යං කිඤ්චි මනසිච්ඡසි,
තස්ස තස්සේව පඤ්හස්ස අහං අන්තං කරෝමි තේ”ති

“වාසවයෙනි, යමක් සිතෙන් කැමති වෙහි නම්, ඒ ප්‍රශ්නය මාගෙන් විමසාලව. මම ඔබගේ ඒ හැම ප්‍රශ්නයක් ම විසඳීමෙන් නිමාවට පත් කරමි.”

පඨමභාණවාරං නිට්ඨිතං.

12. කතාවකාසෝ සක්කෝ දේවානමින්දෝ භගවතා ඉමං භගවන්තං පඨමං පඤ්හං අපුච්ඡි: කිං සඤ්ඤෝජනා නු ඛෝ මාරිස දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා යේ චඤ්ඤේ සන්ති පුථුකායා තේ ‘අවේරා අදණ්ඩා අසපත්තා අබ්‍යාපජ්ජා විහරේමු අවේරිනෝ’ති ඉති චෙ නේසං හෝති. අථ ච පන සවේරා සදණ්ඩා සසපත්තා සබ්‍යාපජ්ජා විහරන්ති සවේරිනෝ”ති ඉත්ථං සක්කෝ දේවානමින්දෝ භගවන්තං පඤ්හං අපුච්ඡි.

භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද ඉඩ ප්‍රස්ථා ඇති සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගෙන් මේ පළමු ප්‍රශ්නය ඇසුවේ ය.“නිදුකාණන් වහන්ස, දෙවියෝ ත් මිනිස්සු ත් අසුරයෝ ත් නාගයෝ ත් ගාන්ධර්වයෝ ත් අන්‍ය වූ යම් බොහෝ දෙනෙකු ත් ‘වෛරයෙන් තොර ව, දඬුවම්වලින් තොර ව, සතුරු බවින් තොර ව, නිදුකින් ව, අවෛරී ව වසන්නෙමු’ යි මෙබඳු අදහසක් ඇත්තෝ වෙති. එනමුත් වෛර සහිත ව, දඬුවම් සහිත ව, සතුරන් සහිත ව, දුකින් යුතුව, වෛරී ව වාසය කරති. ඔවුන් එසේ වසන්නේ කවර දෙයකට බැඳී යාම නිසා ද?” මෙසේ සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගෙන් මේ පළමු ප්‍රශ්නය ඇසුවේ ය.

තස්ස භගවා පඤ්හං පුට්ඨෝ බ්‍යාකාසි:

ඔහු විසින් අසන ලද ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන් සේක.

“ඉස්සාමච්ඡරියසඤ්ඤෝජනා ඛෝ දේවානමින්ද දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා, යේ චඤ්ඤේ සන්ති පුථුකායා, තේ ‘අවේරා අදණ්ඩා අසපත්තා අබ්‍යාපජ්ජා විහරේමු අවේරිනෝ’ති ඉති චෙ නේසං හෝති. අථ ච පන සවේරා සදණ්ඩා සසපත්තා සබ්‍යාපජ්ජා විහරන්ති සවේරිනෝති. ඉත්ථං භගවා සක්කස්ස දේවානමින්දස්ස පඤ්හං පුට්ඨෝ බ්‍යාකාසි. අත්තමනෝ සක්කෝ දේවානමින්දෝ භගවතෝ භාසිතං අභිනන්දි අනුමෝදි: ඒවමේතං භගවා, ඒවමේතං සුගත, තිණ්ණා මෙ’ත්ථ කංඛා විගතා කථංකථා භගවතෝ පඤ්හස්ස වෙය්‍යාකරණං සුත්වා”ති.

“දේවේන්ද්‍රයෙනි, දෙවියෝ ත් මිනිස්සු ත් අසුරයෝ ත් නාගයෝ ත් ගාන්ධර්වයෝ ත් අන්‍ය වූ යම් බොහෝ දෙනෙකු ත් ඊර්ෂ්‍යාවට ත්, මසුරුකමට ත් බැඳී ගියාහු ය. ඔවුහු ‘වෛරයෙන් තොර ව, දඬුවම්වලින් තොර ව, සතුරු බවින් තොර ව, නිදුකින් ව, අවෛරී ව වසන්නෙමු’ යි මෙබඳු අදහස පවත්වන නමුත් වෛර සහිත ව, දඬුවම් සහිත ව, සතුරන් සහිත ව, දුකින් යුතුව, වෛරී ව වාසය කරති.”සක් දෙවිඳුන් විසින් ඇසූ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. සතුටු සිත් ඇති සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්තේ ය. අනුමෝදන් වූයේ ය.“භාග්‍යවතුන් වහන්ස, එය එසේ ම ය. සුගතයන් වහන්ස, එය එසේ ම ය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම ඇසීමෙන් මේ පිළිබඳ ව මා තුළ තිබූ සැකය නැති වී ගියේ ය. ‘කෙසේ ද, කෙසේ ද’ යන්න දුරු වී ගියේ ය.”

13. ඉතිහ සක්කෝ දේවානමින්දෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං උත්තරිං පඤ්හමපුච්ඡි:

මෙසේ සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව, භාග්‍යවතුන් වහන්සේගෙන් තවදුරටත් ප්‍රශ්නයක් ඇසුවේ ය.

“ඉස්සාමච්ඡරියං පන මාරිස කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං, කිස්මිං සති ඉස්සාමච්ඡරියං හෝති, කිස්මිං අසති ඉස්සාමච්ඡරියං න හෝතී?”ති.

“නිදුකාණන් වහන්ස, ඊර්ෂ්‍යාව ත්, මසුරුකම ත් යනු කුමක් පසුබිම් කොට ඇති දෙයක් ද? කුමකින් හටගන්නා දෙයක් ද? කුමකින් ඉපදෙන දෙයක් ද? කුමකින් ප්‍රභවය වෙන දෙයක් ද? කුමක් ඇති කල්හි ද ඊර්ෂ්‍යාව ත්, මසුරුකම ත් හටගන්නේ? ඊර්ෂ්‍යාව ත්, මසුරුකම ත් ඇති නොවන්නේ කුමක් නැති කල්හිද?”

ඉස්සාමච්ඡරියං ඛෝ දේවානමින්ද පියාප්පියනිදානං පියාප්පියසමුදයං පියාප්පියජාතිකං පියාප්පියපභවං, පියාප්පියේ සති ඉස්සාමච්ඡරියං හෝති, පියාප්පියේ අසති ඉස්සාමච්ඡරියං න හෝතී”ති.

“දේවේන්ද්‍රයෙනි, ඊර්ෂ්‍යාව ත් මසුරුකම ත් ප්‍රිය අප්‍රිය දෙය පසුබිම් කොට ඇත්තේ ය. ප්‍රිය අප්‍රිය දෙයින් හටගන්නේ ය. ප්‍රිය අප්‍රිය දෙයින් ඉපදෙන්නේ ය. ප්‍රිය අප්‍රිය දෙයින් ප්‍රභවය වන්නේ ය. ප්‍රිය අප්‍රිය දෙය ඇති කල්හී ඊර්ෂ්‍යාව ත්, මසුරුකම ත් හටගන්නේ ය. ප්‍රිය අප්‍රිය දෙය නැති කල්හී ඊර්ෂ්‍යාව ත්, මසුරුකම ත් නොවන්නේ ය.”

14. “පියාප්පියං ඛෝ පන මාරිස කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං. කිස්මිං සති පියාප්පියං හෝති, කිස්මිං අසති පියාප්පියං න හෝතී”ති.

“නිදුකාණන් වහන්ස, ප්‍රිය අප්‍රිය බව යනු කුමක් පසුබිම් කොට ඇති දෙයක් ද? කුමකින් හටගන්නා දෙයක් ද? කුමකින් ඉපදෙන දෙයක් ද? කුමකින් ප්‍රභවය වෙන දෙයක් ද? කුමක් ඇති කල්හි ද ප්‍රිය අප්‍රිය බව හටගන්නේ? ප්‍රිය අප්‍රිය බව ඇති නොවන්නේ කුමක් නැති කල්හි ද?”

“පියාප්පියං ඛෝ දේවානමින්ද ඡන්දනිදානං ඡන්දසමුදයං ඡන්දජාතිකං ඡන්දප්පභවං ඡන්දේ සති පියාප්පියං හෝති, ඡන්දේ අසති පියාප්පියං න හෝතී”ති.

“දේවේන්ද්‍රයෙනි, ප්‍රිය අප්‍රිය බව කැමැත්ත පසුබිම් කොට ඇත්තේ ය. කැමැති දෙයින් හටගන්නේ ය. කැමැති දෙයින් ඉපදෙන්නේ ය. කැමැති දෙයින් ප්‍රභවය වන්නේ ය. කැමැත්ත ඇති කල්හී ප්‍රිය අප්‍රිය බව හටගන්නේ ය. කැමැත්ත නැති කල්හී ප්‍රිය අප්‍රිය බව නොවන්නේ ය.”

15. “ඡන්දෝ ඛෝ පන මාරිස කිංනිදානෝ කිංසමුදයෝ කිංජාතිකෝ කිංපභවෝ, කිස්මිං සති ඡන්දෝ හෝති, කිස්මිං අසති ඡන්දෝ න හෝතී”ති.

“නිදුකාණන් වහන්ස, කැමැත්ත යනු කුමක් පසුබිම් කොට ඇති දෙයක් ද? කුමකින් හටගන්නා දෙයක් ද? කුමකින් ඉපදෙන දෙයක් ද? කුමකින් ප්‍රභවය වෙන දෙයක් ද? කුමක් ඇති කල්හි ද කැමැත්ත හටගන්නේ? කැමැත්ත ඇති නොවන්නේ කුමක් නැති කල්හි ද?”

ඡන්දෝ ඛෝ දේවානමින්ද විතක්කනිදානෝ විතක්කසමුදයෝ විතක්කජාතිකෝ විතක්කපභවෝ. විතක්කේ සති ඡන්දෝ හෝති, විතක්කේ අසති ඡන්දෝ න හෝතී”ති.

“දේවේන්ද්‍රයෙනි, කැමැත්ත කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම පසුබිම් කොට ඇත්තේ ය. කෙලෙසුන්ට අනුව කල්පනා කිරීමෙන් හටගන්නේ ය. කෙලෙසුන්ට අනුව කල්පනා කිරීමෙන් ඉපදෙන්නේ ය. කෙලෙසුන්ට අනුව කල්පනා කිරීමෙන් ප්‍රභවය වන්නේ ය. කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම ඇති කල්හී කැමැත්ත හටගන්නේ ය. කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම නැති කල්හී කැමැත්ත නොවන්නේ ය.”

16. විතක්කෝ ඛෝ පන මාරිස කිංනිදානෝ කිංසමුදයෝ කිංජාතිකෝ කිංපභවෝ, කිස්මිං සති විතක්කෝ හෝති, කිස්මිං අසති විතක්කෝ න හෝතී’ති.

“නිදුකාණන් වහන්ස, කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම යනු කුමක් පසුබිම් කොට ඇති දෙයක් ද? කුමකින් හටගන්නා දෙයක් ද? කුමකින් ඉපදෙන දෙයක් ද? කුමකින් ප්‍රභවය වෙන දෙයක් ද? කුමක් ඇති කල්හි ද කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම හටගන්නේ? කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම ඇති නොවන්නේ කුමක් නැති කල්හි ද?”

විතක්කෝ ඛෝ දේවානමින්ද පපඤ්චසඤ්ඤාසංඛානිදානෝ පපඤ්චසඤ්ඤාසංඛාසමුදයෝ පපඤ්චසඤ්ඤාසංඛාජාතිකෝ පපඤ්චසඤ්ඤාසංඛාපභවෝ, පපඤ්චසඤ්ඤාසංඛාය සති විතක්කෝ හෝති, පපඤ්චසඤ්ඤාසංඛාය අසති විතක්කෝ න හෝතී’ති.

“දේවේන්ද්‍රයෙනි, කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම කෙලෙස් මතුවෙන සංඥාවල් වැළඳසිටීම පසුබිම් කොට ඇත්තේ ය. කෙලෙස් මතුවෙන සංඥාවන් වැළඳ සිටීමෙන් හටගන්නේ ය. කෙලෙස් මතුවෙන සංඥාවන් වැළඳ සිටීමෙන් ඉපදෙන්නේ ය. කෙලෙස් මතුවෙන සංඥාවන් වැළඳ සිටීමෙන් ප්‍රභවය වන්නේ ය. කෙලෙස් මතුවෙන සංඥාවන් වැළඳ සිටීම ඇති කල්හී කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම හටගන්නේ ය. කෙලෙස් මතුවෙන සංඥාවන් වැළඳ සිටීමක් නැති කල්හී කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම නොවන්නේ ය.”

17. කථං පටිපන්නෝ පන මාරිස භික්ඛු පපඤ්චසඤ්ඤාසංඛානිරෝධසාරුප්පගාමිනීපටිපදං පටිපන්නෝ හෝතී’ති.

“නිදුකාණන් වහන්ස, භික්ෂුවක් කෙසේ පිලිපන්නේ කෙලෙස් මතුවෙන සංඥාවන් වැළඳ සිටීම නිරුද්ධ වන ප්‍රතිපදාවකින් යුක්තව සිටී ද?”

සෝමනස්සම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. දෝමනස්සම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි, උපෙක්ඛම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි.

“දේවේන්ද්‍රයෙනි, සොම්නස ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි. දොම්නස ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි. උපේක්ෂාව ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි.

සෝමනස්සම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති ඉති ඛෝ පනේතං වුත්තං කිඤ්චේතං පටිච්ච වුත්තං. තත්ථ යං ජඤ්ඤා සෝමනස්සං ‘ඉමං ඛෝ මේ සෝමනස්සං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති. ඒවරූපං සෝමනස්සං න සේවිතබ්බං. තත්ථ යං ජඤ්ඤා සෝමනස්සං ‘ඉමං ඛෝ මේ සෝමනස්සං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති ඒවරූපං සෝමනස්සං සේවිතබ්බං. තත්ථ යඤ්චේ සවිතක්කං සවිචාරං යඤ්චේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කඅවිචාරේ තේ පණීතතරේ. සෝමනස්සම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉති යන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං. දෝමනස්සම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති ඉති ඛෝ පනේතං වුත්තං කිඤ්චේතං පටිච්ච වුත්තං. තත්ථ යං ජඤ්ඤා දෝමනස්සං ‘ඉමං ඛෝ මේ දෝමනස්සං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, ඒවරූපං දෝමනස්සං න සේවිතබ්බං. තත්ථ යං ජඤ්ඤා දෝමනස්සං ‘ඉමං ඛෝ මේ දෝමනස්සං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. ඒවරූපං දෝමනස්සං සේවිතබ්බං. තත්ථ යඤ්චේ සවිතක්කං සවිචාරං යඤ්චේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කඅවිචාරේ තේ පණීතතරේ. දෝමනස්සම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පී’ති. ඉති යන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං.

‘දේවේන්ද්‍රයෙනි, සොම්නස ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, මෙය කුමක් අරභයා කියන ලද්දේ ද යත්; එහිදී ‘මා විසින් මේ සොම්නස සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් සොම්නසක් ගැන දන්නේ ද, මෙබඳු වූ සොම්නස සේවනය නොකළ යුත්තේ ය. එහිදී ‘මා විසින් මේ සොම්නස සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් සොම්නසක් ගැන දන්නේ ද, මෙබඳු වූ සොම්නස සේවනය කළ යුත්තේ ය. එහිදී විතර්ක සහිත විචාර සහිත යම් සොම්නසක් ඇද්ද, විතර්ක රහිත විචාර රහිත යම් සොම්නසක් ඇද්ද, එයින් විතර්ක රහිත විචාර රහිත යම් සොම්නසක් ඇද්ද, ඒවා ප්‍රණීතතර වෙයි. ‘දේවේන්ද්‍රයෙනි, සොම්නස ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.‘දේවේන්ද්‍රයෙනි, දොම්නස ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, මෙය කුමක් අරභයා කියන ලද්දේ ද යත්; එහිදී ‘මා විසින් මේ දොම්නස සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් දොම්නසක් ගැන දන්නේ ද, මෙබඳු වූ දොම්නස සේවනය නොකළ යුත්තේ ය. එහිදී ‘මා විසින් මේ දොම්නස සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් දොම්නසක් ගැන දන්නේ ද, මෙබඳු වූ දොම්නස සේවනය කළ යුත්තේ ය. එහිදී විතර්ක සහිත විචාර සහිත යම් දොම්නසක් ඇද්ද, විතර්ක රහිත විචාර රහිත යම් දොම්නසක් ඇද්ද, එයින් විතර්ක රහිත විචාර රහිත යම් දොම්නසක් ඇද්ද, ඒවා ප්‍රණීතතර වෙයි. ‘දේවේන්ද්‍රයෙනි, දොම්නස ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

උපෙක්ඛම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං තත්ථ යං ජඤ්ඤා උපෙක්ඛං ‘ඉමං ඛෝ මේ උපෙක්ඛං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති ඒවරූපා උපෙක්ඛා න සේවිතබ්බා. තත්ථ යං ජඤ්ඤා උපෙක්ඛා ‘ඉමං ඛෝ මේ උපෙක්ඛං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති ඒවරූපා උපෙක්ඛා සේවිතබ්බා. තත්ථ යඤ්චේ සවිතක්කං සවිචාරං යඤ්චේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කඅවිචාරේ තේ පණීතතරේ. උපෙක්ඛම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉති යන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං.

‘දේවේන්ද්‍රයෙනි, උපේක්ෂාව ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, මෙය කුමක් අරභයා කියන ලද්දේ ද යත්; එහිදී ‘මා විසින් මේ උපේක්ෂාව සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් උපේක්ෂාවක් ගැන දන්නේ ද, මෙබඳු වූ උපේක්ෂාව සේවනය නොකළ යුත්තේ ය. එහිදී ‘මා විසින් මේ උපේක්ෂාව සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් උපේක්ෂාවක් ගැන දන්නේ ද, මෙබඳු වූ උපේක්ෂාව සේවනය කළ යුත්තේ ය. එහිදී විතර්ක සහිත විචාර සහිත යම් උපේක්ෂාවක් ඇද්ද, විතර්ක රහිත විචාර රහිත යම් උපෙක්ෂාවක් ඇද්ද, එයින් විතර්ක රහිත විචාර රහිත යම් උපේක්ෂාවක් ඇද්ද, ඒවා ප්‍රණීතතර වෙයි. ‘දේවේන්ද්‍රයෙනි, උපේක්ෂාව ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

ඒවං පටිපන්නෝ ඛෝ දේවානමින්ද භික්ඛු පපඤ්චසඤ්ඤාසංඛානිරෝධසාරුප්පගාමිනීපටිපදං පටිපන්නෝ හෝතීති. ඉත්ථං භගවා සක්කස්ස දේවානමින්දස්ස පඤ්හං පුට්ඨෝ බ්‍යාකාසි. අත්තමනෝ සක්කෝ දේවානමින්දෝ භගවතෝ භාසිතං අභිනන්දි අනුමෝදි. “ඒවමේතං භගවා ඒවමේතං සුගත තිණ්ණා මෙ’ත්ථ කංඛා විගතා කථංකථා භගවතෝ පඤ්හවෙය්‍යාකරණං සුත්වා”ති.

දේවේන්ද්‍රයෙනි, මෙසේ පිළිපන්නා වූ භික්ෂුව කෙලෙස් මතුවෙන සංඥා වැළඳ සිටීම නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි.”සක් දෙවිඳුන් විසින් ඇසූ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. සතුටු සිත් ඇති සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තේ ය. අනුමෝදන් වූයේ ය.“භාග්‍යවතුන් වහන්ස, එය එසේ ම ය. සුගතයන් වහන්ස, එය එසේ ම ය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා මේ පිළිබඳ ව මා තුළ තිබූ සැකය නැති වී ගියේ ය. ‘කෙසේ ද, කෙසේ ද’ යන්න දුරු වී ගියේ ය.”

18. ඉතිහ සක්කෝ දේවානමින්දෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි: “කථං පටිපන්නෝ පන මාරිස භික්ඛු පාතිමොක්ඛසංවරාය පටිපන්නෝ හෝතී?ති.”

මෙසේ සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව, භාග්‍යවතුන් වහන්සේගෙන් තවදුරටත් ප්‍රශ්නයක් ඇසුවේ ය.“නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපන් භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංවරය පිණිස බැසගත්තේ වෙයි ද?”

කායසමාචාරම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. වචීසමාචාරම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. පරියේසනම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. කායසමාචාරම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉති ඛෝ පනේතං වුත්තං කිඤ්චේතං පටිච්ච වුත්තං. තත්ථ යං ජඤ්ඤා කායසමාචාරං ‘ඉමං ඛෝ මේ කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, ඒවරූපෝ කායසමාචාරෝ න සේවිතබ්බෝ. තත්ථ යං ජඤ්ඤා කායසමාචාරං ‘ඉමං ඛෝ මේ කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, ඒවරූපෝ කායසමාචාරෝ සේවිතබ්බෝ. කායසමාචාරම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉති යන්තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

“දේවේන්ද්‍රයෙනි, කායික ඇවතුම් පැවැතුම් ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුතු වූ ත් දෙඅයුරකින් මම පවසමි. දේවේන්ද්‍රයෙනි, වාචසික ඇවතුම් පැවැතුම් ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුතු වූ ත් දෙඅයුරකින් මම පවසමි. දේවේන්ද්‍රයෙනි, සෙවීම් ද ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුතු වූ ත් දෙඅයුරකින් මම පවසමි.‘දේවේන්ද්‍රයෙනි, කායික ඇවැතුම් පැවැතුම් ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුතු වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, මෙය කුමක් අරභයා කියන ලද්දේ ද යත්; එහිදී ‘මා විසින් මේ කායික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් කායික ඇවැතුම් පැවැතුම් ගැන දන්නේ ද, මෙබඳු වූ කායික ඇවැතුම් පැවැතුම් සේවනය නොකළ යුත්තේ ය. එහිදී ‘මා විසින් මේ කායික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් කායික ඇවැතුම් පැවැතුම් ගැන දන්නේ ද, මෙබඳු වූ කායික ඇවැතුම් පැවැතුම් සේවනය කළ යුත්තේ ය. ‘දේවේන්ද්‍රයෙනි, කායික ඇවැතුම් පැවැතුම් ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුතු වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

වචීසමාචාරම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං. තත්ථ යං ජඤ්ඤා වචීසමාචාරං ‘ඉමං ඛෝ මේ වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, ඒවරූපෝ වචීසමාචාරෝ න සේවිතබ්බෝ. තත්ථ යං ජඤ්ඤා වචීසමාචාරං ‘ඉමං ඛෝ මේ වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, ඒවරූපෝ වචීසමාචාරෝ සේවිතබ්බෝ. වචීසමාචාරම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති ඉති යන්තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘දේවේන්ද්‍රයෙනි, වාචසික ඇවැතුම් පැවැතුම් ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුතු වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, මෙය කුමක් අරභයා කියන ලද්දේ ද යත්; එහිදී ‘මා විසින් මේ වාචසික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් වාචසික ඇවැතුම් පැවැතුම් ගැන දන්නේ ද, මෙබඳු වූ වාචසික ඇවැතුම් පැවැතුම් සේවනය නොකළ යුත්තේ ය. එහිදී ‘මා විසින් මේ වාචසික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් වාචසික ඇවැතුම් පැවැතුම් ගැන දන්නේ ද, මෙබඳු වූ වාචසික ඇවැතුම් පැවැතුම් සේවනය කළ යුත්තේ ය. ‘දේවේන්ද්‍රයෙනි, වාචසික ඇවැතුම් පැවැතුම් ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුතු වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය.

පරියේසනම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං. තත්ථ යං ජඤ්ඤා පරියේසනං ‘ඉමං ඛෝ මේ පරියේසනං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, ඒවරූපා පරියේසනා න සේවිතබ්බා. තත්ථ යං ජඤ්ඤා පරියේසනං ‘ඉමං ඛෝ මේ පරියේසනං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. ඒවරූපා පරියේසනා සේවිතබ්බා. පරියේසනම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති ඉති යන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං. ඒවං පටිපන්නෝ ඛෝ දේවානමින්ද භික්ඛු පාතිමොක්ඛසංවරාය පටිපන්නෝ හෝතීති.

‘දේවේන්ද්‍රයෙනි, සෙවීම් ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුතු වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, මෙය කුමක් අරභයා කියන ලද්දේ ද යත්; එහිදී ‘මා විසින් මේ සෙවීම් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් සෙවීම් ගැන දන්නේ ද, මෙබඳු වූ සෙවීම් සේවනය නොකළ යුත්තේ ය. එහිදී ‘මා විසින් මේ සෙවීම් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් සෙවීමක් ගැන දන්නේ ද, මෙබඳු වූ සෙවීම් සේවනය කළ යුත්තේ ය. ‘දේවේන්ද්‍රයෙනි, සෙවීම් ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුතු වූ ත් දෙඅයුරකින් මම පවසමි’ යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මෙකරුණ අරභයා කියන ලද්දේ ය. දේවේන්ද්‍රයෙනි, මෙසේ පිළිපන්නා වූ භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංවරය පිණිස පිළිපන්නේ වෙයි.

ඉත්ථං භගවා සක්කස්ස දේවානමින්දස්ස පඤ්හං පුට්ඨෝ බ්‍යාකාසි අත්තමනෝ සක්කෝ දේවානමින්දෝ භගවතෝ භාසිතං අභිනන්දි අනුමෝදි: “ඒවමේතං භගවා ඒවමේතං සුගත. තිණ්ණා මෙ’ත්ථ කංඛා විගතා කථංකථා භගවතෝ පඤ්හවෙය්‍යාකරණං සුත්වා”ති.

සක් දෙවිඳුන් විසින් ඇසූ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. සතුටු සිත් ඇති සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තේ ය. අනුමෝදන් වූයේ ය.“භාග්‍යවතුන් වහන්ස, එය එසේ ම ය. සුගතයන් වහන්ස, එය එසේ ම ය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා මේ පිළිබඳ ව මා තුළ තිබූ සැකය නැති වී ගියේ ය. ‘කෙසේ ද, කෙසේ ද’ යන්න දුරු වී ගියේ ය.”

19. ඉතිහ සක්කෝ දේවානමින්දෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි: “කථං පටිපන්නෝ පන මාරිස භික්ඛු ඉන්ද්‍රියසංවරාය පටිපන්නෝ හෝතී?”ති.

මෙසේ සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව, භාග්‍යවතුන් වහන්සේගෙන් තවදුරටත් ප්‍රශ්නයක් ඇසුවේ ය.“නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපන් භික්ෂුව ඉන්ද්‍රිය සංවරයට බැසගත්තේ වෙයි ද?”

“චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. සෝතවිඤ්ඤෙය්‍යං සද්දම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ඝානවිඤ්ඤෙය්‍යං ගන්ධම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ජිව්හාවිඤ්ඤෙය්‍යං රසම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. කායවිඤ්ඤෙය්‍යං ඵොට්ඨබ්බම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. මනෝවිඤ්ඤෙය්‍යං ධම්මම්පාහං දේවානමින්ද දුවිධේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පී’ති.

“දේවේන්ද්‍රයෙනි, ඇසෙන් දැක්ක යුතු රූපය ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි. දේවේන්ද්‍රයෙනි, කනෙන් ඇසිය යුතු ශබ්දය ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි. දේවේන්ද්‍රයෙනි, නාසයෙන් දත යුතු ගන්ධය ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි. දේවේන්ද්‍රයෙනි, දිවෙන් වින්ද යුතු රසය ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි. දේවේන්ද්‍රයෙනි, කයෙන් වින්ද යුතු පහස ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි. දේවේන්ද්‍රයෙනි, මනසින් දත යුතු අරමුණු ද සෙවිය යුතු වූ ත්, නොසෙවිය යුත් වූ ත් දෙඅයුරකින් මම පවසමි.”

ඒවං වුත්තේ සක්කෝ දේවානමින්දෝ භගවන්තං ඒතදවෝච: ඉමස්ස ඛෝ අහං භන්තේ භගවතා සංඛිත්තේන භාසිතස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාමි, යථාරූපං භන්තේ චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, ඒවරූපං චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපං න සේවිතබ්බං, යථාරූපඤ්ච ඛෝ භන්තේ චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති ඒවරූපං චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපං සේවිතබ්බං. යථාරූපඤ්ච ඛෝ භන්තේ සෝතවිඤ්ඤෙය්‍යං සද්දං සේවතෝ ....(පෙ).... ඝානවිඤ්ඤෙය්‍යං ගන්ධං සේවතෝ ....(පෙ).... ජිව්හාවිඤ්ඤෙය්‍යං රසං සේවතෝ ....(පෙ).... කායවිඤ්ඤෙය්‍යං ඵොට්ඨබ්බං සේවතෝ ....(පෙ).... මනෝවිඤ්ඤෙය්‍යං ධම්මං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති ඒවරූපෝ මනෝවිඤ්ඤෙය්‍යෝ ධම්මෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ භන්තේ මනෝවිඤ්ඤෙය්‍යං ධම්මං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති ඒවරූපෝ මනෝවිඤ්ඤෙය්‍යෝ ධම්මෝ සේවිතබ්බෝ. ඉමස්ස ඛෝ මේ භන්තේ භගවතා සංඛිත්තේන භාසිතස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානතෝ තිණ්ණා මෙ’ත්ථ කංඛා විගතා කථංකථා භගවතෝ පඤ්හවෙය්‍යාකරණං සුත්වා”ති.

මෙසේ වදාළ කල්හී සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේප කොට වදාරණ ලද මේ ධර්මයෙහි අර්ථය මම මෙසේ විස්තර වශයෙන් තේරුම් ගනිමි.ස්වාමීනී, ඇසින් දැක්ක යුතු යම් බඳු වූ රූපයක් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි නම්, කුසල් දහම් පිරිහෙයි නම්, මෙබඳු වූ ඇසින් දැක්ක යුතු රූපය සේවනය නොකළ යුත්තේ ය. ස්වාමීනී, ඇසින් දැක්ක යුතු යම් බඳු වූ රූපයක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි නම්, අකුසල් දහම් පිරිහෙයි නම්, මෙබඳු වූ ඇසින් දැක්ක යුතු රූපය සේවනය කළ යුත්තේ ය.ස්වාමීනී, කනෙන් ඇසිය යුතු යම් බඳු වූ ශබ්දයක් සේවනය කරද්දී ....(පෙ).... නාසයෙන් දත යුතු යම් බඳු වූ ගන්ධයක් සේවනය කරද්දී ....(පෙ).... දිවෙන් දත යුතු වූ යම් බඳු වූ රසයක් සේවනය කරද්දී ....(පෙ).... කයෙන් දත යුතු වූ යම් බඳු වූ පහසක් සේවනය කරද්දී ....(පෙ)....ස්වාමීනී, මනසින් දැනගත යුතු යම් බඳු වූ අරමුණක් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි නම්, කුසල් දහම් පිරිහෙයි නම්, මෙබඳු වූ මනසින් දැනගත යුතු අරමුණ සේවනය නොකළ යුත්තේ ය. ස්වාමීනී, මනසින් දත යුතු යම් බඳු වූ අරමුණක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි නම්, අකුසල් දහම් පිරිහෙයි නම්, මෙබඳු වූ මනසින් දත යුතු වූ අරමුණ සේවනය කළ යුත්තේ ය.ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද මේ ධර්මයෙහි අර්ථ විස්තර වශයෙන් මෙසේ තේරුම් ගනිද්දී භාග්‍යවතුන් වහන්සේගේ පැන විසඳුම අසා මා විසින් මෙහිලා තිබූ සැකයෙන් එතෙර වූයේ ය. ‘කෙසේ ද, කෙසේ ද’ යන්න දුරු වූයේ ය.”

20. ඉතිහ සක්කා දේවානමින්දෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි: “සබ්බේව නු ඛෝ මාරිස සමණබ්‍රාහ්මණා ඒකන්තවාදා ඒකන්තසීලා ඒකන්තඡන්දා ඒකන්තඅජ්ඣෝසානා”ති.

මෙසේ සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව, භාග්‍යවතුන් වහන්සේගෙන් තවදුරටත් ප්‍රශ්නයක් ඇසුවේ ය.“නිදුකාණන් වහන්ස, සියළුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එක ම අවසානයක් ගැන කියන්නෝ ද? එක ම අවසානයක් ඇති සිල් ඇත්තෝ ද? එකම නිමාවක් කැමැත්තෝ ද? එකම නිමාවකට බැසගන්නෝ ද?”

“න ඛෝ දේවානමින්ද සබ්බේ සමණබ්‍රාහ්මණා ඒකන්තවාදා ඒකන්තසීලා ඒකන්තඡන්දා ඒකන්තඅජ්ඣෝසානා”ති.

“දේවේන්ද්‍රයෙනි, සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එක ම අවසානයක් ගැන කියන්නෝ නොවෙති. එකම අවසානයක් ඇති සිල් ඇත්තෝ නොවෙති. එකම නිමාවක් කැමැත්තෝ නොවෙති. එකම නිමාවකට බැසගන්නෝ නොවෙති.”

“කස්මා පන මාරිස න සබ්බේ සමණබ්‍රාහ්මණා ඒකන්තවාදා ඒකන්තසීලා ඒකන්තඡන්දා ඒකන්තඅජ්ඣෝසානා?”ති.

“නිදුකාණන් වහන්ස, කුමක් හෙයින් සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එක ම අවසානයක් ගැන කියන්නෝ නොවෙත් ද? එකම අවසානයක් ඇති සිල් ඇත්තෝ නොවෙත් ද? එකම නිමාවක් කැමැත්තෝ නොවෙත් ද? එකම නිමාවකට බැසගන්නෝ නොවෙත් ද?”

“අනේකධාතුනානාධාතු ඛෝ දේවානමින්ද ලෝකෝ. තස්මිං අනේකධාතුනානාධාතුස්මිං ලෝකේ යං යදේව සත්තා ධාතුං අභිනිවිසන්ති තං තදේව ථාමසා පරාමස්සා අභිනිවිස්ස වෝහරන්ති ‘ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති.’ තස්මා න සබ්බේ සමණබ්‍රාහ්මණා ඒකන්තවාදා ඒකන්තසීලා ඒකන්තඡන්දා ඒකන්තඅජ්ඣෝසානා”ති.

“දේවේන්ද්‍රයෙනි, මේ ලෝක සත්වයෝ අනේක ධාතු ස්වභාවයෙන්, නා නා ධාතු ස්වභාවයෙන් යුක්ත වෙති. ඒ අනේක ධාතු ස්වභාවයෙන්, නා නා ධාතු ස්වභාවයෙන් යුතු සත්ව ලෝකයෙහි සත්වයෝ යම් යම් වූ ගති ස්වභාවයන්ට දැඩි ව පිවිසෙත් ද, ඒ ඒ දෙය ම දැඩි ලෙස ගෙන මුළු ශක්තියෙන් ග්‍රහණය කොට, එහි ම දැඩි ව බැසගෙන, ‘මෙය ම සත්‍යය ය. අනිත් ඒවා හිස් ය’ යි කියති. එහෙයින් සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එක ම අන්තයක් ගැන කියන්නෝ නොවෙති. එක ම අන්තයක් ඇති සිල් නැත්තෝ ය. එක ම අන්තයකට නොකැමැත්තෝ ය. එක ම අන්තයක නොබැස ගත්තෝ ය.”

“සබ්බේව නු ඛෝ මාරිස සමණබ්‍රාහ්මණා අච්චන්තනිට්ඨා අච්චන්තයෝගක්ඛේමී අච්චන්තබ්‍රහ්මචාරී අච්චන්තපරියෝසානා?”ති.

“නිදුකාණන් වහන්ස, සියළු ම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අත්‍යන්ත අවසානයකට පත්වූවෝ ද? අත්‍යන්තයෙන් කෙලෙස් යෝගයන්ගෙන් මිදුණෝ ද? අත්‍යන්තයෙන් ම බ්‍රහ්මචාරී ද? අත්‍යන්තයෙන් දහමේ කෙළවරට පත්වූවෝ ද?”

“න ඛෝ දේවානමින්ද සබ්බේ සමණබ්‍රාහ්මණා අච්චන්තනිට්ඨා අච්චන්තයෝගක්ඛේමී අච්චන්තබ්‍රහ්මචාරී අච්චන්තපරියෝසානා”ති.

“දේවේන්ද්‍රයෙනි, සියළු ම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අත්‍යන්ත අවසානයකට පත්වූවෝ නොවෙති. අත්‍යන්තයෙන් කෙලෙස් යෝගයන්ගෙන් මිදුණෝ නොවෙති. අත්‍යන්තයෙන් ම බ්‍රහ්මචාරී නොවෙති. අත්‍යන්තයෙන් දහමේ කෙළවරට පත්වූවෝ නොවෙති.”

“කස්මා පන මාරිස න සබ්බේ සමණබ්‍රාහ්මණා අච්චන්තනිට්ඨා අච්චන්තයෝගක්ඛේමී අච්චන්තබ්‍රහ්මචාරී අච්චන්තපරියෝසානා”ති.

“නිදුකාණන් වහන්ස, කුමක් නිසාවෙන් සියළු ම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අත්‍යන්ත අවසානයකට පත්වූවෝ නොවෙත් ද? අත්‍යන්තයෙන් කෙලෙස් යෝගයන්ගෙන් මිදුණෝ නොවෙත් ද? අත්‍යන්තයෙන් ම බ්‍රහ්මචාරී නොවෙත් ද? අත්‍යන්තයෙන් දහමේ කෙළවරට පත්වූවෝ නොවෙත් ද?”

“යේ ඛෝ දේවානමින්ද භික්ඛූ තණ්හාසංඛයවිමුත්තා තේ අච්චන්තනිට්ඨා අච්චන්තයෝගක්ඛේමී අච්චන්තබ්‍රහ්මචාරී අච්චන්තපරියෝසානා. තස්මා න සබ්බේ සමණබ්‍රාහ්මණා අච්චන්තනිට්ඨා අච්චන්තයෝගක්ඛේමී අච්චන්තබ්‍රහ්මචාරී අච්චන්තපරියෝසානා”ති.

“දේවේන්ද්‍රයෙනි, යම් භික්ෂු කෙනෙක් තෘෂ්ණාව ගෙවා දැමීමෙන්, ඒ තෘෂ්ණාවෙන් නිදහස් වූවාහු වෙත් ද, ඔවුහු අත්‍යන්ත අවසානයකට පත්වූවාහු වෙති. අත්‍යන්තයෙන් කෙලෙස් යෝගයන්ගෙන් මිදුණාහු වෙති. අත්‍යන්තයෙන් ම බ්‍රහ්මචාරී වෙති. අත්‍යන්තයෙන් දහමේ කෙළවරට පත්වූවෝ වෙති. එහෙයින් සියළු ම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අත්‍යන්ත අවසානයකට පත්වූවෝ නොවෙති. අත්‍යන්තයෙන් කෙලෙස් යෝගයන්ගෙන් මිදුණෝ නොවෙති. අත්‍යන්තයෙන් ම බ්‍රහ්මචාරී නොවෙති. අත්‍යන්තයෙන් දහමේ කෙළවරට පත්වූවෝ නොවෙති.”

ඉත්ථං භගවා සක්කස්ස දේවානමින්දස්ස පඤ්හං පුට්ඨෝ බ්‍යාකාසි. අත්තමනෝ සක්කෝ දේවානමින්දෝ භගවතෝ භාසිතං අභිනන්දි අනුමෝදි. ඒවමේතං භගවා ඒවමේතං සුගත තිණ්ණා මෙ’ත්ථ කංඛා විගතා කථංකථා භගවතෝ පඤ්හවෙය්‍යාකරණං සුත්වා”ති.

සක් දෙවිඳුන් විසින් ඇසූ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. සතුටු සිත් ඇති සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තේ ය. අනුමෝදන් වූයේ ය.“භාග්‍යවතුන් වහන්ස, එය එසේ ම ය. සුගතයන් වහන්ස, එය එසේ ම ය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා මේ පිළිබඳ ව මා තුළ තිබූ සැකය නැති වී ගියේ ය. ‘කෙසේ ද, කෙසේ ද’ යන්න දුරු වී ගියේ ය.”

21. ඉතිහ සක්කෝ දේවානමින්දෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං ඒතදවෝච: ඒජා භන්තේ රෝගෝ ඒජා ගණ්ඩෝ ඒජා සල්ලං ඒජා ඉමං පුරිසං පරිකඩ්ඪති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තියා. තස්මා අයං පුරිසෝ උච්චාවචමාපජ්ජති. යේස්වාහං භන්තේ පඤ්හානං ඉතෝ බහිද්ධා අඤ්ඤේසු සමණබ්‍රාහ්මණේසු ඕකාසකම්මම්පි නාලත්ථං. තේ මේ භගවතා බ්‍යාකතා දීඝරත්තානුසයිතඤ්ච පන මේ විචිකිච්ඡා-කථංකථාසල්ලං, තඤ්ච භගවතා අබ්බුළ්හන්ති.

මෙසේ සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව, භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.“ස්වාමීනී, තෘෂ්ණාව යනු රෝගයකි. තෘෂ්ණාව යනු ගඬුවකි. තෘෂ්ණාව යනු හුලකි. තෘෂ්ණාව මේ පුරුෂයා ඒ ඒ භවයෙහි උපත පිණිස හාත්පසින් ඇදගෙන යයි. එහෙයින් මේ පුරුෂයා උසස් පහත් භවයන්ට පැමිණෙයි.ස්වාමීනී, ඒ මම යම් ප්‍රශ්නයන්ට මේ බුදු සසුනෙන් බැහැර අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් ඉඩ ප්‍රස්ථා මාත්‍රයකුදු නොලැබුවෙම් ද, ඒ ප්‍රශ්නයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් විසඳන ලද්දාහු ය. දීර්ඝ කාලයක් මා සිතෙහි පැවැති ‘කෙසේ ද, කෙසේ ද’ කියමින් සොයන සැක සංකා නැමැති හුල භාග්‍යවතුන් වහන්සේ විසින් උදුරා දමන ලද්දේ ය.”

22. “අභිජානාසි. නෝ ත්වං දේවානමින්ද ඉමේ පඤ්හේ අඤ්ඤේ සමණබ්‍රාහ්මණේ පුච්ඡිතා”ති.

“දේවේන්ද්‍රයනි, ඔබ මේ ප්‍රශ්නයන් අන්‍ය වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙනුත් ඇසූ බවක් දන්නෙහි ද?”

“අභිජානාමහං භන්තේ ඉමේ පඤ්හේ අඤ්ඤේ සමණබ්‍රාහ්මණේ පුච්ඡිතා”ති.

“ස්වාමීනී, මම මේ ප්‍රශ්නයන් අන්‍ය වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් ඇසූ බවක් දනිමි.”

“යථාකථං පන තේ දේවානමින්ද බ්‍යාකංසු, සචේ තේ අගරු භාසස්සූ”ති.

“දේවේන්ද්‍රයෙනි, ඔවුහු කෙසේ නම් මේ ප්‍රශ්නයන් විසඳුවාහු ද? ඉදින් ඔබට අපහසුවක් නැත්නම් පවසාලව.”

“න ඛෝ මේ භන්තේ ගරු යත්ථස්ස භගවා නිසින්නෝ භගවන්තරූපෝ වා”ති.

“ස්වාමීනී, යම් තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින සේක් නම්, භාග්‍යවතුන් වහන්සේ හා සම කෙනෙකුන් හෝ වැඩසිටිත් නම්, එහි මට අපහසුවක් නොවෙයි.”

“තේන හි දේවානමින්ද භාසස්සූ”ති.

“එසේ වී නම් දේවේන්ද්‍රයෙනි, පවසාලව.”

“යේ ස්වාහං භන්තේ මඤ්ඤාමි සමණබ්‍රාහ්මණා ආරඤ්ඤකා පන්තසේනාසනා’ති. ත්‍යාහං උපසංකමිත්වා. ඉමේ පඤ්හේ පුච්ඡාමි. තේ මයා පුට්ඨා න සම්පායන්ති, අසම්පායන්තා මමං යේව පටිපුච්ඡන්ති ‘කෝ නාමෝ ආයස්මා?’ති. තේසාහං පුට්ඨෝ බ්‍යාකරෝමි: ‘අහං ඛෝ මාරිස, සක්කෝ දේවානමින්දෝ’ති. තේ මමං යේව උත්තරිං පටිපුච්ඡන්ති ‘කිං පනායස්මා දේවානමින්ද කම්මං කත්වා ඉමං ඨානං පත්තෝ’ති. තේසාහං යථාසුතං යථාපරියත්තං ධම්මං දේසේමි. තේ තාවතකේනේව අත්තමනා හොන්ති ‘සක්කෝ ච නෝ දේවානමින්දෝ දිට්ඨෝ යඤ්ච නෝ අපුච්ඡිම්හ තඤ්ච නෝ බ්‍යාකාසී’ති. තේ අඤ්ඤදත්ථු මමං යේව සාවකා සම්පජ්ජන්ති, න චාහං තේසං. අහං ඛෝ පන භන්තේ භගවතෝ සාවකෝ සෝතාපන්නෝ අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ”ති.

“ස්වාමීනී, යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ආරණ්‍යවාසී වෙත් යැයි, ඈත දුර සෙනසුන්හි වසත් යැයි මම සිතුවෙම් ද, ඔවුන් කරා ගොස් මම මේ ප්‍රශ්න ඇසුවෙමි. මා විසින් අසන ලද ප්‍රශ්නයන්ට ඔවුහු පිළිතුරු නොසපයති. පිළිතුරු නොසපයමින් ‘ආයුෂ්මත් තෙමේ කවර නම් ඇත්තෙක් දැ’ යි මගෙන් ම ප්‍රශ්න කරති. ඔවුන් අසන ප්‍රශ්නයට ‘නිදුකාණෙනි, මම වනාහී ශක්‍ර දේවේන්ද්‍ර වෙමි’ යි මම පිළිතුරු දෙමි. එවිට ඔවුහු තවදුරටත් මගෙන් ම ප්‍රශ්න කරති. ‘ආයුෂ්මත් දේවේන්ද්‍රය, කවර පුණ්‍යකර්මයක් කොට ද ඔය ස්ථානයට පැමිණුනේ?’ යි. එවිට මම ඇසූ පරිදි, ඉගෙනගත් පරිදි ඔවුන්ට ධර්මය කියා දෙමි. ඔවුහු එපමණකින් ම සතුටු වෙති. ‘අප විසින් සක් දෙවිඳුන් ව දකිනා ලද්දේ නොවැ. අපි යමක් ඇසුවෙම් ද, එයට ත් පිළිතුරු දුන්නේ නොවැ’ යි ඔවුහු ඒකාන්තයෙන් මාගේ ම ශ්‍රාවකයෝ බවට පැමිණෙති. මම ඔවුන්ගේ ශ්‍රාවකයෙක් නොවෙමි. ස්වාමීනී, මම් වනාහී සතර අපායට නොවැටෙනසුළු වූ, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන, භාග්‍යවතුන් වහන්සේගේ සෝතාපන්න වූ ශ්‍රාවකයෙක්මි.”

23. “අභිජානාසි නෝ ත්වං දේවානමින්ද ඉතෝ පුබ්බේ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභන්ති?”

“දේවේන්ද්‍රයෙනි, ඔබ මෙයට පෙර මෙබඳු වූ ප්‍රීතියක්, මානසික සතුටක් විඳි අවස්ථාවක් ගැන දන්නෙහි ද?”

“අභිජානාමහං භන්තේ ඉතෝ පුබ්බේ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභන්ති.”

“ස්වාමීනී, මම් මෙයට පෙර මෙබඳු වූ ප්‍රීතියක්, මානසික සතුටක් විඳි අවස්ථාවක් දනිමි.”

“යථාකථං පන ත්වං දේවානමින්ද අභිජානාසි ඉතෝ පුබ්බේ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභන්ති?”

“දේවේන්ද්‍රයෙනි, ඔබ මෙයට පෙර මෙබඳු වූ ප්‍රීතියක්, මානසික සතුටක් විඳි අවස්ථාවක් දන්නේ කෙබඳු අයුරින් ද?”

“භූතපුබ්බං භන්තේ දේවාසුරසංගාමෝ සමුපබ්‍යූළ්හෝ අහෝසි, තස්මිං ඛෝ පන භන්තේ සංගාමේ දේවා ජිනිංසු, අසුරා පරාජියිංසු. තස්ස මය්හං භන්තේ තං සංගාමං අභිවිජිනිත්වා විජිතසංගාමස්ස ඒතදහෝසි: ‘යා චේව දානි දිබ්බා ඕජා යා ච අසුරා ඕජා උභයමෙත්ථ දේවා පරිභුඤ්ජිස්සන්තී’ති. සෝ ඛෝ මේ භන්තේ වේදපටිලාභෝ සෝමනස්සපටිලාභෝ සදණ්ඩාවචරෝ සසත්ථාවචරෝ න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති. යෝ ඛෝ පන මේ අයං භන්තේ භගවතෝ ධම්මං සුත්වා වේදපටිලාභෝ සෝමනස්සපටිලාභෝ, සෝ අදණ්ඩාවචරෝ අසත්ථාවචරෝ ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතී”ති.

“ස්වාමීනී, මෙය පෙර සිදු වූ දෙයකි. දෙවියන්ගේ ත් අසුරයන්ගේ ත් සංග්‍රාමයක් ආරම්භ වූයේ ය. ඒ යුද්ධයෙහි දී ස්වාමීනී, දෙවියෝ දින්නාහ. අසුරයෝ පැරදුණහ. ස්වාමීනී, ඒ යුද්ධය දිනාගෙන යුද ජයග්‍රහණයෙන් යුතු මට මෙසේ සිතුණේ ය. ‘දැන් ඉතින් යම් දිව්‍ය ඕජසක් වෙයි ද, එය ත්, යම් අසුර ඕජසක් වෙයි ද, එය ත්, යන මේ දෙවැදෑරුම් ඕජස දෙවියෝ අනුභව කරන්නාහු ය’ යි. ස්වාමීනී, මාගේ ඒ සතුට ලැබීමක්, මානසික සතුට ලැබීමක් ඇද්ද, එය දඬු මුගුරු සහිත වූ, අවි ආයුධ සහිත වූ සතුටකි. සොම්නසකි. එය කලකිරීම පිණිස හෝ ඇල්ම දුරැලීම පිණිස හෝ ඇල්ම නිරුද්ධ වීම පිණිස හෝ සංසිඳීම පිණිස හෝ විශිෂ්ට ඥානය පිණිස හෝ අවබෝධය පිණිස හෝ නිවන පිණිස හෝ හේතු නොවෙයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා මා ලද යම් මේ සතුටක්, සොම්නසක් ඇද්ද, එය දඬු මුගුරු රහිත දෙයකි. අවි ආයුධ රහිත දෙයකි. එය ඒකාන්තයෙන් කලකිරීම පිණිස, ඇල්ම දුරැලීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස හේතු වෙයි.”

24. “කිං පන ත්වං දේවානමින්ද අත්ථවසං සම්පස්සමානෝ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභං පවේදේසී?”ති.

“දේවේන්ද්‍රයෙනි, ඔබ කවර නම් කරුණක් දකිමින් ද මෙබඳු වූ සතුටක් සොම්නසක් ලැබුණු බව පවසන්නේ?”

“ඡ ඛෝ අහං භන්තේ අත්ථවසේ සම්පස්සමානෝ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභං පවේදේමී”ති.

“ස්වාමීනී, මම කරුණු සයක් දකිමින් මෙබඳු වූ සතුටක්, සොම්නසක් ලද බව දන්වා සිටිමි.

“ඉධේව තිට්ඨමානස්ස දේවභූතස්ස මේ සතෝ,
පුනරායු ච මේ ලද්ධෝ ඒවං ජානාහි මාරිසා”ති

‘දෙවි වූ මා මෙතැන ම සිටිය දී, සම්පූර්ණයෙන් ම ගෙවී ගිය මාගේ ආයුෂ යළි ලබන ලද්දේ ය. නිදුකාණන් වහන්ස, මේ අයුරින් දන්නා සේක්වා!’

ඉමං ඛෝ අහං භන්තේ පඨමං අත්ථවසං සම්පස්සමානෝ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභං පවේදේමි.

ස්වාමීනී, මම වනාහී මේ පළමු කරුණ දකිමින් මෙබඳු වූ සතුටක් සොම්නසක් ලද බව දන්වා සිටිමි.

චුතෝ’හං දිවියා කායා ආයුං හිත්වා අමානුසං,
අමූළ්හෝ ගබ්භමෙස්සාමි යත්ථ මේ රමතී මනෝ

‘මම දිව්‍ය ආයුෂ අත්හැර දිව්‍ය ලෝකයෙන් චුත ව, මනු ලොව යම් තැනක මාගේ සිත ඇලෙයි ද, එහි මුලා නැති සිහියෙන් යුතුව මව්කුසකට පැමිණෙන්නෙමි.’

ඉමං ඛෝ අහං භන්තේ දුතියං අත්ථවසං සම්පස්සමානෝ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභං පවේදේමි.

ස්වාමීනී, මම වනාහී මේ දෙවෙනි කරුණ දකිමින් මෙබඳු වූ සතුටක් සොම්නසක් ලද බව දන්වා සිටිමි.

ස්වාහං අමූළ්හපඤ්ඤස්ස විහරං සාසනේ රතෝ,
ඤායේන විහරිස්සාමි සම්පජානෝ පතිස්සතෝ

‘ඒ මම් මුලා නැති ප්‍රඥාවෙන් යුතුව බුදු සසුනෙහි පැවිදි ව, එහි ඇලෙමින් මනා සිහි නුවණින් යුතුව, අවබෝධයෙන් යුතුව වාසය කරන්නෙමි.’

ඉමං ඛෝ අහං භන්තේ තතියං අත්ථවසං සම්පස්සමානෝ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභං පවේදේමි.

ස්වාමීනී, මම වනාහී මේ තෙවෙනි කරුණ දකිමින් මෙබඳු වූ සතුටක් සොම්නසක් ලද බව දන්වා සිටිමි.

ඤායේන මේ චරතෝ ච සම්බෝධි චේ භවිස්සති,
අඤ්ඤාතා විහරිස්සාමි ස්වේව මන්තෝ භවිස්සති

‘අවබෝධයෙන් යුතුව හැසිරෙන මට ඉදින් තවදුරටත් මාර්ගඵලාවබෝධය දියුණුවන්නේ නම් එය අවබෝධ කොට වසන්නෙමි. එය මාගේ අවසාන මනුෂ්‍ය ආත්මය වන්නේ ය.’

ඉමං ඛෝ අහං භන්තේ චතුත්ථං අත්ථවසං සම්පස්සමානෝ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභං පවේදේමි.

ස්වාමීනී, මම වනාහී මේ සිව්වෙනි කරුණ දකිමින් මෙබඳු වූ සතුටක් සොම්නසක් ලද බව දන්වා සිටිමි.

චුතෝ’හං මානුසා කායා ආයුං හිත්වාන මානුසං,
පුන දේව භවිස්සාමි දේවලෝකම්හි උත්තමෝ

‘මම මිනිස් ආයුෂ අත්හැර මිනිසත් බවින් චුත ව යළිත් දෙව් ලොවෙහි උත්තම දෙවියෙක් වන්නෙමි.’

ඉමං ඛෝ අහං භන්තේ පඤ්චමං අත්ථවසං සම්පස්සමානෝ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභං පවේදේමි.

ස්වාමීනී, මම වනාහී මේ පස්වෙනි කරුණ දකිමින් මෙබඳු වූ සතුටක් සොම්නසක් ලද බව දන්වා සිටිමි.

තෙ පණීතතරා දේවා අකනිට්ඨා යසස්සිනෝ,
අන්තිමේ වත්තමානම්හි සෝ නිවාසෝ භවිස්සති

‘අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයෙහි ඒ වඩාත් උත්තම වූ යසස් ඇති දෙවිවරු වෙත් ද, මාගේ අවසාන ආත්ම භාවයෙහි එය මාගේ වාසස්ථානය වන්නේ ය.’

ඉමං ඛෝ අහං භන්තේ ඡට්ඨං අත්ථවසං සම්පස්සමානෝ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභං පවේදේමි.

ස්වාමීනී, මම වනාහී මේ සයවෙනි කරුණ දකිමින් මෙබඳු වූ සතුටක් සොම්නසක් ලද බව දන්වා සිටිමි.

ඉමේ ඛෝ අහං භන්තේ ඡ අත්ථවසේ සම්පස්සමානෝ ඒවරූපං වේදපටිලාභං සෝමනස්සපටිලාභං පවේදේමි.

ස්වාමීනී, මේ සය කරුණ දකිමින් මම මෙබඳු වූ සතුටක්, සොම්නසක් ලද බව දන්වා සිටිමි.”

“අපරියෝසිතසංකප්පෝ විචිකිච්ඡී කථංකථී,
විචරිං දීඝමද්ධානං අන්වේසන්තෝ තථාගතං

‘සම්පූර්ණ නොවූ අදහස් ඇති ව, සැක ඇති ව, කෙසේ ද කෙසේ යන විමතිය ඇති ව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි තථාගතයන් වහන්සේ නමක් සොයමින් සසරෙහි ඇවිද ගියෙමි.

ය්‍යාස්සු මඤ්ඤාමි සමණේ පවිවිත්තවිහාරිනෝ,
සම්බුද්ධා ඉති මඤ්ඤානෝ ගච්ඡාමි තේ උපාසිතුං

යම් ශ්‍රමණයෝ හුදෙකලා විවේකයෙන් වාසය කරන්නෝ ය යි සිතුවෙම් ද, සම්බුදුවරු යැයි සිතා මම ඔවුන් ඇසුරු කරන්නට යමි.

කථං ආරාධනා හෝති කථං හෝති විරාධනා,
ඉති පුට්ඨා න සම්භොන්ති මග්ගේ පටිපදාසු ච

නිර්වාණ මාර්ගය පිළිබඳවත්, ප්‍රතිපදාවන් පිළිබඳවත්, කෙසේ නම් සතුට ඇතිවන ලෙස දියුණු වෙයි ද? කෙසේ නම් වරදියි ද? යනුවෙන් ඔවුන්ගෙන් ඇසූ කල්හී, ඔවුහු පිළිතුරු දී ගත නොහැකි වෙති.

ත්‍යාස්සු යදා මං ජානන්ති සක්කෝ දේවානමාගතෝ,
ත්‍යාස්සු මමේව පුච්ඡන්ති කිං කත්වා පාපුණී ඉදං

යම් කලෙක ඔවුහු ‘ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ පැමිණියේ ය’ යැයි මා ගැන දැනගනිත් ද, එවිට ඔවුහු ‘කුමක් කොට මේ සක් දෙව් පදවියට පැමිණියේ දැ’යි මගෙන් ම ප්‍රශ්න කරත්.

තේසං යථා සුතං ධම්මං දේසයාමි ජනේසුත,
තේන අත්තමනා හොන්ති දිට්ඨෝ නෝ වාසවෝ’ති ච

ඔවුන්ට මම අසා ඇති පරිදි, ජනයා අතර ප්‍රකට වූ සප්ත ව්‍රත පද ධර්මය දේශනා කරමි. ‘අප විසින් වාසවයන් දකින ලද්දේ නොවැ’ යි ඔවුහු එයින් ම සතුටු වෙති.

යදා ච බුද්ධමද්දක්ඛිං විචිකිච්ඡාවිතාරණං,
සෝ’ම්හි වීතභයෝ අජ්ජ සම්බුද්ධං පයිරුපාසිය

යම් කලෙක මම සැක දුරු කරන බුදුරජුන් දුටුවෙම් ද, ඒ මම් අද සම්බුදුරජුන් ඇසුරු කොට සිව් අපා භය පහකොට සිටිමි.

තණ්හාසල්ලස්ස හන්තාරං බුද්ධමප්පටිපුග්ගලං,
අහං වන්දේ මහාවීරං බුද්ධමාදිච්චබන්ධුනං

තෘෂ්ණා හුල නසාලන, අප්‍රතිපුද්ගල වූ, මහා වීර වූ, ආදිච්චබන්ධු වූ, බුදුරජාණන් වහන්සේට මම වන්දනා කරමි.

යං කරෝමසි බ්‍රහ්මුනෝ සමං දේවේහි මාරිස,
තදජ්ජ තුය්හං කස්සාම හන්ද සාමං කරෝම තේ

නිදුකාණන් වහන්ස, දෙවියන් සහිත වූ අපි කලින් බ්‍රහ්මරාජයා හට යම් නමස්කාරයක් කළෙමු ද, අද මුඹවහන්සේට අපි ඒ නමස්කාරය කරන්නෙමු. දැන් මුඹවහන්සේගේ සිරිපතුල් වන්දනා කරම්හ.

ත්වමේව අසි සම්බුද්ධෝ තුවං සත්ථා අනුත්තරෝ,
සදේවකස්මිං ලෝකස්මිං නත්ථි තේ පටිපුග්ගලෝ”ති

සම්බුදුරජාණන් වහන්සේ මුඹවහන්සේ ම ය. අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ මුඹවහන්සේ ම ය. දෙවියන් සහිත ලෝකයෙහි මුඹවහන්සේට සමවූවෙක් නැත්තේ ය.’

26. අථ ඛෝ සක්කෝ දේවානමින්දෝ පඤ්චසිඛං ගන්ධබ්බපුත්තං ආමන්තේසි. බහූපකාරෝ ඛෝ මේ’සි ත්වං තාත පඤ්චසිඛං යං ත්වං භගවන්තං පඨමං පසාදේසි තයා තාත පඨමං පසාදිතං පච්ඡා මයං තං භගවන්තං දස්සනාය උපසංකමිම්හ අරහන්තං සම්මාසම්බුද්ධං. පෙත්තිකේ ච ඨානේ ඨපයිස්සාමි, ගන්ධබ්බරාජා භවිස්සසි, භද්දඤ්ච තේ සුරියවච්චසං දම්මි, සා හි තේ අභිපත්ථිතා’ති. අථ ඛෝ සක්කෝ දේවානමින්දෝ පාණිනා පඨවිං පරාමසිත්වා තික්ඛත්තුං උදානං උදානේසි: “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්සා”ති.

ඉක්බිති සක් දෙවිඳු පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා ඇමතුවේ ය.“දරුව, පඤ්චසිඛයෙනි, ඔබ මට බොහෝ උපකාර වූවෙහි ය. ඔබ යමක් පවසා භාග්‍යවතුන් වහන්සේ ව පළමුව පැහැදවූවෙහි ද, දරුව, ඔබ විසින් පළමුකොට පහදවන ලදු ව, පසු ව අපි ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදුරජුන් බැහැදකින්නට එළැඹුනෙම්හ. ඔබ ව අද සිට පිය කෙනෙකුගේ තනතුරෙහි තබමි. ඔබ අද සිට ගාන්ධර්ව රජෙකු වන්නෙහි ය. ඔබට භද්‍රා නම් වූ සුරියවච්චසා ව දෙමි. ඔබ විසින් ඉතා ආසාවෙන් ඕ පතන ලද්දී ය.”ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා අභියස අත්ලෙන් පොළොව ස්පර්ශ කොට තුන්වරක් උදන් ඇනුවේ ය. ‘ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!’

ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ සක්කස්ස දේවානමින්දස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරෝධධම්මන්ති”, අඤ්ඤේසඤ්ච අසීතියා දේවතාසහස්සානං. ඉති යේ සක්කේන දේවානමින්දේන අජ්ක්‍ධිට්ඨපඤ්හා පුට්ඨා, තේ භගවතා බ්‍යාකතා. තස්මා ඉමස්ස වෙය්‍යාකරණස්ස සක්කපඤ්හො’ත්වේව අධිවචනන්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරණ කල්හී සක් දෙවිඳුන් හට ද, අන්‍ය වූ අසූ දහසක් දෙවිවරුන් හට ද, කෙලෙස් රහිත වූ, අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ වූයේ ය. ‘හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවය ඇති යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල හේතූන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ස්වභාව ඇත්තේ ය’ යනුවෙනි.මෙසේ සක් දෙවිඳු විසින් පතන ලද, විමසන ලද, ප්‍රශ්නයෝ වෙත් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් ඒවා විසඳන ලද්දාහු ය. එහෙයින් මෙම දෙසුම ‘සක් දෙවිඳු විසින් ඇසූ ප්‍රශ්නයන්ට වදාළ දෙසුම’ යන නම ඇත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සක්කපඤ්හසුත්තං නිට්ඨිතං අට්ඨමං.

සක්කපඤ්හ සූත්‍රය නිමා විය.

"https://si.wikipedia.org/w/index.php?title=සක්ක_පඤ්හ_සූත්‍රය&oldid=540120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි