සංසද් භවන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සංසද් භවන්
संसद भवन
SansadBhavan dtv.jpg
රාජ්පාත් සිට, සංසද් භවන් දිස්වන අයුරු
Lua දෝෂය in Module:Location_map at line 414: No value was provided for longitude.
සාමාන්‍ය තොරතුරු
නගරයනව දිල්ලිය
රටඉන්දියාව
ඉදිකිරීම් ආරම්භ වූයේ1912
විවෘතවූයේ1927
හිමිකරුඉන්දියානු රජය
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාඑඩිවින් ලටියන්ස් සහ හර්බට් බේකර්

සංසද් භවන් යනු, නව දිල්ලියෙහි පිහිටා ඇති, ඉන්දියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලයි.

ඉතිහාසය[සංස්කරණය]

මුලදී පාර්ලිමේන්තු මන්දිරය ලෙසින් හැඳින්වුනු මෙය, 1912-1913 කාලසීමාවෙහිදී සැලසුම් කරන ලද්දේ, එඩිවින් ලටියන්ස් සහ හර්බට් බේකර් යන බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාඥයින් විසින් වන අතර ගොඩනැගීම් කටයුතු ඇරඹුනේ 1921 වසරෙහිදීය.

එකල මධ්‍යම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ මණ්ඩලය ලෙසින් හැඳින්වුනු පාර්ලිමේන්තු මන්දිරයෙහි ආරම්භක උත්සවය, 1927 ජනවාරි 18 දිනදී, එකල ඉන්දියාවේ ප්‍රතිරාජ අර්වින් සාමිවරයා විසින් සිදුකෙරිණි. මධ්‍යම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ මණ්ඩලයෙහි කුන්වන සැසිය මෙම මන්දිරයෙහිදී 1927 ජනවාරි 19 දිනදී පැවැත්විණි. [1]

2006 වසරෙහිදී විවෘත කෙරුණු පාර්ලිමේන්තු කෞතුකාගාරය, පාර්ලිමේන්තු මන්දිරයට පසෙකින් පිහිටා තිබේ.

ගොඩනැගිල්ල[සංස්කරණය]

අශෝක චක්‍ර පදනම් කරගත් වක්‍රාකාර හැඩයක්, මෙම ගොඩනැගිල්ල සතු වෙයි. කුමාරවරුන්ගේ මණ්ඩලයෙහි, රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි සහ, මධ්‍යම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ මණ්ඩලයෙහි සැසි පැවැත්වීම සඳහා වෙනස් ශාලා තනවන ලදි.

මෙම ගොඩනැගිල්ල, විශාල උද්‍යාන වෙතින් වට කෙරී ඇති අතර, සාංචියේ මහා ස්තූපයෙහි මාදිළිය ගත්, වැලි-ගල් අත්වැට (ජාල්) යොදමින් සැදුණු වැටකින් සමන්විත වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "හිස්ට්‍රි ඔෆ් ද පාර්ලිමන්ට් ඔෆ් ඩෙල්හි". delhiassembly.nic.in. සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2013. 
"https://si.wikipedia.org/w/index.php?title=සංසද්_භවන්&oldid=322700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි