සංවේදන ශීලී ඕපාදූපවලින් පිරි කුඩා පුවත්පත

විකිපීඩියා වෙතින්

කුඩා පුවත්පත යන පද පුවත්පත් කලාවේ හැඟීම් දනවන සුළු අපරාධ සම්බන්ධ පුවත්, ඕපාදූප කොළම, පුද්ගලයෙකුගේ ජනප්‍රිය භාවය මත ඔවුනගේ පුද්ගලික ජීවිතය, සැමරීම් සහ රසවත් සිද්ධීන් ( බොහෝ විට ක්‍රීඩා තරු, සිනමා තරු මේ අතර වේ.) සහිතව එන කුඩා පුවත්පතයි. බොහෝ වෙලාවට මෙම ජනප්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලික හැසිරීම් අලලා අපහාසාත්මක නැතහොත් අපකීර්තිමත් පුවත්, සමහර විට ලිංගිකව නැතහොත් මත්ද්‍රව්‍යය සම්බන්ධව හෝ පලකරන අතර ඒවාට විරුද්ධව අපහාසාත්මක නඩු පවරා බොහෝ විට සාර්ථකව වන්දි ලබා ගත් අවස්ථා ද වේ. එමගින් ඔවුන්ට අපහාස වූ බව සාර්ථකව පෙන්ණුම් කර ඇත. මෙවැනිම වූ විනෝදාත්මක තොරතුරු රැගෙන එන කුඩා පුවත්පත් ද පිළියෙල වන අතර ඒවායේ බොහෝවිට රූපවාහිනී වැඩසටහන් විස්තර ගෙන එන අතර ඒවා පුවත්පත් රූපවාහිනිය ලෙසද හැඳින්වේ.මූලිකවම බොහෝ අය මෙම කුඩා පුවත්පත කිසිම වටිනා කමක් නැති අනවශ්‍ය දේ පවසන කියවන්නෙකුට කිසිදු අගයක් නැති ලෙසද සැලකේ.

බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත්පත් ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ පුවත් සිත්ගන්නා සුළු සහ සංවේදන ශීලිව ලියන අතර ඒවාට මනා ප්‍රමුඛත්වයක් දෙන්නේ ඒවා විශාල පුවත්පත්වල දෙන ඉඩ කඩටත් වඩා ප්‍රමුඛ ස්ථානයක් දීමෙනි. මෙම පුවත් ක්‍රීඩා, අපරාධ සිදුවීම් පිළිබඳ හෝ විහිළුවට කෙරෙන රැවටීම් සම්බන්ධව ද වේ. තවද මේවා දේශපාලන ස්ථානයන් සම්බන්ධ නව පුවත් විය හැක. ( දක්ෂිණාංශිකව හෝ වාමාංශිකව) විසුළු කාරක දේශපාලනය , ඉල්ලා අස්වීම් පිලිබඳව, මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ අනාවැකි පලකිරීම් මේ පුවත්පත් අතර වේ. රතුහිස යන පදය රතු නාම පුවරු සහිත කුඩා පුවත්පත් සම්බන්ධව පැවසෙන අතර ඒවා ‘දසන්’, ‘ද ඩේලි ස්ටාර්’, ‘ද ඩේලි මිරර්’සහ ‘ද ඩේලි ස්පෝර්ට්’ වන අතර එසේම කළු හිස වන ‘ඩේලි එක්ස්ප්‍රස්’ සහ ‘ඩේලි මේල්’ යන ඒවායින් වෙන්කර ගත හැක. රතු හිස් සහිත පුවත්පත් සාමාන්‍යයෙන් සරල ආකාරවලින් ලියැවෙන අතර පින්තූර වලින් ඔපවත් වේ. එහිදී ඉතා සංවේදන ශීලීව ඒවා අලෙවි වේ. තවද ටැබ්ලොයිඩ් පුවත්පත් උණුසුම් අපහාසාත්මක ලිපි,සනසන ඕපාදූපවලින් පිරි ඒවා ලෙසද සැලකේ.

ද නැෂනල් ඉන්කිවයරර් , ද ස්ටා , දග්ලොබ්, නැෂනල් එග්සැමිනර්, මීරා, සන්, වීක්ල් වර්ල්ඩ් නිව්ස් සහ රේඩාර් යනු එක්සත් ජනපදයේ ඇමරිකන් මීඩියා මගින් මුදුණය කර පලකරන ප්‍රසිද්ධ ප්‍රධාන සුපිරි වෙළඳ සැල් ටැබ්ලොයිඩ් වේ.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Tabloid#As_a_sensational.2C_gossip-filled_newspaper