සංදෘෂ්ඨික මානුෂවාදී ව්‍යාපාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

වසර 1950 දී චර්යාවාදය සහ මනෝ විශ්ලේෂණය යන මාතෘකා සඳහා ‍ප්‍රතිචාරයක් ලෙස විශාල වශයෙන් අනුභූතී දර්ශනවාදය සහ ජින් -පෝල් සාත්‍රේ සහ සෙරේන් කර්ත්ගාර්ඩ් වැනි රචකයින්ගේ දායකත්වය නිසා මානවවාදී මනෝ විද්‍යාව බිහිවිණි. සංසිද්ධි විද්‍යා, අන්තර් ආත්මීයතාව, උත්තම පුරුෂ කාණ්ඩ වැනි දෑ යොදා ගනිමින් මාන‍වවාදී ප්‍රවේශණය මඟින් පෞරුෂත්වය සහ ප්‍රජානන ක්‍රියාවලියේ කොටස් ලෙස මුළු පුද්ගලයාම අධ්‍යයනය කිරීමට වරම් ලබා දේ. මානව වේදය මූලික වශයෙන් අද්විතීය මිනිස් ක්‍රියා සහ ස්වයං - හැදිනීම, මරණය, තනිකම, නිදහස, අර්ථය වැනි මූලික ජීවිත ක්‍රියාකාරකම් කෙරේ සලකා බලා ඇත. මෙම චින්තන ක්ෂේත්‍රයේ පුරෝගාමීන් ලෙස මිනිස් අවශ්‍යතා, ධූරාවලිය නිර්මාතා ඒබ්‍රහම් මාස්ලොව් ද පුද්ගල -කේන්ද්‍ර ප්‍රතිකාරකයේ නිර්මාතෘ කාල් රොජර්ස්ද, ගෙස්ටල්ට් ප්‍රතිකර්මයේ නිර්මාතෘ ප්‍රිට්ස් පර්ල් ද හඳුන්වාදිය හැක. චර්යාවාදයට සහ මනෝ විශ්ලේෂණයට පසු මනෝ විද්‍යාව බලපැම් කළ හැකි තුන්වන පාර්ශවය ලෙස මෙය හඳුන්වා දිය හැක.


ප්‍රජානන වාදය[සංස්කරණය]

පරිගණක තාක්ෂණයේ නැඟී සිටීමත් සමඟ තොරතුරු සැකසීම මානසික රූපකයන් ද ප්‍රචලිත විය. මෙය විද්‍යාත්මක ප්‍රවේශණය හා අනුබද්ධව මනස සහ අභ්‍යන්තර මානසික විශ්වාසයන් අධ්‍යයනය යොදා ගැනීම නිසා සංජනනය මනසේ ප්‍රසිද්ධ අකෘතියක් ලෙස පැන නැඟිනි.

ප්‍රජානන මනෝ විද්‍යාව ඊට පෙර පැවති මනෝ විද්‍යාත්මක පරියාලෝකනයන්ගෙන් ආකාරය 2කින් පැහැදිලිව වෙනස් වේ.

  1. එය විද්‍යාත්මක ක්‍රමය පිළිගන්නා අතර, සාමාන්‍යයෙන් අන්තරාවලෝකනය පිළිගත් ගවේශනය හෝ පර්යේෂණ කිරීමේ ක්‍රමයක් ලෙස ප්‍රතික්ෂේප කරයි. (ප්‍රොයිඩ්ගේ මනෝගතික විද්‍යාවේ මෙය පිළිගත ක්‍රමයකි)
  2. එය චර්යා වාදය මෙන් නොව විශ්වාසයන්, ආශාවන්, අභිප්‍රායන් වැනි අභ්‍යන්තර මානසික තත්වයන් පැවතීම ප්‍රබලව පිළිගනී.

චාර්ලිස් සෙරින්ටන් සහ ඩොනල්ඩ් හෙබ්ගේ මානව පර්යේෂණ ක්‍රියාවලීන් නිසාද මොළයේ ආබාධ (අනතුරු)වලට ලක්වුවන් ආශ්‍රිතව කරන ලද අධ්‍යයන නිසා ද මොළය සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අතර සම්බන්ධතාවය හඳුනා ගැනීමට ඉඩ සැලසී ඇත. මොළයේ ක්‍රියාකාරීත්වය නිරවද්‍යව මැනීමේ තාක්ෂණය දියුණු වීමත් සමඟම නූතන මනෝ විද්‍යාවේ වඩා ක්‍රියාකාරී ක්ෂේත්‍ර ලෙස ස්නායු මනෝ විද්‍යාව සහ ඥාණාත්මක ස්නායු විද්‍යාව පත්වී ඇත. දර්ශන වාදය පරිගණක විද්‍යාව , හා ස්නායු විද්‍යාව වැනි අනෙකුත් ක්ෂේත්‍රයන් ද මනස අධ්‍යයනය ගවේෂණය සඳහා යොමු වීම වැඩි වී ඇති අතර ඥාණාත්මක විද්‍යාව මෙම ගවේෂණයන් ක්‍රමානුකූල ලෙස සකසා ගැනීමට පදනමක් වී ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Psychology#Existential-humanist_movement